No menu items!
22.8 C
Sri Lanka
15 September,2024

එක්නැළිගොඩ අතුරුදන් කිරීම ‘නැහැ’යි කියූ ලේඛන දැන් ‘දෙන්න බැහැ’ කියයි

Must read

කේ. සංජීව

අතුරුදන් කරනු ලැබූ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන රහස් පොලිස් කණ්ඩායම දීර්ඝ කාලයක සිට යුද්ධ හමුදාවෙන් ඉල්ලා සිටින ලේඛන, ජාතික ආරක්ෂාව අනතුරේ නිසා සහ අදාළ යුද හමුදා නිලධාරීන්ගේ ජීවිතවලට එමගින් තර්ජනයක් වේයැයි පවසමින් ලබාදෙන්නට නොහැකි බව යුද්ධ හමුදාවේ නීති අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් වී එස් ජයසිංහ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට දන්වා ඇත.
මෙහිදී අධිකරණයේ කරුණු දක්වමින් පරීක්ෂණ කණ්ඩායමේ නිළධාරියෙකු ප‍්‍රකාශ කර ඇත්තේ මෙම තොරතුරු රහස් පොලීසියට ලබාදීම තුළින් ජාතික ආරක්ෂාවට හෝ අදාළ නිලධාරීන්ගේ ආරක්ෂාවට හෝ කිසිම තර්ජනයක් නොවන බවය. එහිදී මහේස්ත‍්‍රාත්වරයා යුද්ධ හමුදා නීති අධ්‍යක්ෂක බි‍්‍රගේඩියර් වී එස් ජයසිංහට නියෝග කර ඇත්තේ ලබාදෙන්නට නොහැකි නම් ඒ සඳහා හේතු පිළිවෙළින් සවිස්තරව එළැඹෙන ජූනි 14 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.
එක්නැළිගොඩ පළමුවර පැහැරගැනීමට අදාළවAH 94 නමින් මේජර් කෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි ප‍්‍රකාශ කරන රහස් පොලීසිය, ඔහු කවුරුන්දැයි හෙළිකරන ලෙසද අධිකරණයේදී යුද්ධ හමුදාවෙන් ඉල්ලා ඇත. මෙමAH 94 නමින් එවක ගිරිතලේ බුද්ධි කඳවුරේ සිට ඇතැයි කියන යුද්ධ හමුදා බුද්ධි නිලධාරියා එක්නැළිගොඩ සම්බන්ධයෙන් කොළඹට එවනු ලැබූ රහස් තොරතුරු වාර්තාවක් දෙවැනි සැකකරු සිරිවර්ධනගේ නිවසේ තිබී රහස් පොලිස් පරීක්ෂණ කණ්ඩායමට හමුවී ඇත.
එක්නැළිගොඩ පැහැරගැනීම සහ අතුරුදන් කිරීම පිළිබඳව පරීක්ෂණ කරන රහස් පොලිස් කණ්ඩායමට ඒ සඳහා අවශ්‍ය බව කියන මෙම ලිපි ලේඛන, තොරතුරු යුද්ධ හමුදාවෙන් ලබාගැනීමට මුලින්ම නියෝග ලබාගෙන ඇත්තේ 2016 මැයි මාසය තරම් ඉහත කාලයකදීය. එහෙත් එක් එක් හේතු කාලයෙන් කාලයට ප‍්‍රකාශ කරමින් යුද හමුදාව, පොලීසියද අධිකරණයද නොමග යවමින් සිටියි. මෙම තොරතුරු නොදීම නිසා මෙම පරීක්ෂණ දැන් තිබෙන්නේ අඩාලවූ තත්ත්වයකය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි