19.8 C
Sri Lanka
7 August,2022

විනය පියවර නැහැ

Must read



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කිසිදු විනය පියවරක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසීය.
අනිද්දා කළ විමසීමකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එවැනි තත්ත්වයක් පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කළ හැකි නමුත්, පක්ෂයෙන් ඉවත්ව ගිය කණ්ඩායම සමඟ මේ මොහොතේ ගැටුම් ඇති කරගත නොහැකි බවයි.
තමන්ගේ ප්‍රධාන සතුරු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය බවත්, එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සිටින කණ්ඩායම් අතර ගැටුම් ඇති කරගත යුතු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ලෙස කටයුතු කළමහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇත ■
විනය පියවර ගනු ලැබුවහොත් එසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත් කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි කිරීමේ හැකියාවක් ඇත.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි