20.2 C
Sri Lanka
3 October,2022

මාස දෙකකට වැටුප් කොමිසමක්

Must read

රාජ්‍ය අංශයේ දැනට පවත්නා වැටුප් ව්‍යුහයන් පිළිබඳව අධ්‍යයනය කර වැටුප් විෂමතා රහිත ප‍‍්‍රශස්ත වැටුප් ව්‍යුහයක් රාජ්‍ය අංශය සඳහා නිර්දේශ කිරීමට ජනාධිපති මෛතී‍‍්‍රපාල සිරිසේන විසින් විශේෂ කොමිෂන් සභාවක් පත්කර තිබේ.

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන එස්. රනුන්ගේ එහි සභාපතිත්වයට පත්කර ඇති අතර එච්.ජී. සුමනසිංහ මහ

තා එහි ලේකම් වශයෙන් පත්කර තිබේ. මෙම කොමිෂන් සභාවේ කාලය 2018 අගෝස්තු 20 දිනෙන් ආරම්භව මාස දෙකකට වලංගු වේ.
එම විශේෂ සභාවේ සාමාජිකයන්් ගණන 15ක් වන අතර සෙසු සාමාජිකයන් වන්නේ කේඑල්එල් විජේරත්න, ටීපී කොල්ලූරේ, සීපී සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරනී එස් විජේතිලක, ලලිත් ආර් ද සිල්වා, ජීඑස් එදිරිසිංහ, ඒආර් දේශපි‍‍ය, බීපීපීඑස් අබේගුණරත්න, වෛද්‍ය පාලිත අබේකෝන්, පී තංගමයිල්, එස්ඞී ජයකොඩි හා එම්සී වික‍්‍රමසේකර යන මහත්ම මහත්මීන්ය.

ඉඳුවර බණ්ඩාර

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි