Subscribe Now

* You will receive the latest news and updates on your favorite celebrities!

Trending News

Category: සමකය

තීරු ලිපි

වඳ කළ නොහැකි අගතිය 

වෙද්‍ය සෙයිගු ශිහාබ්ඞීන් මොහොමඞ් ශාෆි දැන් ඉන්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. ඔහුට එරෙහිව නගා ඇති කිසිදු චෝදනාවක් ඔප්පු කළ නොහැකි වුව ද, කුරුණෑගල මහේස්ත‍්‍රාත්වරයාට අනුව ‘මහජන කැළඹිලි ඇතිවනු වැළැක්වීම පිණිස’ ඔහු තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුව තිබේ. මේ අනුව කල්පනා කරතොත්, මහජන සාමය පවත්වාගෙන…

යාපනයේ සිදුහත් කුමාරෝත්පත්තිය 

අරුලානන්දම් අරුණ් හෙවත් අරුණ් සිද්ධාර්ත් මයිත්‍රේයන් දැන් දකුණුදිග සිංහල අහසේ දිදුලන තාරකාවකි. විසුවලිංගම් විග්නේස්වරන් ද, රාජවරෝදියම් සම්බන්ධන් ද, ඒබ්‍රහම් සුමන්දිරන් ද, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද, අනන්දි සසීදරන් ද විසින් දෛනිකව ඇතිකළ කණස්සල්ලත්, කෝපයත් සංසිඳවනු පිණිස ධම්ම පදය දෙමළෙන් කියැවූ දෙමළකු හිටි හැටියේ උතුරින් පහළව තිබේ. නමුත්…

ඔහුත් නැති මව්බිම 

ජනවාරි 12 වැනිදා ලාල් අයියා හදිසියේ මෙන් නික්ම ගියේය. රවී විසින් වත්පොතෙහි තැබූ සටහනක් දුටු අයකුගෙන් එය දැනගන්නා විට ඔහු පිටව ගොස් පැයක් හෝ දෙකක් ගත වී තිබුණා විය හැක. නමුත් ප්‍රභූ පත්තරකාරයකු නොවූ නිසා ප්‍රේමලාල් වෙඩික්කාර ගැන දීර්ඝ ගුණ සමරු වැණුම් කිසිත් නොලියැවුණු තරම්…

ප්‍රේමදාස උඩුගම්පොළ අපදානය 

මීගමුවේදී සුරතල් බල්ලකු බූමිතෙල් වත්කොට පුළුස්සා මැරූ දිනයට කලින් දා හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ අවුරුදු 83ක් ආයු වළඳා, ගම්පහ පහළගමදී මියගියේය. තරුණයන් මරා පුළුස්සා බල්ලන්ගේ හා කබරයන්ගේ අනුභවය පිණිස මාවත් අද්දර කඳු ගැසූ සමයක සාහසික රාජ්‍ය මර්දන පිළිවෙත් පුද්ගලයකු වශයෙන් මූර්තිමත් කළ උඩුගම්පොළ, එයින්…

ප්‍රජාතන්ත්‍රවාදය හා අවිචාර සමය 

ජනාධිපති කැමැත්ත සහ පාර්ලිමේන්තු කැමැත්ත වශයෙන් ‘ජනතා පරමාධිපත්‍යය’ දැන් බෑ දෙකකි. ඒ බෑ දෙකට සරිලන පරිදි පත්කළ අගමැතිවරු දෙන්නෙක් සහිත මාස එක හමාරක් ගෙවා නිමා වූ තැන ‘ව්‍යවස්ථාමය අරාජිකත්වය’ හමාරවීමේ ප්‍රීතිය ගාලු‍ මුවදොරදී උද්වේගයෙන් සමරනු ලැබිණ. අහම්බෙන් ලද අගමැතිකමින් ඉල්ලා අස්වීම පිණිස සුබ නැකැත් බලා…

ප්‍රජාපීඩක ප්‍රජාතන්ත්‍රය 

අනූව දශකයේ මුල් කාර්තුවේ ‘යුක්තිය’ පත්තරයට මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලිපියක් ලීවේය. මගේ මතකයේ හැටියට ඒ සතිපතා ‘යුක්තිය’ පටන්ගන්නට කලිනි. ප්‍රේමදාස පාලනයේ වැඩෙන පරමාධිකාරයට විවේනයක් සේ ලියූ ලිපියේ මාතෘකාව මෙසේ යොදා තිබිණ:‘රජය මමයි – මම රජයයි!’විසි පස් අවුරුද්දකට පසු දැන් යළිත් ඒ මැය වාච්‍යාර්ථයෙන්ම වලංගු ය….

නිව්යෝක් සිට යාපනයට දුර කොතෙක්ද? 

  ආතර් මිලර්ගේ ‘ඉන්සිඩන්ට් ඇට් විෂී’ නාට්‍යයේ එන එක් ජවනිකාවක් මෙසේ ය: ප‍්‍රංශයේ විෂී නගරයේ නාට්සීන් විසින් රඳවා තබාගත් කිහිපදෙනකු අතරට කොටු වූ මැද පංතික වෘත්තිකයකු නගරයේ වාඩිලා ගත් ජර්මානු නිලධාරියකු හමුවට පමුණුවනු ලැබේ. තම ගැළවුමට හේතුවනු ඇතැයි සිතා, තමන්ගේ වෘත්තික වැදගත්භාවය තහවුරු කරන සියලූ…

දිදුලන ඉන්දියාව හා කළුවර දිවයින 

ඉන්දියාවේ මේ දවස්වල යුද්ධයකි. ඒ යුද්ධය හරයෙන් අලූ‍ත් එකක් නොවේ. නමුත් තීව‍්‍රතාවයෙන් අලූ‍ත් ය. ඉන්දියාව අඩු වැඩි වශයෙන් විවෘත පිළිමල් කඳවුරු දෙකක් මුහුණට මුහුණලා සිටින සේ දැන් බෙදා ඇත්තේ ඒ යුද්ධය විසිනි. සරලව දක්වතොත්, එහි බල වින්‍යාසය පහත පරිදි ය: භාරතීය ජනතා පක්ෂයේ හා එහි…

අපේ් වෘත්තාකාර සිරගෙය 

  සැප්තැම්බර් 05 වැනිදා ජනබලය පළමුව බස්වලටත්, දෙවනුව කොළඹටත් රැුස්කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධතා සංවිධායකයෝ, අගනුවර දවස් කිහිපයක් වටලා සිටීමේ ප‍්‍රතිඥා දුන් රණකාමී කතා කිහිපයකින් පසු මධ්‍යම රාත‍්‍රියේදී ලේක්හවුස් වටරවුමෙන් විසිර ගෙවල් බලා නික්ම ගියහ. ඒ වනවිටත් නින්දට වැටී සිටි පිරිස් ද පසුදා පාන්දරින්…

සමූහ මිනීවළවල් ගැන කතා එකතුවක් 

පළමු කතාව 1994 ජනවාරියේ එකකි. අවුරුදු 24ක් පැරැුණි ඒ සටහන ලිව්වේ ‘රාවය’ පත‍්‍රයේ එවකට ප‍්‍රවෘත්ති කර්තෘවරයා වශයෙන් කටයුතු කළ නැසීගිය නිව්ටන් සෙනවිරත්න ය. ”වළ කැණීම ඇරඹිණ. පෙරවරු 11.20ට පමණ වළ වටා සිටියෙක් ‘හා…හා…පරිස්සමින්, පරිස්සමින්’යි කෑ ගැසුවේය. මසුත් සමග උඩට ආවේ මස් දියැවී ගිය තරුණ අත්…

අනිද්දා පබ්ලිෂර්ස් (ගරන්ටි) ලිමිටඞ් - 2018