No menu items!
26.9 C
Sri Lanka
5 December,2024

තිරුපති ගිහින් ඇවිත් ජනපතිවරණයක් කැඳවයි

Must read

ජනපති මෛත්‍රීපාල සිරිසේන සිය පුද්ගලික ඉන්දියානු සංචාරය නිමවා ලංකාවට පැමිණි පසු එළැඹෙන සතිය තුළ ඉක්මන් ජනපතිවරණයක් කැඳවීම සඳහා උනන්දුවකින් පසුවෙන්නේ යැයි ඔහුට සමීප ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.

නියමිත කාලයට අනුව ජනපතිවරණයක් කැඳවන්නේ නම් මෙම 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේදී එය පැවැත්විය යුතු වෙයි. එහෙත් ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව, ධුර කාලයෙන් අවුරුදු හතරක් ඉක්ම ගිය පසු, එනම් පසුගිය ජනවාරි 9 වැනිදායින් පසුව, ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ජනාධිපතිවරයාට තිබේ. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට පෙර සහ එක්සත් ජාතික පක්‍ෂය තුළ අර්බුද ගණනාවක් මතුවී තිබෙන පසුබිම මත, එමගින් තමාට වාසි අත්කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගන්නට බොහෝ දුරට ඉඩ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

අප්‍රේල් 16 වෙනිදා ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සමීපතමයන් පුද්ගලික සංචාරයක් බව පවසමින් ඉන්දියාවට ගිය අතර, අප්‍රේල් 17 වෙනිදා ඔහු, ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි  තිරුපති කෝවිල වන්දනා කර ආශීර්වාද ලබාගන්නට ගොස් තිබේ. මෙම සංචාරය නිමකර ලංකාවට පැමිණි විගස ජනාධිපතිවරණයක් කැඳවීමට බොහෝ දුරට නියමිතව ඇතැයි දැනගන්නට ලැබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිසි ජනාධිපතිවරණයක් කැඳවන්නේදැයි අප කළ විමසීමකදී ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මෙසේ කීය. ‘ජනාධිපතිතුමාට නීතියෙන් බාධාවක් නැහැනේ. ජනාධිපතිවරණය ඉදිරියේදී ඕනෑ මොහොතක කැඳවන්න පුළුවන්. එහෙත් ජනාධිපතිතුමා මේ වෙන තෙක් අප සමඟ ඒ ගැන කතාකරලා නැහැ. ජනාධිපතිතුමා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට අපේක්ෂා කරන බව නිල වශයෙන් කියා නැතත් එතුමා නැවත ඉල්ලන බව එතුමාගේම ක්‍රියාකාරකම්වලින්, සාමාන්‍ය දැනුමක් තියෙන ඕනෑ කෙනෙකුට පැහැදිලි වෙනවා. විශේෂයෙන් නිවේදනය කරන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා මේ වෙද්දී ජනාධිපතිවරණයට ලෑස්ති වෙනවා. 2021 වෙද්දී මත්ද්‍රව්‍ය අවසාන කරන බව එතුමා කීවේ 2021 දීත් බලයේ ඉන්නට බලාපොරොත්තු වෙන නිසා.’ ■

කේ. සංජීව/තරිඳු උඩුවරගෙදර

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි