No menu items!
18.9 C
Sri Lanka
9 December,2024

කුරුණෑගලට සංවිධානාත්මක කණ්ඩායම්

Must read

වෛද්‍ය ෂියාබ්දින් සාෆිට ඇප ලබා දුනහොත් කුරුණෑගල ප‍්‍රදේශයේ කලබල ඇති කිරීම සඳහා ජුලි 11 වැනිදා සංවිධානාත්මක පිරිස් සූදානමින් සිට ඇතැයි වාර්තා වේ.

කුරුණෑගල නගරය අවට විශාල පිරිසක් සංවිධානාත්මකව රැුස්ව සිට ඇති බවත්, සංවිධානාත්මක ප‍්‍රහාරයක එල්ලවීමේ අවදානමක් තිබුණු බවත් කුරුණෑගල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීහු අනිද්දා වෙත අදහස් දක්වමින් පැවසූහ. ඊට අමතරව කුරුණෑගල නගරයේ වෛද්‍ය සාෆිට විරෝධය දක්වමින් සංවිධාන කිහිපයක් උද්ඝෝෂණ පවත්වා ඇත. මුස්ලිම් ජනතාවට එරෙහි සංවිධානාත්මක ප‍්‍රහාර එල්ලකිරීමට සම්බන්ධ යැයි ප‍්‍රකට වී සිටින ඩෑන් ප‍්‍රියසාද් නමැත්තාද කුරුණැගල රෝහල ඉදිරිපිට පැවති උද්ඝෝෂණයක් මෙහෙයවා ඇත. කුරුණෑගල ඇත්කඳ විහාරයේ සිට කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය දෙසට මව්වරුන්ගේ සහභාගීත්වයෙන් පාගමනක් සංවිධානය කර තිබී ඇත.

ජුලි 11 වැනිදා කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට වෛද්‍ය සාෆිව ඉදිරිපත් කළේය. එම වෛද්‍යරයාව තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ රඳවා තබා ගැනීම යුක්ති සහගත නොවන බවත් ඔහුට ඇප ලබාදෙන ලෙසත් පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ජුලි 11 වන දින පිටු 24 ක වාර්තාවක්  කුරුණෑගල මහෙස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබුණි. පෙරවරුවේ මෙම නඩුව කැඳවීමෙන් පසු පස්වරු 1 දක්වා එය කල්තබා තිබුණි.  කෙසේ වෙතත් එම වාර්තාව මත පදනම්ව වෛද්‍ය සාෆිට ඇප ලබාදීමට කුරුණෑගල මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් තීන්දු කර  තිබේද, නැද්ද යන්න පිළිබඳව පුවත්පත මුද්‍රණයට යනවිටත් දැනගන්නට නොලැබුණි. x

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි