No menu items!
27.9 C
Sri Lanka
22 June,2024

ජනාධිපති දුන් පාස්කු වාර්තාවේ පිටු 1500ක් විවෘත නොවේ

Must read

කතෝලික රදගුරු සම්මේලනයට ජනාධිපති කාර්යාලය විසින් ලබාදුන් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ පිටු 1500ක පමණ ප්‍රමාණයක් පරිගණකයේ විවෘත නොවන බව වාර්තාවේ. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි මේ බව කතෝලික උත්සව අවස්ථාවකදී මීට දින කිහිපයකට පෙර පැවසීය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසුවේ එම ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාව සීඩී තැටි ආකාරයට ලැබුණ බවත්, ඉන් පිටු 1500ක පමණ ප්‍රමාණයකට අදාළ සීඩී තැටි විවෘත නොවන බවත්ය.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් කළ විමසීමේදී ඔහු පැවසුවේ සීඩී තැටිවල ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවට අදාළ පිටු තිබෙනවාද නැද්ද යන්න ගැන කිව නොහැකි බවයි.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි