No menu items!
23.8 C
Sri Lanka
14 October,2024

විජේදාස එදා අත ඉස්සුවා

Must read


විජිත හේරත්

ව්‍යවස්ථාදායක සභාව නිවැරදි හා අපක්ෂපාතී තීන්දු නොගත් බවට චෝදනා කළද, විජේදාස රාජපක්ෂ මහතා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙක්ව සිටි කාලයේදී අදාළ තීන්දු තීරණවලට එරෙහිව අදහස් දක්වා නැතැයි අනිද්දා සමග අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් කීය.

විජිත හේරත් මන්ත‍්‍රීවරයා සහ විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ලෙස එකම කාල සීමාවක කටයුතු කර තිබුණි. ව්‍යවස්ථාදායක සභාවේ තීරණ විවේචනය කරමින් කථානායක කරූ ජයසූරියට හා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනට විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ලිපියක් යවා තිබුණද, විජේදාස රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාව විසින් උසස්වීම් ලබාදීමට පාවිච්චි කළ නිර්නායක සකස් කිරීමේ කටයුත්තටද සහභාගී වූ බව විජිත හේරත් මන්ත‍්‍රීවරයා කීය. පසුව ව්‍යවස්ථාදායක සභාව තීන්දු ගත්තේ එම නිර්නායක අනුව බවත්, විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා එම තීන්දුවලට විරෝධයක් නොපෙන්වූ බවත් මන්ත‍්‍රීවරයා කීය.

ඔහු වැඩිදුරටත් මෙසේ කීය. ‘එක එක අයගේ පෞද්ගලික වුවමනාවන්වලට යට නොවී උසස්වීම් ලබාදීම සඳහා විධිමත් නිර්නායකයක් අවශ්‍ය බව විජේදාස රාජපක්ෂ ඇතුළුව ව්‍යවස්ථාදායක සභාවේ හිටපු සියළුමදෙනා පිළිගත්තා. තනතුරු දෙන්න නිර්නායක හැදුවේ ජ්‍යෙෂ්ඨත්වය මත විතරක් පදනම් වෙලා නෙවෙයි. ජ්‍යෙෂ්ඨත්වය විතරක් බලන්න නම් ව්‍යවස්ථාදායක සභාවක්  ඕනෑ නැහැනේ. එහෙනනම් ඒ පත්වීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉන්න  ඕනෑත් නැහැ. පුරප්පාඩුවක් වුණාම ඉබේම ජ්‍යෙෂ්ඨත්වය අනුව පත්වීම් කරන්න පුලූවන්නේ. මොනතරම් අකාර්යක්ෂම වුණත්, ¥ෂණ චෝදනා තිබුණත් ජ්‍යෙෂ්ඨත්වය තියෙනවානම් උසස්වීම් දෙන්න පුලූවන්නේ. ඒත් ඒක හොඳ ක‍්‍රමවේදයක් නොවන බව ව්‍යවස්ථාදායක සභාව පිළිගත්තා. විජේදාස රාජපක්ෂ පමණක් නෙවෙයි, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත් ඒ කාලයේ ඒ අදහසට එකඟ වෙලා හිටියා. ජනාධිපතිවරයා මීට කලින් විනිසුරුවරුන්ගේ නම් යෝජනා කරද්දීත් ජ්‍යෙෂ්ඨත්වය සලකා බැලූවෙ නැහැ. උදාහරණයක් විදියට අගවිනිසුරු ධූරයට නලින් පෙරේරා විනිසුරුවරයාගේ නම යෝජනා කළේ ජනාධිපතිවරයාමයි. නලින් පෙරේරා විනිසුරුවරයා ජ්‍යෙෂ්ඨත්වය අතින් හිටියේ හයවැනි තැන. එහෙත් නලින් පෙරේරා කියන්නේ අගවිනිසුරු ධූරයට සුදුස්සෙක්. ජ්‍යෙෂ්ඨත්වය පමණක් සලකන්නෙ නැතිව අනෙකුත් සුදුසුකම් ගැනත් සලකා බලපු නිසයි ඔහුව පත් කරන්න පුුලූවන් වුණේ.’

විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මේ වෙද්දී අවස්ථාවාදී ලෙස කටයුතු කරමින් සිටින බවත්, මහින්ද රාජපක්ෂලාට අවශ්‍ය ලෙස අධිකරණයේ පත්කිරීම්වලට බලපෑම් කිරීමට මේ දෙදෙනාටම දැන් අවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය. ව්‍යවස්ථාදායක සභාව පත්කිරීමෙන් පසුව විධිමත් හා ස්වාධීන ලෙස අධිකරණයේ පත්කිරීම් සිදුකෙරුණු බවත්, එම ක‍්‍රියාවලියට දායක වූ දෙදෙනෙක් වන ජනාධිපතිවරයා සහ විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා දැන් එය කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් සිටින බවත් විජිත හේරත් මන්ත‍්‍රීවරයා කීය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි