දෙරණ ටීවී නාළිකාවෙන් දෙසැම්බර් මාසයේ මුල සිටි විකාශය වන හේලි නම් ටෙලිනාට්‍යය බොහෝදෙනෙකුගේ අවධානය දිනාගෙන තිබෙනවා. බැලූ බැල්මට දැවැන්ත වියදමක් දරා නිෂ්පාදනය කර ඇති හේලි ටෙලිනාට්‍යය විද්‍යා ප‍්‍රබන්ධ ගණයට අයත් එකක් බව ප‍්‍රචාරණයේදී කියා තිබුණා. මේ වනවිට ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයක් විකාශය වී හමාරයි.


බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්වූ ජනප‍්‍රිය නිර්මාණයක් වන නිසා මෙහි හොඳ නරක ගැන කරුණු කිහිපයක් කීම වටිනවා. මේ ටෙලිනාට්‍යය ගෙතී ඇත්තේ හේලි නම් සුදු ජාතික විශේෂ හැකියාවන් තිබෙන කාන්තාවකගේ චරිතය වටායි. සටන් කිරීමේ හැකියාව, පොතක් අතට ගෙන පිටු පෙරළන්නේ නැතිව පොත මත අත තබා ස්කෑන් කොට පොතේ ඇති සියළු දැනුම තමාට ලබාගැනීමේ හැකියාව ආදී සුපිරි වීර හැකියාවන් ඇයට තිබෙනවා. ලෝකය පුරා මුල් විහිදෙන ජාවාරම්කාර ව්‍යාපාර ජාලයක් වෙනුවෙන් ඇයව පාවිච්චි කෙරෙනවා. ජාවාරම්කාරයන් අතින් මිදී තරුණයෙකුට මුණගැහෙන මේ කාන්තාව ගැන ජාවාරම්කරුවන් කතාකරද්දී පාවිච්චි කරන්නේ ‘ඇසට්‘ හෙවත් වත්කම යන යෙදුම. බැලූ බැල්මටම මේ කතා සංකල්පය අපූරුයි. ටෙලිනාට්‍යය වෙනුවෙන් විශාල වියදමක්ද දරා තිබෙනවා. ඒ සියල්ල කලකද්දී හොලිවුඩයේ නිර්මාණය වන විශිෂ්ඨ ගණයේ රූපවාහිනී කතාමාලාවකට සමාන නිර්මාණයක් කිරීමේ හැකියාව තිබුණු බව පෙනෙනවා. එහෙත් සියල්ල අවසානයේ ඔවුන් දිනපතා විකාශය වන තවත් සෝප් ඔපෙරාවක් නිර්මාණය කර තිබෙනවා. මෙය කිසිදු සිනමාත්මක වටිනාකමක් නැති තවත් එක් ටෙලිනාට්‍යයක් පමණයි.


කෙසේ වෙතත් හේලි ටෙලිනාට්‍යයේ යහපත් ලක්ෂණ කිහිපයක් ගැන කිව යුතුයි. එක් පැත්තකින් දිනපතා විකාශය වන හැම ටෙලිනාට්‍යයකින්ම පාහේ දකින්නට ලැබෙන රූප හා හැඩතලවලට වඩා වෙනස් යමක් හේලි ටෙලිනාට්‍යයෙහි තිබෙනවා. එය අගය කළ යුතුයි. ලංකාවේ මෑත කාලයේදී ටෙලිනාට්‍ය යන නමින් අප දැක්කේ එකම ආකෘතියක්. මධ්‍යම පාන්තික නිවාස, වෛවර්ණ ඇඳුම්. පවුල් ප‍්‍රශ්න. ප‍්‍රධාන චරිතයක් ජීවත්වන නිවසේ වෙසෙන විහිළුකාර මාමාවරුන් ( බොහෝවිට ගිරිරාජ් කෞෂල්‍ය හෝ ප‍්‍රියන්ත සෙනෙවිරත්න *. දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය ජනප‍්‍රිය වූ පසුව අවුරුදු විසිපහේ නළුනිළියන් අවුරුදු පහළොවේ පාසැල් සිසු සිසුවියන්ගේ චරිත රඟපාන්නට උත්සාහ කරන අන්දම පවා දකින්න ලැබුණා. එකම කතා සංකල්ප වටා කරකැවෙන එකම කතා සංකල්ප නැවත නැවතත් වසර විස්සක පමණ කාලයක් තිස්සේ අප දකිනවා. ¥ දරුවෝ, සත්පුරවැසියෝ වැනි ටෙලිනාට්‍යය වලින් බාහිර පෙනුමෙන් හැර අන් කිසිම ආකාරයකින් ඒවා වෙනස් වී නැහැ.


ඒ නිසා අපට අළුතින් කිසිම දෙයක් බලන්නට ඉතිරි වී නැති ඕලාරික මධ්‍යම පාන්තික පවුල් ජීවිත වලින් පිටට පැමිණ නාට්‍යයක් කිරීමට උත්සාහ කිරීම යහපත් කාරණයක් ලෙස දැකිය හැකියි. හේලි ටෙලිනාට්‍යයත් හෙටානිද්දා වනවිට මධ්‍යම පාන්තික නිවාස ඇතුළේ හිරවීමේ ඉඩක් තිබෙනවා. හේලි නම් සුපිරි බලයක් ඇති කාන්තාව මධ්‍යම පාන්තික නිවාසවල පවුල් ප‍්‍රශ්නවලට මැදිහත්වෙන අයුරු අනාගතයේදී අපට දකින්නට සිදුවෙන්නත් ඉඩ තියෙනවා. දිනකට විනාඩි විස්සක කොටසක් බැගින් විකාශය කරන්නට සිදුවෙද්දී ටෙලිනාට්‍ය නිර්මාණකරුවෙකු අළුතින් මොනවා පෙන්වන්නදැයි අභියෝගයකට මුහුණදෙන බව පැහැදිළියි. කෙසේ වෙතත් දැනට ටෙලිනාට්‍යය මධ්‍යම පාන්තික පවුල් ප‍්‍රශ්නවලින් පිට ස්ථානගත වී තිබෙන බව පේනවා.


ටෙලිනාට්‍ය ප‍්‍රචාරයේදී එය විද්‍යා ප‍්‍රබන්ධ කතාවක් ලෙස හැඳින්වුවා. හේලි නම් කාන්තාව වත්කම ලෙස හැඳින්වීමෙන් දැනට පෙනෙන්නේ ඇය සුපිරි බුද්ධියක් තිබෙන රොබෝවරයෙකු බවයි. නැත්නම් රොබෝ තාක්ෂණයෙන් මනුෂ්‍ය ශරීරයක් වැඩිදියුණු කරමින් සැකසූ සුපිරි මිනිසෙකු බවයි. එහෙත් එම විද්‍යාත්මක කතාවේ විද්‍යාත්මක පැත්ත ගැන විශ්වාස කළ නොහැකි සිදුවීම් කිහිපයක්ම මුල් කොටස්වලදී අප දුටුවා.


හේලි නම් සුපිරි මනුෂ්‍යයා නැව් අනතුරකින් මුහුදේ පාවෙමින් සිටියදී තරුණයන් දෙදෙනෙකු සොයාගන්නවා. ඔවුන් ඇයව ගෙදර ගෙන එනවා. ඒ අතරේ එංගලන්තයේ සිට ලංකාවේ පාතාල ස්වරූපයේ ව්‍යාපාර ප‍්‍රධානියෙකුට ( අශාන් ඩයස් * ඇමතුමක් එනවා. ඔහුට පවසන්නේ කෙසේ හෝ ඇයව සොයාගන්නා ලෙස.


දැනට පෙන්වා ඇති හැකියාවන් අනුව ඇය මේ ලෝකයේ සිටින වටිනාම වස්තුව බව විද්‍යාව ගැන යම් අවබෝධයක් හෝ තිබෙන අයෙකු දන්නවා. මේ වෙද්දී ලෝකයේ සිටින දැවැන්ත සමාගම් ගණනාවක් ශ‍්‍රී ලංකාවේ වාර්ෂික ආදායම මෙන් දහස් ගුණයක් වියදම් කරමින් සොයන්නේ දැනට පවතින කෘත‍්‍රිම බුද්ධිය සුපිරි බුද්ධියක් දක්වා දියුණු කිරීමේ තාක්ෂණයයි. කුමන හෝ විද්‍යාඥයෙකු එම තාක්ෂණය සොයාගතහොත් එය ලංකාවේ වාර්ෂික ආදායම මෙන් කිහිප ගුණයකට අලෙවි කළ හැකිවේවි. රුපියල් බිලියන ලක්ෂ ගණන් වලින් එය මනින්නට සිදුවේවි. එය එතරම් දැවැන්ත සොයාගැනීමක්. පරිගණක තාක්ෂණයේ අතිශය දැවැන්ත අවස්ථාවක්. ඒ නිසා එතරම් දැවැන්ත සොයාගැනීමක් ලංකාව වැනි රටක් අවට මුහුදේ ගිලෙන්නට හරින්නේ නැහැ.


කෙසේ හෝ ගිලූ‍ණායැයි සිතමු. ඒ දැවැන්ත සම්පත සොයන්නට මුහුදු වෙරළට එන්නේ එකම එක පුද්ගලයෙකු පමණයි. ඒ අශාන් ඩයස් රඟපාන ලංකාවේ පාතාලමය ව්‍යාපාරිකයාගේ චරිතයයි. ඔහු වෙරළේ සිටින බෝට්ටුවක් කුලියට රැුගෙන සරමක් හැඳ මේ වටිනා වස්තුව සොයන්නට යනවා. එය කිසිසේත්ම විශ්වාස කළ හැකි තත්වයක් නොවෙයි. මෙතරම් වටිනා වස්තුවක් සොයන්නට බෝට්ටු වලින් විශේෂ කිමිදුම් කණ්ඩායම් රැුගෙන නොයන්නේ ඇයිද යන්න විශ්වාස කිරීම ඉතා අසීරුයි.


තවත් පුදුම සහගත අවස්ථාවක් වන්නේ හේලි නම් චරිතය මලලසේකර ශබ්දකෝෂයක් වසා ඒ මත අත තබාගෙන ටික වෙලාවක් සිටීමෙන් පසුව සිංහල කතාකිරීමේ හැකියාව ලබාගැනීමයි. එතෙක් ඇය වචනයක්වත් කතාකරන්නේ නැහැ. වසා ඇති පොතක් මත අත තබාගෙන එහි අභ්‍යන්තරයේ ඇති කරුණු දැකගැනීමට සුපිරි මිනිසෙකුට හැකියාව ලැබීම ගැන පුදුම විය යුතු නැහැ. වසා ඇති කෘතිය ස්කෑන් කිරීම කළ හැකියි. දැනට රොබෝවරුන්ට පිටත සිට අපගේ සිරුරේ අභ්‍යන්තර අවයව දැකීමේ හැකියාව තිබෙනවා. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මළලසේකර ශබ්දකෝෂයකින් සිංහල භාෂාවේ ශබ්ද තේරුම් ගත්තේ කෙසේද යන්නයි. ශබ්දකෝෂයක තිබෙන්නේ අකුරු මිස ශබ්ද නොවෙයි.


මෙවැනි සිදුවීම් කිහිපයක් නිසා මෙය විද්‍යා ප‍්‍රබන්ධයක් ලෙස විශ්වාස කිරීමෙහි ගැටළු ඇතිවෙනවා. එහෙත් ලොව ප‍්‍රකටම විද්‍යා ප‍්‍රබන්ධයක් වන ස්ටාවෝස් පවා විද්‍යාත්මකව ඉතා මෝඩ නිර්මාණ ලෙස සැලකිය හැකියි. එහි අභ්‍යවකාශයේ පිපිරීම් සිද්ධවෙන අවස්ථාවල දැවැන්ත ගිනිජාලා සහ මහා පිපිරුම් ශබ්ද පෙන්වන්නේ පේ‍්‍රක්ෂකයන්ව විද්‍යාත්මක වශයෙන් මෝඩයාට අන්දමින්. ගින්දර හටගන්නේ ඔක්සිජන් තිබෙන පරිසරයක. ඒ නිසා අභ්‍යවකාශයේ පිපිරීමකින් පසු මහා ගිනිජාලා දකින්න ලැබෙන්නේ නැහැ. අනෙක රික්තයක් මැදින් ශබ්ද තරංග ගලා යන්නේ නැහැ. ඒ නිසා අභ්‍යවකාශයේ පිපිරුමකින් පසු බලා සිටින අයට ශබ්දයක් ඇසෙන්නේ නැහැ. ලොව ප‍්‍රකට විද්‍යා ප‍්‍රබන්ධ යැයි හඳුන්වාගත් නිර්මාණ ගණනාවක විද්‍යාව නොතකා හැර තිබෙනවා. එහෙත් අප කල්පනා කළ යුත්තේ ශ‍්‍රී ලංකාව යනු ආතර් සී. ක්ලාක් නම් විද්‍යා ප‍්‍රබන්ධ රචනයේ මෑත ඉතිහාසයේ දැවැන්තයා ජීවත් වූ රට බව. ස්ටාර් වෝස් හොඳ විද්‍යා ප‍්‍රබන්ධයක් ලෙස සලකන්නේ නැහැ. එය ස්පේස් ඔපෙරා එකක් යැයි හැඳින්විය හැකියි. එහෙත් ආතර් සී ක්ලාක් වැනි නිර්මාණකරුවන් කළ නිර්මාණවලදී විද්‍යාව නිවැරදිවම පුරෝකථනය කරන්නට ඔවුන් සමත්ව තිබෙනවා. එපමණක් නොව ඔවුන් විද්‍යා ප‍්‍රබද්ධවලින් ඉදිරිපත් කළ සංකල්ප යථාර්තයක් කිරීමට විද්‍යාඥයන් පියවර ගත් අවස්ථාද තිබෙනවා. ඒ නිසා විද්‍යාව ගැන නිර්මාණයක් කරද්දී විද්‍යාව නිවැරදිව තේරුම් ගැනීම යහපත් වේවි.


සමස්ථයක් ලෙස හේලි ටෙලිනාට්‍යය වෙනස් දෙයක් කිරීමට ගත් උත්සාහයක් ලෙස ඇගයීමට ලක් කළ හැකියි. අඩු තරමේ හැමදාම දකින පවුල් ප‍්‍රශ්නවලින් එළියට යන්නට අවස්ථාවක්. සුද්දන් දෙතුන් දෙනෙක් ලංකාවේ රාත‍්‍රී රූපවාහිනියේ රඟපෑම යහපත්. ඇතැම් වෙනස් කැමරා දර්ශන පවා මෙහි තිබෙනවා. ඒ නිසා සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාට වෙනස් යමක් ලෙස එය හැඳින්විය හැකියි.