No menu items!
23.4 C
Sri Lanka
6 November,2026

ඇප නියමයන් සපුරාලීමට නොහැකි වූ හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම යළි බන්ධනාගාරයට

Must read

දූෂණ චෝදනා සම්බන්ධ නඩු විභාගයකට ඇප මත මුදාහැර සිටියදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

කෙසේ වෙතත්, අධිකරණය නියම කළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් බෝගොල්ලාගම මහතා යළි බන්ධනාගාර භාරයට ගෙන තිබේ.

මේ අතර විත්තියේ නීතිඥවරුන් විසින් විත්තිවාචක කැඳවීමකින් තොරව විත්තිකරු මුදාහරින ලෙස කළ ඉල්ලීම ද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට විත්තියේ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි