No menu items!
22.3 C
Sri Lanka
11 September,2025
Home Blog Page 574

අලූත් දේශපාලනයක්

0

මේ රටේ දේශපාලනය අලූත් විය යුතු යැයි මේ දවස්වල වැඩියෙන්ම කියන්නේ 2015 ජනවාරියේ ආණ්ඩු වෙනසට මුල් වුණු කණ්ඩායමේ සිවිල් සංවිධාන නායකයෝය. මේ කාණ්ඩයට ධම්ම දිසානායක මහතා කියන්නේ ‘ජනවාරිවරු’ කියාය. මේ ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ මේ සමහර සිවිල් සංවිධාන සාමාජිකයන් අනිද්දා පත‍්‍රයේ ලියන ලිපි දෙස බැලූවිට පෙනී යන්නේ ඒ අයට සිදුවී තියෙන්නේ සැත්කම වැරදී ලෙඩා මරණයට පත් වූ විටෙක දොස්තර මහතාට මුහුණ දෙන්නට වෙන ආකාරයේ සන්තෑසියකට බවය.
ඒ කෙසේ වෙතත් දැන් රට මුහුණ දෙන්නේ අලූත් නායකයෙකු හදන්නට නොව අලූත් දේශපාලනයක් හදන්නට හැකි ව්‍යාපෘතියක් හදන්නේ කෙසේද කියන කාරණය නිරවුල් කර ගැනීමටය.

බි‍්‍රතාන්‍යයන්ගේ පාලනයෙන් පසුව අප තනියම රට පාලනය කර අද පැමිණ තියෙන තත්වය කුමක්දැයි කියන කාරණය ගැන සිතීම මෙහිදී ඉතාමත් වැදගත්ය. මේක හරියට සමාන වන්නේ කොම්පැනියක් විදේශීය අධ්‍යක්ෂ මණ්ඩලයක් පාලනය කරගෙන ගොස් අපේ රටේ අධ්‍යක්ෂවරුන්ට භාරදී අපේ පාලනයක් යටතේ වසර 70 ගතවූවාට පසුව කොම්පැනියේ තත්වය නිරීක්ෂණය කිරීම වැනි කාරණයකටය. බැලූ බැල්මටම පෙනෙන්නේ ලාභ ලබමින් තිබූ කොම්පැනියක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීමෙන් පසු කොම්පැනියම නැත්තටම නැතිවී ගිය සේයාවක් ය. ලාභ ලැබීම නැවතුණා පමණක් නොව පාඩු ලැබීමේ සීමාවත් පැන ගොස් ණය ගැනීමේ සීමාවත් නැතිවන තැනට වසර 70ක් අපේ පාලනය යටතේ කොම්පැනිය පත් වී ඇත. දැනටත් අධ්‍යක්ෂවරුන් ලෙසින් මන්ත‍්‍රීවරුන් 225 වසර 6කට වරක් රටේ ප‍්‍රතිපත්ති හා නීති සදන්නටත් නිසි උපක‍්‍රමික තීන්දු තීරණ ගැනීම පිණිස පත්වෙන අතර ඒ අය වැඩි වශයෙන් උනන්දු වන්නේ තව තවත් ණය ගනිමින් තම තමන්ට හොඳ වාහන හොඳ ගෙවල් නිතර විදේශ සංචාර වැනි දේවල් ලබා ගැනීම ගැන මිස කොම්පැනියේ අනාගතය (රටේ අනාගතය) ගැන නොවේ. මේ මොහොතේ අප ඇසිය යුතුම ප‍්‍රශ්නය වන්නේ නිදහසින් වසර 70කට පසුව රටට මෙහෙම වූයේ ඇයි සහ දැන් අප කළ යුත්තේ කුමක්ද යන ප‍්‍රශ්නයයි.

මා මීට පෙර වෙනත් පුවත්පතක ලියූ සටහනකින් කියු පරිදි අපි මුලින්ම තේරුම් ගත යුතු කාරණයක් වන්නේ ලැබුණු දේශපාලන නිදහසත් සමග අපේ රට නිසි ආකාරයෙන් ගොඩ නගන්නේ කෙසේ දැයි මෙරට සිංහල සමාජයේ සිදුවූ සාකච්ඡාව ප‍්‍රධාන දාර්ශනික ධාරාවන් තුනක් මත පදනම් වූ බවය. මේ දාර්ශනික පදනම් තුන මා නම් නරන්නේ එක් පැත්තකින් වෙළෙඳපොළ ආර්ථිකය පදනම් වූ ධනේශ්වර අර්ථ ක‍්‍රමයෙන්ද දෙවනුව එම ධනේශ්වර සාමාජ ආර්ථික ක‍්‍රමයට ප‍්‍රතිපක්ෂ ව්‍යාපෘතිය ලෙසින් මතුවූ මාක්ස්වාදී දේශපාලනයද තුන්වෙනුව යටත්විජිත පාලනයට එරෙහිව නැගී සිටි ස්වදේශිකවාදී දේශපාලනයද ලෙසින් වූ ස්ථාවරයන් තුනක් අපේ රටේ ප‍්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි බරපතළ අයුරින් බලපානු ලැබූ බවය. හැමෝටම තේරුම් ගැනීමට පහසුවන පරිදි කිවහොත් මේ දාර්ශනික ස්ථාවර තුන මේ රටේ සාකච්ඡුා වන්නේ පිළිවෙළින් ඇඩම් ස්මිත් කාල්මාක්ස් සහ අනගාරික ධර්මපාල යන චින්තකයන්ගේ මතවාද හරහා යැයි සරලව කීමේ වැරැුද්දක් ද නැත. නිදහසින් පසු මේ රටේ දේශපාලනය සංවිධානය කළ මුරගල් තුන වන්නේ මේ තුන්දෙනාගේ දාර්ශනික ධාරාවන් තුනය. එජාපය හැමදාම සිටියේ වෙළෙඳපොළ ධනවාදය පැත්තේය. ඇඩම් ස්මිත්ගේ පැත්තේය. සාම්ප‍්‍රදායික වාමාංශය හා ජවිපෙ වැනි පක්ෂ ආරම්භ වූයේ ම මාක්ස්වාදය පැත්තෙන්ය. කාල් මාර්ක්ස්ගේ පැත්තේය. ශ‍්‍ර‍්‍රීලනිපය හා ජාතිකමය වූ පක්ෂ මතුවුණේ ස්වදේශිකවාදයේ පැත්තෙන්ය. ඒ කියන්නේ ධර්මපාලගේ පැත්තෙන්ය. මේ බෙදීම තනිකරම නිශ්චිත හා ‘හරි හතරැුස්’ දෙයක් නොවූවත් පසුගි ය වසර 70 මේ රටේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලනය සංවිධානය වූයේම මේ චින්තන ති‍්‍රකෝණයේ සීමාව ඇතුළේය. දැන් මේ සීමාවන් ඇතුළත නිදහස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්ති සහ නීති සම්පාදනය පැත්තෙන් අප සිටින්නේ එහාට යන්නත් බැරි මෙහාට එන්නත් බැරි බරපතළ අවුලක පැටලිලාය. එක කාණ්ඩයක් හදන්නේ රාජ්‍යය හකුළුවා වෙළෙඳපොළ පමණක් තියා ගන්නටය. අනෙක් කාණ්ඩය හදන්නේ වෙළෙඳපොළ නිර්ධන පන්තිය අතට ගෙන ඒ අයගේ පන්ති ආඥාදායකත්වයක් හරහා රට පාලනය කරන්නටය. මේ දෙකටම නැති අය හදන්නේ සුභසාධනයට ප‍්‍රමුඛත්වය දීමට එක් පැත්තකිනුත් යටත් විජිතය පටන් ගත් කාලයේ තත්වයට යළිත් ගමන් කිරීම තව පැත්තකිනුත් එල්ල කරගත් පාලනයකටය. 1948 සිට 1977 වෙනකල්ම පැවතුණේ මේ වගේ විසමකෝණී ත‍්‍රිකෝණයක් ආකාරයේ දේශපාලන හුවමාරුවක් බව පැහැදිලි කාරණයක්ය. එක්කෝ අපි නැවතුණේ ඇඩම් ස්මිත් ළඟය. නැත්නම් කාල් මාක්ස් ළඟය. එහෙමත් නැත්නම් ධර්මපාල ළඟය. දැන් අප සිටින්නේ මේ ත‍්‍රිකෝණයේ කොයි පැත්තේද යන කාරණය තේරුම් ගැනීමත් නායකයන් මාරු කිරීමට වඩා පළල් දේශපාලනමය වූ ප‍්‍රතිපත්ති පිළිබඳ තේරුම් ගැනීමක් දක්වා අලූත් වූ දේශපාලනයක් හදන්නේ කෙසේද යන කාරණය අපේ න්‍යාය පත‍්‍රවලට ඇතුළත් කිරීමත් මේ මොහොතේ වැදගත්ම කාරණා බව මගේ අදහසයි.

චරිත හේරත්

ජනාධිපතිවරයා කජු කනවා වාගේ ප‍්‍රශ්න ‘විසඳීම’

ගිය සතියේ මේ කොලමේ සාකච්ඡුා කෙළේ, අගමැතිවරයා සහ හිටපු නීතිය හා සාමය ඇමති සාගල රත්නායක, මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට නීතිය ක‍්‍රියාත්මක වන ආකාරයට වෙනස්ව ගලගොඩඅත්තේ ඥානසාර සම්බන්ධයෙන් අනුග‍්‍රහශීලී ආකාරයකින් කටයුතු කළ ආකාරයත්, එසේ කිරීමෙන් රටේ නීතියේ ආධිපත්‍යය පමණක් නොව, ආණ්ඩුව දියත් කොට ඇති ජාතික සහජීවනය නගා සිටුවීමේ ක‍්‍රියාවලිය පවා ඈලියාවට යාමට ඇති ඉඩකඩත් පිළිබඳව ය.

මේ සතියේ සාකච්ඡා කෙරෙන්නේ ඊටත් වඩා බරපතළ සහ භයානක ආකාරයකින් නීතිය නැවීමේ සහ කැඞීමේ ක‍්‍රියාවලියක ජනාධිපතිවරයා මැදිහත්ව සිටීම ගැනයි.
මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ කරන ලද මහ පරිමාණ දුෂණ ක‍්‍රියා සහ අපරාධ සම්බන්ධයෙන් පියවර නොගැනීමට ඒ ආණ්ඩුවට හේතු තිබුණි. මුලින්ම, යම් අපරාධයක් කරන ලද්දේ තමන්ගේ අවශ්‍යතාව, අනුදැනුම සහ අනුග‍්‍රහය මත නම්, එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වීමට ඉඩ නොතැබීම එදා රාජපක්ෂ පාලනයේ පොදු මුද්‍රාව විය. ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ, වසීම් තාජුඞීන් වැනි ඝාතන සම්බන්ධයෙන් එදා ඔවුන් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය ඊට දෙස් දෙයි. එසේ කටයුතු කිරීම අස්වාභාවික නැත. මා යම් මිනිමැරුමක් සිදු කළොත් ඒ ගැන විමර්ශනයක් කොට නීතිය ක‍්‍රියාත්මක වීම වැලැක්වීම සඳහා මට හැකි හැම පියවරක්ම ගැනීම මගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වනු ඇත. ඒ නිසා, රාජපක්ෂලාගේ පවුලේ සාමාජිකයන් ගෑවිය හැකි ඕනෑම අපරාධයක් අරභයා ඔවුන් නීතිමය විමර්ශනයට සහ අධිකරණ ක‍්‍රියාවලියට උඩින් නොනිල වාරණයක් තමන්ගේ බලපරාක‍්‍රමය ඔස්සේ පනවාගෙන සිටීම තේරුම් ගැනීමට අපහසු නැත.

එදා සිදු කළ තවත් අපරාධ වර්ගයක් තිබුණි. එනම්, ඉහතින් කී තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව පාවිච්චියට ගත් (‘රණවිරුවන්’ වශයෙන් ඇතැමුන් හඳුන්වන) කුලී හමුදා කොටස් සහ බුද්ධි අංශ කොටස්, රාජපක්ෂලාගේ දේශපාලනික කොන්ත‍්‍රාත්තුවට පිටින් ගොස් තම තමන්ගේ පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන සඳහා, ඉහත කී රාජපක්ෂ බලාධිකාරියෙන් තමන්ට ලැබී තිබූ ඒ මිනීමරු බලය පාවිච්චි කරමින් සිදු කළ සහගහන අපරාධයන් ය. විවිධ තැන්වලින් විවිධ අවස්ථාවලදී ශිෂ්‍යයන් එකළොස් දෙනෙකු පැහැරගෙන ගොස්, ඔවුන්ගේ ධනවත් දෙමාපියන්ගෙන් කප්පම් ගෙන, ඉන් නොනැවතී එම ශිෂ්‍යයන් මරා දැමූ, නාවික හමුදාවේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකුගේ සාහසික ක‍්‍රියාකලාපය වැටෙන්නේ එම අපරාධ ගණයටයි. මේ ශිෂ්‍යයන් දෙමළ ජාතික වන බවත් මෙහිදී මතක තබා ගැනීම යෙහෙකි.

මේ සිද්ධිය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැදගත් සොයා ගැනීම් කිහිපයක් කෙළේය. ඉන් එක් කාරණයක් වුණේ, ‘නේවි සම්පත්’ නැමැත්තෙකු ඇතුළු තවත් කිහිප දෙනෙකු මේ ඝාතනවලට සම්බන්ධ බවයි. අවසානයේදී මේ ‘නේවි සම්පත්’ නැමැත්තාට නීතියට කට්ටි පැන රටින් පැන යාමට, හිටපු නාවික හමුදාපතිවරයෙකු මෙන්ම, වර්තමාන ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා ද වන රවීන්ද්‍ර විජේගුණරත්න සහාය වී ඇති බවත්, ඒ සඳහා එම පුද්ගලයාට රුපියල් ලක්ෂ පහක මුදලක් මේ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා විසින් සපයා දී ඇති බවත් අනාවරණය කර ගැනුණි. ඒ අනුව, හමුදා මාණ්ඩලික ප‍්‍රධානියාත් අත්අඩංගුවට ගත යුතු බවට අධිකරණයෙන් පොලීසියට උපදෙස් ලැබුණි. (‘නේවි සම්පත්’ දැන් අත්අඩංගුවට ගෙන තිබේ).

එහෙත් ජනාධිතිවරයා, මීට පෙර සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම කිහිප අවස්ථාවකදීම වැළැක්වූ ආකාරයෙන්ම, මේ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා අත්අඩංගුවට ගැනීමත් එක දිගටම වැළැක්වීය. එහි කූටප‍්‍රාප්තිය ඊයේ (11) සවස සිදු විය. පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සමග, විජේදාස රාජපක්ෂ සහ තිලක් මාරපන වැනි මේ විෂයට කිසි සම්බන්ධයන් නැති එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ඇතුළු තවත් පිරිසක් සිය නිවසට කැඳවා ගත් ජනාධිපතිවරයා, ඉහත කී හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ගන්නා ප‍්‍රයත්නය ගැන පොලීසියට තදින් බැනවැදී තිබේ.

ඊයේ (11) උදේ 9 ට රහස් පොලීසිය මොහුගෙන් ප‍්‍රකාශයක් ගැනීමට නියමිතව සිටියේය. ඒ සඳහා රහස් පොලීසියට පැමිණෙන ලෙස ඔහුට දන්වා තිබුණු අතර තමා නියමිත වේලාවට එහි පැමිණෙන බවත් ඔහු පොලීසිට දන්වා තිබුණි. එසේ තිබියදී, ඊයේ උදේ පාන්දර මේ පුද්ගලයා මෙක්සිකෝවේ පැවැත්වෙතැයි කියන යම් කාර්යයකට සහභාගී වීම සඳහා යැයි කියමින් රටින් පිටව ගියේය. රාජපක්ෂ කාලයේ සිදු කළ අපරාධයකට සහාය වීම සම්බන්ධයෙන් රහස් පොලීසියට කටඋත්තරයක් දීමට නියමිතව සිටි හමුදා මාණ්ඩලික ප‍්‍රධානියාට රටින් පිටව යාම සඳහා එම අමාත්‍යාංශ ප‍්‍රධානියා වන ජනාධිපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය කෙරේ. එබැවින් ඔහු ‘නේවි සම්පත්’ මෙන් පැන ගියා නොව, ජනාධිපතිවරයාගේ අනුමැතිය සහ අනුග‍්‍රහය සහිතව, පොලීසියත්, රටේ නීතිය පිළිබඳ කාර්ය පරිපාටියත් තඹේකට නොතකා හැරීමේ අවස්ථාවක් වශයෙන් මෙය සැලකිය හැකිය. පසුගිය සතියේ දවසක නේපාලයේ සංචාරයකින් පසුව ලංකාවට පැමිණෙමින් සිටියදී ශ‍්‍රී ලංකන් ගුවන් යානයේදී ලැබුණු කජු පීරිසිය බල්ලෙකුටවත් කන්නට බැරි තරමේ බාල වර්ගයක් වූ බව ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධ රැස්වීමකදී කියා තිබුණි. එවැනි බාල කජු, විශේෂයෙන් ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු පංතියේ ගමන් ගන්නා රාජ්‍ය නායකයෙකු වැනි කෙනෙකුටත් සැපයීමට තීරණය කළ පුද්ගලයා කවරෙක් ද යන්න ජනාධිපතිවරයා ප‍්‍රශ්න කොට සිටියේ, තමා හැර අනෙක් සියලූ දෙනා පව්කාරයන් වශයෙන් සලකා ප‍්‍රශ්න කරන, ඒ සුපුරුදු ‘මං සුදනා’ ස්වරයෙනි. එම ප‍්‍රකාශයෙන් පසුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය එම කජු සැපයීම මේ සතියේ සිට නතර කොට ඇති බව මාධ්‍ය වාර්තා කෙළේය.

මෙවැනි සිල්ලර ප‍්‍රශ්නවලට කවදත් ජනාධිපතිවරයාට වැලිකෙළියේ විසඳුම් තිබේ. ගැහැනියකගේ තනපටයක ප‍්‍රශ්නයකට මඩු වලිගයෙන් තැලීමේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරා ඉවරයක් කර දැමීම වැනි එවැනි උත්තර රාශියකි. එහෙත් ඉහත කී සිද්ධිය, ජනාධිපතිවරයා විසින්ම තමා බලයට පත්වීම සඳහා දේශපාලනිකව පාවිච්චියට ගත් රාජපක්ෂලාගේ අපරාධ සංස්කෘතියට කෙලින් සම්බන්ධ ය. එය විසඳීම ගුවන් සේවයක බාල වර්ගයේ කජු සැපයීම පිළිබඳ ප‍්‍රශ්නය විසඳීම තරම් සරල කාරණයක් නොවෙතත්, අපේ පොලීසිය පසුගිය තෙවසරක කාලයක් තිස්සේ උසස් වෘත්තීය මට්ටමකින් සහ ඉතා බුද්ධිමත්ව, ඒ රාජපක්ෂ සංස්කෘතියේ දුෂණ සහ අපරාධ දැල ක‍්‍රම ක‍්‍රමයෙන් ලිහමින් සිටින බව පෙනේ.

එහෙත් අවාසනාවක මහතෟ දේශපාලනික හේතු පෙරදැරිව රාජපක්ෂලා කළ අපරාධ තමන් බලයට පැමිණීම සඳහා ප‍්‍රචාරක වාසියට ගත් ජනාධිපතිවරයා, දැන් අලූත් බල තුලනයක් තුළ, එම අපරාධ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වීමට පොලීසියට සහ වෙනත් නීති අංශවලට ඉඩ නොහැරීම යහපාලනයේම අභාග්‍යයක් මිස අන් කවරක් ද? (ජනාධිපතිවරයාගේ ඒ අලූත් බල තුලනය ගැන පසු අවස්ථාවක සාකච්ඡුා කෙරෙනු ඇත).
19 වැනි සංශෝධනය යටතේ පොලිස් කොමිසමක් පත්කර ගැනීමේ එක් අරමුණක් වුණේ, පොලීසියේ ස්වාධීනත්වය ආරක්ෂා කර දීමයි. තවත් විදිහකින් කිවහොත්, පොලීසියේ රාජකාරිවලට දේශපාලනඥයන්ගේ අතපෙවීම් අවම කිරීමයි. එසේ තිබියදී, යම් දුෂණ ක‍්‍රියාවක් (සජින් වාස් ගුණවර්ධන) සම්න්ධයෙන් හෝ යම් අපරාධයක් (හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා) සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමට පොලීසියට සිදුවෙයි නම්, පොලිස් කොමිසමක් පිහිටුවා ගැනීම හරහා ඇති කර ගැනීමට අපේක්ෂා කළ පොලීසියේ ස්වාධීනත්වයට සිදුවන්නේ කුමක් ද?

මීට පෙර, ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා ප‍්‍රධානීන් කිහිප දෙනෙකු සහ ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරියට පැමිණවීම ගැන ජනාධිපතිවරයා හැසිරුණු ආකාරය හේතුවෙන්, අල්ලස් හෝ දුෂණ කොමිසමේ එදා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට ගෙදර යාමට සිදු වූ සැටි අපට මතක ය. එදා ඒ ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් අවිනීත ආකාරයෙන් මැදිහත් වූ විජේදාස රාජපක්ෂ සහ තිලක් මාරපන යන එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනඥයන් දෙන්නා, පසුගිය 11 වැනි දා ජනාධිපතිවරයා විසින් පොලීසියට දෙහි කැපූ සාකච්ඡුාවටත් සහභාගී කරගෙන තිබීම සහ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම නතර කිරීමට ජනාධිපතිවරයා පොලීසියට කළ සෘජු බලපෑම සමග ඒ දෙන්නාම එකත්පස්ව එකඟත්වය ප‍්‍රකාශ කොට සිටීම මගින් කියාපාන්නේ, 2015 දී රටේ ජනතාව අපේක්ෂා කළ ‘යහපාලනයට’, පක්ෂ භේදයකින් තොරව විනකැටීමේ කර්මාන්තයක් මේ අවස්ථාවේ ක‍්‍රියාත්මක වෙමින් පවතින බවයි.

1978 ඇති කර ගත් විධායක ජනාධිපති ක‍්‍රමය තුළ පැවති ප‍්‍රධාන දුර්ගුණයක් වුණේ, රාජ්‍ය සේවය ඇතුළු සකල රාජ්‍යකරණයට අතපෙවීමට විධායකයට පැවති අසීමිත බලයයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එම තත්වය වෙනස් වෙතැ යි අපේක්ෂා කෙරුණි. එහෙත් ජනාධිපතිවරයා තවමත් පොලීසියට මෙසේ ඇඟිලි ගැසීම මගින් කියාපාන්නේ, මේ විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමණින් අහෝසි කර දැමීමෙන් මිස, ලංකාවේ නීතිය සහ අධිකරණයට විධායකයේ ඇඟිලි ගැසීම නතර කළ නොහැකි බවයි. එදා මහින්ද රාජපක්ෂ, ඉහත කී දරුවන් 11 දෙනා පැහැරගෙන ගොස්, කප්පම් පවා ලබාගෙන ඝාතනය කළ මිනීමරුවන් නීතිය ඉදිරියට පැමිණවීමෙන් වැළැක්වීම සහ ඒ මිනීමරුවන්ට සැඟවීමට හෝ පලා යාමට ආධාර සහ අනුබල දුන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා (19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවත්) වර්තමාන ජනාධිපතිවරයා විසින් ආරක්ෂා කරනු ලැබීම අතර වෙනසක් තිබේ ද?

ප‍්‍රශ්න ඇති කරන පුද්ගලයන්ට වඩා රටක් පරිස්සම් විය යුත්තේ ප‍්‍රශ්න විසඳීම අවුල් කරන පුද්ගලයන්ගෙනි. විශේෂයෙන්ම, එසේ ප‍්‍රශ්න අවුල් කරන්නේ, තමන්ගේ පෞද්ගලික අනාගත දේශපාලනික සැලසුමක් ප‍්‍රකාරව නම්, එවැනි පුද්ගලයන්ගෙන් තවත් පරිස්සම් විය යුතුය.

අංකයක් නැති ඇමතුමක් නම් ඇමතුමේ අයිතිකරුවන් මෙන්න

0

ඔබගේ ජංගම දුරකථනයට ඇමතුම ලබාදෙන පුද්ගලයාගේ දුරකථන අංකය නොපෙන්වන ඇමතුම් ලැබෙන අවස්ථා ඇත. මේ අත්දැකීම ඇති බොහෝ පිරිසක් ඇතිවාට සැක නැත. ලියුම්කරුද එවැනි අත්දැකීම් ලැබූ අයෙකි. එවැනි ඇමතුම් ලැබෙන හැම අවස්ථාවකදීම ජංගම දුරකථන තිරයේ දිස්වන්නේ No Number හෝ Private Number යනුවෙන්ය.මේ No Number හෝ Private Numberඅයිතිකරුවන් කවුද? ජංගම දුරකථන තිරයේ ඇමතුම් අංකය දිස් නොවන ආකාරයේ මේ පහසුකම ඔවුන්ට ලබාදුන්නේ කවුද? ඒ සඳහා ජංගම දුරකථන කි‍්‍රයාකරු සමාගම්වලට නිර්දේශ ලබාදෙන්නේ කවුද? මේ ප‍්‍රශ්නය සඳහා පිළිතුරු ලබාගැනීම සඳහා ලියුම්කරු මුලින්ම ආමන්ත‍්‍රණය කළේ ජංගම දුරකථන කි‍්‍රයාකාරු සමාගම්ය. එහිදී ඔවුන්ගේ පිළිතුර වූයේ ඒ සඳහා නිර්දේශ ඔවුන්ට ලැබෙන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් බවය.
ඒ අනුව ලියුම්කරු විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනත යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී වෙත ඉල්ලීමක් සිදුකරනු ලැබූ අතර එම ඉල්ලීම මෙයාකාරය. ‘‘ජංගම දුරකථන භාවිතයේදී ඇමතුම් ලබා ගන්නාට ඇමතුම ලබාදෙන පුද්ගලයාගේ දුරකථන අංකය දැනගැනීමට නොහැකි ලෙස No Number හෝ Private Number යනුවෙන් තිරය මත දිස්වන ඇමතුම් ලැබේ. අංකය නොපෙන්වන මේ ආකාරයේ ජංගම දුරකථන සබඳතා ජංගම දුරකථන කි‍්‍රයාකරුවන් විසින් නිකුත් කරනු ලබන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිර්දේශ මත බව එම සමාගම් විසින් විස්තර කරනු ලබයි. ඒ ආකාරයට ඇමතුම් අංකය නොපෙන්වන ජංගම දුරකථන සම්බන්ධතා සඳහා ඔබ අමාත්‍යාංශය විසින් පසුගිය කාලය පුරා නිර්දේශ කර ඇති පුද්ගලයන්ගේ නාම ලේඛනය, ඒ එක් එක් ජංගම දුරකථන සබඳතාව සඳහා එවැනි නිර්දේශ ඉදිරිපත් කිරීමට හේතුව හා ඒ සඳහා ඉල්ලීම් කරනු ලැබූයේ කවුරුන්ද යන වග එක් එක් වර්ෂයට අදාළව වෙන් වෙන්ව අවශ්‍ය ගත්තු අයකර ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.’’අපගේ තොරතුරු ඉල්ලීම ලැබුණ බවට ලැබුණ පිළිතුර තුළ වූයේ ‘දුරකථන ඇමතුමක් ලබාදෙන පුද්ගලයාගේ දුරකථන අංකය දිස්වීමට (CLI පහසුකම) නොමැති දුරකථන සම්බන්ධතාවන් ලබාදීමට නිර්දේශ කර ඇති පුද්ගලයන්ගේ නාමලේඛනය, එම දුරකථන සම්බන්ධතාවන් ලබාදීමට නිර්දේශ කිරීමට හේතු සහ ඒ සඳහා ඉල්ලීම් කරන ලද අය කවුරුන්ද යන්න එක් එක් වර්ෂයට අදාළව’ ගනු ලබන පියවර පිළිබඳව දින 14ක් තුළ දන්වා එවන බවය. එය නිකුත් කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී බි‍්‍රගේඩියර් උපාලි වීරසිංහගේ අත්සන සහිතවය.

ඉන්පසු ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරී බි‍්‍රගේඩියර් උපාලි වීරසිංහගෙන් ලැබෙන එක් පිළිතුරක් වන්නේ ‘එම ලිපියෙන් අපේක්‍ෂිත CLIR පහසුකම ලබාදෙනු ලබන්නේ මෙයට ඇමතුම ‘‘අ’’ ලෙස ඉදිරිපත් කර ඇති තොරතුරු හොබවන අය වෙත පමණී.’ යන්නය.

අනෙක් පිළිතුර වන්නේ ‘මීට අමතරව ආරක්ෂක ඇමතිතුමා, ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා, ආරක්ෂක ලේකම්තුමා විසින් විශේෂ නිර්දේශයන් ලබාදී ඇති අයවලූන් කිහිප දෙනෙකු වෙතද මෙම පහසුකම ලබාදී ඇත. එම නාමලේඛනය ලබාදීමට හැකියාවක් නොමැති බව කාරුණිකව දන්වා සිටිමි.’ යන්නය. එම දෙවන කරුණට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇතද, ඊට බොහෝ කල් ගියද තවම පිළිතුරක් ලැබී නැත. දැන් ඒ සඳහා යෑමට ඉතිරිව ඇත්තේ තොරතුරු කොමිසම වෙත පමණය.

දුරකථන ඇමතුමක් ලබාදෙන පුද්ගලයාගේ දුරකථන අංකය දිස්වීමක් නොමැති දුරකථන සබඳතාවන් ලබාදෙන එම අනුමත තනතුරු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව මෙයාකාරය.

ජනාධිපති, අගමැති, කථානායක, අගවිනිසුරු, කැබිනට් අමාත්‍යවරු, විපක්‍ෂ නායක, පළාත් ආණ්ඩුකාරවරු, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරු, කැබිනට් නොවන අමාත්‍යවරු, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය අමාත්‍යවරු, නීතිපති, පාර්ලිමේන්තු මංතී‍්‍රවරු, පළාත් සභා සභාපතිවරු සහ පළාත් සභා අමාත්‍යවරු, පළාත් සභා විපක්‍ෂ නායකවරු, ජනාධිපති ලේකම්, අග‍්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් මණ්ඩල ලේකම්, මහ බැංකු අධිපති, කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු, කැබිනට් නොවන අමාත්‍යංශ ලේකම්වරු, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරු, පොලිස්පති හා විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානියාය.

ඔබේ ජංගම දුරකථනයට තිරය මත අංකය දිස්නොවන දුරකථන ඇමතුමක් ලැබුණහොත් එම අංකයේ හිමිකරු ඉහත සඳහන් තනතුරුලාභීන්ගෙන් කෙනෙකු විය හැකිය. නොඑසේනම් ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා නිර්දේශ කළ පුද්ගලයෙකු විය හැකිය. නැතහොත් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා නිර්දේශ කළ පුද්ගලයෙකු විය හැකිය. එසේත් නැතහොත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා නිර්දේශ කළ පුද්ගලයෙකු විය හැකිය. රට යන අත අනුව ඒ ගැන දැනුවත්ව සිටීම ඒ ආකාරයේ ඇමතුම් ඉදිරියට ලැබීමට නියමිත අයගේ පරෙස්සම සඳහා නම් හොඳය.

මානව හිමිකම් සංඥාව මොනවා කිව්වත්..

0

මේ දිනවල ජීනීවාහි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ දී ලංකාව සම්බන්ධයෙන් ආකාර දෙකක ප‍්‍රතිචාර හිමි ව තිබේ. එකක් නම්, සංහිඳියාව, සාමය සම්බන්ධයෙන් ලංකාව මේ වන තෙක් ගෙන තිබෙන පියවර ගැන සතුට පළ කිරීමයි. අනෙක් ප‍්‍රතිචාරය වන්නේ, එක්සත් ජාතීන් හමුවෙහි ලංකාව මේ වන තෙක් පොරොන්දු වී ඇති ඉතිරි පියවර ද ඉදිරියට ගෙන යමින් කල් පවත්නා සාමයක් හා සංහිඳියාවක් අත් කර ගැනීමට අවශ්‍ය පියවර තව දුරටත් ගත යුතු බවයි.

සමුළුව ආරම්භයේ දී ම අදහස් දැක්වූ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ලංකාව ප‍්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර ගැන සිය සතුට පළ කළාය. එසේ ම, ලංකාව මෙතෙක් නොගෙන ඇති පියවර ද ගත යුතු බව අවධාරණය කළා ය.

බ‍්‍රහස්පතින්දා වන විට, මානව හිමිකම් සමුළුවේ ලංකාව සම්බන්ධයෙන් වන කමිටුව සිය නිරීක්‍ෂණ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලද අතර, එහි ද ඉහත කී දෙයාකාරයේ ම ප‍්‍රතිචාර අඩංගු ව තිබුණි. ලංකාව සම්බන්ධයෙන් වන කමිටුව, එක්සත් රාජධානිය, ජර්මනිය, මැසිඩෝනියාව හා මොන්ටෙනිග්‍රෝව යන සාමාජික රටවලින් යුක්ත වෙයි.

ඔවුන් සිය වාර්තාවෙන් අවධාරණය කර තිබුණේ, ලබන වසරේ මාර්තුවේ දී මීළඟ මානව හිමිකම් සමුළුව පැවැත්වෙන්නට පෙර, අංක 30/1 හා 34/1 යන යෝජනාවලින් එකඟ වී ඇති පියවර ගැනීමට ලංකාව උනන්දු විය යුතු බවයි. 30/1, හා 34/1 යෝජනා යනු ලංකාවට එරෙහිව බලහත්කාරයෙන් අනෙක් සාමාජික රටවල් විසින් පටවන ලද යෝජනා නොවේ. වර්තමාන ආණ්ඩුව පත් වූ පසු, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් සමග ලංකාවේ එකඟතාවෙන් යුතු ව, ඉදිරිපත් කොට පිළි ගන්නා ලද යෝජනායි. ඒ අනුව, එම යෝජනාවල සඳහන් කාරණා ඉටු නොකර සිටින්නට ලංකාවට නොහැකි වන අතර, ඊට අදාළ කාල රාමුව ද සැලකිල්ලට ගැනීම අවශ්‍ය වන්නේ ය.

‘නිශ්චිත නායකත්වයකින් හා පැහැදිලි කාල රාමුවක් සහිත ක‍්‍රියාකාරී සැලැස්මක් හරහා මානව හිමිකම් සමුළුව සමග වූ එකඟතාවන් සම්පූර්ණ කිරීමට මේ ආණ්ඩුවට හැකියාව ඇතැ’යි ලංකාව සම්බන්ධයෙන් වන කමිටුව සිය විශ්වාසය පළ කරයි. ඒ ආකාරයට කටයුතු කිරීමෙන් ලංකාවේ ජනතාවට කල් පවතින සංහිඳියාවක් හා සශ‍්‍රීකත්වයක් අත්විඳීමට හැකි වනු ඇතැ’යිද කමිටුව විශ්වාසය පළ කරයි.

මානව හිමිකම් සමුළුවේ දී සමස්තයක් හැටියට මෙවර වඩාත් ඇගැයීමට පාත‍්‍ර වූයේ අතුරුදහන්වූවන් පිළිබඳව ලංකාවේ පිහිටුවන ලද කාර්යාලයයි. එලෙස ම, හානි පූරණය සඳහා වන කාර්යාලය ද ඉක්මනින් පිහිටුවීමට පියවර ගනු ඇතැ’යි සමුළුව බලාපොරොත්තු වෙයි. අවශ්‍ය පියවර ගන්නට කල් මැරීමෙන්, ලංකාවේ සංහිඳියාව ඇතිවීම දුර්වල විය හැකි බව ද කමිටුවේ මතයයි.

ඒ අතර ඔවුන්ගේ අවධාරණය යොමුවී ඇති ප‍්‍රධාන කාරණයක් වන්නේ, 30/1 යෝජනාව අනුව පිහිටුවන්නට නියමිත වගවීමේ යාන්ත‍්‍රණය තවමත් නොපිහිටුවීම ය. කැළෑ නීතියක් වන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කොට ඒ වෙනුවට වෙනත් නීතියක් ගෙන ඒමේ පියවර ද කල්ගත වීම ගැන කමිටුව අවධානය යොමු කර ඇත.

සංහිඳියාවේ එක් අංගයක් වන, නැවත මෙවැනි සිදුවීම් වැළැක්වීමට අත්‍යවශ්‍ය වන, බලය බෙදා හදා ගැනීම ඇතුළත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ඇති කර ගැනීම ගැන අවධාරණය කරන කමිටුව, 2016න් පසු එහි සැලකිය යුතු ප‍්‍රගතියක් නොවීම ගැන ද අවධානය යොමු කර ඇත.

මේ කරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට යොමුවී ඇතත්, ඒවා ඉටු කර ගැනීමට අවශ්‍ය වන්නේ ඔවුන්ට නොව අපටය. ඒවා ඉටුවීමෙන් ප‍්‍රමුඛ ප‍්‍රතිලාභය ලබන්නේ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් පුරවැසියා ය. ආණ්ඩුවේ නායකයන්ට ඒ සංඥාව වැටහෙනු ඇද්ද?

කුඹුරුවල මාළු වවමු

0

පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනපතිතුමාගේ මූලිකත්වයෙන් පුරන් කුඹුරු අස්වැද්දීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් පැවැත්විණි. එහිදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන කියූ කතාවක් මේ වනවිට බොහෝ ජනප‍්‍රිය වී ඇත. ඒ ශ‍්‍රී ලන්කන් ගුවන් යානයකදී ඔහුට බල්ලෙකුටවත් කන්නට බැරි කජු දුන්නැයි කියූ ආඩපාලියයි. මෙවැනි රටම හිනස්සන විහිළු කතා ජනපතිවරයෙකුට තරම්දැයි දැන් දැන් සිතන වාර බොහෝ ය. මේ විහිළු කතාව ජනප‍්‍රිය වීමත් සමග එම අවස්ථාවට සහභාගිවූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසූ එක් වැදගත් කතාවක් යට ගියේය. අප හිතෙන ලෙස නම් එම කතාව මතුවිය යුතුමය. ඔහු සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් ප‍්‍රකාශ කළේ 2016 වර්ෂයේ සංගණනයට අනුව පුරන් කුඹුරු ප‍්‍රමාණය අක්කර එක්ලක්ෂ හතළිස් අටදාහක් තරම් බවය. පසුගි ය අවුරුද්දේදී එම කුඹුරු ප‍්‍රමාණයෙන් අක්කර 15000ක් පමණ නැවත වගාකර ඇති බවය.

දැන් අපි ඔහුගේ කතාව මඳකට පසෙකින් තබා මේ පුරන් කුඹුරු කතාවට යමු. පළාත් වශයෙන් ගත්විට පුරන් කුඹුරු බහුලව හමුවෙන්නේ බස්නාහිර පළාත තුළය. දේශගුණික සිතියමට අනුව ගත්තොත් තෙත් කලාපයේ වතුර අතිරික්තයක් තිබෙන කලාපයේ පුරන් කුඹුරු ප‍්‍රමාණය වැඩිය. එයට ප‍්‍රධානම හේතුව මේ පළාත්වල මිනිසුන් සිය දෛනික අවශ්‍යතා වෙනුවෙන් පමණක් කුඹුරු කිරීමය. සරලව කියනවා නම් ගෙදර කන්න වී ටික අස්වද්දනවා පමණි. වී විකිණීමට නිෂ්පාදනය නොකරන පසුබිම තුළ මේ කෙරුවාව පාඩුය. වාර්ෂිකව කුඹුරක් නඩත්තුකර අස්වැන්න ගෙදරට ගන්නට යන වියදම සහ සිය නිවසේ වාර්ෂික සහල් අවශ්‍යතාවේ මුදල්මය වටිනාකම සංසන්දනය කළ විට කුඹුරක් කරන්නට යන වියදමෙන් අවුරුදු එකහමාරක් පමණ සහල් කඩෙන් ගෙන පරිභෝජනය කරන්නට පුළුවන්ය. මේ තත්ත්වය තුළ සහ වියලි කලාපයට සාපේක්ෂවවියලි කලාපයට සාපේක්ෂව රැුකීරක්ෂා සුලබ පසුබිම තුළ කුඹුරු කෙරුවාව අමතක කිරීම සාධාරණය. එම තත්ත්වය තුළ කුඹුරු පුරන් වීම නොවැලැක්විය හැකිය. අනෙක් පැත්තෙන් ලංකාවේ සෑම ප‍්‍රදේශයකම වී වගාකළ යුතු නැත. එම වගාවට යෝග්‍යම කලාපය සහ අපේ සහල් අවස්ථාව දෙස බලා පාලකයන් එය තීරණය කළ යුතුය. අප වී වගාව එවැනි දියුණු ක‍්‍රමයකට සංවිධානය කිරීම තුළ පමණක් අස්වැන්න නෙළන කලට මිල අඩුවීමේ ප‍්‍රශ්නයටත් විසඳුමක් වනු ඇත. වී ගොවිතැන කලාපකරණය කර හිස්වෙන රටේ අනික් කුඹුරු විකල්ප වාණිජ වගාවන්වලට යොදාගැනීම අද ප‍්‍රමුඛ අවශ්‍යතාව වුණත් අපේ ජනපතිවරුන් තවම කතාකරන්නේ පුරන් කුඹුරු වීවලින්ම අස්වැද්දීම පිළිබඳවය. මෛත‍්‍රිපාල සිරිසේන ජනපතිම කියන ලෙස ඔහු වැඩිම කාලයක් ධුරය දැරූ කෘෂිකර්ම සහ මහවැලි ඇමතිය. ඔහුට මේ තත්ත්වය නොපෙනීයාම කරුමයක්මය. දැන් අපි නැවත මහින්ද අමරවීර මහතාගේ කතාවට යමු.

ඔහු මෙහිදී කියන්නේ පුරන් කුඹුරු වීවලින් අස්වද්දන්නට නොහැකිනම් බඩඉරිඟු, එළවළු‍ ආදි වෙනත් බෝගවලට අප යායුතු බවය. එයත් ලාභදායි නොවන්නේ නම් අප මත්ස්‍ය වගාව වැනි විකල්ප ක‍්‍රමවලට යායුතු බවය. තෙත් කලාපයේ පුරන් කුඹුරු පිළිබඳව කල්පනා කරනවිට මේ මත්ස්‍ය වගාව පිළිබඳව වූ යෝජනාව බෙහෙවින් කාලෝචිත බව ලියුම්කරුගේ හැ`ගීමයි. තෙත් කලාපයේ කුඹුරු ලෙහෙසියෙන් මත්ස්‍ය තටාක බවට පත්කළ හැකිය. එමෙන්ම දේශගුණ සහ ජලයේ ලවණ තත්ත්වය වැනි පාරිසරික සාධකවල තිබෙන උචිතභාවය තුළ තිලාපිය වැනි මසුන් මෙහි ඇතිකර අඩු මුදලකින් වැඩි ආදායමක් උපයාගත හැකිය. අනෙක් පැත්තෙන් මේ ක‍්‍රමය පහත් බිම් සේ පවතින කුඹුරු ගොඩකර වෙනත් පාරිසරික ප‍්‍රශ්න ඇතිකරගන්නවාට වැඩිය හොඳය. මේ වනවිට මොනරාගල, වැල්ලවාය, බලහරුව වැනි වියලි කලාපයේ කුඩා වැව් කඩිතිවලද මේ මසුන් බෝකිරීමේ ව්‍යාපෘති නිසා එහි ගොවියන් ගොවිතැනට අමතරව විශාල ලාභයක් උපයමින් සිටිනු දකින්නට පුළුවන්ය. මෙම ක‍්‍රමය දීපව්‍යාප්තව වුවද පර්යේෂණ මගින් අත්හදාබැලීම් මතින් ක‍්‍රියාත්මක කරන්නට හොඳ යෝජනාවක්ය. එයින් රට මැද මිනිසුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවද යම් ප‍්‍රමාණයකට පිරිමැසෙනු නියතය. එනිසා මේ ලියුම්කරුට අනුව නම් මේ යෝජනාව කුඹුරුවල රෝස පැල ඉන්දවන්නට කතාකරනවාට වැඩිය ප‍්‍රයෝගික බවය.

රාජපක්ෂ නඩයේ ගැලවිජ්ජා දේශපාලනය සහ ආර්ථික යථාර්ථය

0

මොංගෝලියානු රණකාමී ගෙන්ජිස් කාන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට කලින් 1227 දී ලෝකයේ විශාලතම අධිරාජ්‍යය ගොඩනැගීය. ඒ, ස්ටේප්ස් කඳු වැටි තරණය කරමින්, සන්ත‍්‍රාසය වපුරා සකල සන්තකය අත්කර ගැනීම සඳහා හතර අතේ ලේ ගංගා වගුරුවමිනි.
ගෙන්ජිස් කාන්ගේ දුෂ්ට සේනා සේම, මහින්ද රාජපක්ෂ බලවේගත් කොළඹ ආක‍්‍රමණය කිරීමට කැසකැවීය. ඒ, ප‍්‍රජාතන්ත‍්‍රීයව පිහිටුවා ගත් ආණ්ඩුව පෙරලා දමා නැවත වතාවක් බලය ඩැහැගැනීමට ය. කුමක් සඳහා ද යන ප‍්‍රශ්නය එහිදී මතුවෙයි. ගෙන්ජිස් කාන්ට අරමුණක් තිබුණි. එතකොට මහින්දට?

මේ ආණ්ඩුව ජනතා වරමෙන් ලද බලය අවසන් වීමට තව අවුරුදු එක හමාරක් තිබේ. රාජපක්ෂ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් කළා සේ, සීමාව ඉක්මවා තම බලය දිග් කර ගැනීමට මේ ආණ්ඩුව බලන්නේ නැත. රාජපක්ෂලාට මෙන් පරවේණියෙන් බලය පැවරීමට සහෝදරයන් ද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට නැත. දෙන ලද පොරොන්දු සම්බන්ධයෙන් ආණ්ඩුව වගවීමට බැඳ ගැනීමේ තීරණාත්මක අයිතිය ජනතාවට ලැබෙන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, මේ පාලන කාලය අවසානයේදී පමණි. එහෙත් කොළඹ වටලා ආණ්ඩු බලය අල්ලා ගැනීමේ අවශ්‍යතාවක් දැන් මහින්දට ඇති වී තිබේ. ඒ කුමක් සඳහා ද?

වතුර යට තද කරගෙන සිටින රබර් බෝලයක් වතුර මතුපිටට තෙරපීමට දඟලන්නා සේ මේ පැනය නැවත නැවතත් මතුවෙයි. ඒකාධිපතියෙකුට සමාන බලතල සහිතව ඔහු දශකයක්ම රට පාලනය කෙළේය. එතරම් අවස්ථාවක් තිබියදීත් කරගත නොහැකි වූ, එහෙත් දැන් කරගත යුතුව ඇතැයි ඔහු සිතන දෙය කුමක් ද?

වැරදිකාරයන් විමුක්තිදායකයන් ලෙස?
වැරදිකරුවන්ට විමුක්තිදායකයන් සේ පෙනී සිටිය හැකිය. ඔවුන් කළා යැයි කියන අපමණ වැරදි සම්බන්ධයෙන් මහින්දත් ඔහුගේ ගෝලබාලයොත් නීතිය ඉදිරියේ සැකකරුවන්ව සිටිති. ව්‍යවස්ථාවෙන් සැපයෙන මුක්තිය හේතුවෙන් මහින්දට ඒවායින් ගැලවිය හැකි වන්නේය. එහෙත් ඔහුගේ අණ පරිදි ඒ වැරදි ක‍්‍රියාත්මක කළ පුද්ගලයෝ අමාරුවේ වැටෙති. හරියට, ලලිත් වීරතුංග මෙනි.
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වැදගත් ආයතනවල භාරකාරත්වය බොහෝ කොට ඔහු පැවරුවේ තම නෑසියන්ට සහ අන්තේවාසිකයන්ට ය. ඒ හැම එකෙක්ම ඒවා වවාගෙන කෑවේය. ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති වශයෙන් පත්කර යැවූ ඔහුගේ මස්සිනා, බරපතළ දුෂණ සහ වංචා චෝදනාවන්ගෙන් පලා ගොස් මේ වන විට නීතියට කට්ටි පනිමින් සිටී. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය භාර දුන් ඔහුගේ අනිත් මස්සිනා දැන් එම ආයතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ නිරුවත් වෙමින් සිටී. මේ දෙන්නාගේ දුෂණවලට අදාළ මුදල කෝටි ගණනකි. තානාපති කාර්යාලයක් බංකොලොත් වන්නේ නැත. එහෙත්, අහසේ පියාසර කළ යුතු ශ‍්‍රී ලංකන් ගුවන් සේවය අද වන විට බිමට සමතලා වී තිබේ.

මහින්දට තවත් නෑයෙක් සිටියේය. ඒ, උදයංග වීරතුංගයි. ඔහු රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා විය. වර්තමානයේ මතුවන ඉතා බරපතළ දුෂණ සහ වංචා චෝදනා සම්බන්ධයෙන් ඔහු උත්තර බැඳිය යුතුව තිබේ. එසේම, ‘වියත් මග’ සහ ‘එළිය’ වැනි හැටහුටාමාරක් සංවිධාන අද අටවාගෙන සිටින, එදා මහා බලසම්පන්න, මහින්දගේ අනිත් මල්ලී වන ගෝඨාභයට විරුද්ධව නැගී ඇති මිග් යානා ගනුදෙනුවකත් මේ උදයංග වීරතුංග පැටලී සිටී. මේ චූදිතයන් තමන් නිර්දෝෂී යැයි සිතන්නේ නම්, නීතියෙන් පිට පැන සිටීමට මෙතරම් වෙර දරන්නේ ඇයි?
මීට අමතරව, ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ මැර කල්ලි විසින් සිදු කළැයි කියන ප‍්‍රමුඛ පෙළේ ඝාතන සහ තිරිසන් පහරදීම්වලට අදාළ සිද්ධි සම්බන්ධයෙන් බරපතළ සැකයට ලක්ව සිටී. තුවාල වීමෙන් විරූප වූ මාධ්‍යවේදී කීත් නොයාර්ගේ ඡුායාරූපයක් පසුගිය දා මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත්ව තිබුණි.

ඔවුන්ගේ කෙරුවාව පිළිබඳ ලැයිස්තුව තව දීර්ඝ ය. එසේම, මහින්දගේ තවත් බලගතු මල්ලී කෙනෙකු වන බැසිල් රාජපක්ෂ ද මෙහිදී අමතක කළ නොහේ. ඔහුට විරුද්ධව දැන් අධිකරණය ඉදිරියේ නඩු විභාග කෙරේ. මුදල් ලබා ගත්තේ කෙසේදැයි පැහැදිලි කළ නොහැකි විශාල නිවසක් ඔහු තනා ඇති බව කියැවේ. ඒ සම්බන්ධයෙන් ඔහු නිදහසට කියන එකම කාරණය වන්නේ එම නිවස තමාගේ නොවන බවයි. ඉතිං, අයිතිකාරයෙක් නැති, විශාල නිවසක් දැන් ඉතිරිව තිබේ. මේ නිවස තැනීමේ වැඩ කටයුතු භාරව සිටියේ ඔහුගේ බිරිඳ බව කියැවෙතත්, ඒ දෙන්නාම දැන් ඒ නිවසෙන් අත් හොදාගෙන තිබේ. රාජපක්ෂ සමයෙන් අපට උරුමව ඇති එක අබිරහසකි, එය.
බඩ අල්ලාගෙන සිනාසිය යුතු තවත් අබිරහසක් තිබේ. ඒ, මහින්දගේ පුතා යෝෂිත මිල දී ගත් තවත් ගෙයක් සම්බන්ධයෙනි. යෝෂිත කියන්නේ ඒ නිවස තැනීම සඳහා ඔහුගේ ආච්චි අම්මා තමාට මුදල් දුන් බව ය. ආච්චි අම්මා කියන්නේ, දෙව්ලොවින් ආ සුරඟනක් මැණික් මල්ලක් තමාට දුන් බවත්, එය විකුණා තමාගේ හුරතල් මුණුබුරාගේ ගේ තැනීම සඳහා ඔහුට එම මුදල් දුන් බවත් ය. ඊසොප්ගේ සුරංගනා කතා මෙච්චර ලස්සණ ද

රාජපක්ෂ නඩය යටිමඩි ගසා ගත්තේ යැයි කියන ධනය ප‍්‍රකෝටි ගණනකි. මහින්දගේ ලේකම් ගාමිණී සෙනරත් දැන් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටී. ඊට අදාළ වන්නේ දසලක්ෂ කිහිපයකි. වාර්තා වන පරිදි, රාජපක්ෂලාගේ නඩය පොඩි ගණන් ගෙන නැත. මහින්ද රාජපක්ෂ අවුරුදු දහයක් තිස්සේ මේ අවකල් ක‍්‍රියා දෙස බලා සිටියා විනා, වර්තමාන පාලකයන් මෙන් අඩු වශයෙන් ¥ෂණයට විරුද්ධ බව කතාවටවත් කියා නැති වීම හෝ තර්ජනාංගුලියක්වත් ඔසවා නොතිබීම කියාපාන්නේ, ඒ අවකල් ක‍්‍රියාවන්ගෙන් කොටසක ඔහුත් ප‍්‍රතිලාභියෙකු වූ බව ය.

ඒ පාලන කාලය තුළ සිදු වූ මිනීමරු ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් තත්වයත් එසේමැයි. විවිධ මාධ්‍යවේදීන් ඝාතනය වීම සහ අතුරුදහන් වීම දැන් පරීක්ෂාවට ලක්කෙරේ. මේ පරීක්ෂණවල යම් අවසානයක් ඇති වෙතත්, ඒ අපරාධ සිදුකළ පුද්ගලයන් පමණක් හසු වී ඔවුන්ට උපදෙස් දුන් පුද්ගලයන් නිරුපද්‍රිතව සිටිනු ඇත. මේ ව්‍යවස්ථාවෙන් සැපයෙන යුක්තිය මොන තරම් විකෘති වී ගිය යුක්තියක් දෟ ඒ ව්‍යවස්ථාවෙන් රට බේරා ගන්නෙමි යි බොරු කී මහින්ද රාජපක්ෂ, දැන් එය වෙනස් කර ගැනීමට උත්සාහ දරන මොහොතේ ඒ උත්සාහයට එරෙහිව පෙනී සිටී. එහි අදහස වන්නේ, මහින්දට යළි බලයට ඒමට අවශ්‍ය කරන්නේ, ඒ පරණ ව්‍යවස්ථාවත් සමගම වන බවයි.

මූල්‍ය අර්බුදය
මහින්දගේ පාලනය රටට ඉතිරි කොට ගියේ විශාල මූල්‍ය අර්බුදයකි. ඒ වන විට රටේ ජාතික ණය බර, දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 82ක් විය. ඔවුන් පටන් ගත් කිසි ව්‍යාපෘතියක ආදායමකින්, ඒවා සඳහා ලබා ගත් ණය ගෙවා දැමීමේ හැකියාවක් නොවීය. රටට ප‍්‍රයෝජනවත් වන අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘතිවලින් පවා ලැබුණු ආදායම ඊට ප‍්‍රමාණවත් නොවීය. ඒ හැරුණු කොට, ගුවන් යානා නොඑන මත්තල ගුවන් තොටුපොළ සහ නැව් නොඑන හම්බන්තොට වරාය ආදි සුදු අලි, ජනතාවගේ වියදමින් මහින්දගේ හිස් මමංකාරය පුම්බා ගැනීමේ ව්‍යාපෘති බවට පත්ව තිබුණි.

අරමුණක් නැත
ගෙන්ජිස් කාන්ගේ හමුදා මෙන් නොව, මහින්දගේ එවන් හමුදා සටන් කෙළේ ජාතික අරමුණක් ඇතිව නොවේ. එහෙත් තමා යටතේ ඇති වූ ඒ අවාසනාවන්ත තත්වය පිළිබඳව තවමත් මහින්ද කනගාටු වන බවක් නොපෙන්වීම භයානක කාරණයකි. ඔහුට එසේ කළ නොහැක්කේ, ඔහු සදාචාර සාරධර්මවල බරක් දන්නා පුද්ගලයෙකු නොවන බැවිනි. ඒ නිසාම, එදාට වඩා වෙනස් පාලන ක‍්‍රමයක් පිළිබඳ අදහසක් ජනතාවට ඉදිරිපත් කිරීමට අදටත් වැඩපිළිවෙළක් ඔහුට නොමැත.

අරමුණු නැතිවාම නොවේ. එහෙත් ඒවා පෞද්ගලික අරමුණු ය. එනම්, විවිධ අධිකරණ ඉදිරියේ විභාග වන නඩු ඉවත් කරගෙන ඔහුගේ අන්තේවාසිකයන්ව ඒ නඩුහබවලින් මුදවා ගැනීම එක පැත්තක තිබේ. අනිත් අරමුණ වන්නේ, තවත් ධනය ගොඩගසා ගැනීම ය. හිට්ලර්ට පවා අරමුණක් තිබුණි. එනම්, යුදෙව්වන් ජර්මනියෙන් තුරන් කර ගැනීමයි. කෙසේ වෙතත්, මහින්ද එවැනි සංහාරයක් ගැන නොසිතන බව ඔහුට කරන සාධාරණයක් වශයෙන් කිව යුතුය. හැබැයි, බලයේ සිටීම සඳහා එක ජාතියක් තව ජාතියක් සමග කෙටවීමට නම් ඔහු පසුබට නොවනු ඇත. ඒ අර්ථයෙන් ගත් විට, ඔහුගේ සිංහල ජාතිකවාදී සටන් පාඨ සමීප වන්නේ, ෆැසිස්ට් පන්නයටයි.

ගැලවිජ්ජා දේශපාලනය
රාජපක්ෂ බලවේග, රටේ පවතින තත්වය තමන්ගේ ගැලවිජ්ජා-දේශපාලනය තුළට කොටු කර ගැනීමට බලන බව පැහැදිලි ය. රටේ දේශපාලන ක‍්‍රීඩාව තමන්ගේ වාසියට හරවා ගැනීම සඳහා කළ හැකි සෑම උප්පරවැට්ටියක්ම ඔවුන් තම ප‍්‍රයෝජනයට ගනු ඇත. පරාජයට පත්වූ දා සිට ඒ අනුව ඔවුන් දෙයාකාරයක උපාය මාර්ගයක් අවස්ථා දෙකකදී අනුගමනය කොට තිබේ.

පළමුවැන්න වුණේ, තමන් නැවත බලයට එන බව අඟවා, තීරණ ගැනීමේ මට්ටමේ සිටින නිලධාරීන් බිය ගැන්වීමට බැලීමයි. එයින් ඔවුන් බලාපොරොත්තු වුණේ, රාජපක්ෂලාට එරෙහිව ගනු ලබන ක‍්‍රියාමාර්ගවලින් අදාළ නිලධාරීන් සහ දේශපාලඥයන් අධෛර්යමත් කිරීමයි. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයෝ පවා ඒ උගුලට කලක් හසු වූහ.

දෙවැන්න වුණේ, තමන්ට එරෙහිව එල්ල වන දුෂණ ක‍්‍රියාවන්ට අදාළ චෝදනාවන්ම පෙරලා ආණ්ඩු පක්ෂය වෙත එල්ල කිරීමයි. හොරගෙඩියන් කරන්නේ අනෙක් අයත් හොරගෙඩියන් වශයෙන් හුවා දැක්වීමට බැලීමයි. ඔවුන්ගේ අවාසනාවට, ආණ්ඩුවට එරෙහිව ඝාතන චෝදනා ගෙන ඒමට ඔවුන්ට නොහැකි විය. හේතුව, මේ ආණ්ඩුව එවැනි ඝාතන කිසිවක් සිදු කොට නැති නිසාත්, තමන්ට රිසි සේ ආණ්ඩුවට එරෙහි විරෝධතා පැවැත්වීමට අයිතිය අඩුවක් නැතිව පවරා දී ඇති නිසාත් ය. එවැනි විරෝධතාවලදී වැඩිම වුණොත් ලැබෙන්නේ ආණ්ඩුවේ රබර් බුලට් ප‍්‍රහාරයක් පමණි. එය ආණ්ඩුව බුද්ධිමත්භාවය කියාපාන්නකි.

ගැලවිජ්ජා දේශපාලනයෙන් ආර්ථිකයට පලක් නැත
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට වැරදුණු තැන් නිවැරදි කර ගැනීම තවදුරටත් කල් දැමිය හැකි දෙයක් නොවේ. ලංකාවේ බොහෝ ප‍්‍රශ්නවල මුල ඇත්තේ ආර්ථිකය තුළ ය. එය පිළිසකර කර නොගත්තොත් ලාංකීය සමාජය බිඳ වැටෙනු ඇත. එහෙත් මහින්දගේ කල්ලිය ඒ සඳහා කිසි විසඳුමක් ඉදිරිපත් කොට නැත. ගෝඨාභයට නම් ආර්ථික සැලැස්මක් ඇතැයි කියනු ලැබේ. හැබැයි එය ද, රනිල් වික‍්‍රමසිංහගෙන් ණයට ගත් එකකි.
ශ‍්‍රී ලංකා ආර්ථිකයේ දුර්වලත්වය ව්‍යුත්පන්න වන මූලාශ‍්‍ර දෙකක් තිබේ. මුලින්ම අපට මූල්‍ය අංශයේ හිඟයක් තිබේ. එසේ වී ඇත්තේ, ආදායම වැඩි කර නොගෙන වියදම් වැඩි කර ගැනීමේ ජාතික පුරුද්දකට අප ඇබ්බැහි වී සිටීමයි. අපේ ගැලවිජ්ජා-දේශපාලනයත්

ඊට වගකිව යුතුය. අපේ දේශපාලනඥයෝ බදු අය කර ගැනීමට පස්ස ගසති. වියදම් කිරීමට දෙවරක් නොසිතති.

ජනතාවත් සිතන්ට පුරුදුව සිටින්නේ, තමන්ට අවශ්‍ය සකල කළමනාව ආණ්ඩුවෙන් තමන්ට ලැබිය යුතු බවයි. එහෙත් ඒ සියල්ල ලබා දීම සඳහා අවශ්‍ය කරන වියදම් සොයා ගැනීමට ආණ්ඩුවට ඉඩ හැරීමට ජනතාව කැමති නැත. වියදම් කළ හැක්කේ ආදායමක් ඇතොත් පමණක් ය යන ආර්ථික විද්‍යාවේ සරල සත්‍යය දේශපාලනඥයා වටහාගෙනත් නැත. ජනතාව වටහාගෙනත් නැත. ජනප‍්‍රිය දේශපාලනය තුළ එවැනි අවබෝධයකට ඇත්තෙන්ම ඉඩක් ඉතිරිව නැත.

දෙවැනි දුර්වලතාව පැනනගින්නේ ආර්ථිකයේ පවතින මූලික ව්‍යුහාත්මක අවුලකිනි. එනම්, අපට ඇත්තේ ණයබර ආර්ථිකයකි. නිදහස ලබා ගත් දා පටන් එක දිගටම වාගේ ලංකාවට තිබී ඇත්තේ හිඟ වෙළඳ ශේෂයකි. අප රටට ආනයනය කරන ප‍්‍රමාණය එන්න එන්නම වැඩි වුව ද, ඒ වියදම සොයා ගැනීමට අවශ්‍ය පමණින් අප අපනයන කරන ප‍්‍රමාණය ඉහළ යන්නේ නැත. පසුගිය වසර තුනක කාලය තුළ අපේ අපනයනයන්ගේ වර්ධනයක් පෙන්නුම් කොට තිබුණත්, ආනයන බිල ඊටත් වඩා ඉහළ යාමක් දක්නට තිබේ. එවිට ඇති වන ගෙවුම් ශේෂයේ අර්බුදය පියවා ගැනීමට සිදුවන්නේ, විදේශ රටවල සේවය කරන අපේ ශ‍්‍රමිකයන් එවන ආදායම සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඒ බිල පියවා ගැනීමට යෙදවීමෙනි.
මෙය අපේ ජීවන තත්වයට කෙලින්ම බලපාන අතර, අධ්‍යාපනය සහ සෞඛ්‍යය වැනි රාජ්‍ය සේවාවන් කෙරෙහි ද නරක අන්දමින් බලපායි. මේ නිසා ආර්ථික වර්ධනය සඳහා වන ආයෝජන වහා සපයා ගැනීම ඉතා අත්‍යවශ්‍ය කාරණයක් වෙයි. ඒ සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය මට්ටමින් ව්‍යාපාර දියුණු කිරීම සඳහා ආණ්ඩුව දිරිදීම් කිරීමට පටන්ගෙන තිබීම අගේ කළ යුතුය.

යහපාලන ආණ්ඩුව, ගැලවිජ්ජා-දේශපාලනයට වෙනස්ව, ආර්ථිකය යළි සැලසුම්ගත කිරීම කෙරෙහි හිත යොමු කොට තිබේ. ප‍්‍රාදේශීය මට්ටමින් අලූතින් ව්‍යාපාර පටන් ගන්නා තරුණයන්ට අඩු පොලී අනුපාතික යටතේ ණය ලබා දෙන ආණ්ඩුවේ වැඩ පිළිවෙළ ඒ සම්බන්ධයෙන් ප‍්‍රශස්ත පියවරකි. දැනට මොනරාගලින් ආරම්භ කොට ඇති එම වැඩපිළිවෙළ අනතුරුව අනුරාධපුරය ඇතුළු අනිත් පළාත්වලට ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව නිවැරදි මාවතකට ප‍්‍රවිෂ්ටව ඇති බව පැහැදිලියි. මුලින්ම ප‍්‍රජාතන්ත‍්‍රීය නිදහස ස්ථාපිත කර දුන් යහපාලන ආණ්ඩුව, දැන් ආර්ථිකය හැඩගැස්වීමේ නිවැරදි මාවත හඳුනාගෙන තිබේ. ආණ්ඩුව ඒ ගන්නා ප‍්‍රයත්නය අඩාල කිරීමට රාජපක්ෂ කල්ලියේ ගැලවිජ්ජා-දේශපාලනය වලිකයි. රට ගැන යම් තැකීමක් මහින්දට තිබේ නම් ඔහු ගැලවිජ්ජා-දේශපාලනය අතහැර රටේ ආර්ථික සංවර්ධනය ගැන බරසාරව සිතිය යුතුව තිබේ.

(2018 සැප්තැම්බර් 5 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ The Politrix of Rajapaksa Hordes & the Reality of Economicsලිපියේ පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.)

ෂ්‍යාමන් ජයසිංහ

පොලිස් පහරදීමෙන් දරුවන් රෝහලේ

0

ඉඩම් ආරවුලක ප්‍රශ්ණයක් විසදීමට කනකකරායකුලම්  පොලිසියට ගිය අවස්ථාවේදී තම පවුලට කෘර ලෙස එම පොලිසියේ ස්ථානාධිපතිවරයා පහරදුන් බව පහරකෑමට ලක්වූ වසන්තිකුමාර් ශර්මිලා මහත්මිය පවසයි.

පහරකෑමට ලක්වූ එම පවුලේ  16 හැවිරිදි පිරිමි දරුවාව සහ 13 හැවිරිදි ගැහැණු දරුවාව මාන්කුලම් රෝහලේ ප්‍රතිකාර ලබන බවද ඇය පවසයි. එම දරුවන් දෙදෙනා රෝහල්ගතව සිටින බව අප කළ විමසීමකදී මාන්කුලම් රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

සැප්තැම්බර් 09 වන දින මෙම පහර දීම් සිදු වී ඇති අතර පහරදීමෙන් පසුව තමන්ගේ සැමියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවද ඇය පවසයි.

මේ පිලිබඳව කරන කනකරායනකුලම් පොලිසියෙන් කල විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ අදාල පවුලේ ගෘහමුලීකයා එල් ටී ටී ඊ  සංවිධානයේ හිටපු සාමාජිකයෙකු බවත් ඔහු පුනරුත්ථාපනය සදහා අදාල පවුලෙන් වෙන්ව සිටි කාලයේ අදාල ඉඩම වෙනත් පුද්ගලයෙකුට සින්නක්කර ඔහුගේ බිරිද ලබා දී නැවත ලබා ගැනීමට උත්සාහ කරන බවත් අදාල දිනයේද ඉඩමට ආරවුලක් ඇතිවී පොලිසියට කැදවා අවවාද කල බවය.