එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස ශිෂ්ඨ සමාජයේ පිළිගැනීමක් යළි ප‍්‍රතික්ෂේප කර තිබේ. ඒ ඔහුගේ පාලනයක් තුළ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට මරණීය දණ්ඩණය ලබාදෙන බව පවසමින්ය.

සජිත් පේ‍්‍රමදාස මේ බව ප‍්‍රකාශ කර තිබුණේ ඔක්තෝබර් 15 දින නිට්ටඹුව මහජන ක‍්‍රීඩාංගණයේ පැවති ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැුළියේදීය.
ඔහුගේ භාෂාවෙන්ම එම ප‍්‍රකාශය මෙසේය.ිමම විශ්වාස කරන විදියට ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ වන සියලූ‍ම දෙනාට මරණීය දණ්ඩනය ලබාදෙන්නට ඕන අපේ රටේ. නිකම් මරණීය දණ්ඩනය නියම කළාට හරියන්නේ නැහැ. ඒක ක‍්‍රියාත්මක කරන්නට ඕන. මේ නූතන ත‍්‍රස්තවාදීන් අල්ලා ගැනීමට හොඳම ක‍්‍රමවේදය මොකක්ද. බුද්ධිමය තොරතුරු ලබාගැනීම. ඒ ඔත්තු ලබාගෙන ඒ ත‍්‍රස්ත ක‍්‍රියාවන් කරන්නට කටයුතු කරන ත‍්‍රස්තවාදීන්ව අල්ලාගෙන ඒ අයට මරණීය දඬුවම ස්ථීරවම ලබාදෙන්නට ඕන. අපි ත‍්‍රස්තවාදය සහමුලින්ම විනාශ කරනවා.’

බුද්ධි තොරතුරු මත ත‍්‍රස්ත ක‍්‍රියාවල යෙදෙන්නන් අල්ලා ගැනීමත්, ඒ අයට අධිකරණ ක‍්‍රියාවලියෙන් පසු දඬුවම් ලබාදීමත් පිළිබඳව අපේ විරුද්ධත්වයක් නැත. අපගේ ඉල්ලීම හා ශිෂ්ඨ ලෝකය පිළිගත් සම්මතය වන්නේ එකක් ඕනෑම වර්ගයේ වරදක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය අහෝසි කිරීමය. නැතහොත් මරණීය දඬුවම නියම කළද එය ක‍්‍රියාත්මක නොකිරීමය.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා සිය පක්ෂයට හා නායකත්වයට එරෙහිව රටවටේ රැුස්වීම් තබමින් යන කාලයේදීත් සජිත් පේ‍්‍රමදාස මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් වූ ඔහුගේ ඉහත ස්ථාවරය කියා තිබුණි.

සජිත් පේ‍්‍රමදාසගේ මරණීය දණ්ඩනය සම්බන්ධ එම ස්ථාවරය ගැලරියට කතාකිරීමක් ලෙස සිතිය නොහැකිය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ මරණීය දණ්ඩනය පිළිබඳ ස්ථාවරය සජිත් පේ‍්‍රමදාස අනුමත කළ බවද අප මතක තබාගත යුතුය.

තවමත් ඔහුගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය එළිදක්වා නැත. එහි කුමක් තිබුණත් අප ඒවා ගැන සිතිය යුතු නැත. මන්ද ඉතිහාසය අපට පෙන්වාදී ඇත්තේ ඒවා හුදු ලියවිලි පමණක් බවය. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වැඩපිළිවෙලක යම් හෝ සාධනීය ප‍්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකරගැනීමට හැකිවූයේ පසුගිය නිර්පාක්ෂික ජනාධිපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පමණය. ඊට බලපෑවේ එම අපේක්ෂකයාට පක්ෂයක් නොතිබීමය. වෙනත් පක්ෂ හා කණ්ඩායම් ඔහුව බලයට පත්කළ නිසාය.

වත්මන් තත්වය ඊට වෙනස්ය. සජිත් පේ‍්‍රමදාසට පක්ෂයක් තිබේ. ඒ මගින් පාර්ලිමේන්තු බලයක්ද ලබාගත හැකිය. ඒ අනුව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ක‍්‍රියාත්මක කරන්නටත්, වෙනත් අයට සවන් දෙන්නටත් ඔහුට අවශ්‍ය නොවනු ඇත.

ඔහුගේ ප‍්‍රධානතම ආධාරකරුවන් වන මංගල සමරවීර, ඉරාන් වික‍්‍රමරත්න, හර්ෂ ද සිල්වා වැනි අයගේ අදහස් සමඟ ගත්කළ සජිත් පේ‍්‍රමදාසගේ සමහර අදහස් අහසට පොළොව මෙන්ය. එම පරතරය නැති කරගන්නට ඔවුන් මෙතෙක් සමත්ව නැති බව මේ ආකාරයේ ප‍්‍රකාශවලින් පෙනේ. මංගල, ඉරාන්, හර්ෂ දේශපාලඥයන් නිසා ඔවුන්ට එහි විචිකිච්ඡුාවක් නැති වන්නට පුළුවන.
එහෙත් දේශපාලන පක්ෂ ආධාරකරුවන් නොවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් හා යහපත් ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් හා පුද්ගලයන් මේ ආකාරයේ සජිත් කෙනෙකුගෙන් වැඩි දේවල් බලාපොරොත්තු නොවිය යුතුය. මන්ද ඔහුගෙනුත් ප‍්‍රතිවාදියා පරාජය කිරීම හැර ජනාධිපති සිරිසේන වැනිම වෙනත් යහපත් යමක් බලාපොරොත්තු විය නොහැකි නිසාය.