20.3 C
Sri Lanka
2 July,2022

ගාලුමුවදොර පහරදීමට 15ක්, රට පුරා පහරදීමට 1059ක් අත්අඩංගුවට

Must read

■ අමන්දිකා කුරේ


ගෝඨා ගෝ ගමට මැයි 09 වන දින සිදු කළ පහරදීමට සැකපිට මේ වන විට 15 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් එදින රට පුරා ඇති වූ කලහකාරී තත්වයට සැකපිට 1059ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.
මැයි 19 වන දිනට එම අත් අඩංගුවට ගත් 1059න් 473ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර අනෙක් පිරිසට ඇප ලබා දී ඇති බව ඔහු පවසයි.


ගාලුමුවදොරට පහර දීමට අදාලව මැයි 17 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු පස් දෙනෙක් අත් අඩංගුවට ගනු ලැබූ අතර මැයි 18 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් මැයි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.


මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු අටදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ ලබා ගැනීමට මැයි 18 වන දින කැඳවා තිබූ අතර ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසුව ඔවුන් අත් අඩංගුවට ගන්නා ලදි.

පසුව මැයි 19 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් අටදෙනාවද මැයි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.


මෙම පහරදීමට අදාලව අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීවරියක් පොල්ගහවෙල ප්‍රදේශයේදී සැඟව සිටියදී අත් අඩංගුවට ගෙන ඇති අතර එදිනම, එනම් මැයි 19 වන දින හංවැල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයාවද අත් අඩංගුවට ගෙන තිබේ.


ඔවුන් දෙදෙනාව මැයි 20 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


මෙම සිදුවීම පිළිබඳ වැඩි දුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලබයි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි