No menu items!
23.8 C
Sri Lanka
14 October,2024

විජේගුණරත්න බිරිඳත් කිපෙයි

Must read



ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගත් පසුගිය නොවැම්බර් 28 දින රාත්‍රී ඔහුගේ බිරිඳ වන යමුනා ද සේරම් නාවික හමුදා මූලස්ථානයේ අවන්හලට පැමිණ කළහකාරී ලෙස හැසිරී බලහත්කාරකම් පා ඇතැයි වාර්තා වේ.
එදින රාත්‍රියේ නාවික හමුදා මූලස්ථානයේ නිලධාරි අවන්හල තුළ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යැමේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ලු‍තිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි හා තවත් නිලධාරීන් දෙදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇත.
එම දිනයේ රාත්‍රී 8.30ට පමණ අවන්හලේ පුවත්පත් බලන ස්ථානයේ සිට මත්පැන් පානය කරන ස්ථානයට රවීන්ද්‍ර විජේගුණරත්නගේ බිරිඳ සහ ඇගේ පුත්‍රයා පැමිණ ඇත. එම අවස්ථාවේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ හා නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ ෆ්ලෑග් ඔෆිසර් යනුවෙන් හඳුන්වන නිලධාරීන් දෙදෙනා ඇයට ගුඞ් මෝර්නිං මැඩම් යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත. එහිදී ලු‍තිනන් කර්නල් ලක්සිරිගේ නම කියමින් අසභ්‍ය වචනයෙන් ඇය බැණවැදී ඇත.
එම අවස්ථාවෙන් මඟහැරීම සඳහා ලු‍තිනන් කර්නල් ලක්සිරි අවන්හලේ වෙනත් දොරටුවකින් පිටවී ඇති අතර එම අවස්ථාවේදී එසේ පිටවී යන්නේ කවුදැයි රවීන්ද්‍ර විජේගුණරත්නගේ බිරිඳ විමසා ඇතත් ඔහු ඊට ප්‍රතිචාර නොදක්වා පිටවී ඇත.
ඉන්පසු අවන්හලේ මත්පැන් පානය කරන කොටසේ ඉතිරවී සිටි අනෙක් නිලධාරීන් දෙදෙනාට හා අවන්හලේ සේවකයන් දෙදෙනාට පිටතට යන ලෙස නියෝග කර ඇති ඇය සහ ඇගේ පුත්‍රයා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හා එහි අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම් සමග රාත්‍රී 10 පසුවන තුරු පැය දෙකකට අධික කාලයක් සාකච්ඡාවක නිරත වී සිට ඇත.■

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි