No menu items!
26.3 C
Sri Lanka
22 August,2025
Home Blog Page 615

රාති‍්‍රය කරා යන දිගු දවස් චාරිකා

0

 

ලක්ශාන්ත අතුකෝරල

කොළඹට යම්තමින් ඇඳිරි වැටෙන විට නාට්‍ය ශාලාවක, වේදිකා එළියක දැවටී එන ආශ්චර්යය විඳින්නට උමතුවකින් මෙන් එකතු වුණු කාල සමයක් හිමි අය අත් ඔසවන්න. එහි තේරුම ජීවිතය තිබෙන තුරු මිලින නොවී පවතින මතක පහන් ආලෝකයක් ඔබ තුළ දැල්වෙන බවය. දෙස් විදෙස් වේදිකා රංගයන්ගේ චිත්තාකර්ෂණීය මනැස් කැලතුම්වලින් පසු, විහාරමහාදේවි උද්‍යානය අවට හෝ පාළු පාරක-තොටක, එසේත් නැත්නම් තේපැන්සලක හෝ අවන්හලක රැඳෙමින් අත් විඳි, හදිසියක් නැති කලා සල්ලාපයක් දශක ගණනකට පසු වුවත් ඒ උණුසුමින්ම සිහිපත් කළ හැකි වනු ඇත.
සජීවී නාට්‍යයකින් ලැබෙන චිත්ත ඉපිලූමටත්, නාට්‍යයේ චරිත සිද්ධි ඝට්ඨනයෙන් උපදින බුද්ධිමය වේදයිතයන්ටත් ආදේශක නොමැත. කවරාකාර නව වින්දන මාධ්‍යයන් ප‍්‍රා¥ර්භූත වුවද, ලොව පුරා නාට්‍ය රසිකයන් වේදිකාවෙන් ගන්නා ගැම්ම අත් නොහරින්නේ එබැවිනි. නූතන නාට්‍ය කලාව පිටතින් මෙන්ම ඇතුළතිනුත් වර්ධනය වී ඇති කලෙක වුව ලොව බිහි වූ විශිෂ්ටතම නාට්‍යයන් ලෙස වැඩි දෙනෙකු අගය කරනුයේ සියවස් දෙක තුනක් නැතහොත් දශක කිහිපයක් පැරණි නිර්මාණයන් ය. සොෆොක්ලීස්ගේ ‘‘ඇන්ටිගනී’’, ‘‘ඊඩිපස්’’, ශේක්ෂ්පියර්ගේ ‘‘හැම්ලට්’’ මෙන්ම ‘‘රෝමියෝ සහ ජුලියට්,’’ හෙන්රික් ඉබ්සන්ගේ ‘‘බෝනිකි ගෙදර’’, සැමුවෙල් බෙකට්ගේ ‘‘ගොඩෝ එනකං’’, බ්‍රෙෂ්ට්ගේ ‘‘හුණුවටය’’ වැනි නිර්මාණ තවමත් එලෙසම ඉදිරි කතාබහ යොමු කර ගනී. එවන් සුවිශිෂ්ට නිර්මාණ සමග සම තැන්හිලා පිළිග ැනෙන නාට්‍යයක් රස විඳීමේ අවස්ථාව ලද මම මිනිස් සිත් සන්තාන තුළ කිමිදෙමින් ඉසියුම් ජීවන ඝට්ඨනයන් හසු කර ගැනීමට නාට්‍යකරුවා දක්වන සූක්ෂ්මතාව පිළිබඳව මවිත වීමි. නාට්‍යකරුවා නම් ඇමරිකානු ජාතික ඉයුජීන් ඔනීල්ය. 1941 දී රචනා වී, ඔනීල්ගේ මරණයෙන් පසුව 1956 දී වේදිකාගත වූ Long Day’s Journey into Night එම නාට්‍යයයි.
1936 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ ඔනීල් නාට්‍ය සඳහා වන පුලිට්සර් සම්මානය හතර වතාවක්ම දිනා ගත්තෙකි. ඔහු මෙකී නාට්‍යයෙන් හසු කර ගන්නේ වියපත් යුවළක් සහ තරුණ පුතුන් දෙදෙනෙකු සිටින පවුලක මැසිවිලි-ඇවිටිලි -සැකසංකා සහිත අමු ජීවිත අභ්‍යන්තරයයි. පාත‍්‍ර වර්ගයා එකිනෙකා කෙරෙහි දක්වන ආකල්ප සහ ඔවුන්ගේ පාපොච්චාරණයන් සාහසික අවංකභාවයක් සහිතව කරළියට එන්නේ එක දිනයක සිදුවීම් ජවනිකාගත වීමෙනි.
ජේම්ස් ටයිරෝන් සහ ඔහුගේ බිරිඳ මේරි ද, ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන ජැමී සහ එඞ්මන්ඞ් ද යන සිව්දෙනාගේ මූලික චරිත ස්වභාවයන් ද, ඒවා එකිනෙක සමග ගැටෙමින් සමපාත වන අයුරු ද පැය දෙක හමාරක නළුව තුළ මැනවින් නිරූපිත ය. නාට්‍යයේ අවසානය සිව්දෙනාම එකිනෙකාගේ ජීවිතවල සැබෑ පරාජයන් විවරණය කර ගන්නා තැනකට එල්ල වේ. වීදි නළුවෙකුව සිට ව්‍යාපාරිකයෙකු වූ ජේම්ස්ගේ මසුකරුකමත්, මේරිගේ අතීතකාමී සිහින ලෝකය සහ මෝර්ෆීන් ඇබ්බැහියත්, ජැමීගේ සෙල්ලක්කාර ජීවිතයත්, එඞ්මන්ඞ්ගේ රෝගී තත්ත්වයත් නාටකයේ ගැටුම අවුළුවන පසුබිම් ය. ඔනීල් යොදා ගන්නේ අතිශය නාට්‍යෝචිත ගැඹුරු අරුත් දනවන කාව්‍යාත්මක දෙබස් සහ සංකේතාත්මක ගැළපුම් ය. වේදිකා පසුබිමේ ඇති පොත් රාක්කය, නාට්‍යය බුද්ධිමය විග‍්‍රහයක් බව අගවයි. මේරිගේ පැරණි මංගල ඇඳුමෙන් ඇගේ අතීත විභූතියත්, විටින් විට දක්වන මීදුම තුළින් ඇගේ මෝර්ෆීන් මායා ලෝකයත් සංකේතවත් කරනු වැන්න.
‘හරීම ආසයි මං මේ මීදුමට. ඒක ලෝකෙන් ඔයාවත් ඔයාගෙන් ලෝකයත් හංගනවා. ඔයාට දැනෙයි හැම දේම වෙනස් වෙලා කියලා. කිසිම දෙයක් කලින් පෙනුණු දේ නෙමෙයි කියලා. ඊට පස්සේ කාටවත් බෑ ඔයාව හොයාග න්න. කාටවත් බෑ ඔයාව අල්ලන්න.’
ඔනීල්ගේ යථාර්ථ රංගය ටයිරෝන් පවුලේ ඇතුළු අවුල විදාරණය කරන අතරම එහි චරිත එකිනෙක අතර ඇති අන්‍යොන්‍ය බැඳීම ද පළ කරන සම්භාව්‍ය ගණයේ නිර්මාණයකි. අපමණ රසික ප‍්‍රසාදය දිනූ, බොහෝ වර සිනමාවටත්, රූපවාහිනියටත් ප‍්‍රතිනිර්මාණය වූ සහ විවිධ නිෂ්පාදකයන් විසින් නැවත නැවත වේදිකාගත කළ එය, අද පවා ලොව වඩාත්ම ඉල්ලූමක් ඇති නාට්‍යයකි. මේරි නිතර තැවෙනුයේ තම පුතු ක්ෂය රෝගයට ගොදුරු වෙතියි සිතමිනි. අනෙක් අතට එඞ්මන්ඞ් ද මවගේ සෞඛ්‍යය ගැන වෙහෙසෙයි. මත්පැන් පානයෙහි රුසියන් වන පිරිමි තිදෙනාගේ අවිඥානක වෘතය, ජීවිතයෙහි නොබැඳී මත් වී සිටීමයි.
‘‘මත් වෙලා ඉන්න හැම වෙලේම. එතකොට කාලයා ඔයාව පොළොවට තද කරන්න උරහිස්වල පටවලා තියෙන මහා බර දැනෙන එකක් නෑ. මත් වෙන්නේ මොනවයින්ද? වයින්වලින්? කවිවලින්? එහෙම නැත්නම් බලයෙන්? මොකෙන් හරි කමක් නෑ මත්වෙලා ඉන්නයි ඕනෙ.’’
වරක් ඉයුජින් මෙසේ පැවසීය. ‘‘ජීවිතය යනු කැඩපත්වලින් නිමැවූ බිත්ති ඇති හුදකලා සිරගෙයකි.’’ ජීවිතයේ කැඩපත් තුළට අපටම එබෙන්නට සලස්වමින් සහ ගැඹුරු කලාවක රසය පසක් කරමින් ඔහු සිය විශිෂ්ටතම නාට්‍යයෙන් නිරූපණය කරන්නේ ද ඒ වේදනාත්මක සත්‍යයයි.

අගමැතිගේ දේශපාලනය සහ රටේ අනාගතය

0

 

මහාචාර්ය සරත් විජේසූරිය

මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණ මහජන නියෝජිතයන් අතර වත්මනෙහි සිටින ජ්‍යෙෂ්ඨතමයා වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතායි. පාර්ලිමේන්තුවේ විපක්ෂනායක පදවිය වැඩිම වාර ගණනාවක්; දීර්ඝ කාලයක් තිස්සේ දැරීමට සමත් වුණ පුද්ගලයා වන්නේ ද රනිල් වික‍්‍රමසිංහ මහතාය. එපමණක් ද! ලංකාවේ අග‍්‍රමාත්‍ය පදවිය වැඩිම වාර ගණනාවක් හෙබවීමට ද වික‍්‍රමසිංහ මහතා සමත් වන්නේය.
අභාග්‍යය නම් රනිල් වික‍්‍රමසිංහ මහතාට රටේ විධායක ජනාධිපති පදවිය දැරීමට කිසි විටෙක ජන වරමක් නොලැබීමය. දීර්ඝ කාලයක් දේශපාලනයේ නිමග්න වුව, අපමණ අත්දැකීම් තිබෙන්නේ නමුත් ඔහු අද ජන වරමක් උරුම කර ගැනීමට මාන බලන්නේ නිතරම හොර පාරවල් ඔස්සේ ගමන් කරමිනි. ඔහුගේ සමීපතම මිතුරන් ඉතා හොඳින් හා අලංකාර අන්දමින් ඔහුගේ දේශපාලන චරිතය මේ වන විට කෙළෙසා හමාරය. අර්ජුන් මහේන්ද්‍රන් රටින් පිට කර ඔහු නිදහස් කළ ද, අගමැතිවරයාගේ දේශපාලන ඉරණම දැන් දැන් ඉතා තීරණාත්මකය.

ජන වරම සහ නායකත්වය
එජාපයේ නායකත්වය දීර්ඝ කාලයක් තිස්සේ දරන වික‍්‍රමසිංහ මහතා පසෙකට කර දමා ශී‍්‍රලනිපයේ නායකත්වය කෙටි කාලයක් දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ යන දෙදෙනාම රට පාලනය කිරීමට දෙවතාව බැගින් ජන වරම් ලැබීමට සමත් වූහ. අවසන දේශපාලන පක්ෂයක නායකත්වය නොමැතිව, කිසි අවස්ථාවක අගමැති පදවිය හෝ විපක්ෂ නායක පදවිය හෝ නොදැරූ පුද්ගලයෙකු වන මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද රට පාලනය කිරීමට විධායක ජනාධිපති පදවිය හිමි කර ගන්නේය.
එජාපය විශාල ඡුන්ද පදනමක් හිමි ප‍්‍රධාන පක්ෂය ලෙස සැලකේ. එසේ තිබියදීත් එජාපයේ නායකයාට ජනාධිපතිවරණයකින් දිනන්නට නොලැබීම ප‍්‍රශ්නයකි. ඊටත් වඩා වැදගත් කාරණාව වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තෙවතාවක්ම එජාපයේ නායකයාට නොහැකි වීමය. දෙවතාවක්ම ඔහුට සිය පක්ෂය බදු දීමට සිදු වන්නේය. එහෙත් ඔහු පක්ෂයේ නායකයා වී සිටින්නේය.

රනිල් දකින සිහිනය
විධායක ජනාධිපති පදවිය අහෝසි කළ යුතුය යන දේශපාලන තීන්දුව වෙනුවෙන් වික‍්‍රමසිංහ මහතා 2015 ජනාධිපතිවරණයේ දී සිය ස්ථාවරය නිල වශයෙන් ගෙන හැර දක්වන්නේය. එහෙත් එ් වෙනුවෙන් ජනතාවට ප‍්‍රබල ප‍්‍රතිඥාවක් ලබා දුන් පොදු අපේක්ෂකයා හෙවත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය ප‍්‍රතිඥාවට පිටුපෑම සමඟින් වික‍්‍රමසිංහ මහතා අංශක එකසිය අසූවකින් ආපසු හැරී යළි ජනාධිපතිවරණයක් වෙතට තල්ලූ වී සිටිනු පෙනේ. එපමණක් නොව ජනාධිපතිවරණයකට මුහුණ දී තමාට මේ වතාවේ ජයග‍්‍රහණය කළ හැකිය යන සිහිනය ද දකිමින් සිටියි. මේ සිහිනය දකින්නේ මේ වතාවේ විනා යළි ජනාධිපතිවරණයකට මුහුණ දීමට තරම් කාලයක් තමන් ජීවත් නොවිය හැකි බව සිතන නිසා විය හැකිය. ‘යන යකා කොරහත් බිඳ ගෙන යන්නා සේ’, පක්ෂයට හෝ රටට මොනවා වුණත් අවසන් වතාවටත් තරග කොට තමාට ජනාධිපති පදවිය දැරීමට පුළුවන් යයි කියා වික‍්‍රමසිංහ මහතා සිතනවා විය යුතුය. එ් වූ කලි සිහිනයකි. වික‍්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයකින් ජයග‍්‍රහණය කිරීමට එදා කෙසේ වෙතත් මෙදා නම් නොහැකිය. ඊට හේතුව කුමක් ද?
රනිල් වික‍්‍රමසිංහ මහතා සූර දේශපාලනඥයෙකි, මොළකාරයෙකි, ආර්ථිකය ගොඩ නැඟීමට රටේ සිටින එකම පුද්ගලයා ඔහුය යන අදහස් සමාජයේ කාලයක් තිස්සේ ෙදා්ලනය විය. ඊටත් වඩා වැදගත් කාරණය වන්නේ වික‍්‍රමසිංහ මහතා ‘හොරෙක්’ නොවේය යන විශ්වාසය ජනතාව අතර පැතිරී තිබීමය. ‘මිස්ට ක්ලීන්’ යන අන්වර්ථ නාමයට හිමිකම් කීමට වෙන කිසිවෙකුත් නොසිටියේය. එය මොන තරම් අගනා, මොන තරම් අලංකාර, දේශපාලනික වටිනාකමක් ද? විස්තර කිරීමට ද අපහසු තරම්ය. තව දුරටත් රනිල් වික‍්‍රමසිංහ මහතාට එ් බුහුමන හිමි නැත. ඉදිරි මැතිවරණයක දී වික‍්‍රමසිංහ මහතාට ‘හොරා’ නම් වූ උණ්ඩ හෙවත් අසූචි ප‍්‍රහාර ටී පනස් හය තුවක්කුවලින් වෙඩි තියන අන්දමට එල්ල වනු නියතය.
2015 ජනාධිපතිවරණයෙන් අනතුරුව රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ ගජමිතුරන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ මහතා අපකීර්තියට පත්ව සිටියි. එය දැන් රටට රහසක් නොවේ. ඔහුට දැන් සිදුව තිබෙන්නේ සිය ගජමිතුරන් රැකීම සඳහා කැපවුණ, එ් ඔස්සේම රාජ්‍ය මුදල් අවභාවිත කළ සිය පක්ෂයේ මහජන නියෝජිතයන් පිරිසක් ආරක්ෂා කිරීමටය. එ් කි‍්‍රයා කලාපය ඔස්සේ ඔහුගේ අනාගත ඉරණම නරක දිශාවකට යොමු වනු නියතය.
වික‍්‍රමසිංහ මහතා බලය නැති විට යහපත් අන්දමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කළත් බලය අතට ලැබුණ විට කටයුතු කරන්නේ නායකයෙකු ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම් බින්දුවට දමමිනි.
වික‍්‍රමසිංහ මහතාට යම් බලයක් ලැබුණ විට සිය ගජමිතුරන් සමීප කරගෙන පක්ෂයට දරදිය අදින සියල්ලන්ට පිටුපෑමේ මුග්ධ අහංකාරත්වය කැපී පෙනේ. ඔහු පක්ෂයේ වැදගත් චරිත ගණනාවක් අහිමි කර ගන්නේ එ් ඔස්සේය. එකී තත්වය මෙවර වඩාත් තදින් කැපී පෙනුණේය. එ් හේතුවෙන් ඉදිරි මැතිවරණයක දී ඔහු වෙනුවෙන් අවංකව කැපවී වැඩ කරන පිරිසක් සිටිනු නැත. තව ද, 2015 අගමැති පදවියේ දිව්රුම් දුන් දා සිට වික‍්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙන අන්දම විභාග කර බලන විට ඔහු රටේ විධායක ජනාධිපති පදවිය දැරීමට කිසිසේත් සුදුසු නැති බවට සමාජයට ප‍්‍රබල සහතික ඔහු විසින්ම නිකුත් කර ඇත.

කොළඹ සහ රට
රනිල් වික‍්‍රමසිංහ මහතා තමා තරග කරන කොළඹ දිස්ති‍්‍රක්කයෙන් හැමදාම වාගේ ඉහළම ඡුන්ද ප‍්‍රමාණයක් හිමි කර ගැනීමට සමත්ය. එහෙත් රටේ සමස්ත ඡන්දදායකයන්ගෙන් වරමක් ලබා ගැනීමට වික‍්‍රමසිංහ මහතා අසමත්ය. එදා කෙසේ වෙතත් අද නම් තත්වය හොඳටම නරකය. මේ කාරණය සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ මහතාගේ දුබලතා මුල් වෙන්නේ වී නමුත්, ලංකාවේ ඡුන්දදායකයන් හැසිරෙන අන්දම ද තීරණාත්මකය.
ශී‍්‍ර ලංකාවේ ගම් දනව්වල ජනතාව විවෘත ආර්ථිකය රටට හªන්වා දීමට පෙර බෙහෙවින් දුප්පත්ය, බෙහෙවින් අසරණය. එහෙත් ඔවුන් සතු යම් යම් වටිනාකම් තිබුණි. තතු එසේ වුව ඔව්හු විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් අනතුරුව කාලයාගේ ඇවෑමෙන් අවිචාරවත් අන්දමින් පිරිහී සිටිති. සිය ඡුන්දය විකුණන මානසිකත්වයට වඩාත් නැඹුරුව සිටිති. අගනුවර වාසය කරන දිළිඳු ජනතාව සම්බන්ධයෙන් තත්වය ද මෙසේය. ලංකාවේ පවතින දරිද්‍රතාවේ මතු පිටට නොපෙනෙන ඛේදය සැඟව තිබෙන්නේ මේ තුළය. මේ සමාජ තීරුවේ බහුතරය සිංහල බෞද්ධයන් වීම ද වැදගත් කාරණාවකි. ඔවුන්ගේ සිත්සතන් තුළ ජාතිවාදය උත්සන්න කිරීම පහසුය. ව්‍යාජ දේශප්‍රේමය හා මව්බිම රැක ගැනීම යන සටන් පාඨය මේ සමාජ තීරුව අවදි කර ගැනීමට පහසුවෙන් ඉවහල් කර ගත හැකිය. ඊට සමත් දේශපාලනඥයන් වත්මනෙහි සිටින්නේ නිදහස් සන්ධානය තුළය, එසේ නැතිනම් පොදු ජන පෙරමුණ තුළය.

පක්ෂය හැරයාම
ජේආර් ජයවර්ධන දේශපාලනයේ නිමග්න වූයේ පක්ෂය හැර දමා යන කිසිවෙකුට අනාගතයක් නැත යන කාරණාව ප‍්‍රබලව මතු කරමිනි. නෛතික වශයෙන් ද ඊට ඔහු ඉඩක් තැබුවේ නැත. අභාග්‍යය නම් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එජාපයෙන් මැතිවරණවලට ඉදිරිපත්ව ජන වරමක් ලබා ගත්තවුන්් පක්ෂය සහ වික‍්‍රමසිංහ මහතා හැරයාම එළිපිටම සිදු වන්නේය. එ් තත්වය වළක්වා ගැනීමට වික‍්‍රමසිංහ මහත් අසමත් විය. අවසන මහින්ද රාජපක්ෂ රජයේ ප‍්‍රබල අමාත්‍ය පදවි ගණනාවක් උසුලන ලද්දේ ද එජාපය හැර ගිය මහජන නියෝජිතයන්ය. වික‍්‍රමසිංහ මහතාට මෝටාර් ප‍්‍රහාර එල්ල කිරීමේ බල ඇණිය බවට පත් වන්නෝ ද ඔව්හුය.
එජාපයේ මහජන නියෝජිතයන් පක්ෂය හා වික‍්‍රමසිංහ මහතා හැරදමා යාම සිදු වන්නේ මහින්ද රාජපක්ෂ විසින් ලබා දෙන වරදාන නිසා බව අමතක කළ නොහැකිය. එහෙත් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයේ අපමණ දුබලතා ද ඊට අදාළ බව පිළිගත යුතුව තිබේ. ඉතිහාසයේ අන් කවර කලෙකවත් වික‍්‍රමසිංහ මහතාගේ කාලයේ මෙන් පක්ෂය හැර දමා ගොස් ගිය උදවිය ඉතා ප‍්‍රබලව ප‍්‍රතිපාර්ශ්වය ශක්තිමත් කළ අවස්ථා විiමාන නොවේ.
රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගතිලක්ෂණ නැතුවා මෙන්ම ජන වරමක් හිමි පුද්ගලයන් නොසලකා හැරීම ද කැපී පෙනෙන කාරණාවකි. දීර්ඝ කාලයක් තිස්සේ එජාපයේ ප‍්‍රබලයෙකු වූ විජමු ලොකු බණ්ඩාර දේශපාලනයෙන් සමු ගන්නේ වික‍්‍රමසිංහ මහතා හැරදමා යාමෙනි. ඔහු සිය පුත‍්‍රයා දේශපාලනයට අවතීර්ණ කර ගැනීම සඳහා භාර දෙන්නේ මහින්ද රාජපක්ෂටය. මෙවැනි සාධක වික‍්‍රමසිංහ මහතා තුට්ටුවකට මායිම් නොකරන බව පෙනේ. ව්‍යාපාරයක හිමිකරුවෙකුට එය ගැළපෙතත් දේශපාලන පක්ෂයක නායකයෙකුට එය නොගැළපේ.

තීරක බලවේගය
මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් පසුවන්නේ වික‍්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතය අවසන් කිරීමේ උවමනාවෙන් මඬනා ලදුව බව පැහැදිලිය. එ් වෙනුවෙන් ජනාධිපතිවරයා ප‍්‍රබල පියවර කීපයක් ගත්ත ද සියල්ල පරාජය කිරීමට වික‍්‍රමසිංහ මහතා සමත් වන්නේය. එ් නිසාම වික‍්‍රමසිංහ මහතාට විරුද්ධ, කලින් එජාපය නියෝජනය කළ මැති ඇමතිවරුන් සහ ජනාධිපතිවරයාට න්‍යාය සපයන කේවට්ටයන් ඊළඟට සැලසුම් කරන්නේ වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයට බර අවි යොදා පහර දීමටය.
එළඹෙන කවර මැතිවරණයක් ආසන්නයේ වුව එජාපයේ මහජන නියෝජිතයන්, අමාත්‍යවරුන්, සැලකිය පිරිසක් මෛතී‍්‍රපාල සිරිසේන මහතා තමන් සමීපයට ළංකර ගැනීමට ඉඩ කඩ ඇත. එ් වෙනුවෙන් සිදු වෙන සාකච්ඡුා ගැන අගමැතිවරයා අසංවේදීය. යම් විටෙක සජිත් ප්‍රේමදාස පවා වික‍්‍රමසිංහ මහතා හැරදමා ගියහොත් එජාපයේ දේශපාලන අනාගතය පමණක් නොව එය රටේ අනාගතයට ද අදාළ ප‍්‍රශ්න ගණනාවක් නිර්මාණය කරන්නේය.
රනිල් වික‍්‍රමසිංහ මහතා තමන්ට හිතෛෂී නැති බව සජිත් ප්‍රේමදාස මහතා වටහා ගෙන සිටිය ද, පක්ෂය හැරදමා නොගොස් මහින්ද රාජපක්ෂ පක්ෂයේ දිගටම රැඳී සිටි අන්දමට රැුඳී සිටියහොත් පක්ෂයේ නායකත්වය තමන්ට හිමි බව සජිත් ප්‍රේමදාසගේ ගණන් බැලීම වී තිබුණි. එහෙත් පසුගිය දවස්වල සිදුව තිබෙන විවිධ මට්ටම්වල සාකච්ඡා අනුව සජිත් ප්‍රේමදාස මහතා වටහා ගනිමින් සිටින්නේ තමන්ට එජාපයේ නායකත්වය අහිමි වී යා හැකි වාතාවරණයකි. මොන අන්දමකින් හෝ එළඹෙන ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට උත්සුකව සිටින මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සජිත් ප්‍රේමදාස දිනාගැනීම හෝ දිනාදීම සිදු වීමට තිබෙන ඉඩකඩ වැඩිය. එමෙන්ම සජිත් ප්‍රේමදාස තමා වෙනුවෙන් රඳවා ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට තිබෙන හැකියාව ඉතා දුබලය.

මිතුදම හා පිළිසරණ
රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ රැුඳී සිටින්නේත්, දේශපාලන බලය හිමි කර ගැනීමට වීරිය දරන්නේත්, අයථා ක‍්‍රමවලට මුල් තැන දෙමිනි. නිර්භීත තීන්දු තීරණ ගනිමින් ප‍්‍රශ්න විසඳීම හෝ අභියෝග ජයගැනීම වික‍්‍රමසිංහ මහතාට අනභිමතය. නූල් සූත්තර, යටි කූට්ටු වැඩ ඔස්සේ දේශපාලන රඟමඬල තුළ අසාර්ථකවීම් හා අවඥාවට ලක්වීම් අපමණ වෙතත් කිසිවකින් පාඩමක් ඉගෙන නොගැනීම එතුමාගේ අවාසනාව වී තිබේ.
වික‍්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ අතර තිබෙන මිතු දම අසමසම බවය තතු දත් උදවිය පවසන්නේ. ඊට කිට්ටු මිතුදමක් දිනේෂ් ගුණවර්ධන සමඟ ද තිබෙන බව අසන්නට ලැබේ. එ් කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂට වික‍්‍රමසිංහ මහතා ගැන තිබෙන අසීමිත විශ්වාසය වික‍්‍රමසිංහ මහතාට මහින්ද රාජපක්ෂ කෙරේ ද තිබෙන බව කියැවේ.
එ්කාබද්ධ විපක්ෂයෙන් අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙන ආවත්, මහින්ද රාජපක්ෂ ඊට ඡන්දය ලබා දීම සිදු කළත්, ඔහුට අවශ්‍ය වන්නේ එ් කටයුත්තට තිරය පිටුපස සිට නායකත්වය ලබා දුන් ජනාධිපති සිරිසේනගේ ව්‍යායාමය පරාද කිරීමටය. එය ඔහු මැනවින් සිදු කළේය. එ් ඔස්සේ සිරිසේන මහතා සවුත්තු වුණ අතර වික‍්‍රමසිංහ මහතා හිස එසවීය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද විසි වෙනි සංශෝධනයට සම්පූර්ණ සහයෝගය ලබා දීමට මහින්ද රාජපක්ෂ මහතා එකඟ වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ද අනුදැනුම මත බව දැන ගන්නට ඇත. ඊට අදාළ හේතු දෙකක් ඇත. එක් හේතුවක් වන්නේ මහින්ද රාජපක්ෂට විධායක ජනාධිපති ධුරය යළි දැරිය නොහැකි වීමය. එහෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමට නාමල් රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ සතුටු වනු නැත. තතු කෙසේ වුව මෛතී‍්‍රපාල සිරිසේන බෙලසුන් කිරීමට ඉන් හැකිය යන හැඟීම මහින්ද රාජපක්ෂට අදාළය.
විසි වෙනි සංශෝධනයට මහින්ද රාජපක්ෂ මහතා සහයෝගය ලබා දීමට කලින් තීරණය කර සිට, දැන් සහයෝගය ලබා නොදීමට තීරණය කරන්නේ නම් ඊට මුල් වන්නේ ප‍්‍රාණමිත‍්‍ර වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීම විය හැකිය. ඉන් ලැබෙන වාසි කීපයකි. එකක් නම් වික‍්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට යළි අවස්ථාවක් ලබා දීමය. එ් ඔස්සේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් විධායක ජනාධිපති පදවිය අහෝසි නොකර සිටීමට අවස්ථාව පෑදීම ද වැදගත් කාරණාවකි.
ටීට අදාළ අනෙක් වැදගත් කාරණාව වන්නේ ජනාධිපතිවරණයක් සඳහා සියල්ල පෙළ ගැසුණහොත් මෛතී‍්‍රපාල සිරිසේන මහතා නන්නත්තාර කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන ප‍්‍රබල හැකියාවයි.

මෛතී‍්‍ර රනිල් දෙදෙනාම නිමි
ජනාධිපතිවරණයක් ඉදිරියේ දී පැවැත්වීමට තීරණය කළහොත්, ඊට රනිල් වික‍්‍රමසිංහ හා මෛතී‍්‍රපාල සිරිසේන යන දෙදෙනා ඉදිරිපත් වුවහොත්, දෙදෙනාම නිසැකවම පරදින බවට සැකයක් නැත. ජනාධිපතිවරණයක දී මේ දෙදෙනාට අදාළව තීරක බලවේගය මෙහෙයවන්නේ මහින්ද රාජපක්ෂයි. රනිල් වික‍්‍රමසිංහට අවස්ථාවක් ලබා දීමට මහින්ද රාජපක්ෂ කැමති වෙතත්, මොනම හේතුවක් නිසාවත් මෛතී‍්‍රපාල සිරිසේනට අවස්ථාවක් ලබා දීමට මහින්ද රාජපක්ෂ කැමති වනු නැත.
මීට වඩා වෙනත් කරුණක් ද වැදගත් වේ. එය නම් නැවත ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් රනිල් මෛතී‍්‍ර දෙදෙනාගේ ඉරණම විසඳීමට වෙනත් චරිතයක් නිසැකවම මතු වීමය. එය වැළැක්විය නොහැකිය. එ් චරිතයට ජය හිමි වනු ඇත. එහෙත් එය රටේ අනාගතය සම්බන්ධයෙන් එ් ඔස්සේම බරපතළ ප‍්‍රශ්න උද්ගත කරනු නියතය.

ඉතිරිව තිබෙන විසඳුම
ශී‍්‍ර ලංකාවේ වාසය කරන නීති ගරුක පුරවැසියන්ගෙන් බහුතරය නිසැකවම ඉදිරියේ දී මෛතී‍්‍රපාල සිරිසේන පමණක් නොව රනිල් වික‍්‍රමසිංහ ද ප‍්‍රතික්ෂේප කරනු නියතය. එ් දෙදෙනාම තමන් ප‍්‍රතික්ෂේප වන අන්දමට ඕනෑවටත් වඩා දේශපාලන රඟමඬල මත ජනතාවගේ අප‍්‍රසාදයට, පිළිකුලට හා කෝපයට පත්වන චරිත රඟපා තිබේ. ඉන් අනතුරුව රටට අත්වන ඉරණම කුමක් ද?
අනපේක්ෂිතව ජනාධිපතිවරණයකට මුහුණ දීමට මතු වෙන පුද්ගලයෙකු විධායක ජනාධිපති පදවිය උසුලනු ඇත. ඔහුට හෝ ඇයට රාජ්‍ය පාලනය ගෙන යාමට හැකි වේ ද? එය අවිනිශ්චිතය. තවදුරටත් රට අවුලෙන් අවුලට යාම වැළැක්වීම අපහසුය. එවැනි අවාසනාවන්ත තත්වයකින් රට ගලවා ගැනීමට තිබෙන එකම විසඳුම විසි වෙනි සංශෝධනය ඔස්සේ විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම පමණි.
සැබවින්ම විසි වෙනි සංශෝධනය සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ යුත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාය. එ් සඳහා ඔහු ජනාධිපති සිහිනය අත් හළ යුතුය. සිය ප‍්‍රාණමිත‍්‍ර මහින්ද රාජපක්ෂගේ සහයෝගය විසිවෙනි සංශෝධනයට ලබා ගැනීමට පියවර තැබිය යුතුය. එජාපයේ පූර්ණ සහයෝගය ප‍්‍රසිද්ධියේම පළ කළ යුතුය. එවිට උදාවන තත්වය පරාජය කිරීමට මොනම විදිහකින්වත් ජනාධිපති සිරිසේනට නොහැකිය. මෙහිම අනෙක් පැත්ත ද වැදගත්ය. එ් කුමක් ද?
රටට පොරොන්දු වූ ප‍්‍රකාරව විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට ජනාධිපති සිරිසේන නිර්භීතව පෙරමුණ ගැනීමයි. ඔහු එ් තීරණයට අවතීර්ණ වුවහොත්, විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට ප‍්‍රතිඥා දුන් සියලූ දෙනාම රටවැසියන් මුළා කළා මිස එ් ප‍්‍රතිඥාව ඉටු නොකළ ද තමා එය ඉටු කළ බව පවසමින් අලූත් ජවයකින් නීති ගරුක පුරවැසියන් අබිමුවට අවතීර්ණ විය හැකිය. එ් සඳහා අවශ්‍ය වන්නේ අවංක කැපවීමක් හා නිර්භීතභාවයක් පමණි. කෙසේ වෙතත් වත්මන් නායකයන් දෙපළම පියවි සිහියෙන් පසක් කර ගත යුතු වන්නේ තමන් දෙදෙනාටම ඉදිරි ජනාධිපතිවරණයක දී ජන වරමක් නොලැබෙන බවයි. එහෙත් මේ දෙදෙනාටම විවෘත මාවතක් ඇත. එ් කුමක් ද?
වත්මන් නායකයන් දෙදෙනාටම තම තමන්ගේ ශේෂ පත‍්‍රයන් නිවැරදිව සමාජගත කිරීම ඔස්සේ පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්ව ඉන් ජය ගෙන රට පාලනය කිරීමට අවස්ථාව උදා කර ගත හැකිය. පාර්ලිමේන්තුව මඟින් රටේ අනාගත අභිවෘද්ධියට අදාළව තීන්දු තීරණ ගෙන රාජ්‍ය පාලනයට ඉන් අවස්ථාවක් උදා වෙන්නේය.
මෙහිදී දේශපාලනයේ නිරත කවුරුත් වටහා ගත යුතු වැදගත්ම කාරණාව වන්නේ රනිල් වික‍්‍රමසිංහ නමැති පුද්ගලයා සදාකාලික නැති බවය. එබැවින් ඔහු ගැන සිතමින්, ඔහු කෙරේ හුඹස් බියක් මවාගෙන දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට මැළිවීම අඳබාල කටයුත්තක් වන්නේය.

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැගීම් සහ පසුබෑම්

0

ජයදේව උයන්ගොඩ

ලංකාවේ පසුගිය දශක කිහිපයෙහි දේශපාලන ගමන්මග දෙස බලන විට අපට පෙනෙන ප‍්‍රවණතාවක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැ`ගී ම් සහ පසුබැසීම්ය. නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා අධිකාරවාදී බලවේග ප‍්‍රජාපීඩක පාලනතන්ත‍්‍ර පිහිටුවාගෙන රට පාලනය කරන විට, ඒවාට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග යළි ඒකරාශි වී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට හැකිවීම එහි ඇති සාධනීය පැත්තයි. එහි නිශේධනීය පැත්ත වන්නේ එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලට මේ ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය මුදුන්පත් කිරීමට නොහැකිවී, එම අසාර්ථකත්වයේ පසුබිම තුළ නිර්-ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී බලවේග යළි කඳවුරු බැදගෙන ශක්තිමත් වීමයි.
වර්තමානය, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයේ ඇති මෙම උභතෝකෝටිකය මැනැවින් නිරූපණය කරයි. වර්තමාන අවස්ථාව සලකුණු කරන්නේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පසුබෑමත්, නිර්-ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග යළි සංවිධානය වීමත් යන කි‍්‍රයාවලීන් දෙකම එකට සිදුවන දේශපාලන සන්ධිස්ථානයකි. ලංකාවේ දේශපාලනය මෙම සන්ධිස්ථානය පසුකර කවර දිසාවකට ගමන් කරන්නේද යන්න තවමත් පැහැදිලි නැත. මෙම අපැහැදිලි තත්ත්වය තුළ, දේශපාලන බලවේගවල නැවත සන්ධානගත වීමේ හැකියාවක්ද තිබේ. 2019 වසරේ අගදී පැවැත්වෙන ජනාධිපති මැතිවරණය මෙම කි‍්‍රයාවලිය ඉක්මන් කරවීමේත්, එය සංයුක්ත ප‍්‍රතිඵලයක් කරා ගමන් කරවීමේත් ගාමක සාධකය වනු ඇත.

දැනට සිදුවෙමින් පවත්නා කි‍්‍රයාවලිය විග‍්‍රහ කළ හැක්කේ කෙසේද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල පසුබෑම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආයතනික පරිහානිය සහ නිර්ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල කඳවුරු බැඳ ගැනීම යන තේමා තුන ආශි‍්‍රතව එම විග‍්‍රහය කළ හැකි බව පෙනේ.

 

ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල පසුබෑම
වර්තමාන ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල පසුබෑම සංයුක්ත ලෙස ගොනු වී තිබෙන්නේ, ‘‘යහපාලන’’ නමින් හැඳින්වුණු ආණ්ඩුවේ අර්බුදය සහ බිඳනොවැටී බිඳවැටීම යන කාරණයෙහිය, මෙම ආණ්ඩුවේ ඇති විශේෂතම ලක්ෂණයක් වූයේ, එය එක්තරා ඵෙතිහාසික වගකීමක් ඉටු කිරීම තම එකම න්‍යාය පත‍්‍රය බවට පත්කර, ඒ න්‍යාය පත‍්‍රයට මහජන අනුමැතියද ලබාගෙන බලයට පත්වීමයි. ඒ අනුව, 2015 වසරේ මුලදී බලයට පැමිණි සන්ධානය සමාන කළ හැක්කේ 1994දී බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණු සන්ධානයටය. එම දෙකෙහි ඇති මූලික වෙනස 1994දී එම සන්ධානයේ ප‍්‍රතිවාදියාව සිටි එජාපය 2015 සන්ධානයේ ප‍්‍රධානතම හවුල්කරුවා වීමයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග ආණ්ඩු වෙනසක් සඳහා වූ සන්ධානයක් වටා ඒකරාශිවූ විට ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී න්‍යාය පත‍්‍රයේ සාර්ථකත්වය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ, අලූතෙන් බලයට පත්වන ප‍්‍රතිසංස්කරණවාදී ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගමය සාර්ථකත්වය මතය. 2015න් පසු පසුගිය වසර තුනහමාර තුන අප දැක ඇත්තේ, මෙම විචල්‍යයන් දෙක එකට නොගැළපීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සාමය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමේත්, ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමේත් වගකීම සාර්ථකව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය තරම් දේශපාලන අධිෂ්ඨානය සහ කැපකිරීම නොතිබුණු ආණ්ඩුවේ නායකයන් අතර දැන් වර්ධනය වී තිබෙන්නේ අසමගිය සහ පසමිතුරු ප‍්‍රතිවිරෝධතාවන්ය. ආණ්ඩුව අභ්‍යන්තර වශයෙන්ම දුර්වල වී, ඉදිරියට යා නොහැකිව, ආණ්ඩුකරණ අර්බුදයක් වෙත ඇදවැටී තිබේ.
මෙය ආණ්ඩුව සමග සන්ධානගත වී සිටි සිවිල් සමාජයේ ප‍්‍රතිසංස්කරණවාදී බලවේගවලටද විසඳුමක් නැති අභියෝගයක් වී තිබේ. තවදුරටත් ප‍්‍රතිසංස්කරණවාදී නොවන දුර්වල, කුසීත සහ වගකීම් රහිත ආණ්ඩුවක් සමග අනන්‍යවී සිටීමේ මිල ගෙවන්නට එම බලවේගවලටද සිදුවී තිබේ. එම බලවේග අතර මේ දිනවල සිදුවන දේශපාලන සාකච්ඡුා දෙස බලන විට පෙනෙන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ප‍්‍රතිසංස්කරණවාදී බලවේගද දේශපාලන වශයෙන් වික්‍ෂිප්තව සහ වියවුල්ව සිටින බවයි. අලූත් දේශපාලන ඉදිරි දැක්මක් සූත‍්‍රගත කිරීමට එම බලවේගවලට තවමත් අපහසුය. එයද ප‍්‍රජාත්ත‍්‍රවාදී බලවේගවල පසුබෑමේ ප‍්‍රධාන පැතිකඩක් වී තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවල පරිහානිය
නොයෙකුත් ආකාරවලින් ප‍්‍රකාශයට පත්වන, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආයතනික පරිහානියේ තීව‍්‍රභාවය මේ දිනවල ප‍්‍රකාශයට පත්වන මූලික ආඛ්‍යානය වී තිබෙන්නේ, ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් මන්තී‍්‍රවරුන් පිළිබඳ අසම්පූර්ණ වෘත්තාන්තයයි. එය අසම්පූර්ණ වෘත්තාන්තයක් වී තිබෙන්නේ, කාට, කොපමණ මුදල් ලැබුණාද යන තොරතුරුවලින් එළිදරව් වන පක්‍ෂ දේශපාලනය සහ දේශපාලන දුෂණය පිළිබඳ සම්පූර්ණ සාකච්ඡුාවක් සිදුනොවන හෙයිනි. දේශපාලන දුෂණයට, අලූත් ව්‍යාපාරික පන්තියේ සෘජු දායකත්වය පිළිබඳ පුළුල් සාකච්ඡාවක් කිරීමට අර්ජුන ඇලෝසියස් අප රටේ ජනමාධ්‍යයට කලාතුරකින් ලැබෙන අවස්ථාවක් දී ඇති මුත්, ජනමාධ්‍ය ඒ ගැන උනන්දු වන බවක් නොපෙනේ.

ඇලෝසියස් සහ මන්තී‍්‍රවරුන් ගණනාවක් අතර සිදුවී ඇති බව පෙනෙන මෙම දුෂිත ගනුදෙනුව ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැටලූවක් වේ. එය වනාහි අප රටේ ප‍්‍රජාන්ත‍්‍රවාදයේ ආයතනික පරිහාණියේ එක් පැතිකඩකි. එම ගැටලූව සංක්‍ෂිප්තයෙන් ප‍්‍රකාශ කරන්නේ නම් මෙසේය. සමාජය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතරේ ප‍්‍රධානතම පුරුක් දෙක වන දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය දේශපාලනඥයන් යන ආයතන දෙක අභ්‍යන්තරයෙන් දුර්වල වීමේත්, බිඳවැටීමේත්, දශක කිහිපයක් තිස්සේ පැවැති කි‍්‍රයාවලිය දැන් මේරූ සහ උච්ඡ අවස්ථාවකට පැමිණ තිබේ. බිඳවැටීමට හේතු බොහොමයක් ඇත. ඒ අතරින් දැනට එළිදරව් වී ඇති වැදගත් කාරණාවක් වන්නේ, දුෂණය සහ ව්‍යාපාරික කොටස් ඒ සඳහා කරන ඇති දායකත්වයයි.

දුෂණය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති ඉතා බරපතළ සැගවුණු තර්ජනයක්ය යන්න දැන් අප හැමදෙනාටම පිළිගැනීමට බලකෙරේ. දුෂණය, දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය දේශපාලනඥයන් යන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පුරුක් දෙක ඇතුළට කාවැදුණ විට සිදුවන්නේ, ඒ දෙකෙහිම චර්යාධාර්මික අරටුව හාරා එළියට දැමීමයි. ඒ දෙකම අභ්‍යන්තර වශයෙන් හිස් බවට පත් කිරීමයි. එම ඉරණමට පත්වූ දේශපාලන පක්‍ෂ සහ දේශපාලනඥයන්, දේශපාලන කි‍්‍රයාවලිය තුළ තම බලය පැවැත්වීම වැළැක්වීමේ මගක් සොයාගැනීම, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග මේ දිනවල මුහුණ දෙන විශාලම අභියෝගයයි. ‘ආණ්ඩු වෙනස’ යන්න ඒ සඳහා අවශ්‍ය වන එහෙත් ප‍්‍රමාණවත් නොවන කොන්දේසියක් බව යහපාලන ආණ්ඩුවේ අත්දැකීමෙන් සනාථ වී තිබේ. මේ අතර දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය දේශපාලන ස්තරය නැති නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන සිතීමටවත් නොහැකිය. දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය දේශපාලන ප‍්‍රභූන් නැති සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ආපස්සට යෑමද වලංගු වන විකල්පයක් නොවේ.

මෙම උභතෝකෝටිකය වනාහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දර්ශනය සහ න්‍යායද අද මුහුණ දෙන අභියෝගයකි. එම අභියෝගය අපට මෙසේ සූත‍්‍රගත කළ හැකිය. නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ දේශපාලනය සහ පුරවැසියා අතර ප‍්‍රධාන සම්බන්ධතා පුරුක් දෙක වන දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය දේශපාලනඥයන්ගෙන් සාපේක්‍ෂ වශයෙන් වෙන් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම භාවිතාවක් ගැන සිතිය හැකිද? එම පිරිහුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන දෙකට ආදේශකයක් වීමට සිවිල් සමාජ ව්‍යාපාර සහ ස්වේච්ඡුා සමාජ කි‍්‍රයාකාරිකයන්ට හැකිවන්නේද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආයතන යළි ගොඩ නැගීමේ න්‍යාය පත‍්‍රයක, දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය දේශපාලනඥයන් පිළිබඳ ගැටලූව මතු කළ යුත්තේ කෙලෙසද?

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීන්ගේ සන්ධානය
වර්තමාන ලංකාවේ දේශපාලන බිම්දසුනේ, එනම් පොලිටිකල් ලෑන්ඞ්ස්කේප් එකේ, හිස් අවකාශ කිහිපයක්ම තිබේ. ඒවා අතරින් එකක් වන්නේ, දැනට පවත්නා දුර්වල, කුසීත සහ අකාර්යක්‍ෂම ආණ්ඩුව වෙනුවට ඇති විය යුතු සැබෑ විකල්පය කුමක්ද යන්න ගැන ඇති හිස්බවයි. මෙම හිස්තැන පිරවීමට බලවේග දෙකක් සූදානම් වන බව පෙනේ. ඒ දෙකම රාජපක්‍ෂ පවුලට සම්බන්ධ ඒවාය. පළමුවැන්න මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඉදිරියට දමමින්, බැසිල් රාජපක්‍ෂ ගෙන යන පොදුජන පෙරමුණු සන්ධානයයි. දෙවැන්න ‘වියත්මග’ පදනම් කොටගෙන ගෝඨාභය රාජපක්‍ෂ ගොඩනගාගෙන යන විකල්ප විරුද්ධ පක්‍ෂ සන්ධානයයි.

මේ අතරින් ‘වියත්මග’ ඒ තරම් බැ?රූම් දේශපාලන විග‍්‍රයහකට තවමත් පාත‍්‍ර වී නැති දේශපාලන ප‍්‍රපංචයකි. ඒ සඳහා උත්සාහ ගැනීමේදී අපට පහත සඳහන් නිරීක්‍ෂණවලින් ආරම්භ කළ හැකිය.

ගෝඨාභය රාජපක්‍ෂ තම දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්නේ දේශපාලන පක්‍ෂවලට පිටතින් සිදුවන දේශපාලන ව්‍යායාමක් ලෙසය.
‘වියත්මග’ සංවිධානයේ ප‍්‍රධාන වශයෙන් කණ්ඩායම් හතරක් තිබෙන බව පෙනේ. එහි මැද, අරටුවේම සිටින්නේ විශ‍්‍රාමලත් හමුදා නිලධාරීන්ය. දෙවැනි තලයේ සිටින්නේ, කොළඹ සිටින ඉතාම ධනවත් සහ මෑතදී ධනවත් වූ ව්‍යාපාරික කොටස්ය. තුන්වැනි මට්ටමෙන් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සමග සම්බන්ධව සිටි වෘත්තීයමය නිලධරතන්ත‍්‍රයේ කොටස්ය. හතරවෙනිව සහ අවසානයේ සිටින්නේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, තොරතුරු තාක්‍ෂණකරුවන් වැනි ස්තරවලට අයත් සාපේක්‍ෂ වශයෙන් තරුණ වෘත්තිකයන්ය.

‘වියත්මග’ට අයත් කිසිදු කණ්ඩායමක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කරන්නේත් නැත. තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් බව කියන්නේ්ත් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙස ඔවුන් බලන්නේ සාවඥවය. සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව ගැන ඔවුන් දකින්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලංකාවට නොගැළපෙන්නේය යන ප‍්‍රවාදයට ඇති හොඳම නිදසුන ලෙසය.

‘වියත්මග’ පිළිබඳ දේශපාලන වශයෙන් සංශයවාදීව බලන කෙනෙකුට පැහැදිලිව පෙනෙන කරුණක් තිබේ. එය නම්, ලංකාවේ ප‍්‍රධාන වශයෙන් සිංහල සමාජයේ දැනට පවතින දේශපාලන අපේක්‍ෂාභංගත්වය වෙතින් පැනනගින අධිකාරවාදී සහ ඒකපුද්ගලවාදී අභිලාෂයන්ගේ සංවිධානාත්මක ප‍්‍රකාශය ‘වියත්මග’ය යන්නය. මෙම බලවේගවලට අවශ්‍ය ‘ශක්තිමත් නායකයා’ පිළිබඳ සිහිනයේ ප‍්‍රතිරූපය ගෝඨාභය රාජපක්‍ෂය. මේ අතින් බලන විට, ගෝඨාභය රාජපක්‍ෂ සහ ඔහුගේ ‘වියත් මග,’ කලකට ඉහතදී චම්පික රණවක සහ ඔහුගේ හෙළ උරුමය ඉදිරියට දැමූ දේශපාලන අභිලාෂයේම අලූත් මුද්‍රණයකි.

එහෙත් සාර්ථක වීමට, චම්පිකට වඩා ගෝඨාභයට අවකාශ තිබෙන බව පෙනේ. මෙය වනාහි ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියේ අද තිබෙන ප‍්‍රධාන අනතුරයි. ගෝඨාභය සාර්ථක වන්නේ නම්, එසේ වනු ඇත්තේ ලංකාවේ දේශපාලන බිම්දසුනෙහි, ඔහුගේ වැනි ඒකපුද්ගලවාදී- අධිකාරවාදී දේශපාලන මැදිහත් වීමට ඉඩ සලසන අවකාශය, සිරිසේන-වික‍්‍රමසිංහ මහතුන්ට ස්තුති වන්නට දැන් පුළුල් වී තිබෙන නිසාය.
ගෝඨාභයගේ සහ වියත්මගේ දේශපාලන නැගීම කෙසේ සිදුවනු ඇත්දැයි තවමත් පැහැදිලි නැත. ඔහුගේ දේශපාලන නැගීමක් සිදුවන්නේ නම්, එය ලංකාවේ දේශපාලන බලවේග අතර බලතුලනය සෑහෙන දුරට වෙනස් කිරීමට තුඩුදෙනු ඇත. ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශී‍්‍රලනිපය, වියත්මග සමග සන්ධානගත වීමටද බොහෝ දුරට ඉඩකඩ තිබේ. දේශපාලන පක්‍ෂවලින් ස්වාධීනව සහ පිටතින් පැමිණ ඇමරිකාවේ ඡුන්දය දිනූ ට‍්‍රම්ප්ගේ නිදසුන අනුගමනය කිරීමට තමන්ටද හැකිවනු ඇතැයි, ගෝඨාභය රාජපක්‍ෂද සිතනවා වන්නට පුළුවන. දේශපාලන පක්‍ෂ සහ නායකයන් ගැන කලකිරුණු විශාල ව්‍යාපාරිකයන්ට, ධනවත් වෘත්තිකයන්ට සහ මධ්‍යම පන්තිකයන්ට, ගෝඨාභයගේ විකල්පය ආකර්ෂණශිලී වන්නට පුළුවන. එහෙත් එම විකල්පය රටේ පුරවැසියන් බහුතරයකගේ සිත් ඇදගන්නා එකක් වන බවට සාධක තවමත් නොපෙනේ.

අවසාන වශයෙන් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය පිළිබඳ මේ මොහොතේ පවතින ගැටලූවේ පහත සඳහන් පැතිකඩවලට ආමන්ත‍්‍රණය කරන අලූත් දේශපාලන ව්‍යායාමයක අවශ්‍යතාව තදින් මතුවී තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුවක සාර්ථකභාවය පිළිබඳ මහජන විශ්වාසය දැනට සෙළවී තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තන න්‍යාය පත‍්‍රයක් අවසානය කරා ඉදිරියට ගෙනයෑමට අධිෂ්ඨානය සහ කැපවීම ඇති දේශපාලන නායකත්වයක් අප රටේ සිටින බවට ලකුණු නැත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයේ ප‍්‍රධාන කි‍්‍රයාකාරිකයන් හැටියට දේශපාලන පක්‍ෂ සහ වෘත්තීය දේශපාලනඥයන් සතු කාර්යභාරය සහ හැකියාව අලූත් කළ යුතුව තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන බලවේග සන්ධානයක් සඳහා අලූත් චර්යාධාර්මික නායකත්වයක් සහ මධ්‍යස්ථානයක් දැනට නැත.
මේ දිනවල සමහර වමේ සහ ප‍්‍රගතිශිලී කොටස් අතර ඇතිවන සාකච්ඡුාවලින් වාද කරන බව පෙනෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ බලයට ඒම වැළැක්වීමේ උපායමාර්ග කුමක් විය යුතුද? යන්නයි. රනිල් වික‍්‍රමසිංහ වටා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග යළි ඒකරාශි කළ යුතු බව සමහරු තර්ක කරති. සමහරු එයට විරුද්ධ වෙති. මට පෙනෙන ලෙස, මෙය වනාහි නිරර්ථක වාදයකි. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයේ ගැටලූවට විසඳුම් සෙවීම පිළිබඳ සාකච්ඡුාව ඊට වඩා පුළුල් කළ යුතුය. පුළුල් කළ සාකච්ඡාවකින් වඩාත් නිර්මාණාත්මක විකල්ප මතුවීමේ ඉඩකඩ වැඩිය.

ගෝඨා අවොත්: පායයිද හිරු? උතුරයිද කිරි?

0

ටැබූ සබ්ජෙක්ට්ස්

 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම 2020 ජනාධිපතිවරණයේ පොහොට්ටුවේල එනම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශීර්වාදය හා සහයෝගය ලබන කණ්ඩායමේල අපේක්ෂකයා සේ ඉදිරියට පැමිණ ඇති බව පෙනේග මෙය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා දැඩි මහින්දවාදීන්ගේ අමන්දානන්දයට හේතු වී ඇති සේයග සත් වසෙක නියඟයෙන් හෙම්බත් වූ කාස්ටක රළු පොළොවට කලකට පසුව අනෝරා වැස්සක් වැටුණාක් වැන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල වත්පොත් පිටුවේ ජයන්ත වික‍්‍රමසිංහ තබන මේ සටහන තවත් සුවහසක් දෙනාගේ අභිලාෂ නියෝජනය කරන බවට සැක නැතග
:උපුටනය රැවටුනා ඇති මෛත‍්‍රිල රනිල් දෙන්නාට මේ රට ගොඩගන්න බැරි බව ඔප්පුවීගෙන යනවාග තව මෙහෙම ඉස්සරහට ගියොත් සුඩානේල සෝමාලියාව වගේ වෙලා තමයි නවතින්නේග චන්දේ ගන්න මොනව හරි කියනවාග දිනලා ගිහින් උන්ට ඕනේ දේවල් උන් කරන්නේග අපිට කියපු දේවල් නෙවෙයිග උන් හොඳට අපේ සල්ලි වලින් සැප විදිනවාග අපි හැමදාම දුක කිය කිය ඉන්නවාග ඉතින් දැන්වත් මොළේ කල්පනා කරලා ගෝඨාභය රාජපක්ෂ වගේ හොද දැක්මක්ල අනාගතය ගැන හොද අවබෝධයක් තියෙනල දක්ෂ කෙනෙක් ගේන්න කටයුතු කළ යුතුයිග කාගේ කාගේත් අඩුපාඩු තියෙනවාග නමුත් රට දැන් තියෙන තත්වය අනුව ඒ වගේ කෙනෙක් අවශ්‍යයිග:නුපුටනය
පළමුවල මෙසේ වූ පමණෙකින්ම ගෝඨාභය රාජපක්ෂ නියත ලෙසිපොහොට්ටුවේ’‍ අපේක්ෂකයාය කියන්ට ලේඛකයා ඉක්මන් නොවේග ජනාධිපතිවරණය පිළිබඳව අපේ පසුගිය අත්දැකීම් නම් වැඩි වාසි ලැබෙන්නේ මුහුදට හත් ගව්වක් තියා අමුඩය ගසන අපේක්ෂකයාට නොව ස’ප‍්‍රයිසයක් ලෙස ඉදිරියට පැමිණෙන්නාට බවය එසේම ගෝඨාභය රාජපක්ෂ දකුණේ කොයිතරම් ජනප‍්‍රිය වුවද සුළුතරයන්ගේ විශ්වාසය දිනාගන්ට තවමත් අසමත් වූ පුද්ගලයෙකිග ඔහු වැන්නකු තරග බිමට එවීමෙන් දැනටමත් මහින්ද රාජපක්ෂගේ සාක්කුවේ ඇති ඡන්ද ටිකට අලූතින් එකතු වන දෙයක් නැත මේ නිසා ගෝඨාභය රාජපක්ෂගේ වත්මන් භූමිකාව සැබෑ අපේක්ෂකයා ජනාධිපතිවරණයට මාස දෙක තුනක් තියා එළි බසින තුරු වේදිකාව තැනීම වන්ටත් ඉඩ තියේග අන්න රෙදිල මෙන්න මැසිමල මෙන්න කතුර කී පමණෙකින්ම අපි ඇඳුම කපා මසා හැඳ ගනිමුද?
දෙවනුවල ගෝඨාභය රාජපක්ෂම ජනපතිවරණයට ඉදිරිපත් වුවද ඔහුගේ දිනුම බොහෝ දුරට පිළිමල් අපේක්ෂකයා මතද රඳා පවතියි රනිල් වික‍්‍රමසිංහ ඔහුගේ ප‍්‍රතිමල්ලවයා වන්නේ නම් තරගය වන් හෝස් රේස් එකක්ම නොවන බව කිව මනාද? මේ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම තවමත් අවිනිශ්චිත කාරණාවකි
මේ අවිනිශ්චිතබව පිළිබඳ චතුස්කෝටික ගැටලූව සුමනදාස අබේගුණවර්ධනටල මංජුල පීරිස්ටල නලින් ද සිල්වාටල ඉන්දික තොටවත්තට හා ගංගා මෑණියන්ට ඉතිරි කොට තබාල ගෝඨාභය රාජපක්ෂ මහතා නියත ලෙස ජනාධිපති වන්නේය යන උපකල්පනය මතල ඇති විය හැකි තත්ත්වය පිළිබඳ යම් විශ්ලේෂණයක යෙදෙන්ට ලේඛකයා කල්පනා කරයිග එසේ විය හැක්කේ මූලික කාරණා කිහිපයක් සැපැරීමෙන් පසුව බව අපට අමතක කළ නොහැකියග මෙවැනි අවස්ථාවලදී ලේඛකයා වන්ට වඩා ඉඩ ඇති දේ උපකල්පනය කරයි නිවැරදිම නොවෙතත් නූල් බෝලය තරමකට හෝ ලිහා ගත හැකි මඟ ඒයග මෙහි පහත චිත‍්‍ර ඇඳෙන්නේල පැහැදිලිව දක්වා නැතදල එවැනි උපකල්පන අටෝරාසියක් මත බව පාඨකයා සැලකුව මනාය
පළමුවැන්න කෙටිකාලීන චිත‍්‍රය :ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ අවස්ථාවේ පටන් මාස හයක කාලය
ඕනෑම ජනාධිපතිවරයකුට සිය පැවැත්ම පිණිස සවිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයගිසොඳුරු ආඥාදායකයකු’‍ වන්ට ඉඩ ඇත්තේය කියන ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් පවා මෙය සත්‍යයග ලී ක්වාන් යූලාල මහතිර් මොහොමඞ්ලා ඉබේ බිහි නොවෙති ඔවුනට ඒ සඳහා ශක්තිය සපයන්නේ පාර්ලිමේන්තුවයිග දුබල පාර්ලිමේන්තු ආණ්ඩුවක් ඇතිව හුදෙක් පෞරුෂයෙන් පමණක් සවිමත් පාලකයෙක් බිහි නොවේග ඊට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හෝ අවම වශයෙන් සරල බහුතරයට වඩා මන්ත‍්‍රීවරුන් විස්සක් විසි පහක් වත් ආණ්ඩු පක්ෂයට අවශ්‍යයග ගැටලූව ගෝඨාභය රාජපක්ෂ කෙතෙක් දුරට මේ අවශ්‍යතාව සපුරා ගනීද යන්නයි වත්මන් ව්‍යවස්ථාව වෙනස් නොවන්නේය යන උපකල්පනය ඇතිව බලතොත් ගෝඨාභයට සවිමත් පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයක් හිමි වීමේ ඉඩ අවමය
මෙය ගෝඨාභයගේම වරදක් නොවේග පසුගිය වසර 22ක පමණ කාලයක් තිස්සේ අපේ රටේ බොහෝ විට වී ඇති ඇත්තේ දුර්වල පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයග 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩු පක්ෂය රැුඳී තුබුණේ එක වැඩි ඡන්දයකිනිග 1999දී පත් වූ ඇයගේ ආණ්ඩුව මන්ත‍්‍රීවරුන් පස් හය දෙනකු පමණක් බිලී බා ගැනීමෙන් පහසුවෙන් විසුරුවා හරින්ට රනිල් වික‍්‍රමසිංහට හැකිවිය අනතුරුව ඇති වූයේ එවැනිම දුර්වල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකිග එය වසර දෙකකට ආසන්න කාලයකදී සෙත්තපෝච්චි විය
2005 පත්වූ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පවා අතිශයින් දුර්වල එකක් විය අයවැය සම්මත කරන්ට පවා මහින්දට මුලින් ජනතා විමුක්ති පෙරමුණ පසුපස යන්ටත් පසුව එය කඩා විමල් වීරවංශ ඇතුළු පිරිසක් අදින්ටත් වියග 2010 ආණ්ඩුව ප‍්‍රබල වූයේ එක්සත් ජාතික පක්ෂයේ ලොකු පංගුවක් කැඞී මහින්දට එක් වූ හෙයිනිග ඒ වාසිය එලෙසින්ම ගෝඨාභයට හිමි වෙන්ට ඇති ඉඩ අඩුයග වත්මන් ආණ්ඩුව බහුතරය පවත්වා ගන්නේ ඊනියාිජාතික ආණ්ඩු’‍ විකෘතියකිනි
ගෝඨාභය රාජපක්ෂ සිය පාර්ලිමේන්තු බහුතරය සාක්ෂාත් කර ගනු ඇත්තේ කවර ලෙසකින්ද? ජනතා විමුක්ති පෙරමුණ ඔහු හා එක් වනු ඇතැයි සිතනු අසීරුය මහ මැතිවරණයකදී ඔහුට එදිරි වන දෙමළ හා මුස්ලිම් සුළු පක්ෂ මැතිවරණයෙන් පසුව ඔහු හා එක් වෙතැයි සිතනු ඊටත් අසීරුය ලංකාවෙ සුළු ජාතීන්ට ගෝඨාභය රාජපක්ෂ තවමත් යනු නයාට වහකදුරුයග ගැරැඬියාට භූමිතෙල්යග පැවැත්ම උදෙසා ගෝඨාභය රාජපක්ෂට ඇති එක් විකල්පය අද මෙන්ම ඊනියාිජාතික ආණ්ඩුවකට’‍ යාමයිග දහ නව වන සංශෝධනයෙන් හඳුන්වා දෙන ලද මේ විකෘතිය ප‍්‍රධාන පක්ෂ දෙකේම පළමු පෙළ නායකයන්ට කවුරු දිනුවත් පැරදුණත් යම් ආකාරයක බලයක් ලබා ගැන්මේ මඟ පාදයි අගමැති ධුරය ලැබෙන්නේ නම් රනිල් වික‍්‍රමසිංහ මේ විකල්පයට අකැමැති වෙතැයි නොසිතේග එසේම ඒ නිසා ඇමැති තනතුරු ගණන 30කට සීමා කර ගැන්මේ ව්‍යවස්ථාමය අවශ්‍යතාව පහව යයිග සිදුවන්ට වඩාත් ඉඩ ඇති බවට ලේඛකයාට පෙනෙන්නේ මෙයයි
:සැයු ව්‍යවස්ථානුකූලවල ඇමැතිවරුන් 30ට වැඩි වනිජාතික ආණ්ඩු’ සැකැස්ම වත්මන් පාර්ලිමේන්තුවට පමණෙකැයිදල මතු පාර්ලිමේන්තුවකට එය වෙනස් වනු ඇතැයිද කවරකුට හෝ සිහිවිය හැක්කේය සැබැවින් ඒ එසේමය අනෙක් අතට එය වෙනස් කර ගන්ට අවශ්‍ය පෙර පූර්වාදර්ශයක් මත පදනම් වූ තව එක සුළු ව්‍යවස්ථා සංශෝධනයකිග දෙපිළම එකඟ වේ නම් තුනෙන් දෙකේ බලය ලබා ගන්ට හැකි බව පොඩියක් සිහි කර ගන්න
මේ නිසා යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වන්නේ නම් ඔහුගේ අගමැති රනිල් වික‍්‍රමසිංහ වන්ටද ඇමැති මණ්ඩලය දැනටමත් ඇමැති ධුර දරන විශාල පිරිසකගෙන් සමන්විත වන්ටද වැඩි සම්භාවිතාවක් තියේ
දෙවැන්නථ මැදි කාලීන චිත‍්‍රය :ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ අවස්ථාවේ පටන් වසර දෙකක් හා තුනක් අතර කාලය
මේ චිත‍්‍රය ඉහත කරන ලද උපකල්පනය මත වෙනස් වේග අපේ උපකල්පනය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වනල රනිල් වික‍්‍රමසිංහ අගමැති වනල වත්මන් කැබිනෙට්ටුවේ අඩක් හෝ වැඩි පිරිසක් ඇමැති ධුර දරන ආණ්ඩුවක් නම් එහි ගමන් මඟ දැනට අප ගමන් ගන්නා මාර්ගයට වෙනස් වේය සිතීම හිතළුවකිග එවැනි තත්ත්වයකදී අප අද මෙන්ම දුග්ගැහැට විඳිමින්ල පවත්නා ආණ්ඩුවට දොස් දෙවොල් තබමින් ඊළඟ දියසේන කුමාරයා එනතුරු ඇඟිලි ගනිමින් සිටිනු ඇතැයි සිතිය හැකියග එසේම මෙවැනි රජයක් යටතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බොහෝ දෙනා සිතන ආකාරයේිචීන ආර්ථික මොඩලය’‍ ක‍්‍රියාත්මක කරනිසොඳුරු ආඥාදායකයා’‍ වන්ට නොලැබෙන බවත් කිවමනා නොවේ
හැබැයි යම් හෙයකින් අපේ උපකල්පනය වැරැදීල ගෝඨාභය එක්සත් ජාතික පක්ෂයෙන් යම් පිරිසක් කඩාගෙන සිය බහුතරය සකස් කර ගන්නේ නම් චිත‍්‍රය තරමක් වෙනස් වේග :මෙය වෙන්ට ඉඩ නැත්තේම නැති හැබැයි අඩු අවස්ථාවකි එවිට ඔහුගේිසොඳුරු ආඥාදායක’‍ භූමිකාව රඟපාන්ට වැඩි හැකියාවක් ලැබෙන අතර චීනය සමඟ වඩා ප‍්‍රබල සම්බන්ධයක් ගොඩ නඟා ගැනීමේ අවස්ථාවද ලැබේග මෙසේ වී නම් ඇතිවනු ඇත්තේ 2010-2013 අතර කාලය තුළ ඇති වූවාක් මෙන් සාපේක්ෂව ප‍්‍රබල හා ආර්ථික සංවර්ධන වේගය වැඩිල පොළොව මත යම් යම් දේවල් සිදුවන බව පෙනෙන තත්ත්වයකිග මීට ප‍්‍රධාන හේතුව වනු ඇත්තේ චීනය විසින් කරනු ඇතැයි සිතිය හැකි සාපේක්ෂව විශාල ආයෝජනයයිග එසේම ගෝඨාභයගේ අධිකාරවාදී නායකත්වය මෙවැනි අවස්ථාවකදී විශාල ශක්තියක් වන බවටද සැක නැතග කොටින්ම මෙසේ වන්නේ නම් ජනතාව මේ යුගය හඳුනා ගනු ඇත්තේ 2010-2015 මහින්ද රාජපක්ෂ යුගයේ දිගුවක් ලෙසිනිග එය දුෂණයෙන් තොරල සියයට සියයක් කාර්යක්ෂම තත්ත්වයක් නුවුවදල රටෙහි යම් ආර්ථික සංවර්ධනයක් බලාපොරොත්තු විය හැකි ජනතාවට කෙටි කාලීන හෝ ප‍්‍රතිලාභ ලැබෙන යුගයක් වනු ඇති බව කිව හැක්කේය
තෙවැන්න ථ දිගු කාලීන චිත‍්‍රය :ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වූ අවස්ථාවේ පටන් වසර පහකට පසු කාලය
ඉහත අවස්ථා දෙක අනුව වෙන වෙනම මේ චිත‍්‍රය අපටම ඇඳ ගත හැකියග පළමු අවස්ථාවට අනුව එය 2019 වැනි තත්ත්වයක් වනු ඇත දෙවැනි අවස්ථාවට අනුව 2015 වැනි තත්වයක් වනු ඇත මේ දෙකම නරකම නොවන එහෙත් හොඳමද නොවන අවස්ථාය මොනම හේතුවක් නිසාවත් සිය සහෝදරයා වූ මහින්ද රාජපක්ෂගේ නායකත්වය අබිබවා යන්ට ගෝඨාභය රාජපක්ෂට නොහැකි වනු අතර බොහෝ දෙනා සිතන ආකාරයට ඔහුගේ නායකත්වය තුළ පෙර නුවූ විරූ මහා විප්ලවයක් වීමේ අවස්ථාවක් මෙතක් නම් නොපෙනේන
පුවත්පතෙහි සීමිත ඉඩ උඩ අද ලැබුණේ චිත‍්‍රයන්හි දළ කටු රූප ඇඳ ගන්ට පමණෙකි ඉදිරි ලිපියකදී ඉන්දීය චීන කලාපීය බල තුලනය තුළ මේ චිත‍්‍ර තවදුරටත් විකසනය කරන්ට බලාපොරොත්තු වෙමි රැඳී සිටින්න

ජනපතිවරණයට ගෝඨා එපා අතුල් කේශප්ගේ දේශපාලන බෝම්බය

0

 

සිය තානාපති සේවා කාලය නිම කළ ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේශප්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් සමුගැනීමේ හමුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගැන දැක්වූ අදහස පසුගිය සතියේ දේශපාලන ලෝකයේ විශාල අවධානයක් දිනාගත්තේය. සමහර මාධ්‍ය ඒ අදහස හැඳින්වුයේ, ‘දේශපාලන බෝම්බයක්’ හැටියටය.
තානාපතිවරයෙකු සිය සේවා කාලය නිමවූ පසු සිය රට බලා යෑමට පෙර, සේවය කළ රටේ දේශපාලන නායකයන්, වෙනත් විශේෂ පුද්ගලයන් හා සිවිල් සංවිධානවල නියෝජිතයන් හමුවීම සාමාන්‍යයෙන් සිරිතක් වශයෙන් පවතින්නකි. 2015 වසරේදී ලංකාවේ අමෙරිකානු තානාපති හැටියට වැඩ බාරගත් ඉන්දියානු සම්භවයක් ඇති අමෙරිකානුවකු වන අතුල් කේශප්, ඒ සිරිතට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමුවීමට පසුගිය ජුනි 10වැනි ඉරිදා සවස ඔහුගේ නිලනිවෙස පිහිටි විජේරාම මාවතට ගියේය.
මාධ්‍ය වාර්තා කළේ, විනාඩි 90ක පමණ කාලයක් එහිදී පැවැති සාකච්ඡුාවේදී, අතුල් කේශප් මහතා, ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තමාගේ අප‍්‍රසාදය බලවත් ලෙස පළකළ බවයි.
ඔහු එහිදී කියා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය හා අනෙක් බටහිර රටවල් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම කිසිසේත් පිළිනොගන්නා බවත්, ඊට විරුද්ධවන බවත්ය. එනිසා, ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් නොකරන ලෙසද අතුල් කේශප් මහතා, හිටපු ජනාධිපතිවරයාට එහිදි කියා ඇතැ’යි සඳහන් වෙයි. මාධ්‍ය වාර්තා කරන අන්දමට අමෙරිකානු තානාපතිවරයා මහින්ද රාජපක්‍ෂට ඒ බව කියා තිබුණේ, ‘පැහැදිලි, කිසිදු ව්‍යාකුලතාවක් නැති හා නිශ්චිත’ වචනවලිනි.
පසුගිය ජුනි 12වැනිදා සිය පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලයෙන් මේ කරුණු හෙළිකළ යාපනයේ ‘කාලයික්කතිර්’ පුවත්පත කියා තිබුණේ ඉතාමත්ම විශ්වාසදායි ආරංචි මාර්ගවලින් මේ සාකච්ඡුාවේ තොරතුරු තමන්ට ලැබුණු බවයි. ‘කාලයික්කතිර්’ පුවත්පතේ ප‍්‍රධාන සංස්කාරක නඬේසපිල්ලෙයි විද්‍යාදරන්, කලෙක ’උදයන්’ පුවත්පතේ කර්තෘ හැටියට කටයුතු කළ අතර, දැන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමිපතමයකු හැටියට සැලකෙයි.
එම පුවත්පත කියන අන්දමට අතුල් කේශප් මහතා කියා ඇත්තේ, තමන් බලාපොරොත්තු වන්නේ දේශපාලන පරිණතභාවයකින් යුක්ත, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන අවකාශය තුළ පලදායක ලෙස කටයුතු කළ හැකි පුද්ගලයකු ලංකාවේ ජනාධිපතිවරයා වන බවටයි. ඔහු තවදුරටත් කියා ඇත්තේ, යකඩ අතකින් ත‍්‍රස්තවාදය විනාශ කිරීමත්, දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ පාලනයක් ගෙනයෑමත් දෙකක් මිස එකක් නොවන බවයි. මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්‍ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අමෙරිකානු නීතිවලින් ඉඩක් නොලැබෙන බව අමෙරිකානු තානාපතිවරයා එහිදී පවසා ඇත. ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය අවසන් කරගැනීමට නම්, ඔහුට එල්ලවී ඇති යුද අපරාධ, මානව සංහතියට එරෙහි අපරාධ හා මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් ගැන ඇති චෝදනාවලින් පළමුව ඔහු නිදහස් විය යුතුයැයිද අතුල් කේශප් පවසා තිබේ. එම චෝදනාවලින් නිදොස් වුවහොත් පමණක්, ගෝඨාභය රාජපක්‍ෂට අමෙරිකානු පුරවැසිභාවයෙන් නිදහස් විය හැකි අතර, ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණයටද ඉදිරිපත් විය හැකිය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයට අනුව, ද්විත්ව පුරවැසිභාවයක් ඇත්තකුට ලංකාවේ ජනාධිපතිවරණයකට හෝ මහමැතිවරණයකට අපේක්‍ෂකයකු හැටියට ඉදිරිපත් විය නොහැකිය. පසුගිය මහමැතිවරණයේදී, ස්විට්සර්ලන්තයේ හා ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තිබියදී අපේක්‍ෂිකාවක ලෙස ඉදිරිපත්වී ජයග‍්‍රහණය කළ ගීතා කුමාරසිංහ මහත්මියට, ලංකාවේ අධිකරණ විසින් මන්ත‍්‍රීධුරය අහිමි කළේ ඒ පදනම මත පිහිටමිනි.
අතුල් කේශප්ගේ නිරීක්‍ෂණ හා අදහස්වලට මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රතිචාරය කුමක්දැයි එම පුවත්පත වාර්තා නොකරන නමුත්, තානාපතිවරයාගේ එම අදහස්වලින් ඔහු විමතියට පත්වන්නට ඇතැ’යි පුවත්පත විශ්වාස කරයි.
යුද හමුදාවේ මැද පෙළේ නිලධාරියකු හැටියට සිටියදී, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉන් ඉවත්ව අමෙරිකාවට ගිය ගෝඨාභය රාජපක්‍ෂ මහතා, අමෙරිකාවේදී විවිධාකාර රැුකියාවල නිරතවෙමින් එහි පුරවැසිභාවය ලබාගත්තේය. අමෙරිකාවේ සිටිය කාලය තුළ කිසිම වැදගත් රැුකියාවක හෝ පිළිගත් දේශපාලන භාවිතයක ගෝඨාභය රාජපක්‍ෂ මහතා යෙදුණු බවක් දැනගන්නට නැත. ගෝඨාභය ලංකාවට නැවතත් පැමිණියේ, මහින්ද රාජපක්‍ෂ මහතා 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට ඔහුට සහාය වන්නටය. ජනාධිපතිවරණය අවසන්වී යළිත් අමෙරිකාවට යන්නට බලාපොරොත්තු වුණු නමුත්, තමාට යන්නට එපැයි කී නිසා ලංකාවේ නැවතුණු බව ගෝඨාභය කියා ඇත. ඔහු මුලින් කීවේ කිසිම හේතුවක් නිසා තමා අමෙරිකානු පුරවැසිභාවය අත්හරින්නට කල්පනා නොකරන බවයි. එහෙත්, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අදහස හා පසුබිම බලවත් වෙමින් තිබෙන මේ අවස්ථාවේදී, තමාට ජනාධිපති අපේක්‍ෂකකම ලැබෙන්නේ නම්, අමෙරිකානු පුරවැසිභාවය අත්හරින බව ඔහු දැන් කියයි.
මේ අතර, මාධ්‍ය හමුවක් ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරග ැනීම හැඳන්වූයේ ඉතාමත් සරල, හරියට කජු කන්නා වාගේ දෙයක් හැටියටය.
‘ඇමෙරිකානු පුරවැසිකමට අදාළ නීතිය තමයි Immigration and Nationality Act of 1952  නොහොත් 1952 සංක‍්‍රමණ සහ ජාතිකත්ව පනත. මේ පනතේ 349(ඒ)(5) වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුට ඇමෙරිකානු පුරවැසිකම අත්හරින්න පුළුවන්. දෙපැත්තම කැමැති වෙන්න ඕනෑ නෑ. පුරවැසියා කැමති නම් අත්හරින්න පුළුවන්. පුරවැසිකම අත්හැරීම ප‍්‍රතික්ෂේප කළ යුතු හෝ කළ හැකි අවස්ථා නීතියේ සඳහන් වෙන්නේ නෑ. නමුත් නඩු තීන්දුවලින් තීරණය වී තිබෙනවා.
ඇමෙරිකාවේ සිටිමින් පුරවැසිකම අත්හැරීමට අයදුම් කළොත් ප‍්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේම අයදුම් කරන පුද්ගලයා සතු එකම පුරවැසිකම ඇමෙරිකානු පුරවැසිකම නම් ඔහුගේ ඉල්ලීමත් ප‍්‍රතික්ෂේප කරන්න පුළුවන්.
පළමු පියවර තමයි වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම. රටක් නැති පුද්ගලයෙකුට බරපතළ නීතිමය ගැටලූවලට මුහුණ දෙන්න වන නිසා බොහෝ විට ඇමෙරිකාව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමේ සම්මුඛ සාකච්ඡුාවට යන විට පුරවැසිකම තිබෙන අනිත් රටේ ගමන් බලපත‍්‍රය රැගෙන යෑම අතිශයින්ම වැදගත්. ගෝඨාභය මහතා දැනටමත් ලංකාවේ පුරවැසියෙකු නිසා පළමු පියවර සම්පූර්ණයි.
දෙවන පියවර වන්නේ ඞීඑස් 4079 සිට ඞීඑස් 4083 දක්වා වන පත‍්‍ර පිරවීමයි. ඞීඑස් 4079 යනු පුරවැසිකම අත්හැරීමට අදාළ ප‍්‍රශ්න මාලාවක්. ඞීඑස් 4080 කියන්නේ පුරවැසිකම අත්හැරීමේ දිවුරුම් ප‍්‍රකාශයයි. ඞීඑස් 4081 යනු පුරවැසිකම අත්හැරීමේ ප‍්‍රතිවිපාක තමන් දන්නා බවට කරන ප‍්‍රකාශයයි. ඞීඑස් 4082 යනු පුරවැසිකම අත්හැරීම පිළිබඳ සාක්ෂිකරුවන් පුරවන පත‍්‍රිකාවයි. ඞීඑස් 4083 යනුවෙන් හඳුන්වන්නේ පුරවැසිකම අත්හැරීමේ සහතිකයයි.
මේ පත‍්‍රිකා අධ්‍යයනය කරලා අවශ්‍ය තොරතුරු සූදානම් කර ගත් පසු තෙවන පියවර වන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට අවශ්‍යතාව දන්වලා වෙලාවක් වෙන්කර ගැනීමයි. හතරවන පියවර අදාළ පත‍්‍රිකා පුරවලා සාක්ෂිකරුවන් දෙදෙනෙකු සමග තමන්ගේ දෙවන පුරවැසිකම තහවුරු කරන ලේඛනද සමග අදාළ වේලාවට ඇමෙරිකානු තානාපති කාර්යාලයට යෑමයි.
තානාපති කාර්යාලයේදී පුරවැසිකම අත්හැරීමේ ලේඛනයට තානාපති කාර්යාලයේ නිලධාරියා සහ සාක්ෂිකරුවන් ඉදිරිපිට අත්සන් තැබුවාම ඒ මොහොතේ සිට පුරවැසිකම අවසන් වෙනවා. ඒ බව සහතික කරලා ඞීඑස් 4083 කියන ලේඛනය ලබාදෙනවා. ඒකට තමයි පුරවැසිකම අත්හැරීමේ සහතිකය කියන්නේ. රියදුරු බලපත‍්‍රය ලැබෙන තුරු දෙන තාවකාලික රියදුරු බලපත‍්‍රය වගේ, රක්ෂණ සහතිකය ලැබෙන තුරු දෙන තාවකාලික රක්ෂණ ආවරණය වගේ මේ සහතිකය තාවකාලිකයි. ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිකම අත්හැරීමේ ස්ථිර සහතිකයක් නිකුත් කරන තෙක් මෙම ලේඛනය වලංගුයි.
අවසාන පියවර වන්නේ අවසාන බදු වාර්තාව ගොනුකළ දිනයේ සිට පුරවැසිකම අත්හරින දිනය තෙක් වූ කාලයට අදාළ බදු වාර්තාව ගොනුකිරීමයි. ඊට පස්සේ මාස දෙකක් සහ හයක් ඇතුළත පුරවැසිකම අත්හැරීමේ ස්ථිර සහතිකය නිකුත් කරනවා.
මේ ක‍්‍රියාවලිය දෙස බැලූ‍වාම කාරණා දෙකක් පැහැදිලියි. පළමු කාරණය තමයි වෙනත් රටක පුරවැසියෙකු වන ඇමෙරිකානුවෙකු විසින් ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම නැවැත්වීමට ඇමෙරිකානු ආණ්ඩුවට හැකියාවක් නැති බවයි. දෙවන කාරණය වන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු ඉදිරියේ පුරවැසිකම අත්හැරීමේ ප‍්‍රකාශය නිසි ලෙස සම්පූර්ණ කළ වහාම ඇමෙරිකානු පුරවැසිකම අත්හැරෙන බවයි. මේ නිසා ගෝඨා-භය කියන භීතිකාව වැළඳුණු පිරිස් පතුරන ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණයට තරග කරන්න ඇමෙරිකානු පුරවැසිකම බාධාවක් නොවන වග ඉතාම වගකීමෙන් ප‍්‍රකාශ කරනවා.’
ගම්මන්පිලගේ මේ සරල පැහැදිලි කිරීම ඇත්තක් නම්, හුදෙක් කවුන්ටරයක් ඉදිරියේ සිටගෙන අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය හැකිය. එහෙත්, අමෙරිකානු තානාපතිවරයාගේ කතාව ඊට වඩා බැරැරුම් එකකි. තානාපතිවරයා දක්වා ඇති බාධක ගැන ගම්මන්පිල සංයුක්ත පිළිතුරක් දුන් බවක්ද දැනගන්නට නැත. තානාපතිවරයා කියන්නේ, පුරවැසිභාවය අත්හැරීම ප‍්‍රතික්‍ෂෙප කළ හැකි අවස්ථා ගැනය. ගම්මන්පිල එවැනි අවස්ථා ගැන කිසිවක් නොකියන අතර, නඩු තීන්දුවලින් තිබෙන වෙනත් උදාහරණ පමණක් කියයි. එහෙත්, යුද අපරාධ, මානව සංහතියට එරෙහි අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් ගැන චෝදනා ඇත්තකුගේ පුරවැසිභාවය අත්හැරීම ප‍්‍රතික්‍ෂෙප විය හැකි බවට කේශප් කියන කතාව ඊට වඩා ප‍්‍රබලය. ඒ ප‍්‍රතික්‍ෂෙප කිරීමේ බලය ඇත්තේ අමෙරිකානු ආණ්ඩුවටය. එය දේශපාලන තීරණයකි. එවැනි තීරණයක් ගත්තොත්, ගම්මන්පිලගේ සීනිබෝල කාර්ය පටිපාටිය දියවී යනවා ඇත.

බැඳුම්කර වංචාව යක්ෂාවේශයක් වීම

 

ලෝක ප‍්‍රකට නාට්‍යකරුවෙකු වන ඇමරිකානු ජාතික ආතර් මිලර් ලියූ ‘ද කෲසිබල්’ නැමැති නාට්‍යය ‘මායා බන්ධන’ නමින් මීට කලකට පෙර මා සිංහලට පරිවර්තනය කොට තිබේ. ගිය වසරේ එම පිටපත නාට්‍ය නිෂ්පාදනයක් වශයෙන් උෂාන් පෙරේරා නැමැති තරුණ නාට්‍යකරුවා කරලියට ගෙනාවේය. මේ වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන දහයක් ඊට හිමි විය.
මේ නාට්‍යයට ප‍්‍රස්තුත වන්නේ, 15 වැනි සියවසේ ඇමරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ එක් නගරයක පැතිරී ගිය යක්ෂාවේශයක් පිළිබඳ සත්‍ය ප‍්‍රවෘත්තියකි. එදා, යක්ෂාවේශයකට ලක්වන ඕනෑම කෙනෙකුට මරණීය දණ්ඩනය නියම විය. මේ කියන නගරයේ ගැහැනු කිහිප දෙනෙකුගෙන් ඇරැුඹුණු ඒ ප්‍රෝඩාකාරී යක්ෂාවේශයට, වැඩි කල් නොගොස්, මුළු නගරයම බිලිි වුණි. යක්ෂයෙකු ආවේශ වූ කෙනෙකුට පල්ලියේ අධිකරණය (දණ්ඩාධිකරණය) ඉදිරියේ යම් නිදහසක් ලබා ගත හැකි වුණේ, තමා යක්ෂාවේශයට යටව ඇති බවට පාපොච්චාරණයක් කිරීමෙන් සහ තමන්ව ඒ යක්ෂයාට ආවේශ කැරැුවූ වෙනත් පුද්ගලයන් හෙළිදරව් කිරීමෙනි. මේ තත්වය තුළ, නගරයේ විශාල පිරිසක්, මේ අභූත චෝදනාවට ලක්ව, මරණීය දණ්ඩනයට නියම වූහ.
1950 දශකයේදී ආතර් මිලර් මේ සිද්ධිය පාදක කොටගෙන ‘මායා බන්ධන’ නාට්‍ය කෘතිය ලියන්නේ, එදා ඇමරිකාවේ ඇති වෙමින් තිබූ ඊට සමාන වෙනත් දේශපාලනික තත්වයක් නිරූපණය කිරීමට ය. මේ කාලයේ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු වූ ජෝසප් මැකාර්ති, ‘රතු භීතිකාවක්’ රට තුළ වපුරමින් සිටියේය. කොමියුනිස්ට්වාදය මගින් ඇමරිකාව ගිල ගැනීමේ කුමන්ත‍්‍රණයක් දියත්ව ඇති බවට ඉතා ප‍්‍රබල සමාජ මතයක් ගොඩනැගූ මොහු, එය මර්දනය කිරීම සඳහා රාජ්‍ය යන්ත‍්‍රය භාවිත කෙළේය. යමෙකු කොමියුනිස්ට්වාදියෙකු වශයෙන් හඳුනා ගැනුණොත්, එම පුද්ගලයාව විවිධ අඩන්තේට්ටම්වලට ලක්කෙරුණි. ඔහු රාජ්‍ය නිලධාරියෙකු නම් සේවයෙන් පහ කෙරුණි. ඇතැම් අවස්ථාවක ඊටත් එහාට යමින්, කුමන්ත‍්‍රණ චෝදනා මත හිරේට නියම කෙරුණි. මේ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් බොහෝ දෙනා, තම තමන්ගේ පුද්ගලික කෝන්තරත් පාවිච්චියට ගනිමින් තම සතුරන් සහ ප‍්‍රතිවාදීන් ‘කොමියුනිස්ට්වාදීන්’ වශයෙන් හඳුන්වා රාජ්‍ය බලධාරීන්ට පාවා දීමට පටන් ගත්හ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් එදා මුළු ඇමරිකාවම ඉහත කී ‘රතු භීතිකාවෙන්’ ඇළලී ගියේය.
බැඳුම්කර වංචාව පටන් ගත්තේ පුද්ගලයන් දෙතුන් දෙනෙකුගේ සහ එක් ව්‍යාපාරික ආයතනයක මහ පරිමාණ සොරකමක් වශයෙනි. ඒ සොරකම සඳහා යොදා ගැනුණේ මහජන මුදල් නිසා එය වෙනත් සොරකම්වලට වඩා සමාජයේ කතාබහට ලක්වුණි. මේ ගැන එදා පටන්ම මේ ලියුම්කරු ඇතුළු විවිධ සමාජ ක‍්‍රියාධරයන් (විපක්ෂයේ දේශපාලනඥයන්ට අමතරව) රට ඉදිරියේ කරුණු ගෙනහැර දක්වා ඇත. එපමණක් නොව, මහ බැංකු අධිපති ධුරයට දෙවැනි වතාවටත් අර්ජුන මහේන්ද්‍රන් පත් නොකළ යුතු බවට විශාල සමාජ මතයක් ද අප විසින් ගොඩනගන ලදි.
කරුණු එසේ තිබියදී, පසුගිය සතියේ, පොහොට්ටුවේ මන්ත‍්‍රීවරු දෙන්නෙක් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරමින් මේ බැඳුම්කර වංචාවෙන් උපයා ගත් මුදල් ඇලෝසියස් විසින් සමාජ ක‍්‍රියාධරයන් කිහිප දෙනෙකුටත් දී ඇති බවට චෝදනා කළහ. පූජ්‍ය දඹර අමිල හිමි, ධර්මසිරි බණ්ඩාරනායක, සමන් රත්නප‍්‍රිය, සමනලී ෆොන්සේකා සහ මගේ නම එහිදී ඔවුහු සඳහන් කළහ.
දැන්, මේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අප විසින් කරන ලදැයි ඉහතින් කී සියලූ විරෝධතා, මේ මන්ත‍්‍රීන්වරුන් දෙන්නාගේ චෝදනාවෙන් ගැලවීම සඳහා අපේ නිදහසට පාවිච්චි කිරීමේ සාක්ෂියක් වශයෙන් ගැනීමේ හැකියාවක් අපට නැත. මන්ද යත්, අප මෙන්ම මේ වංචාව විවේචනය කළ සහ ඊට එරෙහිව විරෝධය පෑ දයාසිරි ජයසේකර වැනි දේශපාලනඥයන් ද මහ බැංකුවෙන් සොරකම් කරන ලද එම මුදලින් කොටසක් ලබාගෙන ඇති බවට සමාජය ඉදිරියේ ඔප්පු වී ඇති බැවිනි. ඔහු විසින්මත් මේ වන විට එය පිළිගෙන ඇති බැවිනි. මේ නිසා, අද වන විට මා ඇතුළු සිවිල් ක‍්‍රියාධරයන් පස් දෙනෙකුත් ඒ ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට කෙනෙකු චෝදනා කළ විට, එම සොරකමට එරෙහිව අතීතයේ අප කළ කී දෑ අද අපේ ආරක්ෂාව සඳහා පාවිච්චි කිරීමට තිබූ හැකියාව පරල වී ගොස් තිබේ.
එබැවින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් මගේ සරල උත්තරය වන්නේ මෙයයි: පසුගිය ජනාධිපතිවරණයට කලින් හෝ ඉන් පසුව, අර්ජුන ඇලෝසියස්ගෙන් හෝ ඔහුට සම්බන්ධ කිසි පුද්ගලයෙකුගෙන් හෝ කිසි ව්‍යාපාරයකින්, සෘජුව හෝ වක‍්‍රව, චෙක්පතකින් හෝ වෙනත් කිසියම් මාර්ගයකින් සත පහක මුදලක්වත්, මූල්‍යමය නොවන වෙනත් ප‍්‍රතිලාභයක්වත් ලබාගෙන ඇති බවට කෙනෙකු ඔප්පු කළොත්, ඊට අදාළව නීතිය ඉදිරියේ ඇති දඬුවමකට අමතරව, සමාජ-ශෝධනය සඳහා වන පොදු ක‍්‍රියාකාරීත්වයෙන් මුළුමණින් ඉවත් වීමටත් මම යටත් වෙමි. මන්ද යත්, එවැනි සදාචාර-විරෝධී ක‍්‍රියාවක නිරතව ඇති කෙනෙකුට, තවදුරටත් සමාජය පිරිසිදු කිරීමේ පොදු කාර්යයක නිරත වීමේ සදාචාරමය අයිතියක් හිමි නොවන බැවිනි. මෙහිදී, ‘ඔප්පු’ කිරීම යන්නෙන් මා අදහස් කරන්නේ, උසාවියක් ඉදිරියේ ඔප්පු කිරීමම නොවේ. දේශපාලඥයන් සහ අප වැනි සමාජ ක‍්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් උසාවියකට යාටම කලින්, මෙවැනි කාරණයක් ඉන් මෙහා ‘ඔප්පු’ කිරීමේ ඉමක් තිබේ. උදාහරණයක් වශයෙන්, අහවල් පුද්ගලයා විසින් අහවල් දවසේ අහවල් මුදල් ප‍්‍රමාණයක් හෝ වෙනත් ප‍්‍රතිලාභයක් මට සපයා ඇතැයි යම් සාක්ෂියක් හෝ සාක්ෂිකරුවෙකු සහිතව ඉදිරිපත් කිරීම ප‍්‍රමාණවත් වන්නේය.
මේ කාරණය පිළිබඳව සමනලී ෆොන්සේකා හැරුණු කොට අපි සියලූ දෙනා පසුගිය සතියේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පවත්වා කරුණු ඉදිරිපත් කෙළෙමු. (සමනලී ෆොන්සේකා මේ දිනවල විදේශගතව සිටින නිසා ඈට ඒ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට සහභාගී වීමට නොහැකි වූ අතර ඇය වෙනුවෙන්, ‘අලූත් පරපුර’ නියෝජනය කරමින්, සුදන්ත මාධව ඊට සහභාගී විය).
අපේ පොදු ආස්ථානය වන්නේ මෙයයි:
මුලින්ම, මේ කියන මන්ත‍්‍රීවරුන් දෙන්නා ඔය කියන ප‍්‍රකාශය පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කළ යුතුව තිබේ. පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවා වී ඕනෑම කුණුහරුපයක් දෙසාබෑමේ අයිතියක් බොහෝ මන්ත‍්‍රීවරු පාවිච්චි කරති. ඔවුන්ට විරුද්ධව කිසි නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගැනීමේ පුළුවන්කමක් පුරවැසියන්ට නැත. එනිසා, මේ දෙන්නා කරන්නේ හුදු අවලාදයක් නොවන්නේ නම්, ඔවුන් කළ යුත්තේ, ඔය චෝදනාව ඔය ආකාරයෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතට විත් ප‍්‍රකාශයට පත්කිරීමයි.
ඇලෝසියස් නැමැති තනි පුද්ගලයෙකුගෙන් පටන් ගත් සොරකම, අද වන විට සාමූහිකයක සොරකමක් බවට රූපාන්තරණය වෙමින් හෝ කෙරෙමින් හෝ පවතී. සමහරුන්ට මෙය, මුල් සොරකමේ සැර බාල කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි උපායක් විය හැකිය. තවත් අයට එය, හතර අතේ මඩ ගැසීම සඳහා පාවිච්චි කළ හැකි මෙවලමක් විය හැකිය. ඇලෝසියස්ගේ සිට රවි කරුණානායක දක්වා මුලින් දිගෑදුණු මේ ආකෘතිය, අනතුරුව, දයාසිරි ජයසේකර, සරත් ෆොන්සේකා සහ සුජීව සේනසිංහ දක්වා ව්‍යාප්තව ගොස්, පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 118 දෙනෙකු දක්වා ද පැතිරී ගොස් තිබේ. ඉන් පසුව තවත් එය ව්‍යාප්තව ගොස්, මන්ත‍්‍රීවරුන් 164ක් දක්වා ඊට සම්බන්ධ බවට චෝදනා නැගේ. සමාජ කි‍්‍රයාධරයන් වන අප වැන්නන් ඊට ඈඳා ගැනෙන්නේ ඉන් පසුව ය. ඊටත් පසුව, ජනතා විමුක්ති පෙරමුණේ දොස්තර නලින්ද ජයතිස්සට පවා නිදහසක් නොවුණි. මේ වනාහි, අර මුලින් කී යක්ෂාවේශය මිස අන් කවරක් ද?
මේ පසුපස දේශපාලනික හස්තයක් ක‍්‍රියාත්මක වන බව පැහැදිලි ය. බැªම්කර වංචාව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා කොමිසමක් පත්කරන්නේ, ඒ පිළිබඳ සියලූ තොරතුරු දැන ගැනීමේ අයිතියක් මේ රටේ පුරවැසියන්ට ඇති බවට වන විශ්වාසයක් නිසා ය. හුදෙක් වැරදිකරුවන්ට දඬුවම් දීම පමණක් අරමුණ විණි නම් එය කළ යුතුව තිබුණේ අධිකරණය මාර්ගයෙනි. එහෙත්, දැන්, ඒ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා අතට පත්ව තිබියදීත්, එයින් කොටසක් පමණක් කතානායකවරයාට ලබා දී ඉතිරි කොටස ජනතාවගෙන් වසංගන්නේ කුමක් සඳහා ද? ඒ සඟවන කොටස තුළ අඩංගු කාරණා කවරේදැයි දැන ගැනීමේ අයිතියක් ජනතාවට නැත් ද? මේ වාර්තාව සම්පූර්ණයෙන් ජනතාවට නිරාවරණය නොකරන තාක් කල්, ඕනෑම කසඩයෙකුට මේ රටේ ඕනෑම පුරවැසියෙකු සම්බන්ධයෙන් රිසි සේ අවලාද නැගීමේ අවස්ථාව ජනාධිපතිවරයා විසින්ම උදා කර දී ඇති බව පැහැදිලි ය.
ඒ නිසා මේ වාර්තාව වහා ප‍්‍රසිද්ධ කළ යුතු බව අපි ඉල්ලා සිටිමු. වෙන කිසිවක් සඳහා නොවෙතත්, අඩු වශයෙන් සොරුන් සහ තක්කඩියන් නොවන පුරවැසියන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහාවත් එයින් ඉමහත් පිටිවහලක් ලැබෙන බැවිනි.

ජනපතිවරණයට එක්වද? වෙන්වද? පොහොට්ටුවයි අතයි මත ගැටුමක්

0

කේ. සංජීව

එළඹෙන ජනාධිපතිවරණයේදී එක්ව තරග කරනවාද, වෙන් වෙන්ව තරග කරනවාද, එක්ව තරග කරන්නේ නම් ජනපති අපේක්ෂකයා කවුරුන්ද, අගමැති අපේක්ෂකයා කවුරුන්ද, වෙන්වෙන්ව තරග කර ජයගන්නට පුළුවන් වේවිද ආදි ප‍්‍රශ්න ගණනාවක් නිසා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණද, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයද, ඒ වටා එකතු වී සිටින කුඩා පක්ෂ ද බරපතළ ගැටලූ රැුසකට මුහුණ පා ඇතැයි අනිද්දා වෙත වාර්තා වෙයි.
පසුගිය 12 වැනි දා සවස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මූලිකව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම හමුවී ඇති අතර එහිදී එක් එක් පක්ෂවල යෝජනා සහ ප‍්‍රබලයන්ගේ යෝජනා අනුව අපේක්ෂකයන් 4 දෙනෙකු පිළිබඳව සාකච්ඡුාවී ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධනය. එහෙත් අවසන් තීරණයකට පැමිණ නැති අතර ඒකාබද්ධ විපක්‍ෂයේ වාමාංශික පක්ෂවල නායකයන් චමල් රාජපක්ෂ ඒ සදහා සුදුසු යැයි ප‍්‍රකාශ කර ඇත. සුළු පක්ෂවල සාමාජිකයන් මේ සඳහා ගෝඨාභය රාජපක්ෂගේ නම යෝජනා කර තිබේ.
මේ අතර වෙන්ව තරග කර ජයග‍්‍රහණය කිරීම අසීරුයි යැයි සිතන දෙපාර්ශ්වයේම ප‍්‍රබලයන් හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න වැනි අයෙකුගේ මූලිකත්වයෙන් නැවත ශ‍්‍රීලනිපය සමග සාකච්ඡුා කළ යුතු බවට මතයක් නිර්මාණය කරමින් සිටිතැයිද, එයට කුමාර වෙල්ගම වැනි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කෙරෙහිම විශ්වාසය තබා තිබෙන සාමාජිකයන්ගේ බලවත් විරෝධයක් ඇතැයිද දැනගන්නට ලැබෙයි.
මේ අතර එළැඹෙන ජනපතිවරණයේදී ජනපති අපේක්ෂකයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා විය යුතු බවත් අගමැති අපේක්ෂකයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විය යුතු බවත් යෝජනාවක් ශ‍්‍රීලනිප පාර්ශ්වයෙන් ඒකාබද්ධ විපක්ෂයට යොමුවී ඇති බවද දැනගන්නට ලැබෙයි. කෙසේ හෝ මේ සියලූ අදහස් සමග මෙම දෙපාර්ශ්වයම බරපතළ දේශපාලන අර්බුදයක සිටින බව දැනගන්නට ලැබෙන්නේය.
පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ තම කණ්ඩායමට පොහොට්ටුවේ පාපුවරුවේ යාමට නොහැකි බැවින් ඉක්මනින්ම පුළුල් ජනතා සන්ධානයක් සැදිය යුතු බවය. එහිදී ඔහු බැසිල් රාජපක්ෂගේ පාර්ශ්වයට චෝදනා කරමින් පැවසුවේ ජනතා අරගලවලට පොහොට්ටුව තවමත් සක‍්‍රියව දායක නොවන බවය.

සංගීතය උපදින ආකාරය වචනයෙන් විස්තර කරන්න බැහැ උදාර සමරවීර

0

 

තරිඳු උඩුවරගෙදර

සංගීතය පොඩි කාලේ ඉඳන්ම ඇගේ තිබුණාද?
මම මුලින්ම කැමති වුණේ ශබ්ද පරිපාලන විෂයට. ඒ කාලයේ ලංකාවේ ඒවා ගැන ඉගෙනගන්න ඩිප්ලෝමා පාඨමාලාවක්වත් තිබුණේ නෑ. ලංකාවෙ මේ ගැන උගන්වන්න හිටපු දෙතුන්දෙනාගෙන් කෙනෙක් වන දිලූ‍ප් ගබඩාමුදලිගේ මහත්තයා යටතේ මම ශබ්ද පරිපාලනය ඉගෙනගත්තා. ඒ පාසල් කාලයේදීමයි. එහෙත් පාසලේ සංගීතය වෙනුවට ගණිත අංශයෙනුයි ඉගෙනගත්තේ. මොරටු විශ්වවිද්‍යාලයෙන් මම ලැබුවේ රසායන ඉංජිනේරු උපාධියක්. ඔය අතරේ මම තේරුම්ගත්තා සංගීතය කරන්න තාක්ෂණය පමණක් මදි, සංගීතයේ මූලික දේවල් ඉගෙනගන්න ඕනෑ කියලා. එදා ඉඳන් සංගීතයේ කලාත්මක පැත්ත ගැන මම අද වෙනතුරු ඉගෙනගන්නවා. මැරෙනකන්ම ඉගෙනගනීවි.
වෘත්තියක් විදියට සංගීතයට යොමුවුණේ කොහොමද?
මුලින්ම ජාතික රූපවාහිනියේ අවුරුදු තේමා ගීතය කළා. ඉන්පස්සෙ අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව දෙපළ එක්ක ‘ඉවසයිද මන්දා’ ගීතය කළා. සුරේන්ද්‍ර පෙරේරා වෙනුවෙන් ‘තාමත් මුණගැහුණෙ නැතත්’ ගීතය කළා. ඉන්පස්සෙ මගේ ළඟට ගීත කරන්නැයි ඉල්ලාගෙන බොහෝ අය ආවා. ඒ වන විට මම වෙළඳ දැන්වීම් සංගීතයටත් යොමු වුණා. ඒ අතරේ මම ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ රැුකියාවකුත් කරනවා. එහෙත් මම තේරුම් ගත්තා මට සංගීතය වෘත්තියක් විදියට කරන්න පුළුවන් කියලා. මම ඉංජිනේරු වෘත්තියෙන් ඉවත්වුණා. සංගීතයටම යොමුවුණා.
ආදරණීය කතාවක් චිත‍්‍රපටිය ඔබේ ගමන වෙනස් කළේ කොහොමද?
චිත‍්‍රපටිය එක විදියක පරීක්ෂණයක් වුණා. මං මුලින්ම කළේ චිත‍්‍රාල් සෝමපාල මහත්තයා ගායනා කරපු ගීයක්. ඔහු සාමාන්‍යයෙන් අනුන්ගේ සංගීතයට ගීත ගයන්නේ නෑ. මුලින්ම කිව්වෙ තනුව අහලා බලමු කියලා විතරයි. එතැනින් පස්සේ ඒ චිත‍්‍රපටියටම කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, කුෂාණි සඳරේඛා වගේ අය ගායනයෙන් එකතුවුණා. ඒ චිත‍්‍රපටියේ ගීත ප‍්‍රසිද්ධ වීමත් එක්ක මට ලැබෙන වැඩ වෙනසක් වුණා. මගෙන් එතෙක් ඉල්ලූ‍වේ මමම කළ වාණිජමය ගීතවල සෙවණැලි. ඒත් මම චිත‍්‍රපටියට කළ ගීත සියල්ලේම ජනප‍්‍රිය ලක්ෂණ තිබුණත් මගේ නිර්මාණාත්මක නිදහස එක්ක හිත පිරෙන්න කරපු කලාත්මක වටිනාකමක් ඇති නිර්මාණ. පස්සෙ හැමෝම මගෙන් ඒ වගේ සිංදු ඉල්ලන්න ගත්තා.
සංගීතය නැතිව ගණිත අංශයෙන් ඉගෙනගන්න වැයකළ කාලය අපතේ යෑමක් කියලා හිතනවාද?
මම කිසිසේත්ම පසුතැවෙන්නේ නෑ. එක පැත්තකින් බය නැතිව මම මියුසික් ඉගෙනගත්තෙත් මම වෙනත් ක්ෂේත‍්‍රයක අධ්‍යාපනයෙන් හොඳ ගමනක් ගිය නිසා. සංගීතයෙන් ජීවිතයක් දිනන්න ලංකාවෙ අය හිතනවා අඩුයි. අනෙක මම ගණිත අංශයෙන් ඉගෙනගත්තේ කැමැත්තෙන්. වෙළෙඳ දැන්වීම් වැඩ මට ලබාගනිද්දී උපාධිය ආභරණයක් වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් මම ඉගෙනගත්ත දේවල් අපතේ යන්නේ නෑ. එදිනෙදා ජීවිතයේදී පවා ඒ කාරණා පාවිච්චි වෙනවා.

ඔබේ හිතට සුන්දර තනු ආ විදිය විස්තර කරන්න පුළුවන්ද?
මම හිතන්නේ මිනිස් සිත තමයි හැමදේටම මුල. රෙහ්මාන්ගෙනුත් කෙනෙක් අහනවා ඔයාට කොහෙන්ද මේ තනු එන්නේ කියලා. ඔහු උත්තර දෙන්නේ මට එන්නේ දෙවියන් වහන්සේගෙන් කියලා. මම හිතන්නේ විශ්ව ශක්තියෙන් මගේ හිතට තනු එනවා කියලා. මම කියන්නේ විශ්ව ශක්තිය නම් අපට බාහිර වූ බලවේගයකින් අපව පාලනය කරනවා කියලා නෙවෙයි. සංගීතය උපදින විදිය වචනවලින් විස්තර කරන්න බැහැ. ඒ වගේ විස්තර කළ නොහැකි දේවල් අපි දෙවියන්, විශ්ව ශක්තිය, කර්ම ශක්තිය වගේ වචනවලින් හඳුන්වනවා.
ඔබ නිර්මාණකරුවෙක් විදියට සංස්කෘතිය ගැන කල්පනා කරන්නේ කොහොමද?
සංස්කෘතිය කිව්වාම පාසලේ උගන්වපු දේවල් ටිකක් මතක් කරගන්න අපි පුරුදුවෙලා තියෙනවා. ඒ නිසා සංස්කෘතිය රාමුවක් විදියටයි අපේ ඔළු‍වල තියෙන්නේ. අපේ සමාජය බුදුදහම නිවැරදිව තේරුම් ගත්තා නම් සංස්කෘතිය හරිහැටි තේරුම්ගන්න තිබුණා. සංස්කෘතියේ සමහර යහපත් ලක්ෂණ ආරක්ෂා වෙන්න ඕනෑ බව ඇත්ත. ඒත් ඒක ආරක්ෂා කරගෙන අලූ‍ත් නිර්මාණ කිරීමේ වැරැුද්දක් නෑ. උදාහරණයක් විදියට නිරුවත ගනිමු. අපි පිළිගන්න ඕනෑ ලංකාවෙ නිරුවත නොගැළපෙන විදියට විකුණන්න සමහරු උත්සාහ කරනවා තමයි. හැබැයි මිනිස් රූපය කලාව ඇතුළේ සෞන්දර්යාත්මක විදියට පාවිච්චි කරන්න පුළු‍වන්. කලාත්මක වැඩක් වෙනුවෙන් නිරුවත පාවිච්චි වීම සංස්කෘතිය විනාශ කිරිමක් නෙවෙයි. බුදුදහමේ කියා නැහැ නවීකරණය වෙන්න එපා කියලා. මම වැඩ කරන්නේ ඒ විශ්වාසය එක්ක.
තරගකාරී ලෝකයක ජීවත්වෙද්දී ඔබ වැඩියෙන්ම විශ්වාස කරන ජීවන දහම මොකක්ද?
මට හැම වෙලාවෙම මතක් වෙනවා මම මැරෙනවා කියන එක. හැම වෙලාවෙම මගේ හිතේ කොණක මරණය ගැන හැඟීමක් තියෙනවා. ඉතින් ජීවිතය ගැන ටිකක් සැහැල්ලූ‍වෙන් ගතකරන්න ඒක අවස්ථාවක්. ඒක බෞද්ධ දර්ශනයේත් මූලික සංකල්පයක්නේ. මම ගීතයක් කළත් මේ ගීයෙන් කීයක් හොයනවාද, හිට් වේවිද කියලා කල්පනා නොකර ගීතයට උපරිමය කිරීම ගැන මට කල්පනා කරන්න අවස්ථාව ලැබෙනවා.
බෞද්ධ සංකල්ප ගැන ඔබ කතාකළා. අපේ සමාජය බෞද්ධ සංකල්ප අනුව ජීවත්වෙන බව හිතනවාද?
බුදුදහමෙ තියෙන මූලිකම දේ ඇලීම් ගැලීම්වලින් වැළකීම. ඒත් අපේ අය බොහෝවිට ඇලීම් ගැලීම් වර්ධනය කරන්නයි බුදුදහම පාවිච්චි කරන්නේ. බෝ ගහක් ළඟට යන්නෙත් ප‍්‍රාර්ථනාවක් කරන්න. බෞද්ධ දර්ශනය කියන්නේ නිදහස් සිතීමට, අලූ‍ත් දේ සොයායෑමට අප යොමු කිරිමක්. පුංචි කාලයේ ඉඳන් මේ සීමාවෙන් එහාට යන්න එපා කියලා අපව කොටු කරන්න බුදුදහම පාවිච්චි කරනවා. මම මගේ විශ්වාසයන් ඇති කරගන්නේ සැබෑ බෞද්ධ සංකල්ප සමඟ.x

ඉතිහාසය කතාකරන්න මම හරි බයයි ප‍්‍රසන්න ජයකොඩි

0

 

සමන් එම් කාරියකරවන

ප‍්‍රවේශයක් ලෙස මම කැමතියි දැනගන්න, 28ට පෙර ඔබ කර ඇති අනෙකුත් නිර්මාණ පිළිබඳව සහ සහ ඒවා මොන වාගේ ඇගයීමකටද ලක්වුණේ කියන කාරණය..
ඒ කාලේ සිනමාකරුවෙකු වෙන එක, ඒ කිව්වේ මගේ තරුණ කාලයේදී හිතාගන්නවත් බැරි දෙයක්. ඒ නිසා මුලින්ම මම පිවිසෙන්නේ වේදිකාවට. නිර්මාණකරුවෙකු ලෙස මාව මුලින්ම පේ‍්‍රක්ෂකයන් හඳුනාගන්නේ ‘සෙවණැලි සහ මිනිස්සු’ වේදිකා නාට්‍යයෙන්ග එය 1992දී හොඳම වේදිකා නාට්‍යයට හිමි යෞවන සම්මානය සහ හොඳම රාජ්‍ය නාට්‍යය බවට 1993දී පත්වෙනවා. රූප රචනයත් එක්ක කරන නිර්මාණකරණයට පසුව මම යොමුවෙනවා. සිනමාවට එන්න බැරි නිසා ඊළඟ ප‍්‍රයත්නය තමයි ටෙලිනාට්‍යකරණයට යොමුවීම. මම ටෙලිනාට්‍ය හතරක් කරනවා. ඒ ටෙලිනාට්‍ය ඒ ඒ වසරවල ලංකාවේ හොඳම ටෙලිනාට්‍ය බවට පත්වෙනවා. ටෙලිනාට්‍යකරණයේ නිරත වෙමින් ඒ අතරතුර සිනමාවට පිවිසෙන්න පිටපත් රචනා කරමින් නිෂ්පාදකවරු හොයනවා. ඒක ඉතාම අපහසු කාර්යයක් වෙනවා. මොකද ඒ කාලෙ පිරිවැය වැඩියි සහ නවකයෙකුට එවැනි මුදලක් වැය කරන්න නිෂ්පාදකයෙක් පෙළඹුණෙත් අඩුවෙන්. අපි සිනමාවට පිවිසෙන්නේ යුද්ධය, අසූ නමය කැරැුල්ල වගේ මහා කලබැගෑනි ගොඩක් අස්සේ. යුද්ධයත් එක්ක සිනමා ශාලා වැසෙන්න පටන්ගත්තු කාලේ ඉඳන් තමයි අපි මේ සිනමාවට පිවිසෙන්නේ.
කොහොමහරි අවුරුදු විසිහයෙන් පිටපත් ලියන්න පටන්ගත්තු මම අවුරුදු තිස්හයේදී මුල්ම චිත‍්‍රපටය කරනවා, ඒ ‘සංකාරා.’ සංකාරා නිෂ්පාදකවරු කීපදෙනෙක් එක්ක එකතුවෙලා කරන්න සූදානම් වුණත්, අන්තිමේදී සෝමරත්න දිසානායක මහතා තමන්ගේ නිර්මාණත් පසෙක තියලා මගේ මේ නිර්මාණය කරන්න මැදිහත් වෙනවා. සංකාරා සඳහා මට කයිරෝ චිත‍්‍රපට උළෙලේ සිල්වර් පිරමීඞ් සම්මානය ඇතුළු අන්තර්ජාතික සම්මාන කිහිපයක් ලැබෙනවා. දෙවැනියට කරන්නේ ‘කර්ම.’ ඒ චිත‍්‍රපටය හරියට මගේ ජීවිතය වැමෑරීම වගේ දෙයක්. මම ඒ චිත‍්‍රපටය කරන්න මගේ උපරිම නිදහස පාවිච්චි කරනවා සහ මගේ වියමන මට රිසි සේ භාවිත කරනවා. ඒ චිත‍්‍රපටයත් එක්ක පේ‍්‍රක්ෂකයා යම් යම් අර්බුදයන්ට පත්වෙනවා. අර්බුදකාරී වුණත් බොහෝ දෙනෙකු කර්ම නරඹනවා. ඊට වඩා වෙනත් මගක් අරගෙන තමයි මම 28ට යොමුවෙන්නේ.

28 කතාව ඔබට එන්නේ කොහොමද?
28 පිටපත් රචකයෙකු විදියට මා වෙනත් මානයකට ගෙනගිය පිටපතක්. මම අධ්‍යක්ෂණය කරන්නේ මා විසින් ලියනු ලැබූ පිටපත් පමණයි. මේ පිටපත ලියන්න මට ආ සංකල්පයට මම වෙන ආකෘතියක් සොයාගත්තා. ලංකාවේ ලිංගිකත්වය පිළිබඳ තිබෙන දුරස්ථීකරණය සහ ඒ තුළ ඇතිවන සමාජීය අර්බුද ගැන කතාකරන්න මට ප‍්‍රස්තූතයක් එනවා. ඒක කතාකරන්න ගත් ගමන් මිනිස්සු මේකෙන් පැනලා යනවා. මේ වගේ අර්බුදකාරී මාතෘකාවක් එක්ක මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න, මගේ ප‍්‍රකාශනය මිනිස්සු ළඟට අරන් යන්න පුළුවන් විදියේ අවකාශයක් මම හදාගන්නවා. මගේ වේදිකා නාට්‍ය මිත‍්‍රයෙකුගෙන් අසන්න ලැබෙන අබසිරි මාමාගේ කතන්දරයක් මම මේ පිටපතට ගෙනෙනවාග මේ දෙක කතන්දර දෙකක්. අබසිරි මාමා නැන්දම්මාගේ මිනිය ගෙදර ගෙනෙන ඒ කතාව මේ අබසිරි තමන්ගේ බිරිඳගේ මිනිය ගෙනඒමේ කතාවේ තිබෙන බ්ලැක් කොමඩි ආකෘතිය නිර්මාණය කරනවා. ඒක සිද්ධවෙන්නෙ බලෙන් නෙමෙයි. එක් කතාන්දරයක් තුළින් තවත් කතාන්දරයක් ගොඩනැගෙනවා. ඒක හරියට එක තැනක තිබුණු යුක්තාණුවක් තවත් තැනකට ගිහින් ඉපැද්දුවා වගෙයි.

විචාරකයො 28 ගැන සඳහන් කළ කරුණු පිළිබ`ද ඔබේ තක්සේරුව මොකද්ද?
මගේ චිත‍්‍රපට ගොඩක් වෙලාවට ෆිලෝසොෆි සහ සයිකොලොජි පදනම්වෙලා මැජික් රියැලිසම් ආකෘතියක් ගන්නවා. මට බැහැ විචාරයක් විවේචනය කරන්න. මොකද නිර්මාණකරුවා නිර්මාණකරුවෙකු මිස විචාරකයෙකු නොවිය යුතුයි. එක දෙයක් මම දැක තිබෙනවා. මගේ නිර්මාණයේ සමස්ත අර්ථය අරගෙන නෙමෙයි බොහෝ විට විචාරක අදහස් පළවෙලා තිබෙන්නේ. ඔවුන් කියන දේ වැරදියි කියනවා නොවෙයි. එහෙත් ශ‍්‍රී ලාංකික විචාරක ජාලයම පවතින්නේ දේශපාලනික මතවාදයක් මත. නමුත් නිර්මාණකරුවෙක් ලෙස මම උත්සාහ කරන්නේ යම් මතවාදයක් මත සිටගැනීම නෙවෙයි. මිනිස්සුන්ගේ අභ්‍යන්තරය විග‍්‍රහ කිරීමක්. ඒ ඇතුළේ මනුෂ්‍යයෙකුගේ මානසික ස්වභාවය, ආධ්‍යාත්මික සහ චින්තනමය ස්වභාව වැනි සියලූ පැතිකඩ අනාවරණය කිරීමක් මෙතන තිබෙන්නේ. මේ වගේ ආකෘතියක් තුළ විචාරය කිරීම් හරිම අල්පයි. ඔවුන්ට අදාළ විෂය පථයක් ඔස්සේ පමණයි බොහෝ විට විචාරය සිද්ධවෙන්නේ. දේශපාලනික තැනක සිටගෙන සයිකොලොජිකල් තැනක තිබෙන නිර්මාණයක් විචාරය කිරීම කළ නොහැකි දෙයක්.
28 එන්නත් කලින් එය විචාරය කළ අය එයට පහර ගැහුවාග ඒවා ඔබේ චිත‍්‍රපටයට ලැබෙන ප‍්‍රතිචාරවලට බලපෑමක් කළාද?
නැහැ, එහෙම ලොකු බලපෑමක් කළා කියලා මම හිතන්නේ නෑ. ඒවායින් 28 ගැන පේ‍්‍රක්ෂකයා තුළ යම් කුතුහලයක් ඇතිවෙන්න ඇති. විරුද්ධ මත පළකිරීම නිර්මාණකරණයට ඉතා හොඳයි. එවැනි ඝට්ට්නයක් ඇතිකිරීම මට උදව්වක්. ඒ වගේම මතුකරන ලද යම් යම් කරුණු වෙනුවෙන්, විචාර අතර යම් සංවාදයක් ගොඩනැගිලා ඒ ප‍්‍රශ්න මගේ මැදිහත්වීමකින් තොරව විසඳෙනවා මම දුටුවා.

28දී ඔබගේ පෙර නිර්මාණවල යොදාගන්නා නළුනිළියන්ට වඩා වෙනසක් කර තිබෙන්නේ ඇයි?
මේ නිර්මාණයේ තේමාවත් එක්ක මට දැඩි වුවමනාවක් එනවා පේ‍්‍රක්ෂකයා එක්ක මගේ ගනුදෙනුව සාර්ථකව කරගන්න. මගේ පෙර නිර්මාණවලට වඩා මෙහි දෙබස් වැඩිවුණා. රංගනය ප‍්‍රමුඛ වුණා සහ රූපරාමුවලට වඩා රංගන ශිල්පියාට මූලිකත්වය හිමිවුණා. මේ නිර්මාණයට දායකවෙන ප‍්‍රධාන ශිල්පීන් හතර දෙනාම මේකට මම උපරිමයෙන් යොදාගත්තා වගේම ඔවුන්ගේ උපරිමයත් මෙයට ලබාදුන්නා. සමහර අවස්ථා තිබුණා එක දිගට දිවෙන දර්ශනවල ඒකාග‍්‍රතාවෙන් රංගනයේ යෙදෙන්න. ඒ වගේ එක දිගට ගලාගෙන යන දර්ශන රඟපාන්න පුළුවන් පරිණත ශිල්පීන්ට විතරයි.

කාන්තා අයිතිවාසිකම්, කාන්තා විමුක්තිය, හිංසනය ආදි තේමා මත පදනම්වූ බොහෝ සංවිධාන ලංකාව තුළ තිබෙනවා. ඔබේ චිත‍්‍රපටයට ඔවුන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර කුමන ආකාරයක් ගත්තාද?
ඒ වගේ සංවිධාන හෝ ආයතන කිසිවක් මේ චිත‍්‍රපටය සම්බන්ධයෙන් පෙනීසිටියේ නැහැ. සමාජයේ සැඟවුණු අර්බුද එළියට ගෙන කතාකරන්න මේ වගේ නිර්මාණයක් හොඳ පදනමක් කරගන්න තිබුණා. නිර්මාණාත්මකව යම් අර්බුදයක් පෙන්වා දුන්නාම සමාජයේ සෑම කොට්ඨාසයක්ම ඒ ගැන කතාකරන තැනකට ගෙනෙන්න, විසඳුම් සොයන තැනකට ගෙනෙන්න හැකියාව ලැබෙනවා. මට හිතෙන්නේ නම්, මේ ආයතනත් ඉන්නේ අර ග‍්‍රාම්‍ය සාම්ප‍්‍රදායික මතයේමයි. එයාලා නිකම්ම තවත් එක් වෘත්තියක යෙදෙනවා පමණයි. එයාලා ව්‍යාජයි, නිර්ව්‍යාජී බවක් පෙනෙන්නේ නැහැ.
ඉතිහාසය සහ බුද්ධාගම සිනමාවට නගා අලෙවි කිරීම සම්බන්ධයෙන් ඔබ මොකද හිතන්නේ?
අතීතකාමය නිර්මාණවලට යොදාගැනීම ඉන්දියාවෙ බොහෝ සිදුවෙනවා. ලංකාවෙත් යහමින් සිද්ධවෙනවා. ඒක හරියට දේශපාලනයට පන්සල, පල්ලිය ඇතුළු ආගමික සංස්ථා යොදාගැනීම හා සමාන වැඩක්. මිනිස්සුන්ට නොතේරී ඔවුන්ව අල්ලාගැනීමේ ක‍්‍රියාවලියක් තමයි එතැන සිද්ධවෙන්නේ. දුර්වලම නාඩිය අල්ලා ගැනීමට තිබෙන පහසුම ක‍්‍රමය තමයි ඉතිහාසය, ආගම මූලික කරගෙන නිර්මාණ කිරීම. මම නම් ඉතිහාසය කතාකරන්න හරිම බයයි. ඉතිහාසය ප‍්‍රතිනිර්මාණය කිරීම තරම් අපහසු කාර්යයක් තවත් නැහැ. නමුත් ඒක ඉතා පහසුවෙන් වගේම සැහැල්ලූවෙන් කෙරෙනවා අපේ රටේ. ඒක ඉතිහාසයට භයංකාරයි. ඉතිහාසය ප‍්‍රතිනිර්මාණය කිරීමේදී ලොකු වගකීමක් තිබෙනවා. අඩු පිරිවැයක් තිබෙන අපි වගේ රටක නිවැරදිව ඉතිහාසය ප‍්‍රතිනිර්මාණය කිරීමේ දැවැන්ත නිර්මාණ කිරීම අපහසුයි. දුර්වලම තැනකින් පේ‍්‍රක්ෂකයා අල්ලාගැනීම සරල මිසක් දක්ෂ උපක‍්‍රමයක් ලෙස මම දකින්නේ නැහැ.

අද දවසේ ලංකාවෙ චිත‍්‍රපටයක් කරලා වියදම් බේර ගන්නවත් පුළුවන්ද?
චිත‍්‍රපට කර්මාන්තයක ස්වභාවයක් මේ රටේ නැහැ. මේ චිත‍්‍රපටයට ජාත්‍යන්තර සම්මාන හිමිවුණත්, බලාපොරොත්තුවක්වත් නැතිව වසර හතරහමාරක් බලාගෙන ඉන්න වුණා පේ‍්‍රක්ෂකයාට පෙන්නගන්න පුළුවන්කම ලැබෙන්න. මේක එක මණ්ඩලයක සිට තවත් මණ්ඩලයකට ගියා. චිත‍්‍රපටයක් හදලා ඒක පෙන්නගන්න ඕනෑ නියමිත කාලයේ පෙන්වන්න නොහැකිවීම ඉතා හානිකර ස්වභාවයක්. මේ චිත‍්‍රපටයට දේශීය සහ විදේශීය වශයෙන් විශාල ප‍්‍රතිචාර ලැබුණා. ඒ වගේම සම්මාන ලබා තිබුණා. ප‍්‍රවීණ රංගන ශිල්පීන් තමයි රංගනයෙන් දායක වෙන්නේ. මේ සියලූ කාරණා තිබුණත් මේ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරවාගන්නට අවශ්‍ය දේශපාලන හස්තයක් මගෙ ළඟ තිබුණේ නැහැ. මේ තත්වය වෙනස් කරන්න යම්කිසි යන්ත‍්‍රණයක් අවශ්‍යයි. තරුණ සිනමාකරුවො ඉන්නවා තමන්ගේ නිර්මාණ පේ‍්‍රක්ෂකයාට පෙන්වාගන්න බැරිව. මෙහි වගකීම චිත‍්‍රපට ශාලා හිමිකරුවන්ට පමණක් පටවන්න බැහැ. පේ‍්‍රක්ෂකාගරය අවමවෙලා. ලෝකය වෙනස්වෙලා. සිනමාවත් පොදු ජනතාව වෙත ගෙනයන ආකාරය වෙනස් වෙන්න ඕනෑ. ඒකට සුදුසු ක‍්‍රමවෙදයක් හැදෙන්න ඕනෑ. ලංකාවෙ තවම ක‍්‍රියාත්මක වෙන්නේ හැත්තෑව දශකයේ ක‍්‍රියාත්මක වුණු යන්ත‍්‍රණයක්. පේ‍්‍රක්ෂකයා සිනමාහලට ගෙන්නගන්න දන්නේ නෑ. මිනිස්සු ආකර්ෂණය කරගන්න ක‍්‍රමවේදයක් හදාරලා නැහැ. ඩිජිටල්කරණය වුණත් සාර්ථකව භාවිත කරගන්න පුළුවන් වෙලා නැහැ. අපේ සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩගන්න විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒක තනි නිෂ්පාදකයෙකුට හෝ සිනමාහල් හිමියෙකුට හෝ අධ්‍යක්ෂවරයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

ඔබේ නවතම චිත‍්‍රපටය ගැන කතාකළොත්?
ඒ ‘දඩයක්කාරයා’. දැනට එහි වැඩ හමාරකරමින් තිබෙන්නේ. මගේ සිනමාවේ ප‍්‍රථම වතාවට සාහිත්‍ය කෘතියක් පාදක කරගෙන කරන චිත‍්‍රපටය. සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයා කෘතිය තමයි මේ චිත‍්‍රපටයට මුල් වෙන්නේ. ඒක පහසු කාර්යයක් වුණේ නැහැ. සයිමන්ගේ චින්තනය විදේශයකින් අහුලා ගත් එකක් නොවෙයි. ඔහුගේ දර්ශනය තුළ අපේ අක්මුල් සියල්ල තිබෙනවා. ඒ වගේ නිර්මාණයක් තුළ කිමිදීම විශාල අභියෝගයක්. ඔහුගේ කෘතියේ එක් පරිච්ෙඡ්දයක් පමණයි මගේ චිත‍්‍රපටයට පාදක කරගන්නේ. මගේ පැය එකහමාරට ගොනුකරගන්න පුළුවන් වුණේ ඒ කෘතියෙන් එක් පරිච්ෙඡ්දයක් පමණයි. මිනිසා පාලනය කිරීමට යොදාගන්නා දේශපාලනයත් සොබාවධර්මයේ දේශපාලනයත් අතර ඝට්ටනයක් තමයි මේ සිනමා නිර්මාණය තුළ දිවෙන්නේ.

පාංශු සුලෝචන වික‍්‍රමසිංහ ‘මගේ ආත්මයේම කොටසක්’ නීටාප‍්‍රනාන්දු

0

 

ඔබගේ දිගුකාලින රංග දිවියෙහි උපරිමය ‘පාංශු’ චිත‍්‍රපටයෙහි රඟපෑම යැයි මට හිතෙනවා. ඒ සම්බන්ධව ඔබට ඇත්තේ කුමන හැ`ගීමක්ද?
එය සහතිකයි. මම කැමති නැහැ මම කළ චරිතයක් ගැන කතා කරන්න. මම නිරූපණය කළ හැම චරිතයක්ම මම ඉතාම ආදරයෙන් හා ගෞරවයෙන් කරලා තියෙනවා. ඒ නිසා ඒ හැම චිත‍්‍රපටයකම වගේ මගේ ගෞරවයක් තියෙනවා. එහෙත් දැන් පාංශූ චිත‍්‍රපටයේ මගේ රඟපෑම තමයි පළමුවෙනි තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ චරිත නිරූපණය එක්කම මට විශාල වටිනාකමක්ද ලැබිලා තියෙනවා. ඒ චරිතේ බාරගන්නකොට හිතුණේ නැහැ මෙච්චර සාර්ථකව එය නිරූපණය කරන්න හැකියාවක් ලැබෙයි කියලා. හැබැයි චරිතය ගැන දැනගත් මොහොතේ පටන්ම මම ආස වුණා. ඒ ආසාව අද වෙන කොට මට හිතුවාටත් වඩා සාර්ථක වෙලා තියෙන බව පේ‍්‍රක්‍ෂකයන්ගේ අදහස්වලින් මට හැ`ගී ගියා.
මම කැමතියි එම චරිතය සාර්ථක කරගන්න සහායවුණු අධ්‍යක්‍ෂවරයා ගැන කතාකරන්න. විසාකේස මම දැනහ`දුනාගෙන හිටිය කෙනෙක් නෙමෙයි. ඔහු මේ චරිතේ මට බාර දෙනවිට ඒ සම්බන්ධ හැම දෙයක්ම මට කිව්වා. දර්ශනයෙන් දර්ශනය රූපයට නගලා පෙන්නුවා. අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් ඔහු ඉතාම දක්‍ෂයෙක්. අපෙන් උපරිමය ගන්න තාලේ ඔහු දන්නවා. චිත‍්‍රපටය සම්බන්ධව දවස් හතක විතර වැඩමුළුවක් අපට තිබුණා. ඒකෙදී ඔහු හැම දෙයක්ම ඉතාම පැහැදිලිව අපිට විස්තර කරලා දුන්නා. ඊට පස්සේ දර්ශන තලයට ගිහින් රූපගත කරන වෙලාවට කිසිම කලබලයක් කළේ නැහැ. සමහර අවස්ථාවලදී මොකක් හරි කියන්න ඕනෑ වෙනකොට අපි කළ සාකච්ඡුා මතක් කරගන්න කිව්වා විතරයි. අපේ හදවතට දැනෙන දෙය මුහුණෙන් නිරූපණය කරන්න කියලා විතරයි කිව්වේ. හැබැයි අපිට ර`ගපාන්න එපා කිව්වා. ඒ අනුව අපි සියලූ දෙනාම අපේ චරිතවලට ඉතා ස්වාභාවික විදියට ඇතුල් වුණා. ඉතාම පහසුවෙන් කැමරාව ඉදිරියේ අපි පෙනීසිටියා. සියයට පනහකට වැඩියෙන් විසාකේසගේ හැකියාවෙන් තමයි මගේ හැකියාවත් ඉස්මතු වුණේ. එය චිත‍්‍රපටයේ වැඩකළ හැම දෙනෙකුටම පොදු කාරණයක්. මම නිරූපණය කළ බබා නෝනාගේ චරිතය මගේ ර`ගපෑම් අතර වෙනස්ම මානයක විහිද යන චරිතයක්.
ඒ චරිත නිරූපණයත් සම`ග ඔබ උඩුගං බලා පිහිනනවා.
ඔව්. එය ආකාර දෙකකින් වෙනවා. ඔය චරිතේ විසාකේස මට බාරදුන්නේ ටෙලිෆෝන් එකෙන්. හැබැයි මට කිව්වා පිහිනන්න පුළුවන් වෙන්න ඕනෑ කියලා. චරිතෙට කොච්චර ආස වුණත් පීනන්න මට තියෙන බය නිසා මම කිව්වා මට එය කරන්න අපහසුයි නිසා වෙන කෙනෙකුට බාරදෙන්න කියලා. එහෙත් ඔහු මට කිව්වා උත්සාහ කරලා බලමු කියලා. මම ඒ අනුව අවුරුද්දක් පීනන්න පුරුදු වුණා. උත්සාහ කළාට පස්සේ උඩ අතට පීනන්න පුළුවන් වුණා. ඒ චිත‍්‍රපටයේ මම උඩ අතට උඩුගං බලා පීනනවා. මම ඒ දර්ශනය අද බලනකොටත් පුදුමයි. ඒ පළමුවෙනි ආකාරයයි.
මම සිනමාවට පිවිසෙන්නේ 1960 දශකයේදී, එතැන ඉඳන් චිත‍්‍රපට රාශියක මම ර`ගපාලා තියෙනවා. සමහර චරිත නිරූපණ ඇගයීමට ලක්වෙලා තියෙනවා. මම විදේශගත වෙලා නැවත ලංකාවට ආවාට පස්සෙත් විවිධ චරිත නිරූපණ කළා. ඒ හැම චරිතයකටම වඩා බබා නෝනාගේ චරිතය ඉතා පුළුල් පරාසයක විහිදි ගිය චරිතයක්. ඒ නිසා චරිතාංග නිළියක් හැටියට මේ චරිත නිරූපණයක් සමඟ මගේ රංගන දිවියෙහි උඩුගං බලා පිහිනීමක් සිදුවෙනවා. ඒ දෙවැනි ආකාරයයි.

ඔබගේ චරිතයට පාදක වූ සිද්ධීන් අත්දැකීමක් වශයෙන් ලංකාව තුළදී ඔබට ලැබුණේ නැහැ.
ඔව්. ඒ චිත‍්‍රපටයට පාදක වෙන්නේ 88 -89 භීෂණ කාලය තුළ අතුරුදන් වූ පුතෙකු සොයායන මවක පිළිබඳ කතාවක්. ඒ කාලේ මම හිටියේ කැනඩාවේ. ඒ නිසා ඒ සිද්ධි පිළිබඳ මම රූපවාහිනියෙන් හා ගුවන්විදුලියෙන් දැනගත්තා මිසක් ඒ අත්දැකීමේ කොටස්කරුවෙක් වෙන්න මට හැකියාවක් තිබුණේ නැහැ. එහෙත් එයට සමාන අත්දැකීමක් මට තියෙනවා.
1971දී මගේ මල්ලි ටෙක්නිකල් කොලේජ් යන කාලේ පොලිසියෙන් අරගෙන ගියා. හැබැයි ඒගොල්ලන්ට වෙඩි තිබ්බේ නැහැ. බන්ධනාගාරේ දැම්මා. අපේ අම්මා හැමදාම කෑම එකක් අරගෙන මල්ලි බලන්න බන්ධනාගාරේට ගිහිල්ලා අඬලා වැළපිලා එනවා. මල්ලිව එහෙම ගෙනිච්චේ ඇයි කියලා අපිට ප‍්‍රශ්නයක් ඇතිවුණා. මල්ලි ඒ සම්බන්ධ කිසිම දෙයක් අපිත් එක්ක කතාකරන්නේ නැහැ. ඔන්න ඔය සිද්ධියත් මගේ මතකයේ තිබුණා. අපේ අම්මා මල්ලි බන්ධනාගාරෙන් නිදහස් වෙලා එනකං ඇඬු කඳුලින් හිටිය හැටි මගේ මතකයට ආවා. ඒ හැම දෙයක්ම මේ චරිතය ගොඩන`ගා ගන්න මට බලපෑම් කරන්න ඇති. හැබැයි මම හිත හිතා ඒ දේවල් මතක් කරමින් මගේ චරිතය ර`ගපෑවේ නැහැ. මම විසා කියූ දේ හරියට කළා.

පේ‍්‍රක්‍ෂකයෙක් වශයෙන් එම චරිත නිරූපණය දිහා බලාගෙන ඉන්නකොට ඔබට දැනෙන හැ`ගීම කෙබඳුද?
මම රඟපෑ චිත‍්‍රපටයක් මම නරඹන කොට බලන්නේ මම කරලා තියෙන හොඳ නෙමෙයි. මොනවද වැරදියට කරලා තියෙන්නේ කියලා. ඒ වගේම මීට වැඩිය හොඳට කරන්න තිබුණා කියන අදහස එක්කයි. ඒ නිසා මම රඟපෑ චරිතයක් මම බලන්න බයයි. එහෙත් පාංශු නරඹනකොට මම එහෙම දෙයක් දැනුණේ නැහැ. මට මාවම අමතක වුණා. ඒ චරිතය සමඟ මම එකට බැඳිලා හිටියේ. සමහර වෙලාවට මගේ රඟපෑම් දැකලා මම ඇඬුවා. චිත‍්‍රපටය නැරඹුවාට පස්සේත් ඒ මානසික තත්ත්වයෙන් මිදෙන්න අපහසු වුණා. බබා නෝනාගේ චරිතේ කළාට පස්සේ එතැනින් එහාට මට යන්න තැනක් නැහැ. මම ආයේ ර`ගපෑවේ නැතිවුණත් කමක් නැහැ කියලා මට හිතෙනවා.

‘දුහුළු මලක්’ හා විජය ධර්මශී‍්‍ර පිළිබඳ ඔබේ මතකය කබඳුද?
ඒ චිත‍්‍රපටයත් විජය ධර්මශී‍්‍ර කියන්නෙත් මගේ ජීවිතයේ පළමු හැරවුම් ලක්‍ෂ්‍යය. පුළුල් ලෙස මාව පේ‍්‍රක්‍ෂකයන් අතරට රැුගෙන ආවේ විජය ධර්මශී‍්‍ර. ඒ චිත‍්‍රපටය කරනකොට මම එච්චර වයසක් නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ ලොකු ගැඹුරක් තිබුණේ නැහැ. එහෙත් අපි හැම කෙනෙක්ම අපේ උපරිමයෙන් කළා. ‘දුහුළු මලක්’ කරනකොට අපි හරියට සුරංගනා ලෝකයක පාවුණා වගේ. එච්චර ආස්වාදජනකයි. හැබැයි ‘පාංශු’ කරනකොට ඒ පසුබිම සම්පූර්ණයෙන්ම වෙනස්. ‘දුහුළු මලක්’ ජනපි‍්‍රය සිංහල චිත‍්‍රපට කිහිපය අතරේ තියෙනවා. පේ‍්‍රක්‍ෂකයෝ අදත් ඒ චිත‍්‍රපටයට පි‍්‍රය කරනවා. ඒ සම්බන්ධ පළමු ගෞරවය විජය ධර්මශී‍්‍රට හිමිවෙන්න ඕනෑ. එහි ගෞරවයෙන් වැඩි කොටසක් කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහටත් හිමිවෙන්න ඕනෑ.
ටයිටස් තොටවත්තගේ ‘මංගලා’ චිත‍්‍රපටයත් සුවිශේෂයි. ඒ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන කාලේ මම ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා මට ඒ චිත‍්‍රපටය බලන්න අවස්ථාවක් නැතිව ගියා. ’83 කලබලවලදී ඒ චිත‍්‍රපටයත් විනාශ වුණ නිසා ඒ චිත‍්‍රපටයේ මගේ ර`ගපෑම මට ජීවිතේට දකින්න වෙන්නේ නැහැ. ‘හදවත් ඇත්තෝ’ චිත‍්‍රපටයද මේ මොහොතේ මගේ මතකයට එනවා. ‘ළසඳා, වාසනා, ශාන්ති, කේසර සිංහයෝ, රජගෙදර පරවියෝ ඇතුළු මගේ මුල්කාලීන චිත‍්‍රපට රාශියක් මගේ මතකයට එනවා.

‘බොඳ මීදුම් කඳුරැුල්ලේ, රන් කෙන්දෙන්, සන්සුන් රුවන් හඳ, හිනැහෙන්න රෝමියෝ, පොකුරු පොකුරු මල්, චිං චිං නෝරු වැනි සිංහල සිනමාවේ බිහිවුණ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපට ගීත සඳහා නිරූපණයෙන් දායකවන ප‍්‍රධාන නිළිය ඔබයි.
ඔය හැම ගීතයක්ම අදත් ජනපි‍්‍රයයි. එදත් ජනපි‍්‍රයයි. මේ රූපරාමුවලට පෙනීසිටින්නට මට ලැබුණු අවස්ථාව මගේ මතකයෙන් කවදාවත් ඈත්වෙන්නේ නැහැ. මේ රූපරාමු සඳහා ජෝ, ගාමිණි, ටෝනි, විජය, රවීන්‍ද්‍ර ඇතුළු සිංහල සිනමාවේ පතාක යෝධයන් රාශියක් මාත් සමඟ එක්වුණා. ‘බොඳ මීදුම්’ ගීතය රූගත කරන කොට මමයි රවීන්‍ද්‍රයි අපි දෙන්නට ඕනෑ ඕනෑ දේවල් කළේ. හැබැයි ඒ හැම දෙයක්ම අපි කළේ චරිතය හොඳින් වටහාගෙනයි. මේ ගීත ඇතුළු තවත් ජනපි‍්‍රය ගීත රාශියකට මම පෙනීඉඳලා තියෙනවා. ඒ ගී ගැයූ නන්දා මාලනී, ලතා, සුජාතා, ඇන්ජලින්, ශී‍්‍රමති තිලකරත්න ඇතුළු හැම ගායිකාවක්ම ගායකයෙක්ම මගේ හදවතේ ඉන්නවා. ඒ ගායක ගායිකාවෝ නිසා චිත‍්‍රපට බැබලූණා. අපිත් ජනපි‍්‍රය වුණා. ඔවුනුත් ජනපි‍්‍රය වුණා. ඒ කාලේ කලාත්මක චිත‍්‍රපට වගේම ඉතා හොඳ වාණිජ චිත‍්‍රපටත් බිහිවුණා. ඒ චිත‍්‍රපට වර්ග දෙකටම ඉතාම විශාල පේ‍්‍රක්‍ෂකයන් සංඛ්‍යාවක් හිටියා. ඒ කාලේ තමයි සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය. මිනිස්සු පැය ගණන් පේලිම්වල ඉඳලා චිත‍්‍රපට බැලූවා. අද එවැනි තත්ත්වයක් දක්නට නැහැ. හැබැයි අද අපට ඉතා දක්‍ෂ තරුණ නිර්මාණකරුවන් පිරිසක් ඉන්නවා. ඔවුන් සමඟ මම ඉතා විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. ඉදිරියටත් ඔවුන්ට අත දෙන්න බලාපොරොත්තුවෙනවා.
එදා සහ අද චිත‍්‍රපට අතර එක ප‍්‍රධාන වෙනස්කමක් තියෙනවා. අද හැදෙන චිත‍්‍රපටවල තේමාවන් හැදුණු තේමාවන්වලට වඩා හාත්පසින්ම වෙනස්. සමහර ඒවා තේරෙනවා. සමහර ඒවා තේරෙන්නේ නැහැ. තාක්‍ෂණික අංශය ගත්තත් අද ඉතාම දියුණුයි. එහෙත් මිනිස්සුන්ට තේරෙන්නේ නැති චිත‍්‍රපට හැදුවාම ඒවා බලන්න යන්නේ නැහැ. කොහොම වුණත් හොඳ චිත‍්‍රපටයකට තාමත් පේ‍්‍රක්‍ෂක සමූහයක් ඉන්නවා.

ඔබ ධර්මසේන පතිරාජ සමඟ එක්වෙන්නේ ‘ස්වරූප’ චිත‍්‍රපටයෙන්.
පතිරාජ චිත‍්‍රපට හදන කාලේ මම ලංකාවේ හිටියේ නැහැ. ඔහුගේ අවසාන චිත‍්‍රපටය ‘ස්වරූප’ සමඟ මට එක්වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකත් අර මම කිව්වා වගේ වෙනස්ම තේමාවක චිත‍්‍රපටයක්. එහි මගේ චරිතයත් ඉතා සංකීර්ණයි. නමුත් එවැනි චිත‍්‍රපට පුළුල් වශයෙන් පේ‍්‍රක්‍ෂකයන් අතරට නොයෑම අභාග ්‍යයක්. ඉතා මහන්සිවෙලා හොඳ චිත‍්‍රපටයක් කළාම එයට පුළුල් පේ‍්‍රක්‍ෂක සහභාගිත්වයක් නැත්නම් වැඩක් නැහැ. මොකද අපි චිත‍්‍රපට කරන්නේ මිනිස්සුන්ට බලන්න මිසක් කතා කර කර ඉන්න නෙවෙයි.

‘පවුරු වළලූ’ අමතක කළොත් විශාල අඩුවක්..
ඒ චිත‍්‍රපටය තමයි මගේ ර`ගපෑම් අන්තර්ජාතික තලයට රැුගෙන ගියේ. එය මට වගේම අපේ රටටත් ලොකු ගෞරවයක්. මෙතැනදී මට ප‍්‍රසන්න විතානගේව අමතක කරන්න බැහැ. ඔහු ඉතා සූක්‍ෂ්ම ආකාරයෙන් තමයි ඒ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ. මම කැනඩාවේ ඉඳලා ලංකාවට ආවෙම පවුරු වළලූ නිෂ්පාදනය කරන්නයි. ඒ සඳහා මම අවුරුද්දක් විතර එහේ ඉඳන්ම ලැහැස්ති වුණා. ප‍්‍රසන්න මගෙන් ඒ චරිතයට අවශ්‍ය හැම දෙයක්ම ඉතා සූර විදියට ලබාගත්තා. ඒ නිසා තමයි සිංගප්පූරු අන්තර්ජාතික චිත‍්‍රපට උළෙලේ හොඳම නිළියගේ සම්මානේ මට ලැබෙන්නේ. ඒ චිත‍්‍රපටයේ එක දර්ශනයක තියෙනවා මම පාපොච්චාරණය කරන අවස්ථාවක්. ඒ කොටස තමයි මට සම්මානේ ලබා ගන්නකොට පුළුල් තිරයේ පෙන්නුවේ.
මම කවදාවත් සම්මාන බලාගෙන හෝ ජනපි‍්‍රයතාව බලාගෙන ර`ගපාපු කෙනෙක් නෙමෙයි. පේ‍්‍රක්‍ෂක සම්මානය අනිත් හැම සම්මානයකටම වඩා මට වටිනවා. මම මේ ගමන ආවේ හු`ගක් බාධක මැද්දේ. මුල් කාලේ මට පත්තරවලින්වත් ප‍්‍රචාරයක් ලැබුණේ නැහැ. ඒ වුණාට මම මගේ ගමන ගියා. මට කවදාවත් කිසිම කෙනෙක් එක්ක තරග කන්න මට ඕනෑකමකුත් නැහැ. මේ හැම දෙයක් අතරේම එදා ඉඳන් අද දක්වා මගේ රසික රසිකාවෝ් මාත් සමඟ ඉන්නවා. දැන් පරණ පරම්පරාවට අලූත් පරම්පරාවත් එක්වෙලා. මට ඒ හොඳටම ඇති. මම දැන් බලාගෙන ඉන්නේ ‘පාංශු’ තිරගත වුණාට පස්සේ මට කුමන පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරයක් ලැබෙයිද කියා. පේ‍්‍රක්‍ෂකයා ඉතා සතුටින් මගේ ර`ගපෑම බාරගනියි කියලා මම දන්නවා.x