No menu items!
20.9 C
Sri Lanka
29 March,2024

ඇමරිකානු පොම්පියෝලාට ලක්මාතාව විකිණීමට සැරසෙන අපේ දේශපාලන පිම්පියෝ

Must read

ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පසුගිය 27 වෙනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම් පාවාඩ දා රට හෝ ජාතිය ගැන අනාගත පෙරදැක්මක් නැතිව මෝඩ උජාරුවක් පෙන්වමින් සහ සත්‍යය සඟවමින් පිළිගනු ලැබීය. එහෙත් පොම්පියෝ කොරෝනා වසංගතය මැද ශ්‍රී ලංකාවට පැමිණීමට විශේෂ හේතුවක් තිබිය යුතුය. නැතිනම් පොම්පියෝට සහ ඇමරිකානු පාලකයන්ට ඔළුවේ අමාරුවක් තිබිය යුතුය. පොම්පියෝ ද්විපාක්ෂික හමුවේදී ජනාධිපති සහ අගමැති සමග කුමක් කථා කළේදැයි අපි නොදනිමු. හැබැයි ඒ තුන්දෙනාම නොනිල වශයෙන් පොම්පියෝගේ පැමිණීමේ අරමුණ සහ එහි සාධනයන්, අපට ඇති වාසිය, අපේ ‘ලංකා අම්මට’ ඇමරිකාවේ ‘කිඔුල් කඳුළු ආදරය’ කතාකරන්නට ඇත්තේ සති නොව, මාස නොව සමහරවිට අවුරුද්දකට වුවද පෙර විය හැකිය. රාජ්‍යතාන්ත්‍රික කතා රහස් ගණයට වැටෙයි. පොම්පියෝගේ පැමිණීම මුලදී අපෙන් හැංගුවේ ඒ නිසාය. රජයේ හොරණෑ කීවේ ඉංදුනීසියාවට, ඉන්දියාවට/එන ගමන් අපේ මව්භූමියටද පොම්පියෝගේ පාදස්පර්ශය තබා, සිප/ඉඹ ‘ගෞරව’ කිරීමට එන බවකි. පොම්පියෝගේ පාදස්පර්ශය අපේ භාග්‍යයක් බවකි. පූර්ව පිනක් පල දුන්නාක් මෙන් බවකි. මෙසේ මුසා දෙසාබාමින් ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයෙකු ශ්‍රී ලංකාවට එන පළමු වතාව ගැන අප ආඩම්බර විය යුතු බව කියමින් ‘වෘෂභ’ දේශපාලන`ඥයන්ලාංකික ප්‍රජාව ඉදිරියේ පොම්පියෝව සහ ඇමරිකාව උත්කර්ෂණය කළෝය. ඒ කියන්නේ ඔසවා තැබුවෝය. මේ පිළිබඳ මගේ කියවීම තේරුම්ගැනීම සඳහා සහ වරදවා තේරුම්ගැනීමක් වැළැක්වීම සඳහා මෙම ලිපියේ ශීර්ෂයෙහි වචන පැහැදිලි කිරීමක් අවශ්‍යය.

පිම්පියා

‘පිම්ප්’ හෝ ‘පිම්පියා’ යන වචනය යෙදෙන්නේ ලෝකයේ පැරණිම වෘත්තිය ලෙස සැලකෙන වෛශ්‍යා වෘත්තිය නැමැති ක්‍ෂේත්‍රයේය. ‘සේවාදායක පිරිමින්ට වෛශ්‍යාවන් සපයමින් නැතිනම් විකුණමින් තම ජීවිකාව ගෙනයන්නා.’ සමහර ශබ්දකෝෂයන්හි එම වචනය නිර්වචනය කර ඇත්තේ ‘අනුන්ව විකුණා තමන්ගේ බඩ වියත රැකගන්නා’ ලෙසය. මේ අනුව යමින් මගේ ලිපියෙහි ශීර්ෂයෙහි ‘දේශපාලන පිම්පියෝ’ යන මගේ යෙදුමෙහි අර්ථය වනුයේ තමන්ගේ රට, ජාතිය, ආගම ඕනෑ එකෙකුට විකුණා තමන්ගේ දේශපාලන බඩ වියත රැකගන්නවුන් යන අර්ථයෙන් බව කරුණාවෙන් සලකන්න. මේ දේශපාලන පිම්පියෝ සම්භාව්‍ය ධනවාදී දේශපාලනය සක්‍රියවූ 19,20 මුල් ශතවර්ෂවලද සමහරවිට ඉන්ඩ ඇත. එහෙත් කැපී පෙනුණේ නැත. එහෙත් අද විශේෂයෙන් අප්‍රිකා, ආසියා, යුරෝපා සහ ඇමරිකානු මහාද්වීපවල ක්‍රියාත්මක වන ගෝලීය දේශපාලනය තුළ මෙවන් දේශපාලන පිම්පියෝ දහස් ගණනින් සිටිති. අපේ අවාසනාවට අපේ රටේද එවන් දේශපාලන පිම්පියෝ රොත්තක් සිටිති. දේශපාලන වාසි තකා දැනටමත් ලක්මාතාවගේ ශරීරයෙන් කොටසක් ඉංදියාවට, තවත් කොටසක් චීනයට විකුණා හමාරය. මේ සැරසෙන්නේ සහ පොම්පියෝව දොහොත්මුදුන් දී පීළිගනුයේ ලක්මෑණියන්ගේ තවත් ශරීර අවයවයක් (ඉදාහච්රඑ) පොම්පියෝ හරහා ඇමරිකාවට විකිණීමටය. ‘ඉතිං අයුබෝවන් ලක්මව්නි ගරු’, ශ්‍රී වික්‍රම රාජසිංහ.

පොම්පියෝ

ඇමරිකානු දේශපාලනයේ දක්ෂිණාංශික කඳවුර වන රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන 57 හැවිරිදි මයිකල් පොම්පියෝ ඇ.එ. ජනපදයේ 70 වෙනි රාජ්‍යලේකම්ය. යුද මානසිකත්වයකින් යුතු ඇමරිකාවේ හමුදා ඇකඩමියෙන් මූලික අධ්‍යාපනය ලැබූ පොම්පියෝ ‘මධ්‍යම බුද්ධිමය ඒජන්සියේ’ (සීඅයිඒ) 6 වෙනි අධ්‍යක්ෂකධුරය ද වසර කිහිපයක් දැරූ පළපුරුදු චරපුරුෂයෙකි. පොම්පියෝ ලංකාවට එනුයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ‘ඇමරිකාව පළමුව’ යන ආප්තයේ ගෝලීය ප්‍රවර්ධක ලෙස මිස ශ්‍රී ලංකාමාතාවගෙන් කිරි බීමට හෝ ඇයට ඇති නොකැළැල් සහ අසීමිත ආදරය නිසා හෝ අවම වශයෙන් ව්‍යාජ දේශප්‍රෙමීන් සමග පයුරුපාසාන පැවැත්වීමට හෝ නොවේ. එකම අරමුණ ශ්‍රී ලංකා මාතාව දූෂණය කිරීමටය. අපේ දේශපාලන පිම්පියෝ පොම්පියෝට අපේ ලක්මව ඩොලර් මල්ලකට විකිණීමට හඳහන් හා පොරොන්දම් බලති. මාන බලති. අපට බොරු කප්පරක් කියති- පොම්පියෝ ‘වඩිනුයේ’ රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ භූමිකාව කිරීම පිණිසම පමණක් මිස අපේ රට කොල්ල කෑමට නොවන බවට පිම්පි රැලේ ව්‍යාජ දේශමාමක වංශලා, උදයලා පමණක් නොව මහාචාර්යවරු පවා අපට පුන පුනා ශපථ කරති. තමන්ගේ දේශපාලන ප්‍රාග්ධනය සහ බාල, සිල්ලර, පරඬැල්, වඳ, කූඨ දේශපාලන අනාගතය සුරක්ෂා කිරීම සඳහා පොම්පියෝලා සහ යුද උන්මාදයෙන්ම රෝගාතුරවූ ඉතිහාසයක් (සහ අනිවාර්යයෙන්ම යුදමය අනාගතයකට එනම් 3 වෙනි ලෝක යුද්ධයකට දැනටමත් පිඔුරුපත් සකස් කරමින් සිටින-උදාහරණ උතුරු කොරියාව, ඉරානය, චීනය) සතු ඇමරිකාවට පාවාඩ එළා පිළිගැනීමත් අපේ රටේ අහිංසක ජනතාව, (හැමදාම කළා මෙන්) මුසාවෙන් මුසපත් කිරීමත් මොවුනට කළ හැක්කේ නම් මුන්ට නොකළ හැක්කේ කුමක්ද? ඇමරිකාව 20 වෙනි ශතවර්ෂය පුරාමත් 21 හි පළමු දශක දෙක තුළත් අවම වශයෙන් මොවුන් පහේ පංතියේදීවත් ග්‍රීක මිථ්‍යා ප්‍රබන්ධයක් වූ ට්‍රෝජන් අස්ප කතාවවත් කියවා තිබුණේ නම්. කියවා තිබුණැයි හිතමුකො. ඒත් ඉතිං ‘මුං’ නේ. ඒත් වංශලාට සහ මහාචාර්යවරයාට (කෙළින්ම කියමුකො, ජීඑල්ට. මොකද ජීඑල් කිව්වා, පොම්පියෝ එන්නේ රාජ්‍යතාන්ත්‍රික වැඩකට කියල. ඇමරිකාව රාජ්‍යතාන්ත්‍රික වැඩවලට (නොවෙයි වැඩ ‘කිඩ’වලට ගොස් ඒ ඒ රටවල කළ කී දෑ ගැන දැනගැනීමට අවශ්‍ය නම් මහාචාර්යවරයාට දේශන මාලාවක් මට කළ හැකි බව කියන්නේ ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ (ධම්මපදය 354) යන බුදු වදනද සිහිපත් කරමිනි. ඇමරිකානු වෛකිංසියානු ‘රාජ්‍යතාන්ත්‍රික‘ සාන්තුවරත්වය පිළිබඳව මොවුන් නොදන්නේ වුවද, සහ සමහරවිට දන්නාමුත් දේශපාලන අවස්ථාවාදය නිසා ‘වෘෂභ’ වෘතයෙන් හිටියද, පොම්පියොලාට ලක්මාතාව දූෂණය කිරීමට ඉඩහරින මේ දේශපාලන පිම්පීන්ට ලිපිය කෙටි කිරීමට අවශ්‍ය නිසාවෙන් සහ තේරුම් ගත හැකිවන පරිදි පහළ බාලාංශ මට්ටමින් ඇමරිකාවේි ‘රාජ්‍යතාන්ත්‍රික’ ගෝලීය ‘කෙරුවාව’ මෙසේ පෙළගස්වමු. දීර්ඝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මාව බිහිකළ ලක්මාතාව වෙනුවෙන් එයද මට කළ හැකි බව ඇමරිකාවට පිම්පි සේවය සපයන්නන්ට දැනුම් දෙමි.

පොම්පියෝ නියොජනය කරන ඇමරිකාවේ මෑත ගෝලීය දේශපාලන ඉතිහාසයෙන් බිඳක්
1. වසර 25ක් වියට්නාමය විනාශ කිරීම
2. ගඩාෆි නරක වුවත් රටක් හැටියා ලිබියාව විනාශකිරීම
3. ඇෆ්ගනිස්ථානය නන්නන්තාර කිරීම
4. නයිජීරියාව දේශපාලනික වශයෙන් හෙම්බත් කිරීම
5. සුඩානය දේශපාලනික් වශයෙන් සහ ආර්ථික වශයෙන් විසිරවීම
6. උතුරු කොරියාවට ඉරානයට සම්බාධක පැනවීම

තව ගොඩාක් ලිවිය හැකි මුත් මේ වංචාකාරී ඇමරිකානු ගෝලීය දේශපාලනයේ අංශුමාත්‍ර නිරූපණයකි.

අපේ දේශපාලන පිම්පීන්ට මෙම සැබෑ ඉතිහාසය ප්‍රබන්ධයකි. මොවුන් දන්න ගෝලීය දේශපාලනයක් නැත. පාර්ලිමේන්තුවේ කතාවලින් අපට මෙවුන්ගේ මොළයේ දිග පළල හොඳට තේරේ. පොම්පියෝව වුවද කියවූවවෙක් ඔතන නැත. තේරෙන්නේත් නැත. ඔහු විසින් මේ දක්වා කරන ලද වෙනත් විදේශීය සංචාරයන්හි අරමුණ දන්නේද නැත. ඔහුගේ සංචාරයන් නිසා ඒ ඒ රටවල සිදුවූ දේ වුවද දන්නේ නැත. මේ පිම්පීන් ඇමරිකාවේ දේශපාලනය එහි ඉතිහාසය ඇමරිකාවේ ආක්‍රමණශීලී දේශපාලනය දන්නේවත් නැත. ට්‍රම්ප්ගේ මානව විරෝධී සුදු ඇමරිකානු පණක්වන :අයසඑැ ිමචරුප්ජහ* ‘දේශපාලන අවිඳානයේ චතුර්මානය දන්නේවත් නැත. මොවුන් හරියට දෛනික ජීවිකාව සඳහා උදේට පාරට බැස කීයක් හරි හොයාගන්නා යාචකයන්ට වෙනස් නැත. එහෙත් ලක්මාතාව කැබලිවලට කපා කොටා විච්ඡේදනය කිරීමට මෙම දේශපාලන පිශාචයන්ට ඉඩ නොතැබිය යුත්තේ ඉතාමත් ශ්‍රේෂ්ඨ, උගත්, සංවරශීලී, වෛද්‍යවරුන්, විද්‍යාඥයන්, කලාකරුවන්, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන්, මාධ්‍යවේදීන්, ගායක ගායිකාවන්, න`ථ නිළියන්, හිමිවරුන් සහ පූජකයන් සහ කුහක නොවන තක්කඩි නොවන අවංක දේශපාලනඥන් කැලැතක් වැදීමට අපේ ලක්මාතාව ගැබ්බරව ඉන්නා බැවිනි. මෙවන් ලක්මාතාවක් මොනයම්ම හෝ විදේශික රටකට විකිණීමට කැසකවන පිම්පීන්ට ශාපවේවා යන්න හැරෙන්න කිව හැක්කේ කුමක්ද?

 

 

 

 

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි