No menu items!
21.2 C
Sri Lanka
7 December,2024

අලියොන්ස් යට සෙවණ ලබන සිරසක් නැති සිරස

Must read



සිරසක් නැති වාර්තාකරණයන් කිරීමේ බොහෝ පුර්වාදර්ශයන් රටට ප‍්‍රදර්ශනය කර ඇති සිරස මාධ්‍ය ජාලය තවත් එවැනි සිරසක් නැති වාර්තාකරණයක් සිදුකර ඇති බව ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුව වන රක්ෂණ සේවක එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.


ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති සුරක්ෂා සිසු රක්ෂණය සම්බන්ධයෙන් 2018 ජනවාරි 21 දින රාති‍්‍ර සිරස ප‍්‍රවෘත්ති විකාශය තුළින් කරන ලද වාර්තා කරණයක් සම්බන්ධයෙන් ය.


මේ නිවේදනය අපට වැදගත් වන්නේ කරුණු කිහිපයක් නිසාය. එකක් සුරක්ෂා සිසු රක්ෂණ පිළිබඳව අප දිගින් දිගටම වාර්තා කරපු ලැබූ නිසාය. අනෙක මෙම මාධ්‍ය නිවේදනය ප‍්‍රසිද්ධියට පත්කර සතියකට ආසන්න කාලයක් (මේ සටහන ලියවෙන මොහොතවනවිට* වුවද කිසිදු මාධ්‍යයක් විසින් එය පල කර නැති නිසාය. අමතරව සිරසට මෙම සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් මේ මොහොතේ වාර්තා කිරීමේ සදාචාරාත්මක අයිතියක් තිබේද යන්න ප‍්‍රශ්න කිරීමටය.


සුරක්ෂා රක්ෂණය ආරම්භ කළ සමයේ සිටම එහි ඇති ¥ෂිතභාවය පිළිබඳව අප වාර්තා කර ඇත. ඉන් එකක් වූයේ මෙම රක්ෂණයේ අතිවිශාල වාරික මුදලක් 90%ක ප‍්‍රතිශතයක් ප‍්‍රතිරක්ෂණය කිරීමේ ගණුදෙනුවය. අනෙක වූයේ කොමිස් හෝ වෙනත් නාමයකින් මෙම රක්ෂණ ගණුදෙනුව නිසා රුපියල් මිලියන 100ක මුදලක් අධ්‍යාපන අමාත්‍යවරයාට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබීම හා එම මුදල් අස්ථානගතවීමය. අවසානයේ අප ඒ පිළිබඳව වාර්තා කළේ අවසන් ටෙන්ඩර් කි‍්‍රයාවලියෙන් පසු ජනාධිපති අභියාචනා කමිටුවක් මඟින් මෙම සුරක්ෂා රක්ෂණය අලියොන්ස් නැමැති විදේශ රක්ෂණ සමාගමට ලබාදීම ගැනය.


ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය නිවේදනයට නිමිත්ත වී ඇත්තේ අලියොන්ස් රක්ෂණ සමාගමට සුරක්ෂා රක්ෂණය ජනාධිපති රක්ෂණ සමාගමට සුරක්ෂා රක්ෂණය ජනාධිපති අභියාචනා කමිටුවක් මඟින් ලබාදීම සම්බන්ධයෙන් එම එකමුතුව විසින් පළකළ අදහස් හා විරෝධයන් පිළිබඳව සිරස මාධ්‍ය ජාලය විසින් කර ඇති වාර්තාකරණයය.
තමන් විසින් වාර්තා නොකරන ලද කරුණක් නිසා හා වෙනත් මාධ්‍ය ආයතනයක වාර්තාකරණයක් මුල්කරගනිමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් නිසා රක්ෂණ සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය නිවේදනයට සමහරවිට මාධ්‍ය මඟින් ඉඩ නොලැබෙන්නට ඇත.

එහෙත් සිරස මාධ්‍ය වාර්තාකරණයට අදාළ කොටස් ඉවත් කළත් එම නිවේදනයේ ඇති සුරක්ෂා රක්ෂණයට අදාළ කොටස් ඒ පිළිබඳව විශාල කථා බහක් ඇති වී ඇති තත්ත්වය තුළ ද මාධ්‍යයට මඟහැර යා නොහැකිය. එසේ මඟහැරිය හැක්කේ ඒක් හේතුවක් නිසා පමණය. ඒ වෙන කිසිවක් නොව දැන්වීම් ආදායමය. අලියොන්ස් රක්ෂණ සමාගම මේ වන විට විශාල ප‍්‍රචාරණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. එම දැන්වීම් මාධ්‍යවලට ලැබෙමින් තිබේ. මේ රක්ෂණය ගැන සිරස වැරදි වාර්තාකරණයන් කළත් නැතත්, මේ රක්ෂණයෙන් රටේ මහජන මුදල් කබාසිනියා වුවත් නැතත් ඒ ගැන අවධානය යොමුකර සිය දැන්වීම් ආදායමට කෙළවාගන්නට මේ මාධ්‍ය කැමති නැත.


ඔවුන් සිතනවා ඇත්තේ සිරස වැරදි වාර්තාකරණයන් හෝ සිදුකර අලියොන්ස් සමාගම සමග ඔවුන්ගේ ගනුදෙනුව බේරා ගනිද්දී ලැබෙන දැන්වීමක් ගෙන අප කටපියාගෙන ඉන්නවා යන්නය.
එවන් තත්ත්වයක් තුළ සිරස වැරදි වාර්තාකරණයක් මඟින් මේ රක්ෂණ යෝජනා ක‍්‍රමය ගැන මෙතරම් උනන්දු වී ඇත්තේ ඇයි? ඒ වෙන කිසිවක් නිසා නොව සිරස ස්පෝර්ට්ස් ෆස්ට් වාර්ෂිකව සංවිධානය කරන ‘ප්ලැටිනම් එවොඞ්ස්’ නම් වූ සම්මාන උළෙලේ මෙවර අනුග‍්‍රහකයා වී ඇත්තේ අලියොන්ස් රක්ෂණ සමාගම බැවිනි. සමහරවිට එම සම්මාන උළෙලේ මෙවර අනුග‍්‍රහකයා ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව වුවා නම් එයට බර තැබූ මීට ප‍්‍රතිවිරුද්ධ සංස්ථාව වුවානම් එයට බර තැබූ මීට ප‍්‍රතිවිරුද්ධ වාර්තාකරණයක් විකාශය වන්නට ඉඩ තිබුණි. ඒ සිරස මෙතෙක් අපට පෙන්වා ඇති ජඩ මාධ්‍යකරණයේ හැටිය.


ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාවේ වෘත්තීය සමිති එකමුතුව විසින් සිය නිවේදයන් පෙන්වා ඇති සිරස එම ජඩ මාධ්‍ය වාර්තාකරණයේ කරුණු කිහිපයක් මෙසේය.


ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව මේ වන විට කි‍්‍රයාත්මක නොවන ජාතික රක්ෂණ සංස්ථාව යනුවෙන් හැඳින්විම, පළමුවරට මෙම රක්ෂණය ආරම්භ කරන ලද්දේ 2017.12.01 දින යැයි වැරදියට වාර්තා කිරීම 2018 ජුලි මස මිල ගණන් කැඳවා ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාවට මෙම රක්ෂණය ලබාදෙන්නේ සුදුසුකම් ලත් වෙනත් සමාගමක් සිටිද්දී යැයි වාර්තා කිරීම, රක්ෂණ වාරිකයක මිල සාමාන්‍යයෙන් පෙර වර්ෂ්‍යට වඩා වැඩිවිය යුතු බව ප‍්‍රකාශ කිරීම, මෙම රක්ෂණය නැවත ලබා ගැනීමට ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව බල කරන බව වාර්තා කිරීම, එමෙන්ම රක්ෂණ සේවක සංගමය ජනාධිපතිවරයාට බලපෑම් කරන බව වාර්තා කිරීම, මෙම රක්ෂණයේ හිමිකම් ලෙස ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව ගෙවා ඇති මුදල අඩුකර ප‍්‍රකාශ කරමින් සාවද්‍ය ලෙස වාර්තා කිරීම ආදින්ය.


එහිදී එම එක් එක් කරුණ ගැන එම නිවේදනයේ පැහැදිලි කිරීම් සඳහන් කළත් ලිපිය දීර්ඝ විම වලක්වා ගැනීම සඳහා ඒ සෑමතැනක්ම උපුටා දක්වන්නේ නැත. එහිදී මෙම රක්ෂණය ලබා ගැනීමට ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව බලපෑම් කරනවා යැයි කියන කරුණට කරන පැහැදිලි කිරීම සටහන් කළ යුතු එකක්මය. අලියොන්ස් සමාගම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පිළිනොගෙන යළි සලකා බලන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලූ විට එය අභියාචනයක් නම් රක්ෂණ සංස්ථාව ජනාධිපතිතුමාගෙන් යලි සලකා බලන ලෙස ඉල්ලූවිට එය බලපෑමක් වන්නේ කෙසේදැයි ඔවුන් ප‍්‍රශ්න කරයි.


එමෙන්ම එම නිවේදනයේ ඔවුන් අවධාරණය කරන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් සිරස විකාශනය කළ ප‍්‍රවෘත්තිවල කරුණු රාශියක් නිවැරදි නොවන බවයි. එම අසත්‍ය ප‍්‍රචාර විකාශය කිරීම සිරස පෙළඹී ඇත්තේ අලියොන්ස් සමාගම සමග සුරක්ෂා රක්ෂණය ප‍්‍රවර්ධනය කිරීමට ඇති කරගෙන ඇති ගිවිසුම නිසා යැයි ඔවුන් විශ්වාස කරන් බවයි. අඩුම තරමේ එම විකාශයන්ට පෙර ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාවෙන් හෝ එහි වෘත්තීය සමිති පාර්ශවයෙන් කරුණු විමසා සිටියේ නම් වඩා සදාචාරාත්මක බවයි.


මෙම නිවේදනය වඩා වැදගත්වන්නේ ඊට ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව තුළ ඇති ස්වාධීන හා සියළුම දේශපාලන පක්ෂවලට අයත් වෘත්තීය සමිති අත්සන් තබා ඇති බැවිනි. ඒවා නම් රක්ෂණ සේවක සංගමය, ජාතික සේවක සංගමය, ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, වෘත්තිකයන්ගේ හා විධායක නිලධාරීන්ගේ සංගමය, පොදු සේවක සංගමය, තාක්ෂණ නිලධාරින්ගේ සංගමය, අලෙවි කළමනාකරණ සංගමය, ශාඛා පරිපාලන සංගමය අභ්‍යන්තර විකුණුම් නිලධාරින්ගේ සංගමය මෝටර් රථ ඉංජිනේරුවන්ගේ සංගමය ආදියය.
මෙහිදී මෙම නිවේදනයට හසුවී නැති තව කරුණක්ද ඇත. ඒ සිරස මාධ්‍ය ජාලය හා ජනාධිපතිවරයා අතර ඇති සම්බන්ධයය. ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා සිරස මාධ්‍යවේදින්ගෙන්ය. සිරසට විකාශන සංඛ්‍යාත කිහිපයක්ම ජනාධිපතිවරයා හොර රහසේම ලබාදුන්නේය. මේ ලැඳියාවන් නිසාම ජනාධිපතිවරයා වෙනුවෙන් සිරස විශේෂයෙන් වාර්තා කිරීම කරයි. අනෙක් පැත්තෙන් අලියොන්ස් රක්ෂණ සමාගම සිරස ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුග‍්‍රහය දක්වයි. මේ රක්ෂණයේ අලියොන්ස් සමාගමට ලබාදෙන්නේ ටෙන්ඩර් මණ්ඩලය නොවන ජනාධිපති අභියාචනා කමිටුවය. ඒ නිසාම එය ජනාධිපතිවරයා හා සිරස අතර ඇති ලැඳියාවන්ගේ ගණුදෙනුක් නොවිය හැකි යැයි කිව හැකිද?

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි