No menu items!
27.7 C
Sri Lanka
19 September,2024

ආයතන 7ක් විකිණීමේ කටයුතු සිදුවේ

Must read

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන යටතේ රාජ්‍ය ආයතන හතක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ ඒකකයේ නිලධාරීන් පවසා ඇත.

ඔවුන් ඒ බව පවසා ඇත්තේ පාර්ලිමේන්තුවේ ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අප්‍රේල් 01 වැනිදා පෙනී සිටිමින්ය. ඒ අනුව ශ්‍රී ලන්කන්, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, හොටෙල් ඩිවලොපර්ස්, කැන්විල් හෝලිඩිංග්ස්, ලිට්රෝ ගෑස්, ලංකා හොස්පිට්ල්ස් යන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු එම ඒකකය විසින් සිදුකර තිබේ.

එම කාරක සභාවේදී එම ඒකකයේ නිලධාරීන් සෘජුවම ප්‍රකාශ කර ඇත්තේ එම ආයතනවල අයිතිය රජයෙන් ස්වාධීන කිරීම හා ඉන්පසු ලංසු කැඳවා දේශීය හෝ විදේශීය ආයෝජකයින්ට එම ආයතන ලබාදීම සිදුකරන බවයි.

එම රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම මගින් රටේ සමාජ, ආර්ථික හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුවිය හැකි බලපෑම ගැන එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ඇතුළු මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇති අතර එම රාජ්‍ය ව්‍යවසායන්වල පසුගිය වසර දහයක කාලයක් තුළ සිදුකළ ව්‍යවාපාර කටයුතුවල සම්පූර්ණ වාර්තාවක්ද ඉල්ලා ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි