No menu items!
32.5 C
Sri Lanka
23 April,2024

වැටුප් උගුල

Must read

 

පාර්ලිමේන්තුමන්ත‍්‍රීවරුන්, ඇමතිවරුන් හා නියෝජ්‍ය-රාජ්‍ය ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. එම වැඩිවීම සියයට 215කින් පමණ වන බව ද එම වාර්තාවල වැඩි දුරටත් දැක්වෙයි.

ජූලි 17 වැනි දා පැවැති පක්‍ෂ නායකයන්ගේ රැුස්වීමක දී මේ වැටුප් වැඩි කිරීම ගැන සාකච්ඡුා කර ඇති බව ද කියැවෙයි.

මේ වැටුප් වැඩි කිරීම සිදුවන්නේ, පසුගිය දා ඉහළ හා පහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වැටුප්වලට සමගාමී ව ය.

ඒ අනුව, මෙතෙක් රුපියල් 54,285ක් ව තිබුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ වැටුප රුපියල් 1,20,000 දක්වා වැඩි වනු ඇත. නියෝජ්‍ය ඇමතිවරයකුගේ රුපියල් 63,500ට තිබුණු වැටුප රුපියල් 1,35,000 දක්වා වැඩි වනු ඇත. රුපියල් 65,000ක් ව තිබුණු ඇමතිවරයකුගේ හා රාජ්‍ය ඇමතිවරයකුගේ වැටුප රුපියල් 1,40,000 දක්වා වැඩි වනු ඇත.

කිසිවකුගේ වැටුප් වැඩි වීමක් ගැන විරුද්ධ වීම සුදුසු දෙයක් නොවේ. රටේ සියලූම සේවා නියුක්තිකයන්ට වැටුප් වැඩිවෙන තරමට රටට හොඳ ය. ජනතාවට හොඳ ය.

එහෙත්, වැටුප් වැඩිවීම්වල දී සලකා බැලිය යුතු, නමුත් වැඩි උනන්දුවක් නොදක්වන, සමහර විට එතරම් ප‍්‍රසන්න නොවන බොහෝ දේ තිබේ.

පළමුවැන්න, රටේ ආර්ථිකයට ඒ බර දරාගත හැකි ද යන්නයි. වර්තමාන ආණ්ඩුව බලයට පත්ව සිය පළමු අයවැයේ දී ඉදිරිපත් කළ රුපියල් 10,000කින් සියලූ ම රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමේ තීරණය නිසා, ආණ්ඩුව මේ වන විටත් ගැලවී ගත නොහැකි බලවත් අර්බුදයක ගිලී සිටින බව රහසක් නොවේ. රුපියල් 10,000කින් රජයේ සේවකයන්ගේ වැටුප් එක ම අවස්ථාවක, ඉතිහාසයේ කවරදාකවත් වැඩි වී නැත. බොහෝ රජයේ සේවකයෝ, එම අතිරේක වැටුප් කොටස යොදවා කල්බදු ක‍්‍රමයට වාහන හෝ වෙනත් දේ හෝ මිල දී ගත්හ. එහෙත්, අද ඒ ගැන සතුටු සිතින් කතා කරන කිසිවෙක් නැත. අද සියල්ලෝ ම සිය වැටුප් ගැන මහත් අතෘප්තිකර හැඟීමෙන් යුතු ව කතා කරති.

රාජ්‍ය සේවයේ වැටුප්වල තිබෙන අසමානකම් හා විසමතා නිසා, එක් පිරිසකට වැටුප් වැඩි කරන විට එම විසමතාව තවත් වැඩි වෙයි. මේ නිසා, සමාන්තර සේවාවල සේවකයන්ට ද වැටුප් වැඩි කර ගැනීමේ වුවමනාව ඇති වෙයි. මෙය නොානවතින විසම චක‍්‍රයකි. තමන් කළ කොතෙකුත් යහපත් දේ තිබිය දී, මහජනතාව අතර බලවත් ලෙස අපකීර්තියට පත්ව සිටින වර්තමාන ආණ්ඩුව, මේ සෑම ඉල්ලීමක දී ම බලවත් ලෙස සැලෙන අතර, සමහර විට පැලැස්තර පිළියම් යොදන්නට ගොස් අලූත් අමාරුවක වැටෙයි.

තුන්වැනි වැදගත් කාරණ්‍ය, වැටුප් වැඩි වන තරමට අදාළ සේවකයන්ගේ කාර්යක්‍ෂමතාව වැඩි වන්නේ ද යන්නයි. හොඳම උදාහරණය මෑතක දී වැටුප් වැඩි වීම ලැබූ අධිකරණ ක්‍ෂෙත‍්‍රයයි. ඔවුන් ලද වැටුප් වර්ධකයේ තරමට, ඔවුන්ගෙන් වන සේවාව ජනතාවට තෘප්තිමත් විය හැකි මට්ටමක නැති බව සාධාරණ මනසකින් යුක්ත අධිකරණ නිලධාරීහු පවා කියති. නඩු විභාග නිසි ලෙස අවසන් නොකිරීම, නඩු තීන්දු නිසි කාර්යක්‍ෂමතාවෙන් යුතු ව නොලිවීම වැනි තමන්ගේ විවිධාකාර අවුල් නිවැරදි කර ගන්නට අඩු ගණනේ මේ වැටුප් වැඩි වීමෙන් පසුව වත් අධිෂ්ඨාන නොකරගත් අධිකරණ විනිසුරුවරු සිටිති.

දැන් එලැඹ ඇත්තේ පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ වැටුප් වැඩි වීමේ වාරයයි. මේ වැඩි වීම පසුගිය ජනවාරයේ සිට ක‍්‍රියාත්මක වීමට නියමිත බව ද පැවැසෙයි. ඒ අනුව, විශාල මුදලක් එක වර ඔවුන්ට ගෙවීමට රජයට සිදුවනු ඇත.

අපේ පාර්ලිමේන්තු නියෝජිතයන් ගැන සමාජයේ ඇති ඇත්ත ආකල්පය, හෙටානිද්දා, මේ වැටුප් වැඩි වීම ගැන කෙරෙන මහජන සාකච්ඡුාවල දී දැක ගන්නට හැකි වනු ඇත.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි