No menu items!
21.1 C
Sri Lanka
21 September,2024

ජාතික ආරක්ෂාවේ තහවුරුවට මහ මොළකරු සෙවිය යුතුය

Must read

රටේ ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය සහ වර්තමානයේ ආරක්ෂක අංශවල අවධානය යොමුවී ඇති කරුණු පිළිබඳ දෙසැම්බර් 07 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී සාකච්ඡාකර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.


එහිදී එම මාතෘකා යටතේ සාකච්ඡා කළ කරුණු මොනවාද යන්න වාර්තා කර නැතත් එම උපදේශක කාරක සභාවට සහභාගි වූ මැති ඇමතිවරුන් කවුරුන්ද යන්න සඳහන් කර ඇත.


ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡාවට ලක්කර ඇති ජාතික ආරක්ෂාව යන කරුණ දෙස අවධානය යොමු කිරීමේදී ඒ මගින් අරමුණු කරන්නේ විශේෂයෙන්ම විදේශ රටක් හෝ සංවිධානයක් රටේ ආරක්ෂාවට එරෙහිව සිදුකරන යම් දෙයකින් රට ආරක්ෂා කර ගැනීම ලෙස අර්ථ ගැන්විය හැකිය. ශ්‍රී ලංකාව නම් වූ අප රට සම්බන්ධයෙන් මෑත කාලීනව සිදුවූ එවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති කළ සිදුවීම ලෙස අපට ලෙහෙසියෙන්ම හඳුනාගත හැක්කේ පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි.


දැනට වාර්තා වී ඇති ආකාරයට පසුව කරන ලද යම් ඉල්ලීම් මත හෝ එම ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීම සඳහා ලෝකය පුරා ප්‍රචණ්ඩත්වයේ යෙදෙන අයිඑස්අයිඑස් සංවිධානය බාරගෙන තිබුණි. ඉන් කියන්නේ

මේ රටට බාහිරින් සිටින සංවිධානයක සම්බන්ධයක්ද එම ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ බවයි. එය රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයකි. ඒ නිසාම එවැනි ප්‍රහාරයක් යළි ඇති නොවීම සඳහා කටයුතු කිරීම ජාතික ආරක්ෂාවේ එක් ප්‍රධාන කර්තව්‍යයක් විය යුතුය.


එම කර්තව්‍යයේ පළමු කාර්යය විය යුත්තේ එම පාස්කු ඉරුදින ප්‍රහාරකයන් සමඟ විවිධාකාරයෙන් සම්බන්ධවූ බවට තොරතුරු අනාවරණය වී ඇති එම ප්‍රහාරයේ වින්දිත පාර්ශ්වය වන කතෝලික සභාව හා අනිකුත් පිරිස් ඉල්ලා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් නොකරන ලද විමර්ශන කටයුතු ඉක්මනින් සිදුකර ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීමය. එසේ නොවී එම අපරාධයට සම්බන්ධ වූ පිරිස් දඬුවම් නොලබා නිදැල්ලේ සිටීම යනු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයකි. ඔවුන්ට මේ රටේ කිනම් මොහොතක හෝ යම් කිසිවකුගේ වුවමනාව අනුව ප්‍රහාරයක් සිදුකළ හැකිවීම එයට හේතුවය.


ඒ නිසාම ජාතික ආරක්ෂාව ගැන සැබෑ ලෙසම කටයුතු කරනවා නම් ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා පළමුව කළ යුත්තේ එම පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකර නැති එසේ ඉල්ලීම් මගින් පෙන්වා දෙන පුද්ගලයන් සොයා ගැනීම හා ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමය. එය නොකරන තත්වයක් තුළ ජාතික ආරක්ෂාව තහවුරු වන්නේ නැත.


ශ්‍රී ලාංකික ඇඟලුම් කම්හල් කළමනාකරුවාගේ කුරිරු ඝාතනය සම්බන්ධයෙන් ඉස්ලාම් අන්තවාදීන් වහාම අත්අඩංගුවට ගන්නට නියෝග දෙන්නට පකිස්තාන් අගමැතිවරයාට හැකි වන්නේ ඔහු එයට සම්බන්ධ නැති නිසා බව සමාජ මාධ්‍ය ජාලා පෝස්ටුවල දැක්වේ. වසර දෙකක කාලයක් ඉකුත්වීත් අපේ ජනාධිපතිවරයාට ඉහත කී පුද්ගලයන් සම්බන්ධයෙන් එසේ කරන්න යැයි කියන්නට හැකිවී නැත. රාජ්‍ය නායකයන් දෙදෙනෙකු අතර වෙනස එයය.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි