No menu items!
22.3 C
Sri Lanka
1 November,2024

මරණවාට සජිත් කැමතියි

Must read

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රතිපත්තියක් වශයෙන් මරණ දඬුවමට එකඟ නොවන බව එහි නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කර ඇති පසුබිමක එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මරණ දඬුවමට පක්ෂ බවට වූ ප‍්‍රකාශයක් කර තිබේ.

ජුලි 11 වැනිදා ඔහු එම ප‍්‍රකාශය කර ඇත්තේ කැස්බෑව ප‍්‍රදේශයේ විහාරස්ථානයක පැවති රැුස්වීමකදීය. බන්ධනාගාරය තුල සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයන්ට එරෙහිව  සාධරණ නිවැරැුදි අධිකරණ ක‍්‍රමවේදයක් තුළ සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් ඔවුන්ට එරෙහිව මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීමේ කිසිදු වරදක් තමන් නොදකින බව ඔහු එහිදී ප‍්‍රකාශ කර ඇත.

ජුනි 30 වැනිදා එජාප නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කර තිබුණේ පර පණ නැසීම එජාපයේ ප‍්‍රතිපත්තිය නොවන බැවින් මරණ දඬුවමට එකඟ විය නොහැකි බවය. කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස නියෝජ්‍ය නායකවරයා ජුලි 07 වැනිදා කළ කතාවේදී අනාගත දරු පරපුර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කරන්නේ කෙසේදැයි මරණ දඬුවමට විරුද්ධව කතාකරන පිරිසගෙන් විමසන බව කියා තිබුණි. සජිත් පේ‍්‍රමදාසව ජනාධිපති අපේක්ෂකත්වයටයෝජනා කරන බව ප‍්‍රකාශ කළ මුදල් අමාත්‍ය මංගල සමරවීරද මීට පෙර මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වා ඇත. මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ලොව දියුණු රාජ්‍යයන් ගණනාවක් මරණ දඬුවම ඉවත් කළ යුතු බවට එකඟ වී ඇති අතර  2016 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කළ මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරිම වැළැක්වීමේ යෝජනාවට ශ‍්‍රී ලංකා රජය පක්ෂ විය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට තමන් ලියකියවිලිවලට අත්සන් තබා ඇතැයි ප‍්‍රකාශයක් කිරීමෙන් පසුව එමගින් සිය මූලික අයිතිවාසිකම් කඩවෙන බව පවසමින් ශේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් පුරවැසියන් හා සංවිධාන කිහිපයක් ඉදිරිපත් කළේය. එම පෙත්සම් සලකා බැලීමෙන් පසුව ශේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම ඔක්තෝබර් 30 දක්වා අත්හිටුවනු ලැබීය.x

හංසි මානවඩු

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි