සමහරුනට හොරි දද කුෂ්ඨ පවා ආශීර්වාදයකි. ආණ්ඩුවේ වැරදි බැරිකම් වසා ගැනීමට, රන්ජන්ගේ හඬ පට පාවිච්චි කිරීම වාගේය. රන්ජන් යනු ගම්පහ ජනතාව තෝරා පත් කළ නිමල් ලන්සා, සරණ ගුණවර්ධන, පබා, මර්වින් සිල්වා ප‍්‍රසන්න රණවීර ජාතියේ තවත් කෙනෙකු පමණකි. මහාධිකරණ විනිසුරුවරියක උසස් පෙළ අසමත් නළුවෙකුගෙන් උසස්වීමක් ඉල්ලයි. ඒ රටේම විධායක ජනාධිපති දණ ගැස්වීමට ව්‍යවස්ථාදායක සභාව සමත් විය. ඒ සත්‍යය ඒ නෛතික ශක්තිය අදටත් එසේමය.


තවම වැරදිකරු නොවූ රන්ජන්ගේ එජාප සාමාජිකත්වය, වංචනික ගමන් බල පත‍්‍රයක් සහිතව අත්අඩංගුවට පත් වීරවංශ මුදාහැරි අගමැති වික‍්‍රමසිංහ අත්හිටුවා ඇත. අප බත් කන හරකුන්් විය යුතු නැත. රනිල් විදේශික අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකුව භාරදීමත්, ශිරන්ති රාජපක්‍ෂ සහ වීරවංශ බේරා හැරීමත්, සජිත් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් දහම් පාසල් ගොඩනැගිලි තැනීමත් ගැන ගම්මන්පිලලා මහින්දානන්දලා කුමක් කියත්ද?


2015-2019 යුගයේ තීන්දු කළ හැම නඩුවකදීම වැරදිකරුවන් වී ඇත්තේ දුමින්ද සිල්වා ඇතුළු අන්ත අසරණ අහිංසකයන්ය. ඒ සියලූ දෙනා නිදහස් කළ යුතු වේ. දුමින්ද සිල්වාගේ පින්තූරයට සාර්ජන් සුනිල් රත්නායක යන නම යොදා ඇත්තේ ජය ගත් සැණින් හිරගත කළ රණවිරුවන් නිදහස් කරනවා යයි ජනාධිපති ගෝඨාභය කළ ප‍්‍රකාශය නිසාය. දුමින්ද අධිකරණයෙන් සගවා තැබීමට සිංගප්පූරු යැවීම වරදක් නොවේද? ‘මේ බිඳ වැටෙන්නේ රටේ අධිකරණය පිළිබඳ විශ්වාසය නොවේද? මේ ගැන කතා නොකරන්නේ ඇයි...?’ මහනුවර සේවය කරන ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු ඇසීය. ඔහු කියන්නේ අධිකරණය යනු දුමින්ද සිල්වාගේ හෝ සිල් රෙදි නඩුව විතරක් ඇසූ අටමගලයක් නොවන බවය. එය මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ඉඩම් නඩු, අසරණ ගැහැනුන්ගේ නඩත්තු නඩු, ¥ෂණ නඩු ඇසෙන තැනය. අධිකරණ තීන්දුව හිස් නවා පිළිගෙන සමහරු ගෙදර යති. සමහරු එල්ලූම් ගස් යති. එහිදී දුමින්ද විශේෂ වන්නේ කෙසේද? රාජපක්‍ෂලාටවත් දුමින්ද බේරාගත නොහැකි විය.

දැන් සකල අධිකරණයටම ගිනි තැබීමට රන්ජන් පාවිච්චි කරයි. මේ කොන්ත‍්‍රාත් එකකි. එජාපය රන්ජන්ට නොමිනේෂන් දෙන්නේ නැත නොකීවා නම් මේ වලිගය පත්තු වෙන්නේ නැත. මම ස්වාධීන හරි එනවා කී වහාම රන්ජන් කාගේදෝ සාක්කුවට වැටිණ. දැන් රන්ජන් බිංකුංඩෙක් නොවේ. රට ගිනි තියන හනුමෙකි. ඞී.ඇම්. රාජපක්‍ෂ (1896-1945* වයස 49දී නොකල්හි මියෑදිණ. එවිට ජ්‍යෙෂ්ඨ පුත‍්‍ර ලක්‍ෂමන් රාජපක්‍ෂ (1924-1981*ට ඡුන්දය අයිතිය නොතිබිණ. 1945දී ඞී.ඒ. රාජපක්‍ෂ එසේ නිර්මාණය විය. කුරහන් සාටකයෙන් නිරූපිත රුහුණේ ආඩම්බරය ඞී.ඒ. රාජපක්‍ෂ තුන්හිතින්ම ආරක්‍ෂා කළේය. 2015 වන විට කුරහන් සාටකය අමුඩ ලේන්සුවකටත් වඩා හෑල්ලූ වී තිබිණ. කුරහන් සාටකය කසයක් කරගත් මහින්ද සාමාන්‍ය මිනිසුන් බියගැන්වීය. පත්තිනි සළඹ හොරෙන් ගත්තාට ගජමන් නෝනාට පත්තිනි අම්මා ආවේස නොවේ. කොන්දගල වලව්වේ කුරහන් සාටකය, මැදමුලන ගෝඨාභය ඉවත් කර හමාරය. මහින්ද තම වාසියට රණවිරු ගී ගැයීය. මිරිසුවිල් ඝාතන නඩුවේ විත්තිකාර සාර්ජන් රත්නායකට සහ පලා යාමට තැත් කළ එල්ටීටීඊ සැකකරුවෙකුට වෙඩි තබා මැරූ බවට චෝදනා ලැබූ මේජර් විමල් වික‍්‍රමගේ වැනි සැබෑ යුදවීරයන් රැුක්කේ නැත.

රාජපක්‍ෂලා රැුක්කේ යුද්දෙට නොගිය දුමින්ද සිල්වාලා, චන්දන කති‍්‍රආරච්චිලා, නිමල් ලන්සාලා වැනි කොළඹ චණ්ඩින්ය. දැරියන් 200ක් ¥ෂණය කළ අකුරැුස්ස ප‍්‍රාදේශීය සභා සභාපති සාරුව සුනිල්, විදේශීය සංචාරකයෙකු මරා ඔහු සමග සිටි තරුණියක සමූහ ¥ෂණයට ලක්කළ තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති ෂේප් කිරීම රාජපක්‍ෂලා පිළිබඳ කතාය. පනාමුරේදී පොලිස් නිලධාරින්ට පහර දුන් ඇඹිලිපිටියේ ප‍්‍රාදේශීය සභා සභාපති ඇම්.කේ. අමිල අල්ලන්ට පොලිසිය බිය විය. මේවා බලපෑම් නොවේද? ඒ අතීතය රටේ අනාගතය නොවිය යුතු යයි සිතූ ගෝඨා සාටකයෙන් ඈත් විය. එහෙත් සාටකය තවමත් රටේ නීතියේ බෙල්ල සිර කරගෙන වෛරක්කාරයන් සොයා පාවෙමින් පවතී. එය ගෝ්ඨාගේ බෙල්ල හිර කරන දවසද වැඩි ඈතක නොවිය හැකිය. ගරු පි‍්‍රයසාද් ඩෙප් 45 වෙනි අගවිනිසුරු ලෙස පත්වී ජාඇල වැලිගම්පිටියේ සාන්ත ආනා දෙව් මැදුරේදී, තමන්ට රටේ නීතිපති වීමට පැවති අවස්ථාව අහිමි කළ බව සිහිපත් කළේය. එදා සමහරුන් මට අරයාගේ මෙයාගේ පස්සේ යන්න කී බවට කළ ප‍්‍රකාශය සමග විනිසුරු පද්මිණි රණවක සැසඳිය යුතුවේ. හැමදාම රන්ජන් කෙනෙකු සිටි බව පෙනේ.

මහින්ද රාජපක්‍ෂ, තවත් ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු සිටියදී උපාලි අබේරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කරන්නේ ජනාධිපති මැතිවරණය අතර 2014 දෙසැම්බර් 17 වෙනිදාය. ඒ පත්වීම නිසා විනිසුරු සංඛ්‍යාව 11සිට 12 තෙක් වැඩි විය. එය නීති විරෝධි පත්වීමකි. දුමින්ද සිල්වාට එරෙහි නඩුව ඇසුවේ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලකි. එහි සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න, දුමින්ද නිදොස් කොට නිදහස් කළේය. ඒ තීන්දුව එදා තැන තැන විවේචනය විය. දුමින්ද සිල්වා වැරදිකරු කරමින් එකී විනිසුරු මඬුල්ලේ සේවය කළ පද්මිණී රණවක සහ එම්.සී.බී.එස්. මොරායස් දෙදෙනා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල පූර්ණ විනිශ්චය මණ්ඩලය අනුමත කළේය. එහෙත් උපරිමාධිකරණය ප‍්‍රතික්‍ෂේප කළ විසම්මුතික තීන්දුව දුන් විනිසුරු ශිරාන් ගුණරත්නට උසස්වීම් ලැබිණ. විනිසුරු පද්මිණි රණවකට උසස්වීම් නොලැබිණ. එහි තේරුම යහපාලනය තුළ දුමින්ද සිල්වාගේ බලය පැවති බවද? ශිරන්ති රාජපක්‍ෂට පක්‍ෂව පොලිසියට බලපෑම් කළ, වීරවංශ බේරා හැරිය රනිල් වික‍්‍රමසිංහ හෝ ගන් සයිඞ් ඝාතකයන් රැුක්ක ජනාධිපති සිරිසේන මෙහිදී සිහිපත් නොකරති. පද්මිණි රණවක විනිසුුරුතුමිය පැටලවූ රන්ජන්ගේ සාකච්ඡුාව යනු ඩෙප් නොගිය පාරේ ගිය ඇයට ලැබුණ දේය. මේ පරණ සිද්ධි එකිනෙකට ගැළපීම තලගොයා කබරගොයා කිරීමක් නොවේ.

අසාධාරණය රජවූ රටක නීතියත් අසරණය. එවිට, ඩෙප්ලා පද්මිණී රණවකලා නිර්මාණය වේ. මේ අපරාධය කරන්නේ කවුද? දුමින්ද නඩුවේ හරි දේ කළේ පද්මිණිි රණවකද? ශිරාන් ගුණරත්නද? මෙයින් තහවුරු වන්නේ වැඩකාරයන් මහින්දලා, රනිල්ලා මිස රන්ජන් නොවන බවය. රන්ජන්ගේ හඬපට නම් සොකරි නාඩගමේ සොකරි බවට පද්මිණී රණවක පත් කළ යුතු නැත. මේ සෙල්ලම පටන් ගත්තේ විධායක ක‍්‍රමයේ ප‍්‍රතිපලයකි. අගවිනිසුරුවරයෙකුට ඇමතියෙකු තර්ජනය කළ කතාවක් ඇසෙයි. ඒකා අගවිනිසුරුවරයෙක්ද කියා කෙනෙකු අසා තිබිණ. රිෂාඞ් බදුර්දීන් රාජපක්‍ෂ යුගයේ මන්නාරම් පොලිසියට මහ දවාලේ ගල් ගසා විනිසුරුට ¥රකථනයෙන් බැන වැදී අධිකරණ කොමිෂන් සභාවට පැමිණ ඒ විනිසුරු මාරු කරන ලෙස යකා නැටීය.

රිෂාඞ් උසාවි ගෙනාවාද? නැත. හත් මසකට පසුව කැමැත්තෙන් පැමිණෙන තෙක් නීතිය පොලිසිය නිහඬ විය. පනාමුරේදී පොලිසියට පහර දුන් ඇඹිලිපිටියේ ප‍්‍රාදේශීය සභා සභාපති ඇම්.කේ. අමිල උසාවි ගෙනාවාද? නැත. හත් මසකට පසුව කැමැත්තෙන් පැමිණෙන තෙක් නීතිය පොලිසිය නිහඬ විය. රන්ජන්ගේ කයිවාරු සමග මේ අතීත කතා ගැළපිය යුතුවේ. ගරු පි‍්‍රයසාද් ඩෙප් වැලිගම්පිටියේ සාන්ත ආනා දෙව් මැදුරේදී මෙසේ ද, කීය. ‘මම අවුරුදු තිස් ගණනක් නීති ක්‍ෂේත‍්‍රයේ කටයුතු කළා. 2008දී වැඩ බලන නීතිපති ලෙස සේවය කළා. නීතිපති දෙපාර්තමේන්තුවේ 125 සංවත්සරය උදාවන විට නීතිපතිකමට සුදුස්සා වී සිටියේ මමයි. එහෙත් අවස්ථාව මගෙන් පැහැර ගත්තා. පිටස්තර කෙනෙකු ඒ තනතුරට පත් කළා. ඒක මා ලද පසුබෑමක්.’ ඒ අසාධාරණය ගරු පි‍්‍රයසාද් ඩෙප්ට කළේ මහින්ද මිස රන්ජන් නොවේ. කවුරු කළත් මේවා නැහැදිච්චකම්ය. වංචනික ගමන් බලපත‍්‍රයක් සහිතව අත්අඩංගුවට පත් වීරවංශ මුදා හැරියේ අගමැති වික‍්‍රමසිංහ මිස රන්ජන් නොවේ. ඒ ඉල්ලීම කළේ දිනේෂ් බව ගම්මන්පිල කීය. රන්ජන්ගේ හඬපටෙන් පිට කිසිවෙකු කතා නොකරති. ඉතිහාසය අනුව, 2008දී ඩෙප්ට කපා නීතිපති වුණේ බුලත් අතක් ගෙන අලූත් අවුරුද්දට කාල්ටන් නිවෙසේදී නාමල්ටත් ආචාර කළ මොහාන් පීරිස් ය. 2011දී මහින්ද රාජපක්‍ෂ, ඩෙප් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළේ ඊවා වනසුන්දර (2011* පළමු කාන්තා නීතිපති ලෙස ඉතිහාසගත කිරීමට මිස ඇයගේ කොණ්ඩය දිග නිසා නොවේ. විනිසුරු පි‍්‍රයසාද් ඩෙප් 2011දී ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුණේ වසර 33ක සේවා කාලයකට පසුවය. නීතිපති දෙපාර්තමේන්තුවේ 125 වෙනි සංවත්සර වර්ෂයේ ඔහුට නීතිපති වීමේ අවස්ථාව අහිමි විය. පද්මිණි රණවකලා ඉවත් කරන්නැයි අගවිනිසුරුට බලපෑම් කරන රාජපක්‍ෂවාදීහූ මේවා දන්නෙහිද? හඬ පට කතාව පාස්කු ප‍්‍රහාරය මෙන් සැලසුම් කළ දේශපාලන කුමන්ත‍්‍රණයකි.

මේ හරහා රාජ්‍ය, අධිකරණ සේවා කොමිෂන් මෙන්ම පොලිසිය කොටු කිරීම අරමුණ වේ. මේ තක්කඩි දේශපාලනය හමුවේ, ඍජු අවංක නිලධාරීන් කළ හැකි පි‍්‍රයසාද් ඩෙප්ලා බොහෝය. ජනාධිපති නීතිඥ ශී‍්‍රනාත් පෙරේරා නීතිපති කිරීමට චන්ද්‍ර‍්‍රිකා බණ්ඩාරනායකට අවශ්‍ය විය. එහිදී ශී‍්‍රනාත් කීවේ තමන්ට වඩා ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සිටින නිසා තමන් ඊට අකමැති බවය. ඔහු ‘හා’ කීවා නම් ශිබ්ලි අසීස් නීතිපති වන්නේ නැත. අධිකරණ ක්‍ෂේත‍්‍රයේ සියල්ලන්ම පද්මිණි රණවකලා නොවෙති. මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක විශ‍්‍රාම පූර්ව නිවාඩු ලැබ සිටියි. ඒ විශ‍්‍රාම යාමට වසර දෙකක් තිබියදීය. ශී‍්‍රනාත් සහ ලලිත් හරහා කියන්ට උත්සාහ කළේ හිතට එකග මිනිසුන් රටේ තවත් ජීවත්වන බවය.

සිහිබුද්ධිය ඇති රටට ආදරය ඇති මිනිසුන් රන්ජන්ගේ හඬපට ගැන කල්පනා රටේ පැත්තෙන් කල්පනා කළ යුතුවේ. රාජ්‍ය අධිකරණ පද්ධතීන්ට එක එකා පසුපස යාමට පුරුදු කළේද, රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදලින් මැතිවරණ වාසිය පිණිස සිල් රෙදි ගැනීමට ඡුන්ද දන්සල් පැවැත්වීමට නිලධාරීන්ට බල කළේ රාජපක්‍ෂලාය. හෙල්පින් හම්බන්තොට නඩුවේ විත්තිකාර ලලිත් වීරතුංග සිල් රෙදි නඩුවේදී නිදහසට කීවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නියෝගයට තමන් යටත් බවය. ඒ විත්තිවාචකය අධිකරණය ප‍්‍රතික්‍ෂේප කළේය. අංක 48/2 සහ 1979 අගෝස්තු මස 06 වෙනි දින ලේකම් සංග‍්‍රහය නම් අතිවිශේෂ ගැසට් නිවේදනයේ 10වෙනි නියාමනයෙහි දැක්වෙන, ලේකම්වරු රජයේ සියලූම මුදල් රෙගුලාසිවලට ද, අනෙකුත් රෙගුලාසිවලට ද, පටහැනි නොවන තාක් දුරට මෙහි ඉහතින් ඇති විධිවිධානවලට යටත් වන්නෝය යන්න රටේ නීතියකි. සිල් රෙදි නඩුවේ චුදිත අනුෂ පැල්පිට අතිරේක ලේකම් කෙනෙකු ලෙස පත් කිරීමට වජිර අබේවර්ධනට කෝල් කළේ රනිල් ද මහින්දද යන්න සොයා බැලිය යුතු වේ.


වෛද්‍ය සාෆි, නැවත සේවයෙහි පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිසම තීන්දු කරලාම නැත. වරක් අගමැති වික‍්‍රමසිංහ රාජ්‍ය සේවා කොමිසම තමන් වෙත කැඳවීය. ඒ අවස්ථාවේ රාජ්‍ය සේවා කොමිසම කීවේ කුමක්ද? අගමැති නිසා අප ඔබ හමුවට පැමිණියෙමු. අප කැඳවීමට හෝ් අප නියෝග දීමට ඔබට බලයක් නැත කියාය. ඩලස් අලහප්පෙරුමලා තුනෙන් දෙක ඉල්ලන්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මේ ආයතන අහෝසි කිරීමටද?


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය අනුව (අ* ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවටද (ආ* විධායක බලය ජනාධිපතිටද පවරා ඇත. එහි සරල අර්ථය ස්වාධීන කොමිෂන් සභා නම් නීතියට අත තැබීමට ජනාධිපතිට බැරි බවය.

චන්ද්‍රසිරි සෙනවිරත්න