No menu items!
33 C
Sri Lanka
18 September,2024

මෝදි හමුවෙන්න යන්න සම්බන්ධන්, හකීම් හමුවක්

Must read

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවා ගැනීම ඇතුළු දෙමළ කතාකරන ජනතාවගේ අයිතිවාසිකම් සඳහා ඉන්දියාවේ සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ආර් සම්බන්ධන් මහතා හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් රවුෆ් හකීම් මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.


දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගනේෂන්, පී දිගම්බරම් හා වී රාධක්‍රිෂ්ණන් සමාජිකත්වය දරන දෙමළ ජනතා ප්‍රගතිශීලි සන්ධානය, රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා සී වී විග්නේශ්වරන් නායකත්වය දරන දෙමළ ජනතා සංගමය 13 වන සංශෝධනය ඇතුළු එම අයිතිවාසිකම් සම්බන්ධයෙන් මීට පෙර කළ සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම හමුව පැවැත්වෙන බව වැඩිදුරටත් වාර්තාවේ.


මෙසේ මෙම පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා හමුවීමට තීරණය කර ඇත්තේ එම සාකච්ඡාවලදී ඇතිවූ එකඟතා සඳහා ඉන්දීය සහාය ලබා ගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටය.


මේ සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 02 වැනිදා යාපනයේදී හා දෙසැම්බර් 12 හා 21 දිනවල කොළඹදී පැවති සාකච්ඡාවලදී ඉන්දීය අගමැතිවරයා හමුවීමට යෑම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකරගෙන ඇතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉන්දීය අගමැති මෝදි හමුවීමට යෑමේ තීරණයට විරුද්ධත්වය පළකර නැතත් ඉන්දියාවට යෑම සම්බන්ධයෙන් ස්ථිර පිළිතුරක් ලබා නොදීම ආර් සම්බන්ධන් මහතාගේ හා රවුෆ් හකීම් මහතාගේ මෙම හමුවට හේතු වී ඇත.


දෙජස නියෝජිතයන්ට අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට පැමිණෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය සිදුවන කාලයේ ආරාධනාවක් ලැබී තිබූ අතර එය කල් ගියේ සම්බන්ධන් මහතාගේ පෞද්ගලික කටයුතු හේතුවෙනි. එම සංචාරයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට උත්සාහ කළද ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලබාදී තිබුණේ නැත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි