27.7 C
Sri Lanka
5 July,2022

පොලිසියට පහරදීම ගැන පැමිණිලි පහක්

Must read

 

නොවැම්බර් 16 වන දින පාර්ලිමේන්තු රැස්වීමේදී මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් නිලධාරීන්ට පහරදීම හා පාර්ලිමේන්තුවේ පොදු දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි පහක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ ඇති පොලිස් සහන මැදිරියට පැමිණිලි දෙකක් ලැබී ඇති අතර සෙසු පැමිණිලි තුන වැලිකඩ පොලිසියට ලැබී ඇත. සිරකරු අයිතිවාසිකම් එකමුතුවේ සුදේශ් නන්දිමාල්, පොදු දේපළ හානි කිරීම හා පොලිසියට පහරදීම සම්බන්ධයෙන් නොවැම්බර් 19 දින පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නීතිඥ නිශ්ශංක නානායක්කාර පොලිස් රාජකාරියට බාධා කිරීම, පහර දීම, පොදු දේපළවලට හානිකිරීම සම්බන්ධයෙන් අනෙක් පැමිණිලි ඉදිරිපත් කර ඇත.

අප කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර වැඩිදුරටත් පැවසුවේ පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිලි දෙකේ විමර්ශන පොලිස්පතිවරයා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට යොමු කර තිබෙන බවත් සෙසු පැමිණිලි තුන සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර අලු‍ත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක හතර උසාවියට පොලීසිය විසින් කරුණු වාර්තා කර ඇති බවත්ය.■

ධම්මික ප්‍රියදර්ශන

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි