No menu items!
27 C
Sri Lanka
8 November,2026

වාහනයේ මුදල් මූලාශ්‍ර හෙළි නොකිරීමේ සිද්ධියට වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කෙරේ

Must read

වාහනයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට යොදාගත් මුදල්වල මූලාශ්‍ර හෙළි කිරීමට හෝ තහවුරු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මියගේ වැඩ තහනම් කර තිබේ.

මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති චමික වික්‍රමසිංහ මහතා විසින් මෙම වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇත.

වාහනයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට යොදාගත් මුදල්වල මූලාශ්‍ර හෙළි කිරීමට හෝ තහවුරු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බෝගහවත්ත මහත්මිය පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඇය සන්තකයේ තිබූ බව කියන Honda Vezel වර්ගයේ මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. මාතර සමුපකාර සමිතියේ රුපියල් බිලියනයකට අධික මුදලක් සම්බන්ධ මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයකු විසින් එම මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් පසු එම වාහනය අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි