■ අමන්දිකා කුරේ
මලළ ක්‍රීඩිකාවක් ලෙස සිටියදී ගැබ් ගැනීම බොහෝ විට ‘මරණයේ හාදුව’ ලෙස ක්‍රීඩිකාවන් හඳුන්වනවා. එය තම ඔබේ මලළ ක්‍රීඩා දිවිය ඉක්මනින් අවසන් වන බවට ලකුණක් ලෙසයි ඔවුන් සලකන්නේ.
ඔලිම්පික් ශූර, ව්‍යවසායක සහ මවක් වන ඇලිසන් ෆීලික්ස් සිතන්නේ එය එසේ නොවිය යුතු බවටයි. ඇය තම හිටපු අනුග්‍රාහකයාගේ මාතෘ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සටන් කරන අතරතුර පවුලක් ආරම්භ කළා. ගැබ්බරව සිටියදී තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින අතරම ක්‍රීඩා ජිවිතයේත් ජයග්‍රහණ විශාල සංඛ්‍යාවක් ලබා ගත් යකඩ ගැහැනියගේ කතාවයි මේ.
‘2018 වසරේ අඳුරු ඔක්තෝබර් උදෑසනක මගේ වෘත්තීය ජීවිතයේ බිහිසුණුම අවස්ථාවන්ගෙන් එකක් ආරම්භ වුණා. මම වෘත්තීය මලළ ක්‍රීඩිකාවක්. මගේ පුහුණු කාලසටහන ඉතා විශාල එකක්. සතියකට දින හයක්, දිනකට පැය පහක්. ඒ තරම් එය දීර්ඝයි. ඒ වුණත් මම කවදාවත් රාත්‍රියේ හෝ අඳුර පවතින පාන්දර වෙලාවේ පුහුණු වෙන්නේ නෑ. නමුත් මේ දවසේ, විශේෂ භීතියක් මාව හිරු එළිය වැටෙන්නටත් පෙර පිටතට ගෙන ආවා. ඒ භීතිය මම රකිමින් සිටි රහසක් කවුරුන් හෝ සොයා ගනීවි යන බිය. මම මාස හයක ගැබිනියක්. මම ගැබ්ගෙන සිටි නිසා මා තුළ වැඩෙන ජීවිතය කිසිවෙකුට නොපෙනෙන ලෙස අඳුරේ පුහුණු වීමට තරම් මම බියවුණා. රසිකයෙක් හෝ කවුරු හරි ඡායාරූපයක් පළ කළහොත්, මගේ අනුග්‍රාහකයා මා සමඟ වැඩ කිරීම ගැන ඔවුන්ගේ අදහස වහාම වෙනස් කරයි යැයි මම බිය වුණා. මාතෘත්වය සහ තරගකාරී මලළ ක්‍රීඩිකාවක් වීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට මට බල කෙරෙනු ඇතැයි මම බියවුණා. මම ගොඩක් මහන්සි වෙලා ගොඩනගාගත් වෘත්තිය ඒ විදියටම නැති වෙයි කියලා මට බය හිතුණා.
හය වතාවක් ඔලිම්පික් ශූරියක, 16 වතාවක් ලෝක ශූරියක, ලෝක වාර්තා හිමිකාරියක, දරුවෙකු ලැබීම තරම් ස්වාභාවික දෙයක් කිරීමෙන් තම වෘත්තීය ජීවිතය අවසන් විය හැකි යැයි සිතන්නේ කෙසේද?
ක්‍රීඩිකාවක් ධාවන පථයේදී ගැබ් ගැනීම ‘මරණයේ හාදුව’ ලෙස හඳුන්වනවා. එමෙන්ම බොහෝ වෘත්තීන්හි යෙදෙන කාන්තාවන්ට මෙන්ම ක්‍රීඩිකාවන්ටත් එය බොහෝ බියකින් සලිත වන කාරණයක්. මම අවුරුදු 19 සිට මම ගරු කරන කාන්තාවන් සහ මගේ කණ්ඩායමේ සගයන් ගැබ්ගැනීම් සඟවන ආකාරය මම බලා සිට තිබෙනවා. එවැනි කාන්තාවන්ට තම සෞඛ්‍යය ගැන අවධානය යොමු කරනවාද නැතිනම් ක්‍රීඩාවට නැවත යොමු වෙනවාද යන්න තීරණය කිරීම වැනි බරපතළ තීරණ ගැනීමට සිදුවූ අවස්ථා මම දැක තිබෙනවා.
ඔබගෙන් සමහරෙකු සිතන්නේ කුමක්දැයි මම දන්නවා. අපි හැමෝම තෝරා ගන්නේ ගැබ් ගන්න නේද? ධාවන පථයේ ජයග්‍රහණය නොකළ ක්‍රීඩකයෙකුට ගෙවීමට අනුග්‍රාහකයෙකුට අවශ්‍ය නැතිනම්, එය ගනුදෙනුවේ කොටසක් පමණයි, හරිද? මට හිතුණේ ඒ ගනුදෙනුව වංචා සහගතයි කියලා. ක්‍රීඩා සමාගම් කාන්තාවන්ට ඕනෑම දෙයක් කළහැකි බව පැවසීමට කැමතියි. ඔවුන්ට සියල්ල කළ හැකියි. ඔවුන්ට ඕනෑම කෙනෙක් විය හැකියි. අපි හැමෝම ඒ ආස්වාදජනක දැන්වීම් දැකලා තියෙනවා. මට මතකයි 2010 දී නයික් සමාගමේ නායකත්වය මුණගැසුණා. ඔවුන් මට කාන්තාවන්ගෙන් ලෝකයට සිදුවන බලපෑම ගැන කියවෙන වැඩසටහනකට අනුග්‍රාහකත්වය ලබා දුන්නා. එම සමාගමෙන් ලොව පුරා සමාජය වැඩිදියුණු කිරීමේ අරමුණක් ලෙස නව යොවුන් වියේ ගැහැනු ළමයින්ව දිරිගන්වන වැඩසටහන් ප්‍රවර්ධනය කළා. ඔවුන් පැවසුවේ ඔවුන් කාන්තාවන් සහ ගැහැනු ළමයින් විශ්වාස කරන බවයි. ඒ වගේම ඔවුන් කියූ ආකාරයට මම නයික් හා සම්බන්ධ වුණොත් මට ඔවුන්ව බලගන්වන්න පුළුවන්. ඒ වගේම මම ඒක විශ්වාස කළා. නමුත් අනුමාන කළේ කුමක් ද?
ඒ වගේම කාන්තාවන් දරුවන් හදන කාලයේ දරුවන් ලැබීම සැමරිය යුතු දෙයක් මිස දඬුවම් නොකළ යුතු දෙයක් ලෙසයි මම විශ්වාස කළේ. එය සාමාන්‍ය, වෘත්තීය, මලළ ක්‍රීඩා වෘත්තිකයෙකුගේ කොටසක් විය යුතුයි. එමෙන්ම සෑම ක්ෂේත්රයකම සිටින කාන්තාවන්ට තමන් ආදරය කරන දේ කරන්න ඡායාරූපවලට හසු නොවී පුහුණු වෙන්න, අලුයම 4ට අඳුරේ ගැබ් ගැනීමක් සඟවා ගැනීමේ අවශ්‍යතාව කිසි විටෙකත් දැනිය යුතු නෑ. පවුලක් ආරම්භ කිරීමට මම ගත් තීරණයේ ප්‍රතිවිපාක සමඟ මගේ මනස වේගයෙන් දිවගියා. මම ඒ වන විටත් නයික් සමඟ නැවත සාකච්ඡා කිරීමේ දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටියේ. ඔවුන් දැනටමත් මා කලින් ලැබූ අනුග්‍රහයට වඩා සියයට 70ක් අඩුවෙන් මට ගෙවමින් සිටියේ. ඒ ඔවුන් දරුවා ගැන දැනගැනීමටත් පෙරයි. ඒ නිසා මම මගේ ගැබ් ගැනීම ගැන ඔවුන්ට පැවසුවාට පසු නව කොන්ත්‍රාත්තුවේ ඒ පිළිබඳව අලුතෙන් වගන්තියක් ඉල්ලා සිටින්න කටයුතු කළා. ඔවුන් මගේ දරුවා උපත ලබා මාස 12ක් ගතවන තෙක් මගේ වැටුප අඩු කරන්නේ නැති බවට එයින් කියැවුණා. නමුත්? ‘නමුත්’ කියා කොන්දේසියක් තිබෙන බව ඔබ දැන සිටියා නේද? ඔව්, ඒ කොන්දේසිය අදාළ වුණේ මට පමණයි. ඔවුන්ගේ අනුග්‍රහය ලබන සියලුම ක්‍රීඩිකාවන්ට එම ආරක්ෂාව ලබාදීමට ඔවුන් සූදානම් වුණේ නෑ.
දින කිහිපයකට පසු මගේ නියෝජිතයා මට කතා කළා. කාන්තා ලෝක කුසලානයේ වෙළෙඳ දැන්වීමකට මාව යොදාගන්න නයික් සමාගමට අවශ්‍ය වුණා. මට විශ්වාස කරන්න බැරි වුණා. නයික් සමාගමට අවශ්‍ය වූයේ මා පෙර සිටි කොන්ත්‍රාත්තුවේ ආකාරයට මගෙන් වැඩ ගැනීමටයි. එනම් මම ගැබිණියක් වීමට පෙර සිටි තත්වයෙන් එකඟ වූ කොන්දේසි අනුව වැඩ කිරීමටයි. එලෙස ගැබිණියක් වන මාව යොදාගනිමින් ම කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට ඕනෑම දෙයක් කළ හැකි බව පවසන දැන්වීම් ප්‍රචාරණයටයි. මම කළ යුතු දේ මම දැන සිටියා. මට ඉවත් විය යුතු බව මම දැනසිටියා. මම ඒකට බයයි කියලා මම දැනගෙන සිටියා. නමුත් මම කොහොම හරි ඒක කළා. මම නයික් සමාගමේ මාතෘ ප්‍රතිපත්තිය ගැන ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’හි ප්‍රකාශයක් පළකළා. මගේ සගයන් සහ මම ඒ සඳහා සටන් කළා. දැන්, නයික් සමාගම විසින් මාස දහඅටක මාතෘ ආරක්ෂාවක් ලබා දෙන අතර, අල්ට්රා, නූන්, බ්රක්ස් සහ ඔඹර්ට්රන් වැනි අනෙකුත් අනුග්‍රාහකයින් ද මේ ගැන අවධානය යොමු කළා. ඔවුන් අනුග්‍රහය ලබමින් සිටින පවුල් ආරම්භ කරන ක්‍රීඩිකාවන් සඳහා ඔවුන්ගේ නව ඇපකර ප්‍රකාශ කළා.
පසුකාලීනව නයික් සමාගම විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ළමා ආරක්ෂණ ප්‍රතිපත්තියට අභියෝග කිරීමට මට උදව් කළා. අපි එක්ව ක්‍රීඩිකාවන් ධාවන තරගවලට යන විට ළමා රැකවරණය කිරීම සඳහා ඩොලර් 200,000ක් රැස් කළා. මොකද කාන්තාවන්ට දරුවෝ ඉන්නවා. තරගයක් පටන් ගත්තාම මේ ළමයි අතුරුදහන් වෙන්නේ නැහැ. මම මගේ දරුවා ඉපදිලා අවුරුදු දෙකකට පස්සේ ඔලිම්පික් උළෙලට ආවා. මම රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනුවා.
මගේ දුව බලා සිටියදී, එම ජයග්‍රහණයත් සමග වැඩිම ජාත්‍යන්තර ජයග්‍රහණ හිමි ඇමරිකානු ක්‍රීඩිකාව බවට මම පත්වුණා.
අප සෑම කෙනෙකුටම ඉටු කිරීමට කාර්යභාරයක් තිබෙනවා. ඔබ වෙනුවෙන් හෝ අන් අය වෙනුවෙන් වෙනසක් ඇති කිරීමට ඔබ ඔලිම්පික් ක්‍රීඩකයෙකු විය යුතු නෑ. මගේ කතාව අසන සෑම කෙනෙකුටම තමන් ගැනම අවිනිශ්චිතභාවයන් තිබිය හැකියි. එය සාමාන්‍යයෙන් සිදුවන්නේ ඔබ ඉදිරි මාවත නොපෙනෙන විට බියෙන් සිටින අවස්ථාවන්හිදී. මගේම අත්දැකීම අනුව, එය භයානක තීරණයක් විය හැකියි. නමුත් එය ඔබේ පළමු ඉඟිය වනු ඇති. භීතියට පත්වීමේ හැඟීම, වෙනසක් ඇති කිරීමට ඔබේ ආරාධනයයි. ඔබ එම හැඟීම් පිළිගත යුතුයි. ඔබ ඒවාට නිර්භීත විය යුතුයි. ඉදිරියට යාමට සටන් කළ යුතුයි. එය පහසු නෑ. ඔබ බිය වෙයි. ඔබේ හඬ වෙව්ලයි. නමුත් ඔබ ‘වෙනසක්’ කළ යුතුමයි.■