No menu items!
20.4 C
Sri Lanka
7 December,2024

ඇමෙරිකානු ලැයිස්තුවේ ගෝඨාගේ් නම නෑ

Must read

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ඇතුළත්කොට අපේ‍්‍රල් – ජුනි කාර්තුවට අදාළව ඇමෙරිකානු දේශීය ආදායම් සේවය සකස් කර ඇති වාර්තාවට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් කොට නැතැයි වාර්තා වේ’

ඇමෙරිකානු දේශීය ආදායම් සේවාව කාර්තුවකට වතාවක් ෆෙඩරල් රෙජිස්ටර් වෙබ් අඩවියෙහි ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ලැයිස්තුවක් ප‍්‍රසිද්ධ කරන අතර” ගතවූ කාර්තුවෙහි ඇමෙරිකන් පුුරවැසිභාවයෙන් ඉවත් කළ පුරවැසියන්ගේ නම් එම ලැයිස්තුවට ඇතුළත් වෙයි’ ජුනි 30 වැනිදායින් අවසන් වූ කාර්තුවට අදාළ නම් ලැයිස්තුව තවමත් ෆෙඩරල් රෙජිස්ටර් වෙබ් අඩවියෙහි නිල වශයෙන් ප‍්‍රසිද්ධ කර නැතත්” එම ලැයිස්තුව දැනටමත් සකස් කර අවසානය’ සෑම කාර්තුවක්ම අවසාන වී දින 30ක් ඇතුළත ෆෙඩරල් රෙජිස්ටර් වෙබ් අඩවියෙහි මෙම ලැයිස්තුව ප‍්‍රසිද්ධ කරනු ලැබේ’

පොදුජන පෙරමුණේ් මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීන්දු කිරීම අගෝස්තු 10 වැනිදාට පෙර කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් එකඟ වී ඇත්තේ මෙම ලැයිස්තුවෙහි ගෝඨාභය රාජපක්ෂගේ නම තිබෙනවාද” නැද්ද යන්න සොයාබලා ඒ අනුව මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට ලබාදෙනවාද නැද්ද යන තීන්දුව ගැනීම සඳහා බව වාර්තා වෙයි’ ජුනි කාර්තුවට අදාළ ලැයිස්තුව ප‍්‍රසිද්ධ කිරීමෙන් පසුව පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ඇතුළත් වාර්තාවක් නිකුත් වන්නේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වන කාර්තුවට අදාළවය’ එම ලැයිස්තුව ඔක්තෝබර් මාසයේ මැදදී නිකුත් කිරීමට නියමිතය’ ඒ අනුව ජුනි මාසයෙන් අවසන් වන කාර්තුවට අදාළ ලැයිස්තුවෙහි නම නැතිනම්” ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙනු ඇතැයි තතු දන්නෝ ප‍්‍රකාශ කරති’

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට බලාපොරොත්තුවන පුද්ගලයෙකු එයට අදාළ ලියකියවිලි බාරදීමෙන් පසුව සම්මුඛ පරීක්ෂණ දෙකකට එම පුද්ගලයා ලක් කරනු ලැබේ’ එකක් ¥රකථනයෙන්ද අනෙක මුණගැසීමෙන්ද සිදුකරයි’ ඉන්පසුව ඇමෙරිකාවේ ආදායම බදු” ආරක්ෂක අංශ ආදි ආයතනවලින් එම පුද්ගලයාගේ නම පරීක්ෂා කොට” ඔහුව පුරවැසිභාවයෙන් ඉවත් කරනු ලබයි’ සාමාන්‍ය පුද්ගලයෙකු සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දී මාස හයකට පමණ පසුව ඉහත කී කාර්තුවකට වතාවක් ප‍්‍රසිද්ධ කරන ලැයිස්තුවට නම ඇතුළත් කරනු ලබයි’

ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත් කරගන්නා පුද්ගලයන්ට ඇමෙරිකානු රජයෙන් ඒ බව සඳහන් සහතිකයක්ද නිකුත් කරනු ලබන අතර” එම සහතිකය නිකුත් කරනු ලබන්නේ ඉහත කී සම්මුුඛ සාකච්ඡුාවෙන් වසරකට පමණ පසුවය’ කෙසේ වෙතත් තතු දන්නා පුද්ගලයන් ප‍්‍රකාශ කරනනේ ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකාවෙ සිවිල් නඩු දෙකකට මුහුණදෙන්නට සිදුව තිබෙන නිසා එම නඩු අවසාන වනතෙක් ඔහුගේ පුරවැසිභාවය ඉවත් නොකරනු ඇති බවය’x

අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි