No menu items!
33 C
Sri Lanka
18 September,2024

විස්සට නීතිපති නිර්දේශ

Must read

මේ වනවිට ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රසිද්ධ කර ඇති විසිවන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියැයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇති බවත් සංශෝධනය පිළිබඳව විවාද කිරීම සඳහා සැප්තැම්බර් පළවැනි සතියේ පාර්ලිමේන්තු දිනයක් ලබාග ැනීමට බලාපොරොත්තු වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් අනිද්දාට කීවේය.

පළාත් සභා පිහිටුවීම සඳහා සම්මත කරගෙන තිබුණු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට බලපාන ව්‍යවස්ථා සංශෝධන හෝ වෙනත් නීතිරීති පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට පෙර පළාත් සභාවල සරල බහුතරයකින් සම්මත කර ගත යුතුය. පාර්ලිමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා තිබුණේ එම කාරණය පිළිබඳවය. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිළිතුරු ලබාදෙමින් පෙන්වා දී ඇත්තේ විසිවැනි සංශෝධනය 13 සංශෝධනය සමඟ ඍජුව ගැටෙන ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බවය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස විසිවන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් විසිවැනි සංශෝධනයට විරුද්ධ වන බවට ඒකමතික තීන්දුවක් ගෙන තිබුණේ 13 වැනි සංශෝධනය සමඟ 20 වැනි සංශෝධන යෝජනාව ගැටෙන බව පවසමිනි.
මේ වනවිට විසිවන සංශෝධන යෝජනාව පිළිබඳව සියලූ පක්ෂවල නියෝජිතයන් සමඟ නොනිල මට්ටමෙන් සාකච්ඡා කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂය, ඒකාබද්ධ විපක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය යන සියලූ පාර්ශ්වයන්ගෙන් ධනාත්මක ප‍්‍රතිචාර ලැබී ඇති බවත් අනිද්දා සමඟ අදහස් දැක්වූ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පැවසීය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය විසින් දැනට ගැසට් මගින් ප‍්‍රසිද්ධ කර ඇති විසිවන සංශෝධන යෝජනාවේ වෙනස් විය යුතු තැන් පිළිබඳව ධනාත්මක අදහස්ද ඉදිරිපත් කර ඇති බව එම මන්ත‍්‍රීවරයා කීය.

මීට අමතරව ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල තනතුරක් දරන ඇමතිවරයෙකු විසින් විසිවැනි සංශෝධනයට ශ‍්‍රීලනිපයේ සහයෝගය ලැබෙන බව ප‍්‍රකාශ කර ඇති බවත් ජවිපෙ මන්ත‍්‍රීවරයා අනිද්දා සමඟ කීවේය.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි