චන්ද්‍රගුප්තගේ වික‍්‍රමය

මේ සිතුවමේ දක්නට ලැබෙන්නේ තාප්පය මත පින්සලෙන් එක මක එක වැකි සටහන් කිරීම සහ පොස්ටර් එක මක එක අලවා ඒ වගේ ම ඒවා තරගකාරීව ඉරා දමා ඇති ස්වභාවයකි. මෙහි මාතෘකාව සිංහල උච්චාරණයෙන් ගත් විට එය හුදෙක් නාගරික ජන සමාජය තුළ ඇති තාප්පය යන්නට වඩා සීගිරිය සමග ඇමිණී උත්ප‍්‍රාසගත කෙරෙන්නේ එයිකැටපත් පවුර‘ ලෙස නම් කොට ඇති නිසා ය.

කැටපත් පවුර යනු ක‍්‍රි.ව. 5 වන සියවසට අයත් සීගිරි චිත‍්‍ර වලට පසුව එනම් ක‍්‍රි.ව. 8, 9 හා10 වැනි සියවස්වලට අයත් නිර්මිතයකි. එය කණ්ණාඩියක් තරම් ඔප මට්ටම් කර ඇති ගල් බිත්තියකි. එය පිහිටා ඇත්තේ පර්වතය මුදුනට නගින මූලික දොරටු දෙකේ දෙපසය. සීගිරි චිත‍්‍ර ගැන එහි ආ ගියවුන් මෙහි ගී ලියා ඇති අතර සීගිරි චිත‍්‍ර පිළිබද යම් යම් අර්ථ නිරූපණයන් සදහා බොහෝ පුරා විද්‍යාඥයන් පදනම් කර ගත්තේ ද මේ සීගිරි ගී ය. මෙම ගල් බිත්ති මත තියුණු ගල් තුඩකින් හෝ තියුණු වෙනත් ඝන අමු ද්‍රව්‍යයකින් සූරා සීගිරි චිත‍්‍ර ගැන අදහස් ලිවීම සිදුව ඇත. සීගිරි චිත‍්‍ර ගැන අදහස් ලිවීම පිණිස ම මෙය කාශ්‍යප නිර්මාණය කරන ලද්දේද යන්න සිථිරව කිව නොහැකි නමුත් කැටපත් පවුර සීගිරි චිත‍්‍ර තරමටම ඒ හා බැදුණ අනීවාර්ය අංගයක් වී ඇත. මෙබදු කැටපත් පවුරක ගී ලියන වාචික භාෂාව හැරුණු විට කුරුටු බලි ආකාර රූප සටහන් ද තැබීමට හැකියාව තිබූ නමුත් එබදු සටහන් තබා ඇති බවක් ද නොපෙනේ. ඒ අනුව සීගිරි කැටපත් පවුර භාෂාව පදනම් සාහිත්‍යාංගයක් බවට පත් වූ විශේෂ නිර්මිතයක් වී ඇත. එසේ වී නමුත් සීගිරිය පුරා වස්තුවක් වීම හේතුවෙන් සීගිරි චිත‍්‍ර වගේ ම කැටපත් පවුර ද සංරක්ෂිත සංස්කෘතික දේපලක් වූ අතර ඉනික්බිති වෙනත් කිසිවෙකුට තව දුරටත් සීගිරි චිත‍්‍ර ගැන ගී ලිවීමට හැකි විවෘත ප‍්‍රකාශන මාධ්‍යයක් වීම අත්හිටුවීම ඇරඹිණ. එදා මෙදා තුර සීගිරි කැටපත්පවුර මත කිසිවකු කිසිවක් ලියා ඇති බවට සාක්ෂි නැති අතර පසුගිය 2014 නොවැම්බර් මස 06 වන දා පාසල් ශිෂ්‍යාවක විසින් සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටූ ගෑම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ඇයට සිරදඩුවමක් ද නියම විය.( ඇය විසින් සටහන් කිරීමට මුල පුරා ඇත්තේ ඇගේ නම ලිවිම බව මාධ්‍ය වාර්තා කර තිබිණි *

සීගිරි කැටපත් පවුර පුරාවස්තුවක් හැටියටත්, සාහිත්‍යාංගයක් වීමත් හේතුවෙන් එය සාමාන්‍ය ජනයාගේ පාරිහාරික වස්තුවක් නොවූ අතර එය කෞතුක නැරඹුම් වස්තුවක් බවට පත් විය. ඒ අනුව එය ප‍්‍රබුද්ධත්වයේ සංකේතයක් හැටියට ද ඉහළට එසවිණ.

1977 දී ජේ.ආර්. ජයවර්ධන බලයට පැමැණීමෙන් පසු විවෘත ආර්ථිකය ඇතුලූ නව ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් ඇති වූ අතර පළාත් සභා ක‍්‍රමය, මනාප ඡුන්ද ක‍්‍රමය ආදී දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් ද සිදු විය. ඊට අමතරව විමුක්ති කොටි සංවිධානය අරබයා දෙමල ජනතාව වෙනුවෙන් දේශපාලන විසදුමක් වෙනුවට ජාතිවාදී ගිනිදැල් අවුලූවාලීමට ද අනතුරුව දේශපාලන විසදුමක් වෙනුවට යුදමය විසදුමක් කරා ද ජයවර්ධන පාලනය පළමු වරට අවතීර්ණ විය. ඒ වන විට ලංකාවේ වමේ දේශපාලනය තුළ නියලූණ ශ‍්‍රී ලංකාවේ කොමියනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය යන ඓතිහාසික වමේ පක්ෂ සිරිමා පාලන කාලයේදී සිරිමා සමග හවුල් වී වැඩ කළද ජේ. ආර්. පාලන කාලයේදී හවුල්ව හෝ ප‍්‍රතිපක්ෂව ජවිපෙ තරම් සමාජ ක‍්‍රියාකාරිත්වයක් පෙන්නුම් නොකළ පසුබිමක ජයවර්ධන පාලනයේ දේශපාලන උපාය මාර්ග වමේ පැවැත්ම පිණිස කර්ජනයක් කොට සළකා ක‍්‍රියාකාරී වූයේ ජනතා විමුක්ති පෙරමුණ ය. ජනතා විමුක්ති පෙරමුණ ග‍්‍රාමී්‍ය විභව්‍යතාවයන්ගෙන් සුසැදුණ වමේ ව්‍යාපාරයක් වූයෙන් ඔවුනගේ ක‍්‍රියාමාර්ග ලංකා කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සම සමාජ පක්ෂය පමණක් නොව පසුව බිහි වූ වෙනත් වමේ බලවේග වල ද විවේචනයට ලක් විය. මේ අතර විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, නව සම සමාජ පක්ෂය ආදිය උදාහරණ ලෙස ගත හැකි අතර සුචරිත ගම්ලත්, පියසීලී විජේගුණසිංහ, ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි, වික‍්‍රමබාහු කරුණාරත්න ආදී පුද්ගල සාධක අඩු වැඩි වශයෙන් ජවිපෙ නව දේශපාලන සංස්කෘතිය විවේචනයට බදුන් කරන ලද්දෝ ය. 1988 – 1989 මහා ඛේදවාචකයෙන් පසු ව ජවිපෙ දේශපාලන සංස්කෘතිය තව දුරටත් විවේචනයට ලක් වූ අතර එහිලා නව ප‍්‍රවේෂයන් යටතේ වික්ටර් අයිවන්, සුනන්ද දේශප‍්‍රිය, ජයදේව උයන්ගොඩ, ලයනල් බෝපගේ, නිහාල් පීරිස්, දීප්ති කුමාර ගුණරත්න, ආදීන්ද දක්නට ලැබිණ. ජවිපෙට අදාල සිව්ල් විවේචනාක්ෂියේ පොදුගුණාකාරය වූයේ එය වාස්තවික දේශපාලන අරගලයක් නොවන බව ය.

1988 -1989 ජවිපෙ දේශපාලන අරගලයේදී ප‍්‍රධානතම ප‍්‍රචාරක මාදිලිය වූයේ පොස්ටර් සහ බිත්ති-තාප්ප වල අකුරින් සිය විරෝධයන් සටහන් කිරීමයි. තාප්පය මත පින්සලෙන් එක මක එක වැකි සටහන් කිරීම සහ පොස්ටර් එක මක එක අලවා ඒ වගේ ම ඒවා තරගකාරීව ඉරා දමා ඇති ස්වභාවයකින් ජනිත කරවනිකැටපත් පවුර‘ යන චන්ද්‍රගුප්තගේ මේ චිත‍්‍රය එවක 1988 -1989 වකවානුවේ ජවිපෙ සහ එවක සමාජ පසුබිම ප‍්‍රතිනිර්මාණය කිරීමකි. සත්‍ය වශයෙන් ම ජවිපෙ විසින් අලවන ලද පොස්ටර් හමුදාව විසින් පහුවදා ඉරා දැමීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණ. මේ චිත‍්‍රයේ දැක්වෙන අකුරුවලින් ගහණව විපිලිසකරව ඇති තාප්පය පාමුල ඇති පෙරලූණ හිස් බාල්දිය ජවිපෙ දේශපාලන සංස්කෘතිය අරබයා විවේචන පාර්ශව වල පොදුගුණාකාරයක් බවට 90 දශකයේ පත්ව තිබූ ජවිපෙ අරගලය දඉවැජඑසඩැ යන්නට බහාලන සංකේතයක් හැටියට ගෙන උපහාසයක් හැටියට මෙම චිත‍්‍රය මගින් තීව‍්‍ර වේ.ි‘කොච්චර දැගලූවත් අවසානයේ මොකුත් නැහැ හිස්.‘‘ යන්න දැනවෙන සංකේතයක් හැටියට මෙහි බාල්දිය සංකේතවත් වී ඇතැයි සිතිය හැකි ය. චන්ද්‍රගුප්ත පසුකලෙක ගෙනා බැරල්වාදය යන කලා කෘති මාලාව ද මෙම හිස්බව පිළිබද ප‍්‍රකාශනයක් වේ. පිටරටින් එන බැරලයක ඇතුලත ඇති අඩංගුව භාවිත කොට ඉවත ලන අසුරණය හෙවත් බැරලය මාර්ග බාධක හැටියට යොදාගෙන සිය රටේ වැසියන් පාලනය කරන බාධක හැටියට යොදා ගැනීම ගැන චන්ද්‍රගුප්ත එහිදී බැරලය සංකේතයක් බවට පත් කරලී ය. නමුත් එහිදී එම හිස් බැරලය සංකල්පගත වන්නේ මෙම කෘතිය තුළ ජවිපෙ අරබයා බාල්දිය සංකේත ගත කරවන ආකාරයෙන් නොවේ. චන්ද්‍රග්ප්ත එහිදී බැරලය යොදා ගන්නේ රජයේ හිස්කම දැනවීම සදහා ය. ඒ අනුව චන්ද්‍රගුප්තිහිස්කම‘ යන්න සංකේතවත් කරන්නේ හුදෙක් ආන්තික ප‍්‍රවර්ගයක් පිණිස නොව සමස්ත ශ‍්‍රී ලාංකේය සමාජයේ ම පැතිකඩක ප‍්‍රධාන සංලක්ෂණ හැටියට ඒ ඒ සංදර්භය අනුව ය.

මුලින් සදහන් කරන ලදිකැටපත් පවුර‘ යන්න සමග චන්ද්‍රගුප්ත මේ සමකාලීන සමාජයේ තාප්පය උත්ප‍්‍රායගත කරවන පරිදි තාප්පයිකැටපත් පවුර‘ බවට පරිවර්තනය කිරීමෙන් සීගිරිය නමැති ප‍්‍රබුද්ධ නිර්මිතයට ද සමච්චල් කරන අතර එසේ කරනුයේ අප ජීවත් වන යුගයේ අපේ ම මිනිසුන්ගේ සමාජ චර්යාවන් දෘෂ්‍යමය වින්‍යාසයකින් ඓතිහාසික කරවීමට බව සිතිය හැකිය.

ඉහත චිත‍්‍රය තුළ ඇත්තේ මිනිස් සිරුර පාදක ප‍්‍රකාශනයක් ද නොවේ. භූමි දර්ශනයක් ද නොවේ. නිශ්චල ද්‍රව්‍ය සම්පිණ්ඩණයක් ද නොවේ. අවෛශික මවාපෑමක් ද නොවේ. එහි ඇත්තේ පින්සලකින් තාප්පයක පොදු ජනයා අදින ලද වැකි වල කැබලි වලින් ගහණ වූ දෘෂ්‍ය ස්වභාවයක් පින්සලෙන් ම නැවත කලාත්මකව පිටපත් කිරීමකි. දේශපාලනික සංන්දර්භයකට අයත් සමකාලීන දෘෂ්‍ය මතුපිටක් පළමු වරට පිටපත් කිරීම ඒ අනුව මෙහි ඇති ඓතිහාසික වැදගත්කමය. අනෙක් කාරණය ශ‍්‍රී ලංකාවේ දෘෂ්‍ය කලාව තුළට සංකේතවාදී ප‍්‍රවේෂය දැනට ඇති තොරතුරුවලට අනුව පෙන්නුම් කරන්නේ ද ඉහත කෘතිය තුළින් චන්ද්‍රගුප්ත ය.