ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියට පත්වුණේ 2019 ජනාධිපතිවරණයේදී සුළුතර වාර්ගික ජනතාවගේ සැලකිය යුතු දායකත්වයක් නැතිවය. එහි ප්‍රතිඵලයක් ලෙස ධුරප්‍රාප්තියත් සමගම හේ, සුළුතර වාර්ගික විරෝධය ප්‍රකාශිතවම පළකරන්නට පටන්ගත්තේය. ඒ, මුලින්ම, දමිළයන්ට කනේ පහරක් ගැසුවා වැනිව, රුවන්වැලි සෑය අබියස දිවුරුම් දීමෙනි. තමා පත්වුණේ සිංහලයන්ගේ ඡුන්දයෙන් බව ඔහු…