Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Tag: bandaranayake mawatha

පුවත්

ශ‍්‍රී ලංකාව දුර්වලම ආර්ථිකයක් ඇති රටක් ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව 

කොවිඞ්-19 වසංගත තත්වයට මුහුණදුන් නැගී එන ආර්ථිකයක් ඇති රටවල් 66ක ආර්ථිකය පිළිබඳව ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව පළ කර ඇති වාර්තාවක එම රටවල් අතරින් දුර්වලම ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ‍්‍රී ලංකාව හඳුන්වා ඇත. මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජේපී මෝර්ගන් ආයතනය, එම රටවල මහබැංකු වාර්තා,…

පුවත්

ව්‍යවස්ථා අර්බුදය ගැන පළමු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පාර්ශ්ව මැදිහත් වෙන්න ලෑස්තියි 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නිකුත් කළ ගැසට් නිවේදනයෙන් මාස තුනක් ගතවීමට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි වීමත්, විසුරුවාහරින ලද පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා එකඟ නොවීමත් නිසා ඇතිව තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්බුදයට අදාල පළමුවැනි මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. මැයි 02 වැනිදා…

පුවත්

උතුරු මැද පළාතේ සිසුන් 100ට අඩු පාසල් පටන්ගැනීමේ සාකච්ඡාවක් 

කොවිඞ් වසංගත තත්වය නිසා දින නියමයක් නොමැතිව වසා දමා ඇති පාසල් අතරින්, උතුරු මැද පළාතේ ඇති සිසුන් 100ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල් නැවත ආරම්භ කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. අපේ‍්‍රල් 28 වන දින උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එච්.එම් චිත‍්‍රානන්ද…

පුවත්

රංගල කඳවුරේ දොරටු වැසුණේ ඇයි?වරාය සේවකයන්ගේ සැක, බිය දුරු කරන්න 

කොළඹ වරාය පරිශ‍්‍රයෙහි ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ රංගල නම් කඳවුර පිහිටා ඇත. වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට හා නාවික හමුදා සාමාජිකයන්ට කොවිඞ්-19 වැළඳී ඇතැයි තහවුරු වීමට පටන්ගත් පසුව කොළඹ වරායේ රංගල නාවික හමුදා කඳවුරේ සෙබළුන්ද පීසීආර් පරීක්ෂණයට ලක් කිරීම සඳහා යැයි කඳවුරෙන් පිටට ගෙන ගොස්…

දේශපාලන

අගමැතිගේ රැස්වීම් උගුලට හෙසු නොවිය යුතුය 

අගමැතිවරයා විසින් කැඳවන ලද, මැයි 4වැනිදා සාකච්ඡාවට දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය සහභාගි නොවන බව තහවුරු කර තිබේ. එය ගත යුතුව තිබුණු බුද්ධිමත් දේශපාලන තීන්දුවකි. මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ පාර්ලිමේන්තුව නීත්‍යනුකූලව කැඳවීම ම පමණකි. ඒ වගකීම එන්නේ ජනාධිපතිවරයාට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේය. අපේ‍්‍රල්…

පුවත්

නිරෝධායනයේ සිටි නිලධාරීන්ව ටෙස්ට් නොකර බලෙන් සේවයට කැඳවලා 

තමන්ව පීසීආර් පරීක්ෂණයට ලක් කරන ලෙස ඉහළ නිලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීමක් ඉටු නොකළ බවත් තමන්ට කොවිඞ්-19 රෝගය ඇතිදැයි සැකයක් ඇති බවත්, එබැවින් සේවයෙන් ඉවත්ව දින 14ක ස්වයං නිරෝධායනයට යොමුවන බවත් ප‍්‍රකාශ කළ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාව සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ව නැවත බලහත්කාරයෙන් සේවයට කැඳවා ඇති…