No menu items!
26.1 C
Sri Lanka
28 March,2024

කුසුම්මය මතක සුවඳ

Must read


1972 වර්ෂයේ ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍ය පරීක්ෂණයෙන් උසස් ලෙස සමත් වූ කුසුම් පී ජයලත් නම් තරුණිය ගුවන් විදුලි රඟමඬළේ ස්වකීය මියුරු කටහඬ ගුවනට මුසු කළාය. ගුවන් විදුලි රඟමඬළේ නෙල්සන් පීරිස් නම් තරුණයාගේ පේ‍්‍රමවන්තිය ලෙස නාටකීය ජීවිතයට අවතීර්ණ වූ ඇය ඉන් නොනැවතී ඔහුගේ ජීවන සහකාරිය ලෙසින් සොඳුරු ගමනකට අත්වැල් බැඳගත්තේ කුසුම් පීරිස් ලෙස තම නාමයද ගුවන්විදුලි ඉතිහාසයේ සනිටුහන් කරමිනි.


1975 වසරේදී සහන නිවේදිකාවක ලෙසින්ද පසුව ස්ථීර නිවේදිකාවක ලෙසද විවිධ වැඩසටහන්වල ඇගේ හඬ ඇසෙන්නට විය. සතියේ දිනවල ප‍්‍රචාරය වු පසන් නිවස නම් සඟරාමය වැඩසටහනත් ‘කුසුම් ලියන පහන් තරුව’ නම් ගුවන් විදුලි නාටකයද ශ‍්‍රාවකයන්ගේ සවන් පැහැරගත් බව නම් රහසක් නොවේ. මුවන්පැලැස්සේ සපුමලීත්, මොනරතැන්නේ සුරංජිත්, වජිරාහි වජිරාත් ලෙසින් කටහඬ දුන්නී කුසුම් පීරිස්මය. එදා ආර් පේ‍්‍රමදාසගේ හිතවතිය නම් නවකතාව ඇසුරින් ප‍්‍රචාරය වූ ගුවන් විදුලි මාලා නාටකයේ පේ‍්‍රමවන්තියගේ චරිතය වෙනුවෙන් හඬ කැවූ මේ තරුණිය කවුදැයි දැකබලාගැනීමට ලාලසාවෙන් පැමිණි පේ‍්‍රමදාස මැතිතුමාට දැකගත හැකි වූයේ මැදිවියට එළඹි එහෙත් තරුණ පෙම්වත් හඬැති කුසුම් පීරිස්ය.

මේ ගුවන් විදුලි නිවේදිකාව, නාට්‍ය ශිල්පිනිය වෙළඳ වැඩසටහන් රාශියකටද සිය හඬ දායාද කළ අතරගුවන් විදුලි මහගෙදරින් සමුගත්තී විශිෂ්ට ශ්‍රේණියේ නිවේදිකාවක ලෙසින් ය.


තම සේවා මුරය එනතෙක් බලා සිටි රාත‍්‍රියක ඇය රැුඳී සිටි කුටියේ කවුළුවෙන් පායා ආ සඳ දෙසත් රැුයේ මිහිරි සීතලත් කැටි කර ඈ අතින් රචනා වූ කවි සිතිවිල්ලකි… ‘නිසංසලේ මා තනියම’ නම් වූ එම පද පෙළ නිරංජලා සරෝජනී හා අබේවර්ධන බාලසූරිය දෙපල විසින් ගායනා කරනු ලැබුවේ කුසුම් පීරිස් ගේය පද රචිකාවක ලෙසින්ද අබිසෙස් ගන්වමිනි. එසේ ලියූ ගී අතර ‘අසුරු සැණින් එක මොහොතකදී, සිහිනයකි ඔබ නිහඬ මැදියම් ?, ලොවක් බලන්නට, ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ, බිඳුණු පෙමක විරහ විරාමයේ, දිගුනෙත් හසරැුල්ලේ, සිත ගාව දඟ කළා, සිතුවිලි සිරවී’ ආදි වූ ගී ගොන්න කුසුම් පීරිස්ගේ කුසුම්මය ගීපද අනන්‍යතාව මොනවට කියා පායි.


ගේය පදයෙන් නොනැවතුණු ඈ රූපවාහිනී හඬකැවීම් ශිල්පිනියක ලෙසින්ද සැකිලි රූ හි තම හඬ පෞරුෂය මතු කළාය. දොස්තර හොඳ හිත, මායා බෝංචි වැල, මල්ගුඩි දවස, සුජාත දියණි, ටාර්සන් ඉන් කිහිපයකි. මෙලෙස කලා ඉසව් කිහිපයකින් අප ආමන්ත‍්‍රණය කළ කුසුම් අද සුවඳක් පමණය. ඇය යන්න ගොසින් ය. ඉතිං ඇයට සුබ ගමන් කියනු හැර කුමක් කියන්නද?..

තනූජා ලූම්බිණි

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි