Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: Ravaya Newspaper

තීරු ලිපි

යහපත් වූ සමාජයක් වෙනුවෙන් වන සිහිනය නඩත්තු කිරීමට.. – අශෝක හඳගම 

”අශෝක හඳගමගේ ෆෙස්බුක් සටහන: ධනේශ්වර ප‍්‍රිස්මයෙන් ලෝකය දකින්නෙකුගේ නරුම ප්‍රතිචාරයක්” මැයෙන් සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජේසිරිවර්ධන විසින් පක්ෂයේ වෙබ් අඩවියට (WSWS.com) ලියූ අවලාදාත්මක ස්වරයේ විචාරයට ප්‍රතිචාරයක් දක්වන්නට වෘත්තය කොලම යොදාගන්නට අදහසක් නොතිබුණත්, මිතුරන් කිහිප දෙනෙකුම ඉල්ලා සිටියේ ප්‍රතිචාර දක්වන ලෙසයි. එබැවිනි මේ සටනන. මේ සටහන…

පුවත්

පාර්ලිමේන්තුව කැඳවන්නට සූදානම් නැති ජනාධිපති සහ අනුගාමික සංඝයා 

අප්‍රේල් 25 වැනිදා ත්‍රෛනිකායික අනුනායක හිමිවරුන් ඇතුළු භික්ෂු මණ්ඩලයක් මුණගැසුණු ජනාධිපතිවරයා ඔවුන් අමතා ප්‍රකාශ කළේ අලූත් පාර්ලිමේන්තුවක් පත්වෙන තුරු තමන්ට නැවත පාර්ලිමේන්තුව කැඳවීම සඳහා කිසිදු ව්‍යවස්ථාමය ඉඩක් නොමැති බවය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසමට විශාල බලතල ප්‍රමාණයක් ලබාදී ඇති බැවින්…

පුවත්

සීදුව විශේෂ බලකා කඳවුරත් වහයි 

වැලිසර නාවික හමුදා කඳවුරෙහි සේවය කළ කොවිඞ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ නිලධාරිනියකගේ සැමියා සීදුව විශේෂ බලකා කඳවුරෙහි සේවය කර ඇති නිසා සීදුව විශේෂ බලකා කඳවුර නිරෝධායනයට ලක් කර ඇතැයි යුද හමුදාවේ ඉහළ නිලධාරීහු කිහිපදෙනෙක් පැවසූහ. මේ පිළිබඳව තහවුරු කරගැනීම සඳහා යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකගේ…

දේශපාලන

නීතියේ පාලනය වල් වදින කාලයක් යළිත් ඇරඹී තිබේද? 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම ගැන දැනගන්නට තිබෙන කරුණුවලින්, 2015 දී පරාජය කරන ලද, නීතියේ ආධිපත්‍යයට සතුරු දේශපාලන බලවේග නැවතත් හිස ඔසොවා ඇතිදැයි සැකයක් මතුවෙයි. නීතියේ නියම කර ඇති පිළිවෙළට පිටින් ගොස් අත්අඩංගුවට ගැනීම්, රඳවාගැනීම්, පහරදීම්, පැහැරගෙනයෑම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් හා…

පුවත්

මහබැංකුවේ උපදෙස්වලින් රිංගා බැංකු පොලී අයකරයි 

කොවිඞ්-19 වසංගත තත්වය නිසා බැංකු වෙත ගෙවිය යුතු ණය වාරික සඳහා ලබාදෙන සහන සම්පූර්ණයෙන් ලබා නොදී, ණය නොගෙවන කාලසීමාව සඳහා පොලී මුදල් අය කිරීමට ඇතැම් බැංකු කටයුතු කරන බව අනිද්දා වෙත අදහස් දැක්වූ කිහිපදෙනෙක් පැවසූහ. ණය සහන ලබාගැනීම සඳහා බැංකු කළමනාකරුවන් සමඟ කතාබහ කළ ඇතැම්…

පුවත්

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන නව චක‍්‍රලේඛයක් නිකුත් කරන්න- ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් 

මැතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිතය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව මාර්තු 03 වැනිදා නිකුත් කළ චක‍්‍රලේඛය වත්මන් තත්වයට ගැළපෙන පරිදි නැවත සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටිමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපියක් යවා ඇත. එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකරගේ අත්සනින් යුතුව අපේ‍්‍රල් 23 වැනිදා…

පුවත්

මත්පැන් අත්‍යවශ්‍ය භාණ්ඩයකි 

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොවිඩ්-19 ආසාදනය වීමට හේතුව කොවිඩ් මර්දන මෙහෙයුම්වලදී ඔවුන්ට නිසි ආරක්ෂිත ඇඳුම් නොමැතිවීම බව මත දක්වන්නන් කියන්නට පටන්ගෙන ඇත. එහි ඇත්තක්ද තිබිය හැක. මේ සටහන ඊට අභියෝගයක් නොවේ. වැලිසර නාවික හමුදා කඳවුර සිද්ධිය ආශ‍්‍රයෙන්ම වාර්තාවන තවත් කරුණක් වන්නේ ජාඇළ සුදුවැල්ල ප‍්‍රදේශයේ…

පුවත්

වැලිසර ඛේදවාචකය කියන්නේ කුමක්ද ? 

‘අපිට නම් මොකක් හරි මෙහෙයුමකට හරි රෝගීන් ඉන්නවායි කියන යන ගමකට යන්න කිව්වාම, එතැනට අපේ ආරක්ෂාව තහවුරු කරගෙන යන්න ඇඳුමක් නැත්තං මාස්ක් එකක් නැත්තං අපිට යන්න බැහැ කියලා යම් සටනක් කරන්න පුළුවන් අපේ ආරක්ෂාව වෙනුවෙන්. නමුත් හමුදා ඛණ්ඩයකට හරි හමුදා සාමාජිකයෙක්ට හරි ඉහළින් නියෝගයක් ආවාම…

පුවත්

චීනයෙන් ගෙන්වූ සිසුවෙකුගෙන් 60,000ක් අය කරලා 

ජනවාරි මාසයේදී චීනයේ සිට මෙරටට රැගෙන ආ ලාංකික සිසුන්ගේ ගුවන් ටිකට්පතක් සඳහා රුපියල් 60,000ක මුදලක් අය කරගෙන ඇති බව අනිද්දාට වාර්තා වේ. ඉන්දීයාවේ සිට මෙරටට අපේ‍්‍රල් 25 වන දින පැමිණීමට නියමිත සිසුන්ගෙන් මුදල් අයකරන බවට පුවත් පළවීමෙන් අනතුරුව ජනවාරි මස 28 හා 29 දිනවල චීනයේ…

පුවත්

කොළඔ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කොව්ඞ්-19 

කොව්ඞ් 19 වසංගතය පාලනය සඳහා කොළඔ නගර සීමාවේ සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට කොවිඞ් වැළදී ඇති බවට අයි.ඞී.එච්. බෝවන රෝග විද්‍යායතනයේ ආරංචි මාර්ග පවසයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට උගුරේ වේදනාවක් ඇතිවීම නිසා පීසීආර් පරීක්ෂණයට යොමු කර ඇති අතර එම පරීක්ෂණවලින් ඔහුට කොවිඞ් වැළඳී ඇති බවට තහවුරු…