No menu items!
21.6 C
Sri Lanka
9 October,2024

තරග කරන්න නොලැබුණොත් දේශපාලනයෙන් ඉවත්වෙනවා – රනිල්

Must read



මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා ඇත.


පසුගිය 9 වෙනිදා රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවේදී ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත. ඒ ‘සජිත් ජනපති රනිල් අගමැති’ යන යෝජනාව සජිත් පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ පසු එයට පිළිතුරු ලෙසය.


තමන්ට තනතුරු අවශ්‍යතාවක් නැතැයිද අවශ්‍ය පක්ෂය දිනවීම බවද එනිසා පක්ෂය දිනවීමට හැකි පුද්ගලයෙකු ඒ බව ප්‍රයෝගිකව පෙන්නුවහොත් ඔහුට අපේක්ෂකත්වය ලබාදී තමන් දේශපාලනයෙන් බැස යන්නට සූදානම් බවද වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර ඇත.
2015 ජනාධිපතිවරණයේදී එජාප පාර්ශ්වයට සහාය ලබාදුන් සියලු බලවේග තවමත් තමන් සමග සිටින බව විශ්වාස බවත් එහිදී ප්‍රකාශ කර ඇති ඒ මහතා, වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම තත්ත්වය තුළ සහ පක්ෂය නොබෙදී පවත්වාගැනීම සඳහා තමා දැනට තරග කරන තීරණයක සිටින බවය. එහෙත් පක්ෂය දිනවීම සඳහා තමාට වඩා හැකියාව තිබෙන බව වෙනත් කෙනෙකු පෙන්නුවහොත් තමා ඔහුට අපේක්ෂකත්වය ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

මංජු කස්තුරිආරච්චි

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි