No menu items!
22.9 C
Sri Lanka
3 May,2025
Home Blog Page 470

වීරයා යළි කැඳවීමථ පුංචි තිරය නිසි එල්ලයට…

0


 අපි කරපිංචා බංගගග උන්ගෙ හොද්දෙ තැම්බෙනකං හොඳයිගගග හොද්ද ඉදිල පිඟානට බෙදාගත්ත ගමංම ඉස්සෙල්ලාම කරන්නෙ සූප්පු කරල පැත්තකිං තියන එකගගග අපි කරපිංචා.

හමුදා සේවයේ දී හදිසියේ අතුරුදහන් වල මියගියා යැයි සැක කොට දුන් දානමානාදියත් කෙළවර වූ පසුල පෙම්වතිය තවකකු හා විවාහ වී දරුවකු ද ලැබ වසර දෙකක් ඉක්ම ගිය අනතුරුවල නෙත් අඳ තැනැත්තෙකු ලෙස එක්වරම යළි ගමට එනිකුලේ‘ හමුවේ ඉහත දෙබස් කණ්ඩය තබන්නේ ඔහුගේ හමුදා සගයෙකිගිකුලේ’ හමුවට ඔහු පැමිණ සිටින්නේ මහ රැයක යග ඔහු පැමිණි ජීප් රථයේ විදුලි ලාම්පුවල එළිය මගින් ලැබෙන පසු ආලෝකයෙන් පමණක් ආලෝකමත්  වූ දර්ශන තලයකල අඳුර සමග වැඩි ගණුදෙනුවක යෙදෙමින් හමුදා සගයා සිටගෙන සිටියිග නෙත් නොපෙනෙනිකුලේ’ සිටින්නේ ඔහු ඉදිරිපස සිටගෙන මඳ අඳුරක යග ඔහු ඉදිරියෙන් ඒ දණ්ඩකට සමාන කුඩා කොන්ක්‍රීට් කණු යෙදූ පාලමකිග අවට ගසින් පිරුණු වතු පිටි හා අඳුර යග ඉඳහිට ඈත පාරේ ඇදෙන රථයක පහන් ආලෝකයත්ල වඩා තීව්‍රව පෙනෙන පසු ආලෝකයේ රත් පැහැයත්ල යම් බියමුසු සැකයක් සිත පහළ කරමින් තිරයේ එක් අන්තයක සිට අනිත් අන්තයට ඇදෙයි.

ඉහත දර්ශනය හා දෙබස මවෙත මුණගැසුණේ මේ දිනවල සති අන්තයේ ජාතික නාලිකාව ඔස්සේ විකාශය කෙරෙනිවීරයා ගෙදර ඇවිත්’ ටෙලි සිත්තම වෙත දී යග නාමල් ජයසිංහගේ තිර රචනයෙන් ද ආනන්ද අබේනායකගේ අධ්‍යක්ෂණයෙන් ද නිමැවී ඇතිිවීරයා ගෙදර ඇවිත්’ල රොෂාන් රවීන්ද්‍ර සහ ජයනි සේනානායක ඇතුළු සුහුරු රංගන ශිල්පීන් කිහිප දෙනෙකුගේම විස්මිත රංගන දායකත්වය සමගින් එක්ව කලාතුරකින් ප්‍රේක්ෂක නෙත හමුවට එන ප්‍රවර්ගයේ ටෙලි නාට්‍යයක් ජාතික නාලිකාවේ විකාශ කාලය තුළ තබන්නට සමත් වී ඇත.

ගුවන් විදුලියේිමුවන් පැලැස්ස’ හෝ මොණර තැන්න’ ඒත් නොමැති නම්  ගුවන්විදුලි රඟ මඬල’ අසන්නට වාඩි වූ ප්‍රේක්ෂාගාරයත්ල සිනමා හලෙහි ලෙනින් මොරායස් සිට ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ධර්මසේන පතිරාජ දක්වා නිමැවුණු සිනමා සිතුවම් පෙළ නරඹන්නට වාඩි වූ ප්‍රේක්ෂාගාරයත් සිය තිර අවකාශය අභියස වාඩි කරගනිමින් 80 දශකය වන විට වඩාත් ඉහළ අක්‍රිය හා සක්‍රිය ප්‍රේක්ෂක සංඛ්‍යාවක් රඳවා ගනිමින්ලිකතන්දරකරුවාගේ’ භූමිකාවේ නව මුහුණුවර නිර්මාණය කළේ ටෙලිවිෂනයයිග ලෝක ටෙලිවිෂන ප්‍රවේශයට දශක කිහිපයක්ම පසුපසින් සිය මැදිහත් වීම ඇරඹුව දල කිසිසේත් ලෝකයට නොදෙවෙනි වූ මෙරට ටෙලිවිෂනය ද ඉක්මණ්ල විශාල පියවර කිහිපයක් හරහා සියිආලින්ද ප්‍රේක්ෂාගාරය’ ඉහත කී ගුවන් විදුලි හා සිනමා ප්‍රේක්ෂාගාර සියල්ල පරාජය කරන්නට කටයුතු කළේ ය.

‘කතන්දර’ ඇසීමත් ඒ රස විඳීමත් මෙරට පුරවැසියා මතු නොව සමස්ථ ලෝක පුරවැසි ප්‍රජාව හමුවේම හඳුනාගත හැකි පොදුල ප්‍රමුඛ මිනිස් ගුණාංගයකිග මුලල මැද හා අග සහිත කතන්දරල විවිධ ෂානර ඔස්සේත් විවිධ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ඔස්සේත් රස විඳින්නට පෙරමග බලා සිටින ප්‍රේක්ෂක ප්‍රජාවෙහි අරමුණ සාධනය කර දෙමින්ම ඔවුන් වඩාත් ඉදිරිගාමී සිතුවිලිවලින් පොහොසත්ල රස වින්දන ශක්තියකින් හා බුද්ධිමය සාකච්ඡාවකට පොළඹවාගත හැකි ඥාණමය පිබිදීමකින් යුතු පිරිසක් බවට පත් කරගැනීම සිය කාර්යය බව හඳුනාගත් නිර්මාණකරුවන් යම් පිරිසක් හෝ මෙරට මෙන්ම විශ්ව නිර්මාණ කුලකයන් වෙත වූ බව ටෙලිවිෂන අතීතය දෙස හැරෙත්ම හඳුනාගත හැකග පතිරාජයන්ගේිකඩුල්ල’ පෙරමුණු නාමය වෙත තබමින් මෙරට ටෙලි සිතුවම් අතීතය තුළ පෙළගැසී අපට හමුවන්නේ එම නිර්මාණ කුලකයේ මෙරට නිර්මාණකරුවන් පිරිසයි.

පෞද්ගලික නාලිකා ආරම්භයත්ල ක්‍රමිකව වඩාත් ලාභදායීල හඬ කවා ප්‍රේක්ෂකයා වෙත යැවිය හැකි විදේශ ටෙලි නාටක මිලට ගැනීමට ලැබුණු ඉඩකඩත්ල ලාභය පරම චේතනාව ලෙස දුටුිමාධ්‍ය මුදලාලිලාගේ’ වෙළඳ චින්තනයත්ල නියාමනයකින් තොර මාධ්‍ය භාවිතයත් ඇතුළු මේ සියල්ල 90 දශකාවසානයේ පටන් ක්‍රමිකව පිවිසෙමින් සිටියේ යට සඳහන්ල පොහොසත් නිර්මාණ ටෙලිවිෂන් තිරය වෙතින් දුරස් කරන්නට යග ජාතික හා ස්වාධීන රූපවාහිනී නාලිකා ද පෞද්ගලික නාලිකා සමග කෙරෙන අරගලය ලෙස වටහා ගත්තේ ද සමාන ටෙලි නාටක ස්වරූප සොයා ආලින්දයට එවීම මිස ප්‍රති ප්‍රවේශයන් නොවේග නව සියවසේ මුල් දශකයත් සමගල සතියේ දින පහම දිවෙනලිමෙගා ටෙලි රැල්ල’ පළමුව පෞද්ගලික නාලිකා දල දෙවනුව ඒ පසුපස දිවගිය රාජ්‍ය නාලිකා ද ආක්‍රමණය කළේ තත්වයන් බරපතල අර්බුදයකට ලක් කරමිනි.

‘වීරයා ගෙදර ඇවිත්’ නාමය ජාතික නාලිකා තිරය මත පතිත කරවීමලිරණවිරු’ නාමයෙන් කලෙක ඉහළ ඇගයුමක තැබූල යුද්ධයේ පෙරමුණු බලඇණිවල හිඳ ජීවිතයේ කුමන හෝ අංගයක් අහිමි කරගත්ල යුධ සෙබලෙකුගේ පුනරාගමනය මතු නොවල පොහොසත් ශ්‍රව්‍ය හා දෘශ්‍ය සත්කාරයකින් යුතුිතත්‍ය’ ටෙලි සිත්තම්වල පුනරාගමනයේ අවැසියාව ද සංඥා කරවන බව මට හැඟෙන්නේ එහෙයිනිග වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආලින්දයේ හිඳුවා ගනිමින් ඔවුන්ගේ දෛනික ජීවිතයේ විවේකීමිරන් දෙපැය’ල මුදල් තෑගි දෙමින් ඔවුන්ගේිඛේදනීය දෙපැය’ බවට පත් කරනිටෙලි කුණුහරුප’ ඔවුන්ගේ නෙත් අභියස තබමින් සමස්ථ පුරවැසි ප්‍රජාවේ ශ්‍රව්‍ය-දෘශ්‍ය කියැවීම මොට කර දමමින්ල දෘශ්‍ය සාක්ෂරතාව ද මොට කර දමනු වෙනුවට වඩා ඉදිරිගාමී අදහස් සහිතව ඔවුන් ඥාණනය කරමින්ල පොහොනි වින්දන කලාපවලට කැඳවන ප්‍රවේශ විමසන්නට නිර්මාණකරුවන් පෙරමුණ ගත යුතු ය.

පසුගිය වසරත් සමග යම් පිබිදීමක් ලබන නව්‍ය ටෙලි සිතුවම් නිර්මාණ රැල්ලක් :කූඹියෝල සහෝදරයාල තාත්තාල ත්‍රෛලෝකා ආදී නිර්මාණ සමග*ල ඉහතිටෙලි කුණුහරුප’ නිසා ආලින්දය අතහැර කාමරවලට වැදී සිටි බුද්ධිමත් ප්‍රේක්ෂක ප්‍රජාව ද යළි කැඳවූ අතරිවීරයා ගෙදර ඇවිත්’ එම ප්‍රේක්ෂකයාටිරන් දෙපැයවල්’ නරඹමින් දිගටම වාඩි වී සිටි ප්‍රේක්ෂකයා සමගම ආලින්දයේ රැ‍ඳෙමින් ක්‍රමික පුනරාගමනයක් සඳහා සාකච්ඡාවක් අරඹන්නට බල කරමින් සිටී.

සියිඅන්ධ’ චරිතය ටක්කෙටම කරන්නට වෙර දරන රොෂාන් රවීන්ද්‍රගේ වෙහෙසකර රූපණ සත්කාරයල ඉතා සියුම්ල එකිනෙකට වෙනස්ල සංකීර්ණ මනෝභාව රැසක් සමග එකම මොහොතක ගණුදෙනු කරන චරිතයක් විස්මිත ලෙස කුඩා තිර අවකාශයක රූපණය කරන්නට සමත් වන ජයනි සේනානායකගේ රූපණය මෙන්ම ළමා රංගන ශිල්පියාගේ පටන් සෙසු රංග ශිල්පීන්ගේ දායකත්වය ද අපටිආලින්ද තිර අවකාශයක’ කළ හැකි පොහොසත් රූපණ මැදිහත්වීම් පිළිබඳ සාක්ෂි ගෙන එද්දී වෙහෙස වී තනන රූප රාමුල ආලෝකකරණය ඇතුළු සෙසු අනුශාංගිකාංග ද අපට සිහි කැඳවන්නේ එම තිර අවකාශයට සෞන්දර්යාත්මක ගුණ සහිතව කථා කීමට ඇති ශක්‍යතාවය ය.

ඉතා දීප්තිමත් රූප ඔස්සේල නළු නිළියන්ගේ මුහුණුවල ඇති උද්දීප්ත කළ බුහුටි හැඩතල පමණක් ග්‍රහණය කරගන්නාල කැමරාවේ නන්විධ චලන මගින් රූප බසෙහි බහු අර්ථ නිපදවීම කළ හැකි බව අමතක කළල කිසිදු වර්ධනයක් හෝ තාර්කික පෙරගමනක් නොපෙන්වන චරිතවල පැතලි හා අතාර්කික රංග භාවිතයන් සමගින්ල කොටස් සිය දහස් ගණනින් තනා තිරයටිපොම්ප කරන’ිඉනිම්’ ගණනේ තැනෙන ටෙලිවිෂන් කුණුහරුපවලට ප්‍රතිපක්ෂව වඩා පිරිසියුම්ව තැබූ ටෙලි නාට්‍ය නිර්මාණ තබමින් කරන මැදිහත් වීමිවීරයා යළි කැඳවීමක්ම’ වනු ඇත්තේ ඒ හා සමග ක්‍රමිකව අපට පොහොසත් කියැවීමකින් යුතු ප්‍රේක්ෂාගාරයක් තනාගත හැකි බැවිණි.

නැතහොත් අප දිකරපිංචා’ බවට පත්වල ටෙලි හොදි පැසුණු පසු සූප්පූ වී පිඟන් පසෙකට යනු ඇතෟ

-ප්‍රියන්ත ෆොන්සේකා-  

විමල්ගේ තාර්කික අවසානය

0


විමල් වීරවංශ ශ‍්‍රී ලාංකීය දේශපාලනයේ ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන චරිතයකි. ඔහු ප‍්‍රභාකරන් තරම් වැදගත්, මහින්ද තරම් අත්‍යවශ්‍ය, රනිල් වික‍්‍රමසිංහ තරම් පැවතිය යුතු, විජේවීර තරම් නායකත්වය දිය යුතු චරිතයකි. 1994 එක්සත් ජාතික පක්ෂය විපක්ෂයට ගිය මුල් දිනවල විමල් වීරවංශගේ ක‍්‍රමික නැගීම හොදින් හදාරන්නෙකුට දේශපාලන ව්‍යාපෘතියක් තුළ තනි මිනිසෙකුට කළ හැකි බලපෑම කෙතරම්දැයි අවබෝධ කොටගත හැක. එසේම තනි මිනිසෙකුට සතුරාගේ ශක්තියම භාවිතා කරමින් කෙතරම් ඉහළ නැගිය හැකිදැයි ඔහු ඔප්පු කොට තිබේ. 1997 පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය තුළ විමල් වීරවංශගේ භූමිකාව ලංකාවේ දේශපාලනයේත්, විමල් වීරවංශගේ පෞද්ගලික ජීවිතයේත් හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළේය. මගේ මතකය නිවැරදි නම් එම මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණත්, වික‍්‍රමබාහු කරුණාරත්නත් එකම වේදිකාවක සිට එවකට විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළේය. ඔහු එම මැතිවරණ වේදිකාවේදීම කියූ පරිදි ඔහුගේ කතාවේ එක් නිමේෂයක ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයට ප‍්‍රහාරයක් එල්ල කිරීම ආරම්භ කරයි. එසේම ඔහුගේ කතාවේ එතැන් සිට කොටස ජාතික රූපවාහිනියේත්, ස්වාධීන රූපවාහිනියේත් ප‍්‍රවෘත්ති විකාශය නරඹන ලෙස පැමිණ සිටි ජනයාගේ ඔල්වරසන් මැද ප‍්‍රකාශ කරයි. ඔහු විසින් එක්සත් ජාතික පක්ෂයට එල්ල කරන ලද එම දරුණු ප‍්‍රහාරය අදටත් එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සිත් තුළ රැුඳී තිබේ. ලංකාවේ තක්කඩිවාදයේ පියා විමල්ය.


ඔහු කියූ පරිදිම චන්ද්‍රිකා ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍යය, ඔහුගේ කතාවේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කොටසට විශාල ප‍්‍රචාරයක් ලබාදුන් අතර එම මැතිවරණය ජනතා විමුක්ති පෙරමුණේ නැවත නැගී සිටිමේ ආරම්භය විය. සතුරාගේ ශක්තිය භාවිත කරමින් නැගී සිටි ජ.වි.පෙ. විටෙක චන්ද්‍රිකා ආණ්ඩුව පාලනය කරනු ලබන සුක්කානම බවටද පත්විය. එහි නිර්මාතෘ හා ප‍්‍රධාන පෙරගමන්කරුවා වූයේ විමල් වීරවංශයි. එකල ජනතා විමුක්ති පෙරමුණ විමල් වීරවංශ වන තරමට ඔහු දක්ෂ දේශපාලනඥයෙක් විය. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සුදු රෙදිවලින් නිරුවත වසාගෙන සිටීමට ඔහු අමතක කළේ නැත.


විමල් වීරවංශගේ බැසයාම ආරම්භ වන්නේ, ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ නිසා නොව, 2001, 2004 රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යධූර දැරූ කාලයේ ඔහු විසින් තෝරාගන්නා ලද ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතිය නිසාය. පීඩිත සමාජ ක‍්‍රමය තුළ පීඩිතයාට පීඩකයා බවට පත්වීමට ඇති එක් සමාජ උපක‍්‍රමයක් වන්නේ, තම ගෝත‍්‍රයෙන් පිට අනෙකුත් ගෝත‍්‍රයක් හා සටනට එළඹීමයි. විධිමත් අධ්‍යාපනයක් නොමැති වුවද, විමල් වීරවංශට මෙම ඓතිහාසික ගෝත‍්‍රික ගැටුම පිළිබදව අවබෝධයක් තිබූ බව මාගේ අනුමානයයි. එසේම වීරයන් බිහිවන්නේ යුද්ධයෙන් බව ඔහු තදින් විශ්වාස කළේය. ඔහු විසින් එවකට පුරවන ලද්දේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පක්ෂ දෙකේ සීලාචාර නායකයන්ට අශීලාචාර ප‍්‍රභාකරන් හා සටන් වැදීමට ඇති නොහැකියාවට තිබු ඉඩකඩයි.


ඔහු ප‍්‍රථමයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ව්‍යාපාරයට ඈඳාගෙන එය බොහෝ දුර රැුගෙන ගියේය. ලංකාවේ මේ මොහොතේ පවතින එකම විධිමත් වාමවාදී ප‍්‍රබල පක්ෂයට ද්‍රවිඩ, මුස්ලිම් නායකයන් හෝ සාමාජිකයින් ආකර්ෂණය කර ගැනීමට නොහැකි වීමට හේතුව විමල් වීරවංශගේ එම දේශපාලන ස්ථාවරයයි. මේ මොහොතෙත් ජනතා විමුක්ති පෙරමුණ දෙස ද්‍රවිඩ, මුස්ලිම් හා කතෝලික ජනතාවත් ශ‍්‍රී ලංකාවේ මැද පන්තික උගත්, බුද්ධිමත් ජනතාවත් නෙත් යොමනුයේ සැක සංකා හිතේ තබාගෙනය. ඒ විමල් වීරවංශ එම පක්ෂයට දුන් දායාදයයි. නමුත් විමල් වීරවංශ නොමැති ජනතා විමුක්ති පෙරමුණට උපරිම පාර්ලිමේන්තු ආසන හයකට වඩා ලබා ගැනීමට අදටත් නොහැකි වී ඇත. මා මිත‍්‍රයෙකු කියූ පරිදි ජවිපෙ පූර්ණකාලීන මිත‍්‍රයෙකු වූ විමල් වීරවංශ යනු දේශපාලඥයෙකු නොව හූනියම් යකැදුරෙකි. සියල්ලෝම එකල ඔහුට බිය වී සිටියෝය.
නමුත් 2005 න් පසු ආණ්ඩුවට එකතු වූ විමල් වීරවංශ විසින් ආණ්ඩුවට ලබා දෙනු ලබන ජාතික බලවේගයේ හයිය අතැතිව ප‍්‍රභාකරන් පරාජය කිරීම සදහා ආණ්ඩුවට න්‍යායාත්මක පදනමක් ලබාදෙන ලදි. විමල්ගේ පක්ෂයේ අය හා ඔහුගේ ඥාතීන් කියනා පරිදි විමල් වීරවංශ යනු යුද්ධය ජයග‍්‍රහණය කළ වීරයාය. ඔහු වාහන අවභාවිත කරන ලද්දේත් අති විශාල ලෙස මුදල් වංචා කරන ලද්දේත් යුද්ධය ජයග‍්‍රහණය කිරීම සඳහාය. බැලූ බැල්මට මෙය විකාරයක් ලෙස පෙනුණද, එහි විශාල දේශපාලනයක් තිබේ. ඒ විමල් වීරවංශගේ දේශපාලනය මහින්ද රාජපක්ෂගේ නූගත් ආණ්ඩුවට මුල සිටම න්‍යායාත්මක පදනමක් ලබා දී තිබුණි. එයට කෘතගුණ දැක්වීමක් ලෙස මහින්ද රාජපක්ෂ විසින් විමල් වීරවංශට, ඔහුට හිඟ පාඩු තිබූ අවශ්‍ය තරම් ධනය රැුස්කර ගැනීමට හා රාජ්‍ය දේපළ භුක්ති විදීමට අවස්ථාව ලබා දුන්නේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස දක්ෂ දේශපාලනඥයෙකු හිරේ විලංගුවේ වැටුණු අතර ඔහු විසින් නායකත්වය දෙන ලද ජාතික ව්‍යාපාරය උභතෝකෝටිකයකට මැදි වී ඇත. විමල් වීරවංශගේ ග‍්‍රාම්‍ය ඥාතීන් ඔහුට සිදු කරන ලද අපකීර්තිය වසා දැමීමට ලංකාවේ පෞද්ගලික මාධ්‍යයත්, මහින්දවාදී කණ්ඩායමුත් දරනු ලබන වෑයම විමල් වීරවංශගේ දේශපාලන ජීවිතය තවදුරටත් අවුලින් අවුලට පත්කරන ලදී. මන්ද ලංකාවේ ජාතික ව්‍යාපාරයේ කොඳු නාරටිය මෙරට පහළ සහ ඉහළ මධ්‍යම පන්තික කාන්තාවන් වන නිසාය.

රතන ස්වාමීන්වහන්සේ, උන්වහන්සේ වදාරන පරිදි උත්සාහ කරමින් සිටිනුයේ විමල් වීරවංශගෙන් හිස්වු ජාතික ව්‍යාපාරයේ තාර්කික නායකත්වය උන්වහන්සේ වෙත පවරා ගැනීමටයි. දැනටමත් ගෝඨාභය හා චම්පික රණවක අතර මාරාන්තික සටනක් ඇති වී ඇති එම නායකත්වයට රතන ස්වාමීන්වහන්සේගේ පැමිණීම මෙරට ජාතිකවාදී කණ්ඩායම්වලට නව බලාපොරොත්තු ඇති කර තිබේ. කෙසේ වෙතත් ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයේ ප‍්‍රධාන මොළකරුවෙකු වුයේද විමල් ය.

2020 ජනාධිපතිවරණයේදී අපට මෙම පෙළගැස්ම හොඳින් තේරුම් ගත හැකිය. සිංහල ජාතිකවාදී අපේක්ෂකයින් තුන් හතර දෙනෙකු සමග එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සටන් වදින්නට සිදුවනු ඇත. එබැවින් විමල් වීරවංශ මෙරට දේශපාලනයේ තවදුරටත් වලංගු නොවීම එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ බලවේගවලට සාමය හා සතුට ගෙනදෙන්නක් නොවේ. කෙසේවුවත් බෙදුණු සතුරන් හා සටන් වැදීම එතරම් අපහසු කාරණයක්ද නොවන අතර අද දවසේ දේශපාලන පෙළගැස්ම 2020 දී අවසානයක් කරා ළඟාවනු ඇත.


(කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියෙනි.*

වරදට සමාව දෙන පිරිමින් සොයා පත්තරේ දැන්වීම් දාන යුගයක දැකලා පුරුදු කෙනෙක්

0


ලාංකේය සාම්ප්‍රධායික විවාහ සංස්ථාව තුළ නිරන්තරයෙන් දැකිය හැකි ගැටළුවක්දැ කලා පුරුදු කෙනෙක්’ සඳහා වස්තු විෂය වෙයිග මෙහි එන මධ්‍යම පාන්තික දිවිපෙවෙතක් ගෙවන න්‍යෂ්ටික පවුලක පිරිමියා හා කාන්තාව අතර වන සාමාන්‍ය සම්බන්ධතාවයට එක්තරා මොහොතක දී සිදු වුවා යයි කියන හැරවුම් ලක්ෂයකින් අනතුරුව මෙම සිනමා පටය ආරම්භ වෙයි. මෙලෙස ආරම්භ වන සිනමා පටය තුළ ඉන් ඉදිරියට ගමන් කරන්නේ ම බිරිඳ පිළිබඳව ඇති වන සැකය නිසාවෙන් නිරන්තරව ඇයව පෙලන්නට උත්සහ කරන පිරිමියා සහ එම පෙලීම තුළ පිඩාවට පත්වන ගැහැණිය ගේ කතාවයි.


වර්තමානික මධ්‍යම පාන්තික පවුල යනුවෙන් බොහෝ දෙනෙක් සිතා සිටින ලිබරල් පවුල සැබෑවක් ද? නැතහොත් එය තවමත් වික්ටෝරියානු සදාචාරවාදී පවුලේ දිගුවක් ද? යන්නට පිළිතුරු ගෙන ඒමට මෙම සිනමාපටය සමත්යග වර්තමානික මධ්‍යම පාන්තික පවුල් වල ජිවත් වන්නේ තවමත් පරණ ගැහැණු යග පරණ පිරිමි යග ඔවුන්ගේ අදහස් තවමත් හණමිටි ඒවායග වරදට සමාව දෙන පිරිමින් සොයා පත්තරේ දැන්වීම් දාන යුගය තවමත් අවසන් නැතග මෙහි එන සචිත්‍රගේ චරිතය එක්තරා මොහොතක රැඩිකල් තීන්දුවක් ගෙන ඇතග එය සිනමා පටයේ දෘශ්‍ය නොවන අතර ඒ පිළිබඳව ඉඟි ගෙනෙයිග එහි ප්‍රතිපලයක් ලෙස සචිත්‍ර වරෙක වරදට සමාව දෙන පිරිමියාගේ භූමිකාව රඟ දක්වා ඇතග නමුත් ඒකී රැඩිකල් පිරිමියා තුළ වුව ද වික්ටෝරියානු සදාචාරවාදී පිරිමියාගේ අවතාරය මතු වන බව සිනමා පටය තුළ සචිත්‍ර ගේ චරිතය කියා පායිග
කුටුම්භය අවුල් ජාලාවක් බවට පත් වන්නට යන්නේ නිමේෂයකිග දිනිති තවත් පිරිමියෙකු හා ඇති කර ගත්තා යයි කියන කිසියම් සම්බන්ධයක් පිළිබඳව දිගින් දිගටම හාරා අවුස්සමින් ඈ වෙත දමා ගසන්නට සචිත්‍ර උත්සහ කරයිග ඒ අතරට සචිත්‍ර විසින් වරෙක වසා අවසන් කළ දිනිතිගේ අතීතය නැවත කැන්දමින් මතුව ඇති ප්‍රශ්නයට එය අවශේෂ කරුණක් ලෙස නිතර නිතර යොදා ගනීග සචිත්‍ර පුසෙකු මෙන්යග මියා එකවර මරා නොදමන පුරුද්ද සචිත්‍ර සතුයග ඇය දිනිති ට ද දඬුවම් කරනුයේ ද එලෙසයග සචිත්‍ර ගේ එම දඬුවම කායික එකක් නොවන්නේ යග නමුත් ඇයව සෑම විටම වචනයෙන් තලා පෙලන්නේ ය.


නාගරික මධ්‍යම පාන්තික පවුල් තුළ බටහිර ආකල්ප ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කරන නමුත් ඒ තුළ යුරෝපයේ මෙන් සම්බන්ධතාවල දී ඇති වන සංකීර්ණතා වලට මුහුණ දීමේ ශක්‍යතාවයක් නැතග සම්බන්ධතා වල මතු වන නොපෑහීම් වලට බටහිර රටවලදී නම් යෝජනා කරන්නේ වෙන්වීම ඒ සඳහා විසඳුම බවයිග නමුත් ලාංකේය නාගරික මධ්‍යම පන්තියටත් ග්‍රාම්‍ය පවුලටත් එය දැඩි කැළලකිග බිරිඳ හෝ සැමියා හෝ පිට යාම දකින්නේ මහත් අප්‍රසන්න දෙයක් ලෙසයිග නමුත් කෙදිනකවත් එම නොපෑහීම සඳහා වන හේතුවට ප්‍රතිකර්ම කිරීමට ලාංකේය පවුල් සංස්ථාව අසමත්යග එම තත්ත්වය දැකලා පුරුදු කෙනෙක් තුළින් සාකච්ඡාවට බඳුන් කෙරෙයි.


මෙලෙස පවුල් සංස්ථාව තුළ වන ගැටළු පිළිබඳව එක තලයක් ප්‍රබල ලෙස සාකච්ඡා කරෙන අතර ම මෙහි දී ඊට පසුපසින් තවත් තල දෙකක් නිරුපනය කෙරෙයිග ඒ දිනිතිගේ සහෝදරියහේ සහ සංඛගේ පරම්පරාව පිලිබඳ තලයත් දිනිතිගේ සහ සචිත්‍ර ගේ දෙමාපියන්ගේ පරම්පරාව පිළිබඳව යටි පෙලින් සාකච්ඡා කෙරෙන තලයන් තුළදී යග මේ තල දෙකෙහි දී දිනිතිගේ සහෝදරියගේ චරිතය තුළින් යම් පමණකට දිනිතිගේ පූර්ව විවාහ අවදිය දල සංඛ තුළින් සචිත්‍ර වෙත එබි බලන්නත් මාවතක් සකස් කරයිග එහි දී විවාහ සංස්ථාව පිළිබඳව සංඛ සතුව වන ගැටළු දිනිතිගේ චරිතය ඔස්සේ විසඳා ගැනීමට සංඛ ප්‍රශ්න නගයිග ඔහු ප්‍රගතශීලි තරුණයෙකිග එලෙස ම දිනිතිගේ සහ සචිත්‍රගේ තාත්තලා ක්‍රියා කරන ඒ වැඩිහිටි ජීවිතය හරහා අවුල් ව ඇති සිය පවුල වෙත කිසියම් එළඹුමක් කරන්න සචිත්‍රට ආරාධනා කරනු ඇතග එලෙස ම දිනිතිගේ සහ සචිත්‍රගේ අම්මලා තුළින් තව දුරටත් වික්ටෝරියානු සදාචාරවාදී පරිණත ස්ත්‍රියගේ භූමිකාව ද මැනෙවින් සාකච්ඡා කෙරෙනු ඇත.


මෙම සිනමා පටය තුළ ඇතැම් අවස්තාවන් වලදී ප්‍රේක්ෂකයාට දිනිති හා සචිත්‍ර අතර පවතින මතභේදය විසඳෙන ආකාරයේ අවස්ථා කිහිපයක් ම පෙනී නොපෙනී යනු ඇතග ඒ සෑම අවස්තාවකම අවසානයෙන් අනතුරුව එළඹෙන්නේ වඩා දරුණු තත්ත්වයකිග බොහෝ අවස්තාවන්හි දී වචනයක් හෝ දිනිති සමඟ කතා නොකරන සචිත්‍ර එක් අවෙඅස්තාවක දී දිනීති සමග සංසර්ගයේ යෙදෙයිග ඉන් අනතුරුව මොවුන්ගේ පවුලේ ගැටලුව විසඳේවි යයි බලාපොරොත්තුවෙන් පසුවන දිනිතිට හා ප්‍රේක්ෂකයාට මුහුණ පාන්නට සිදු වන්නේ තමාට විශ්වාස කල නොහැකි තත්ත්වයකිග එම අවස්තාව ඉතා ආදරණිය අවස්තාවක් සේ විඳින දිනිති පසුව එළඹෙන නිමේෂය ගැන කිසිවක් දන්නේ නැතග එය ලිංගික සම්බන්ධතාවක් යනු හුදු ආත්මාර්ථකාමී ක්‍රියාවක් බවත් එයින් සතුටු වන්නේ තනි පුද්ගලයෙකු වශයෙන් බවත් එකී තෘප්තියට ප්‍රවේශ වීම සඳහා යොදා ගැනෙන මග ප්‍රේමය යැයි හඳුන්වනු ලබන සොරේන් කියකිගාඩ් ගේ ප්‍රකාශය සාධනය කරන්නකි.


මෙම සිනමා පටය තුළ දී සචිත්‍ර විසින් දිනිතිට පනවන ඇතැම් සීමාකම් බාධක අතර දිනිති උත්සහ දරන්නේ පවුල් සංස්ථාව තුළ ඇයට ඇති බැඳීම් ලිහා දමා බැහැර වීමටයිග එහෙත් සචිත්‍ර තුළ සිටින හණමිටි පුරුෂයා එයට ඉඩ නොදෙයිග ඇයට බාහිරත් සමඟ ඇති සියලු ම සම්බන්ධතා සීමා කරයිග ඇයගේ දුරකථන පවා ඔහු භාරයට ගනීග නිවසේ පොදු දුරකථනය පවා තහනම් කරයිග ඒ සමඟ ම සචිත්‍ර නිවසින් පිට සිටින සෑම මොහොතක ම ඇය නිවසේ සිටිනු ඇතිදැයි සොයා බලයිග මෙලෙස සිරගත කළ ගේහසික ජිවිතයක් ගෙවන දිනිති හා සචිත්‍ර අතර ඇත්තේ විවාහක තනිකඩ ජීවිතයකිග නමුත් මේ මොහොත වන විට ක්‍රියාත්මක වන ආර්ථික රටාව සමඟ ස්ත්‍රිය සතුව පවතින ලිබරල් සිවිල් බලය පෙරට වඩා වැඩියග ඇය සිය ස්වාමියාව ප්‍රශ්න නගනු ඇතග ඇයට අවශ්‍ය නිදහස කරා ප්‍රවේශ වීමට මඟ එලි පෙහෙළි කර ගනු ඇතග නමුත් මෙහි එන දිනිති තුළ ඇත්තේ නාගරික මධ්‍යම පන්තිය නියෝජනය කරන ඇඳුම් පැළඳුම් සහ අවු කණ්නාඩි කුට්ටම පමණිග ඇය තවමත් පරණ ස්ත්‍රියයිග ඇය සැම විටම මුග්ධ වාග් ප්‍රහාර එල්ල කරනවා මිස විකල්ප මාවතකට එළඹීමට උත්සහ නොකරනු ඇතග ඇය නිරන්තරව උත්සහ ගන්නේ සාමාන්‍ය ස්ත්‍රිය ලෙස ම කටයුතු කිරීමටයි.


මෙම සිනමාපටය තුළ කතා කෙරෙන දෙබස් වල ඇතැම් තැන්හි දී විවාහ ජීවිතය පිලිබඳ වූ තීව්‍රතාවයන් පොළා පනීග නිවාස සැලසුම් ශිල්පියෙකු වන සචිත්‍ර සහ ඔහුගේ නිවාස ව්‍යාපෘතියක පෙදරේරුවෙක් සමඟ වන සාකච්ඡාවේදී සචිත්‍රගේ සැබෑ ජීවිතය හා ඔහුගේ නිර්මාණ අතර ඇති සාදෘශ්‍ය ස්මතු කෙරෙයිග ඔහුගේ නිවාස නිර්මාණ වල මෙන් ම ජිවිතයේ ද ඇත්තේ එක දොරටුවකිග එම දොරෙන් ඇතුළු වූවෙකුට එහි ම ඉන්නවා මිස වෙන විකල්පයක් නැතග සචිත්‍රගේ ජීවිතය තුළ දිනිතිට ද ඇත්තේ එවැනි ම තත්ත්වයකිග බුද්ධ දර්ශනයට අනුව එන අටලෝ දහමට සචිත්‍ර බයයග එකී බිය නිසාවෙන් ම ආයාසයකින් වුවත් පවුල් ඊනියා පවුල් ජිවිතයක් සචිත්‍ර ගෙවයිග ඒ තුළ දිනිතිට බ්‍රහ්ම දණ්ඩනය පනවයිග සිනමා පටය තුළට ආගමික ප්‍රවේශයක්ද වරෙක එකතු කරයිග එය සාම්ප්‍රදායික වන්දනාවක් හෝ යාතිකාවකට එහා දර්ශනයකිග සචිත්‍ර නිවසේ ප්‍රධාන දොරටුවට ඉහළින් එල්ලන ජේසුස්ගේ රුව එය සංකේත කරයිග මරණයක වේදනාව පිට වන්නේ අනෙකාගෙනිග ජේසුන් ඇණ ගසා වසර දෙදහකටත් වැඩියග එහෙත් එය සිහි කරමින් තවමත් මිනිසුන් වේදනා විඳිග එලෙස අනෙකාගේ වේදනාවේ ආස්වාදය විඳීමට දිනිති ද කැමතියග ඇය විසින් ඒ සඳහා තීන්දුවක් ගනීග අවසන යළිත් සාම්ප්‍රදායික ස්ත්‍රිය විසින් රැකිය යුතු පවුල් සංස්ථාව දිනිතිට සිහි වෙයිග කෙසේ නමුත් ස්වාධීනව කටයුතු කිරීමේ ශක්තියක් නොමැති ඇය විසින් ස්වාධීනව ජිවත් වීමට හෝ ගැටළු විසඳා ගැනීමට මඟක් නොසොයා බැඳගත් බෙරය ගසා අවසන් කිරීමේ සාම්ප්‍රධායික තීන්දුව වෙතට ම විතැන් වේ.


ඉඳින් ලාංකේය සිනමාව තුළ මෑත කාලයේ බිහිවූ විශිෂ්ට සිනමා පටයක් බවට දැකලා පුරුදු කෙනෙක් පත්වනු නොඅනුමානයග තරුණ සිනමාකරුවන් වන මලිත් හෑගොඩ ගේ සහ බූපති නලින් ගේ මෙම යතාර්ථවාදී සිනමා ප්‍රවේශය සුබ දායක එකක් බව දැකලා පුරුදු කෙනෙක් තුළින් මනා කොට පසක් වන්නේය.

ජනාධිපති ක්‍රමය තියාගන්න පොහොට්ටුව කැමතියි


මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ බව පවසා තිබුණද, මාධ්‍ය වාර්තා කරන ආකාරයට නුදුරේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රකාශ කර නොමැති බවත්, මේ මොහොතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල නායකයන් සියලුදෙනාම පාහේ විරුද්ධ බවත් අනිද්දා සමඟ අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ කිහිපදෙනෙක් කීහ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මතය පිළිබඳව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පැවසුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වුවද, ඒ සමඟම සිදුවිය යුතු තවත් වෙනස්කම් කිහිපයක්ම පෙන්වා දී තිබෙන බවත්, මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමට කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ නොවන බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවත්ය.

මේ වෙද්දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනවරමක් නොමැති බවත්, අවසාන වරට ලැබුණු ජනවරමද අහෝසි වී තිබෙන බවත් මහින්ද රාජපක්ෂ කියා ඇතැයි වැඩිදුරටත් ඔහු කීය. ඒ නිසා මහමැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් මේ සඳහා ජනවරමක් ලැබිය යුතු බවත්, ඊට අමතරව මැතිවරණ ක්‍රමය හා බලය බෙදීමේ ක්‍රමය ඇතුළු ව්‍යවස්ථාවේ අනෙකුත් ප්‍රතිපාදනද විධායක ජනාධිපති ක්‍රමයට ගැළපෙන ආකාරයට වෙනස්විය යුතු බවත් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා කීය. මහින්ද රාජපක්ෂගේ මෙම ස්ථාවරයන් වෙනස් වී ඇතැයි තමන් දැනුවත්ව ප්‍රකාශයක් කර නොමැති බවද ඔහු කීය.

මීට අමතරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරද ඉහත අදහස් පෙන්වාදුන්නේය. ඊට අමතරව, මේ මොහොතේ දේශපාලන බලතුලනය පවත්වාගෙන යෑම සඳහා විධායක ජනාධිපති ක්‍රමය පැවතිය යුතු බවද ඔහු කීය. තමන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වුව මේ මොහොතේ එය කළ නොහැකි බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය. මහින්ද රාජපක්ෂ විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සැලසුම් කර ඇතැයි පළවෙන වාර්තා ගැන තමන් කිසිවක් නොදන්නා බවද ඔහු කීය.

මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම අනිද්දා සමඟ අදහස් දක්වමින් ඉහත අදහස් තහවුරු කළෝය.

ජවිපෙ විස්සට ලෑස්ති වෙයි


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් යෝජිත 20 වන සංශෝධන කෙටුම්පත පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීම ඇතුළු ක්‍රියාකාරකම් ආරම්භ කොට නැවත විධායක ජනාධිපති ක්‍රමය ගැන සංවාදය ඉදිරියට ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

පසුගිය සතියේ මාධ්‍ය විධායක ජනාධිපති ක්‍රමය ගැන වාර්තා පළකිරීම නිසාත් 20 වන සංශෝධන කෙටුම්පත මාර්තු 05 වැනිදායින් පසුව පාර්ලිමේන්තුවේ විවාදයට ගත හැකි නිසාත් එසේ තීරණය කර ඇත. අයවැය විවාදයෙන් පසුව 20 වන සංශෝධනය ඉදිරිපත් කිරීමට ජවිපෙ සැලසුම් කර ඇත.

20 වන සංශෝධන යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබුණේ 2018 සැප්තැම්බර් 05 වැනිදාය.

එවැනි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් න්‍යාය පත්‍රයට ඇතුළත් කොට මාස 6 ක කාලයක් ඇතුළත ආණ්ඩුවේ විෂයභාර ඇමතිවරයා එම යෝජනාවට එකඟද නැද්ද යන්න පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය  ප්‍රකාශයට පත් කළ යුතුය. මාස 6ක් තුළ නිරීක්ෂණ ඉදිරිපත් නොකළහොත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කළ හැකිය. මාර්තු  5 වැනිදාට 20 වන සංශෝධන කෙටුම්පතට මාස 6ක් සම්පූර්ණ වෙයි.

මෙම කෙටුම්පත විවාදයට ගැනීමට දින නියම කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවදී මෙම කෙටුම්පතට පක්ෂ බව ප්‍රකාශ කරනු ඇතැයි එජාප ආරංචිමාර්ග පවසයි.

බොදුබල සේනා නීතිපතිට ලියයි

0


අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනට සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් බොදු බල සේනා සංවිධානය නීතිපතිවරයාට ලිපියක් යවා ඇත.

පෙබරවාරි 28 දින සහිතව යවා ඇති එම ලිපියට බොදු බල සේනා සංවිධානය වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එහි ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමිය.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බවත්, ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සිරදඬුවම් ලබාදීමෙන් බොදුබල සේනා සංවිධානය අඩපණවී ඇති බවත් දේශද්‍රෝහී හා රාජ්‍යද්‍රෝහී කටයුතු ප්‍රවර්ධනය වී ඇති බවත් එහි සඳහන් වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරියාගේ වැරදි හැසිරීම ඥානසාර හිමි දඬුවම් ලැබීමට හේතුවූ බවත්, ඒ නිසා නීතිපතිවරයාද ඊට වගකිව යුතු හෙයින් ඥානසාර හිමි නිදහස් කරගැනීමට නීතිපතිවරයා වහාම පියවර ගත යුතු බවත් එහි සඳහන්ය.

ඉඳුවර බණ්ඩාර

ගුරු මාරු දෙන්න මුදල් ගත් හිමි ගැන විමර්ශන


සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමි ගුරුවරුන්ගෙන් ස්ථාන මාරු ලබා දෙනවා යැයි පොරොන්දු වී මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ  කර ඇති බව වාර්තා වේ.

ඒ හිමියන් ස්ථාන මාරු ලබා දෙනවා යැයි සඳහන් කරමින් මුදල් ලබා ගත් බවට ගුරුවරුන් දෙදෙනෙකු අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කර ඇති බවත් ඒ හිමියන් මෙන්ම වෙනත් පුද්ගලයන් ද එසේ මුදල් ලබා ගෙන ඇති බවටද අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් කල්ප ගයාන් අනිද්දාට පැවසීය.

ඔහු පැවසුවේ ඒ හිමියන් ඒ මුදල් ලබාගත්තා දැයි විමර්ශනයක් මේ වන විට ආරම්භ  කර ඇති බවය.

චෝදනා ලද සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වල පඤ්ඤාසේකර හිමියන්ගෙන් ඒ පිළිබඳව විමසීමේදී ප්‍රකාශ කර සිටියේ අදාළ චෝදනා සහ විමර්ශනය පිළිබඳව  තමා නොදන්නා බවය.

විධායකය අහෝසි කිරීම ගැන මෛත්‍රී බියවෙයි


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කැමැත්ත පළ කර ඇතැයි පළවූ මාධ්‍ය වාර්තා නිසා කලබලයට පත්වී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙබරවාරි 23 වැනිදා එජාපයේ ප්‍රබල නායකයෙකු සමඟ තමන්ගේ අනාගතය ගැන සාකච්ඡා කර ඇතැයි වාර්තා වෙයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළහොත් නාමික ජනාධිපති ධුරයට හිමිවිය යුතු බලතල ගැනත්, තමන් එම නාමික ජනාධිපති ධුරයට පත්කිරීමට එකඟතාවක් ඇති කරගැනීම ගැනත් එහිදී සාකච්ඡා කර තිබේ.

මේ අතර, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අතර එකඟතාවක් ඇතැයි මාධ්‍යවලින් පළකරන ලද වාර්තාවලට පදනමක් නොමැති බව වැඩිදුරටත් වාර්තාවෙයි. එම නායකයන් තිදෙනා මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කළ බවට පළවෙන වාර්තාද අසත්‍යයක් බව එම නායකයන්ට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මෙම වාර්තා පදනම් වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් එකඟ බවට මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ හින්දු පුවත්පතට කළ ප්‍රකාශයක් හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයක් මත බව වැඩිදුරටත් වාර්තා වෙයි.

ඖෂධ මිල ඉහලට


මෙරටට ආනයනය  කරනු ලබන ඖෂධ වර්ගවල මිල ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය වසර දෙක කාලය තුළ ඩොලරයේ අගය ඉහල යෑම නිසා මෙරටට ඖෂධ අනායනය කිරීමේදී ඖෂධ සමාගම්වලට අපහසුතාවක් ඇති බැවින් අත්‍යවශ්‍ය ඖෂධ මෙරටට ගෙන්වන ඖෂධ සමාගම් සහ සෞඛ්‍ය  අමාත්‍යාංශය අතර පසුගිය මාසය තුළ ඖෂධ මිල ඉහළ දැමීමට සාකච්ඡා පවත්වා ඇත.

දැනට පවතින වෙළඳපොල මිලට වඩා  සියයට විස්සකින් ඖෂධ මිල ඉහළ දැමීමට එම සාකච්ඡාවේදී තීරණය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඊට ලැබී ඇති බවද වාර්තා වේ.

ජනමාධ්‍ය කමිටුවෙන් 4ක් අස්වෙති

0


රාජ්‍ය මාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය බවට පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් සිව්දෙනෙකු ඉන් ඉවත් වී ඇත.

මෙසේ එම කමිටුවෙන් ඉවත්වී ඇත්තේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ, අනෝමා රාජකරුණා, කෞශල්‍යා ප්‍රනාන්දු හා නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන සාමාජිකයෝය.

කමිටුවේ සභාපතිවරයා වශයෙන් විජයානන්ද ජයවීර මහතා පත්කර තිබුණු අතර සෙසු සාමාජිකයන් වුණේ ආචාර්ය ප්‍රදීප් වීරසිංහ හා නාලක ගුණවර්ධනය.

පෙර සූදානම් කරන ලද න්‍යාය පත්‍රයක් අනුව එම කමිටුවේ වැඩකටයුතු සිදුවන්නට නියමිත බවට වූ උපකල්පනය මත තමන් එම කමිටුවෙන් ඉවත්වූ බව නිර්නාමිකව සිටීමට කැමැත්ත පළ කළ සාමාජිකයකු  අනිද්දා වෙත ප්‍රකාශ කළ අතර, ඉවත් නොවී සිටින තිදෙනා ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා පිහිටුවා ඇති රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයන් තිදෙනෙකි.

ඉඳුවර බණ්ඩාර