21.1 C
Sri Lanka
2 July,2022

මන්ත්‍රී අතුකෝරළ ඝාතනය: සැකකාර දෙදෙනෙක් හිටපු ආරක්ෂක අංශ සාමාජිකයෝ

Must read

■ අමන්දිකා කුරේ


පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළගේ මරණයට සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුම ආරක්ෂක අංශ වල සිට විශ්‍රාම ගිය අය බව හෙළි වී ඇතැයි පොලි මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.


මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා වශයෙන් සේවය කළ පොලිස් සැරයන්වරයාගේ ගිනි අවිය මෙම අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු සතුව තිබී සොයාගෙන ඇති අතර එහි මැගසිනයද ඔහු සතුව තිබී ඇත.


මන්ත්‍රීවරයා මැයි 09 වන දින නිට්ටඹුවේදී ප්‍රකෝපකාරී ජනතාවට මැදි වී තිබූ අතර පසුව ඔහූගේ සහ ඔහුගේ ආරක්ෂකයාගේ මළ සිරුරු හමු වී තිබුණි.


මන්ත්‍රීවරයාගේ ආරක්ෂකයා විසින් වෙඩි තබන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන මාධ්‍ය හරහා විකාශය වූ අතර එම වෙඩි තැබීමෙන් තරුණයන් දෙදෙනෙකු මිය ගියේ ය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මරණය වෙඩි තබා ගැනීම නිසා සිදුවූවක් බවට තොරතුරු පැතිරී ගිය ද මරණ පරීක්ෂණවලින් හෙළි වූයේ පහර දීම නිසා සිදු වූ අභ්‍යන්තර හා බාහිර හානි නිසා ඔහු මියගොස් ඇති බවත් ඔහුගේ ශරීරයේ කිසිඳු වෙඩි වැදුණු සලකුණක් නොමැති බවත් ය.
සැකකරුවන් තිදෙනා මැයි 20 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් පවත්වනු ලබයි.
මැයි 09 වන දින බේරේ වැව ආසන්නයේ පහරකෑමට ලක් ව සිටි 47 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ද වැඩිදුර ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබියදී පසුගිය මැයි 16 වන දින මිය ගොස් තිබේ.


ඒ සම්බන්ධයෙන් මේ වන විට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කොල්ලුපිටිය පොලිසිය විසින් කරුණු වාර්තා කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ කොල්ලුපිටිය පොලිසිය විසින් මෙහෙයවනු ලබයි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි