No menu items!
26.7 C
Sri Lanka
15 October,2024

නායකයෝ චුදිතයන් රකිති

Must read

ජනපති
රවි රකී

අරුණ ජයවර්ධන
අධිකරණයෙන් විවෘත වරෙන්තු ලද ඝාතන සැකකරුවකු සඟවා තබාගෙන ඔහු රටින් පිටමං කළ බවට චෝදනා ලබා සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි, අද්මිරාල් රවි විජේගුණරත්න, තවදුරටත් එම ධුරයේ තබාගෙන සිටීමෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඔහුට නීතියෙන් ගැලවී සිටීමට අවස්ථාව සලසා ඇතැ’යි අනිද්දා වෙත වාර්තා වෙයි.
තරුණ ශිෂ්‍යයන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන පසුව අතුරුදහන්කිරීමේ චෝදනා ලබා, කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටින නාවික හමුදාවේ හිටපු ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නාවික හමුදා මූලස්ථානයේ නිවස්නයක සඟවා තබාගත් බවට චෝදනා ලබා සිටින, වර්තමාන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවි විජේගුණරත්න, ජනාධිපතිවරයා විසින් තවමත් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි ධුරයේ තබාගෙන සිටීමෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ බාධාවක් පොලිසියට ඇතිවී තිබේ. මේ වන විට සන්නද්ධ හමුදාවල සිටින ඉහළම නිලධාරියා වන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා
එම තනතුර දරද්දීම අත්අඩංගුවට ගැනීමෙන් බලවත් අපහසුතා ඇතිවන අතර, ඊට පෙර ඔහුට ඉල්ලා අස්වන්නට නියම කිරීම හෝ ධුරයෙන් ඉවත් කිරීම කළ යුතුය. මේ පියවර දෙකම ගැනීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටත්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත්ය.
අපරාධ සැකකරුවකු සඟවා තබාගැනීම නීතියෙන් වරදක් වන අතර, ඒ සම්බන්ධයෙන් අද්මිරාල් රවි විජේගුණරත්න දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ අපරාධ චෝදනා ලැබ සිටියි. ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි පනත අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානියා පත්කිරීමේත් අස්කිරීමේත් තනි බලය ඇත්තේ ජනාධිපතිවරයාටය.
මේ පිළිබඳ විස්තරාත්මක ලිපියක් අද පුවත්පතේ 3වැනි පිටුවේ පළවේ.

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි