No menu items!
22.3 C
Sri Lanka
15 September,2024

ගිණුමේ මුදල් සැකයකි

Must read

අගමැති මහින්ද රාජපක්ෂගේ බැංකු ගිණුමේ තිබූ මුදල්වලින් රුපියල් කෝටි තුනහමාරක පමණ මුදලක් ඔහු ළඟින් සිටි නිලධාරියකු බැංකු කාඩ්පත මගින් සොරාගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.


මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර නැති අතර එසේ පැමිණිලි කිරීමේ අදහසක් අගමැතිවරයාට නැති බවද මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම එම ගිණුමේ ඇති මුදල් වූ කලී අගමැතිවරයා ජනාධිපති ධුරය දැරූ සමයේ සිට ලැබුණ වැටුප් බවද වාර්තා කර ඇත.


මෙම තොරතුරු අගමැති කාර්යාලයෙන් මාධ්‍යයට නිකුත් කළ බව පෙනෙන්නට තිබේ. මෙම සොරකම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ නම සඳහන් නොකරන ලද ප්‍රකාශයක්ද පුවත්පතක සඳහන් කර තිබෙන අතර එයට අනුව අගමැතිවරයා කියන්නේ ඔහුගේ ගිණුමෙන් මුදල් සොරකම් කරන ලද පළමු අවස්ථාව මෙය නොවන බවයි. මුදල් සොරකම් කරන ලද එම සමීප නිලධාරියා ඔහුගේ පියාගේ නම කැතකළ බවද අගමැතිවරයා එහිදී කියා ඇත.


අගමැතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස සේවය කළ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා පියා කතානායකවරයා ලෙස කටයුතු කළ ආදි ලෙස විස්තර කිරීමේදී නම නොකීවද මේ පුද්ගලයා කවුදැයි තේරුම් ගැනීම අපහසු නැත.


ප්‍රශ්නය ඇත්තේ මුදල් සොරකම් කළ පුද්ගලයා කවුද යන්නට වඩා මෙවැනි මූල්‍යමය අපරාධ වරදක් කළ පුද්ගලයකු සම්බන්ධයෙන් අගමැතිවරයා පැමිණිලි නොකරන්නේ මන්ද යන්නය.
එයත් පැත්තකට තැබූ විට ඊළඟට අපට පැනනඟින ප්‍රශ්නය වන්නේ එම ගිණුමේ කොතරම් මුදල් තිබුණේද යන්නය. මන්ද එම ගිණුමේ තවදුරටත් මුදල් ඉතිරිව ඇති නිසා හා මීට පෙරත් මුදල් සොරකම් කර ඇති නිසාය.


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන ලද්දේ වසර දහයක කාලයක් පමණක් වන නිසා ජනාධිපතිවරයාට මාසිකව ලැබෙන රුපියල් ලක්ෂයක පමණ මුදලින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් හා ඒ සඳහා ලැබෙන පොළිය පමණක් එම කාලයේදී උපයාගත හැකිය. මෙම අවස්ථාවේ සොරකම් කර ඇති මුදල එමෙන් කිහිප ගුණයක් නිසා මෙන්ම නිසා ගිණුම තුළ වෙනත් මාර්ගවලින් ලැබී ඇති මුදල්ද තිබී ඇති බව අනුමාන කළ හැකිය. පැමිණිලි නොකිරීමට හේතුව සමහරවිට එයද විය හැක. මන්ද පරීක්ෂණයකදී මුදල් ලැබී ඇති මාර්ගද හෙළිවන නිසාය.


මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ලැබෙන මුදල් ඔහුගේ සහ පවුලේ සාමාජිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් වැයකර නැති බවද මේ මගින් පෙනේ. ව්‍යාපාරික හෝ රැකියා අවස්ථා නොකරන ලද ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ අති සුඛෝපභෝගි ජීවන පැවැත්ම වෙනුවෙන් මෙතෙක් වැයකළේ කාගේ මුදල්ද යන ප්‍රශ්නාර්ථයද මෙහිදී පැනනඟී.


ඉන්දියාවේ තිරුපති වන්දනාවට ගිය පෞද්ගලික ජෙට් යානය මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ හිතවතකු ලබාදුන් බව වත්මන් අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මීට පෙර පැහැදිලි කළ අයුරින්ම ඔවුන්ගේ සුඛෝපභෝගී ජීවිතයට මෙතෙක් මුදල් ලැබුණේ කෙසේදැයි රටට කියනවා නම් හොඳය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි