නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මේ වෙද්දී ලංකාවේ පොලීසිය මෙහෙයවන ඉදිරිපෙළ නිලධාරීන් කිහිපදෙනා අතරින් කෙනෙකි. පොලීසියෙන් එහා ගොස් ලංකාවේ මාධ්‍ය සමාජයත්, විශ්වවිද්‍යාල සමාජයත්, කලා සමාජයත් අතර ඔහු ප්‍රකටය. සමාජය විනිවිදින දැනුමක් ඇති අයෙකු ලෙස, කලා රසවතෙකු ලෙස මෙන්ම හොඳ කියවන්නෙකු ලෙස ඔහුව අගය කරන අය බොහෝය. ඔහු පොලීසියට ආවේ කෙලෙසද? අපි ඔහුගේ කතාවට ඇහුම්කන් දුන්නෙමු.

‘මගේ පියා පොලිස් කොස්තාපල්වරයෙක් විදියට පොලීසියට බැඳිලා පොලිස් අධිකාරිවරයෙක් වශයෙන් විශ්‍රාම ගත් කෙනෙක්. ඒ නිසා පොඩි කාලයේ ඉඳලා පොලීසියට යෑම ගැන මගේ හිතේ අදහසක් තිබුණා. එහෙත් මම පියාව කවදාවත් පොලිස් නිල ඇඳුමෙන් දැකලා නැහැ. මොකද ඔහු මුල්ම කාලයේ ඉඳලා රාජ්‍ය බුද්ධි සේවයේ කටයුතු කළ නිලධාරියෙක්. පාසැල් කාලයේදී මම පාපන්දු ක්‍රීඩා කළා. අධ්‍යාපනයටත් අවධානය යොමුවුණා. ඒ අතරේ මම කියවන්න ආසා කළා. කොහොම වුණත් මගේ ලොකුම ආසාව තිබුණේ පුවත්පත් කලාවේදියෙක් වෙන්න. පුවත්පත් කලාවේත් ඡායාරූප ශිල්පියෙක් වෙන්නට තමයි වැඩි ආසාවක් තිබුණේ.

කේ. ගුණරත්නම් මහත්තයා මගේ පියාගේ යාළුවෙක්. මට උසස්පෙළ කරන අතරේ සිනමා කැමරාව ඉගෙනගන්න ආසාව තිබුණු හින්දා උසස්පෙළ ඉවරවුණ ගමන් විජය ස්ටූඩියෝ එකේ සහාය කැමරා ශිල්පියෙක් හැටියට වැඩකළා. මාස හයක් හතක් එතැන. ඒ අතරේ සෝමවීර බෝපිටිය මහතාගේ පාඨමාලාවෙන් ඡායාරූප ශිල්පය ඉගෙනගත්තා. එයා කරපු අන්තිම දා, මුහුරත්, පාලම කියන කෙටි චිත්‍රපටි තුනටම සම්බන්ධ වුණා. මට කියැවීමේ ආශාවත්, කියවන අතරේම ලිවීමේ ආශාවත් තිබුණු නිසා ඒ පැත්තෙනුත් මම විවිධ දේවල් කරමින් හිටියා. එහෙත් ඔය ඔක්කෝම තිබුණේ වයස අවුරුදු 20 වෙනතුරු විතරයි.‘

++++++++++++++++++++++++++++++++++++

එතැනින් පසු ඔහුට තුංමංහන්දිය මුණගැසුණි. එකවර හීන දහයක් දකින කාලය අහවර විය. ඔහු කතාව ගියරයක් මාරු කොට එක් නිශ්චිත පාරකට හරවා තිබුණි. ඒ ගැන කතාකරන්නට කලින් මේ විශේෂ නිලධාරියා මීගමු වාසියෙක් බව සිහිපත් කරමින් ඒ ගැන විමසුවෙමු.

‘මම හිටියේ මීගමුවේ පමුණුගම. ඒක කතෝලික පරිසරයක්. අපරාධ අතින් ඒ ප්‍රදේශය ඉතාමත්ම අවම තත්වයේ තිබුණේ. රටේ ඇතිවුණ කැරළි දෙකෙන්ම ඉතා අඩු බලපෑමක් තමයි ඒ ප්‍රදේශවලට ඇතිවුණේ. රටේ අනෙක් ප්‍රදේශ එක්ක බැලුවාම හුඟක් සාමකාමීයි. මීගමුව මාරි ස්ටෙලා විද්‍යාලයේ සහ කඳාන ද මැසනද් විද්‍යාලවලින් අධ්‍යාපනය ලබද්දී ඒ පාසැල්වල පසුබිමත් මගේ චරිතය හැඩගස්වාගන්නට බලපෑවා.

මාරි ස්ටෙලා විද්‍යාලයේ හොඳ පුස්තකාලයක් තිබුණා. වසර අවසානයේදී පුස්තකාලයෙන් වැඩිපුරම පොත් කියවපු සිසුන් අතර මමත් හිටියා. ඒත් මම මුලින්ම කියවන්න පටන්ගත්තේ ඩීමන් ආනන්දගේ පොත්. මගේ අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. ඇය අපව යොමුකළේ ඉංග්‍රීසි සාහිත්‍යයට. ඒත් ආසාව තිබුණේ ඩීමන් ආනන්දගේ පොත්වලට. ඒවායේ රහස් පරීක්ෂණ පැත්තකුත් තිබුණානේ. මම අදටත් කියන්නේ ඩීමන් ආනන්ද ඉතාමත් හොඳ ලේඛකයෙක් බව. මට මතකයි අම්මා මගේ පොත් තට්ටුවක් පිච්චුවා ඔහුගෙ පොත් හින්දා. කොහොම වුණත් එතැනින් පටන්ගත්ත කියැවීමේ රුචිය විවිධ පරාසවලට, විවිධ විෂයන්ට ඇදිලා ගියා. සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ පොතත්, එඞ්වඞ් මල්ලවආරච්චිගේ නවකතාත්, ජීබී සේනානායකගේ කෙටිකතාත් ආදී විවිධාකාර පරාසවල පොත්. සමහර පොත්වලට හිටපු සමහර චරිත මට අදටත් මතකයි. ඒ චරිත අතර මම ජීවත්වුණා. සියල්ල අතරින් අදටත් මම ඉහළම ලේඛකයා හැටියට සලකන්නේ ගුණදාස ලියනගේ මහතාවයි. ඔහු හරිම සරල මටසිලුටු භාෂාවෙන් ගහන්න ඕනෑ තැනට ගහපු කෙනෙක්. අවසාන කාලයේදී ඔහුව මට මුණගැහුණා. ඔහුගේ කිට්ටු මිත්‍රයෙක් වෙන්නත් මට අවස්ථාව ලැබුණා.‘

+++++++++++++++++++++++++++++++

‘1981 දී උප පොලිස් පරීක්ෂකවරුන්ව බඳවාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණවලට ගැසට් කළා. ඒ මට වයස අවුරුදු 20 පිරෙද්දී. මම සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වුණා. 1982 අප්‍රේල් 25 වැනිදා නිලධාරීන් 60ක් බඳවාගත්තා. මට උප පොලිස් පරීක්ෂකවරයෙක් හැටියට පොලීසියට බැක්‍ෂෙන්න අවස්ථාව ලැබුණා. මගේ 21 වැනි උපන්දිනය සැමරුවේ පොලීසිය ඇතුළේදී.‘

+++++++++++++++++++++++++++++

ඔහු ක්‍රීඩාවට ලැදි පුද්ගලයෙකි. ක්‍රීඩාවට සැබෑ රසිකයෙකු ලෙස ආදරය කරන්නෙකු අතිවිශිෂ්ඨ පෞරුෂයක් ගොඩනඟාගන්නා බව අපගේ අත්දැකීමය. ඔහුගේ පෞරුෂයද ක්‍රීඩා ලැදියාව බලපාන්නට ඇත.
‘පාසැල් කාලයේදී පාපන්දු තමයි මගේ ක්‍රීඩාව වෙලා තිබුණේ. පොලීසියට බැඳුණාම මම වෘත්තිමය වශයෙන් ක්‍රීඩා කළේ නැහැ. විනෝදාංශයක් හැටියට කළා. වැඩිපුර මගේ හිත ගත්තේ පොලිස් නිළධාරියෙක් විදියට සේවය කිරීම ගැනයි. ක්‍රීඩා කළානම් කොළඹ ඇතුළේ රැක්‍ෂෙන්නට සිද්ධවෙනවා. මට අවුරුදු 27ක් විතර වෙද්දී මාරවිල ප්‍රදේශයේ ස්ථානාධිපති විදියට සේවය කරන්න ලැබුණා. මුළු වයඹ පළාතම වහගෙන තිබුණේ වොලිබෝල් ක්‍රීඩාව. මට හිතුණා ක්‍රීඩාව කියන්නේ මට තරුණයන් අතරට යන්න තියෙන මාර්ගයක් බව.

ඔය අතරේම මට ආරාධනාවක් ලැබුණා පුත්තලම් දිස්ත්‍රික් වොලිබෝල් සංගමයට බැක්‍ෂෙන්නට. මම ඒකට සම්බන්ධ වුණා. පසුව ඒකේ සභාපතිත්වයට පත්වුණා. 1988 දී වොලිබෝල් ජාතික සම්මේලනයේ විධායක සභාවට පත්වුණා. එදා ඉඳලා අද වෙනතුරු ජාතික සම්මේලනයේ භාණ්ඩාගාරික, උප සභාපති, උප ලේකම්, උප භාණ්ඩාගාරික ඇතුළු තනතුරුවල ඉඳලා තියෙනවා. ජාතික කණ්ඩායමේ කණ්ඩායම් කළමණාකරු විදියට ලංකාව නියෝජනය කරලා තියෙනවා. මම හිතන විදියට විදේශීය තරඟාවලියකදී සමස්ථ ලාංකික ක්‍රීඩකයන්ගේ කණ්ඩායම් ප්‍රධානියා හැටියට සහභාගී වූ පළවැනි පොලිස් නිලධාරියා මම. දෙවන ආසියානු වෙරළ ක්‍රිඩා තරගාවලිය ඕමාන් වල තිබුණේ. එතැනදී මම සමස්ථ කණ්ඩායමේ ප්‍රධානියා හැටියට සහභාගී වුණා.‘

++++++++++++++++++++++++++++++++++

‘මගේ බිරිඳ වෛද්‍යවරියක්. ඇයත් පොලිස් නිලධාරියෙකුගේ දුවක්. මම පත්තරේට පොලීසිය ගැන තිබුණු විවේචනයක් නිවැරදි කරමින් ලිපියක් ලීවා. පොලීසියේ තියෙන අමාරුකම්, පොලිසියේ මේ වගේ අයත් ඉන්නවා කියලයි ලීවේ. ඇය එතකොට විශ්වවිද්‍යාලයේ. ඇගේ පියා පොලිස් නිලධාරියෙක්. ඇයත් මම ලියපු ලිපියට උත්තරයක් ලියලා තිබුණා. ඒ විදියට මුණගැහුණේ. අපි 1993 දී විවාහ වුණා. දැන් පුතා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ නීති පීඨයේ අන්තිම අවුරුද්දේ. ලොකු දුව ඉන්දියාවේ රජීව් ගාන්ධි වෛද්‍ය විද්‍යාලයේ. පොඩි දුව මේ අවුරුද්දේ උසස්පෙළ කරනවා.‘

++++++++++++++++++++++++++++++

ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් නිලධාරීන් අතර ප්‍රකට වන්නට හේතු ගණනාවක් ඇත. ඒ අතර ඔහු නිරාගමික පුද්ගලයෙක්ය යන අදහසත් ඇත. එහෙත් නිතර උසාවියට යන අයෙකුට තමන්ගේ ආගමට අදාල ග්‍රන්ථයක් මත දිවුරා සත්‍ය ප්‍රකාශ කරන බව පොරොන්දු විය යුතුය. ඒ අත්දැකීම් ගැන අපි විමසුවෙමු. ඔහු ඒ ගැන සම්පූර්ණයෙන්ම විවෘත නොවී තම අදහස කීවේය.
‘ධර්මය සහ විශ්වාසය මත තමයි ආගම තියෙන්නේ. ඕනෑම ආගමක කියන්නේ යහපත. අපි හැම ආගමකම හරය තමයි ගන්න ඕනෑ. එතැනට ආවාම නිරාගමික හෝ ආගමික කියන වචනවලින් මොනවා කීවත් මනුෂ්‍යයාගේ වෙනසක් නැහැ. ඕනෑම ආගමක් තමන්ගේ ආගම කරගන්න ඔහුට පුළුවන්. කතෝලික, බෞද්ධ, හින්දු, ඉස්ලාම් වැනි හැම ආගමක්ම.‘

+++++++++++++++++++++++++++++

පොලිස් නිලධාරීන් හා සාමාන්‍ය මිනිසුන් අතර ගණුදෙනුව සාකච්ඡා කරන්නට වටින තත්වයකි. ඕනෑම පොලිස් නිලධාරියෙක් සමාජයෙහි ප්‍රභූ තත්වයකට පත්වෙයි. ඒ අතරේම පොලිස් නිලධාරීන් කෙරෙහි මිනිසුන්ගේ හිත යට කේන්තියක් ඇතැයිද සිතේ.

‘සමහර ප්‍රදේශවල හිටපු පොලිස් නිලධාරීන් ගැන අවුරුදු තිහ හතළිහක් ගියාට පස්සේත් මිනිස්සු හොඳ කියනවා මට ඇහිලා තියෙනවා. අහවල් කාලයේ හිටපු අහවල් මහත්තයා හොඳට වැඩකළා කියලා කියනවා. පොලිස් සේවයේ තියෙන කොඳු නාරටිය තමයි ස්ථානාධිපති තනතුර. විශේෂයෙන්ම මම කල්පනා කරන්නේ ඒ තනතුර ගැන.

නිල ඇඳුම ඇන්දාම අපි ටිකක් වෙනස් විදියට හැසිරෙන්න ගන්නවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් පොලිස් නිලධාරීන් දිහා බලන්නේ සමාජයෙන් ටිකක් ඈත් වෙච්ච කෙනෙක් හැටියට. මේ පරතරය පියවන්නයි මට ඕනෑ වුණේ. අපි සාමාන්‍ය මිනිස්සු කියන එක ඒත්තු ගන්වන්නයි මට ඕනෑ වුණේ. ඒ වෙනුවෙන් මම ගොඩක් පුවත්පත්වලට ලියලා තියෙනවා.

පන්සලේ කොත විවෘත කිරීම, උත්සවවලට සහභාගී වීම වගේ දේවල් නෙවෙයි පොලිස් නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. අපක්ෂපාතීත්වය සහ අවංකභාවය තමයි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. පොලිස් නිලධාරියෙක්ට තියෙන්න ඕනෑ ඉහළම ගුණාංගය තමයි සහකම්පනය. තව කෙනෙකුගේ ප්‍රශ්නය තමන්ගේ ඇහෙන් බැලීම.‘

+++++++++++++++++++++++++++++++++

මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක්, ඡායාරූප ශිල්පියෙක් හෝ වෙන කුමන ආකාරයක හෝ සන්නිවේදකයෙක් වෙන්නට කැමැත්තෙන් සිටි අයෙකු පොලිස් නිල ඇඳුමක සිරවූ කල ඔහු තුළ සිටින සන්නිවේදකයාට කුමක් සිදුවේදැයි අපි කල්පනා කළෙමු.

‘පොලීසිය කියන්නේ මාතෘකා උල්පතක්. පොලීසිය තරම් මිනිසුන්ගේ ප්‍රශ්න කතාවෙන වේදිකාවක් නැහැ. සියළු වර්ගයේ ප්‍රශ්න එනවා. අතිශය පෞද්ගලික ප්‍රශ්න පවා එනවා. සියුම් දේවල් එනවා. මනුෂ්‍යත්වය මෙබඳුදැයි විශ්වාස කරන්නට බැරි විදියේ සිදුවීම් අපි දකිනවා. ඔබ විශ්වාස කරනවාද වයස අවුරුදු 14ක ළමයෙක් අවුරුදු 23ක ගැහැණු ළමයෙක් එක්ක පැනලා ගිය බව. ඒ ළමයාගේ සංගීත ගුරුවරිය එක්ක. ඒ දෙන්නාම අපට අත්අඩංගුවට ගන්න වුණා. මේ කතාන්දර ඇතුලේ සංවේදී මානසික තත්වයන් තියෙනවා. ලොකු ඛේදවාචක පවා තියෙනවා. ඒ සියල්ල එක්ක ලියන්න දේවල් ගොඩක් එකතු වෙනවා. මම ඒවා දකිනවා. මම පශ්චාත් උපාධිය කරන වෙලාවේ හිටපු පීඨාධිපතිවරයා කීවේ කිසිම සමීක්ෂණයක් කරන්න එපා, සිද්ධි අධ්‍යනයක් කරන්න කියලා. මට එවැනි ඇසක් තිබුණු නිසාම මාධ්‍යවේදීන් එක්ක එදා ඉඳලාම මට කිට්ටු සම්බන්ධයක් තිබුණා. ඒ වගේම මම පොලිසිය තුලදී පොලිස් සාහිත්‍යය ගැනත් අවධානය යොමුකළා. පොලිස් ඉතිහාසය ගැන ඉංග්‍රීසියෙන් ලියූ පොත්පත් තියෙනවා. ඒවා පරිවර්තනය කරවන්නට මම මැදිහත් වුණා. නූතන පොලිස් ඉතිහාසය ලියවන්නට මම උනන්දුවෙන් ඉන්නවා. එහෙත් ඉතිහාසය ලිවීම පහසු සෙල්ලමක් නෙවෙයි. ඉතිහාසය කියා අපේ හිතලු ලීවොත් ඒක විකෘතියක් වේවි.‘

+++++++++++++++++++++++++++++++++++++++++++++

තම ජීවිතයේ ආකර්ශණීයම කොටස ගැන ඔහු කීවේ ඉන් පසුවය.
‘මම සංචාරකයෙක්. ලෝකයේ සංචාරක ගමනාන්ත හොයාගෙන යනවා. මම ගිය මාසේ අවුට්විෂ්ට් හොයාගෙන පෝලන්තයට ගියා. රටවල්වල සංස්කෘතිය, ජන ජීවිතය ගැන ඉගෙනගන්න මම කැමතියි. මම වියට්නාමයේ මාස ගණනාවක පුහුණුවකට ගියා. වියට්නාමයේ තියෙනවා ඉතාම සරු සංස්කෘතියක්. ඔවුන්ට ඉතාම සරු ආහාර රටාවක් තියෙනවා. ඒක අපි රසවිඳින්න ඕනෑ. සර්ප සුප් බීලා මම ඒ ගැන ලිපියකුත් ලීවා. එකපාරම සර්පයා කීවාම අපේ ඔළුවට එන්නේ නයෙක්ව හෝ පොළfÛක්. එහෙත් ඔළුව කැපුවාම සර්පයෙකුගේ තියෙන්නේ මස්. ආක්‍ෂෙක් කැපුවා වගෙයි. වියට්නාමයේ බලු මස් ගැන තියෙන්නේ තවත් කතාවක්. ඒවා රටවල්වල සංස්කෘතියේ කොටස්. ඒ රටවල ආහාර රටා, භාෂාව, සිරිත් විරිත් ආදිය ස්පර්ශ කරන්න ඕනෑ. ලංකාවෙදී ගෙඹි කකුල් අපට අමුතු හැඟීමක් මවනවා. එහෙත් සිංගප්පූරුවෙදී ගෙඹි කකුල් කියන්නේ මිලාධිකම ආහාරයක්. කොහොම වෙතත් ඒවා ආහාරයට ගන්න මනස හදාගන්න නම් ටිකක් භෞතිකවාදියෙක් වෙන්න ඕනෑ.

සාමාන්‍ය සංචාරකයෙක් හැටියට ගිහින් තරුපහේ හෝටලයක ඉඳලා අපට ඒ සංස්කෘතිය විඳින්න බැහැ. සංචාරයේදී හොඳම තොරතුරු ලබාගන්න ක්‍රමය තමයි ටැක්සි රියැදුරන්. ටැක්සි රියැදුරන් හුඟක් දේවල් දන්නවා. ඔවුන්ට රට ගැන සඳහන් කරන්න විසාල පරාසයක් තියෙනවා. මම රටවල් 27කට ගිහිල්ලා තියෙනවා. ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ මම ප්‍රංශයේ තැන් දෙකකට ගියා. එකක් තමයි අර්නස්ට් හෙමිංවේ නැවතිලා හිටපු තැන. දැන් එතැන පේස්ට්‍රි කඩයක් තියෙන්නේ. වික්ටර් හියුගෝ හිටපු තැනටත් මම ගියා. ප්‍රංශයේ හොඳ සිනමා කෞතුකාගාරයක් තියෙනවා.

මගේ ලොකු ආසාවක් තියෙනවා ඉදිරියේදී තැන් දෙකකට යන්න. එකක් තමයි මොස්කව් ඉඳලා දුම්රියන් දින හයක් ගමන් කිරීම. දෙවැනි එක තමයි ලෝකයේ උසම නගරය වන ටිබෙටයේ ලාසා වලට බෙයිජිං ඉඳලා දුම්රියන් යෑම. දෙවැනියට කීව එක තමයි ලෝකයේ උසම කලාපයෙන් ගමන් කරන දුම්රිය මාර්ගය. ඒක ලෝකයේ ලස්සනම දුම්රිය මාර්ගය බව කියනවා.‘

++++++++++++++++++++++++++++++++++++

ඔහු ඉදිරි කාලයේදී විශ්‍රාම ගැනීමට ආසන්න පොලිස් නිලධාරියෙකි. තමන්ගේ අත්දැකීම් හා හැකියාව පොලීසියේ අනාගත යහපතට පාවිච්චි කරන්නේ කෙසේදැයි ඔහු සැලසුම් කරයි. ඔහු මේ වෙද්දී ලිපි එකතු කොට පොත්පත් කිහිපයක් පළ කර ඇත. ඒ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමඟ ලංකාවේ පොලිස් වධහිංසන සිදුවීම් සංඛ්‍යාව බිංදුව දක්වා පහත හෙළීමේ ව්‍යාපෘතියක සිටී. පසුගිය කාලයෙහි පොලිස් වධහිංසන සිදුවීම් අඩු වෙන්නට ඔවුන් දෙදෙනාගේ ව්‍යාපෘතිය හේතුවිය. ඒ සියල්ල මැද ඔහුගේ කියැවීමේ පුරුද්දත් ඉතා සක්‍රීයව ඇත.

‘මගෙන් සමහරු අහනවා මෙතරම් වැඩ කරන අතරේ පොත් ලියන්න වෙලාව හදාගන්නෙ කොහොමද කියලා. ඒකට උත්තරය තමයි රැකියාව විනෝදාංශය කරගන්න ඕනෑ බව. අපි විනෝදාංශයක් වෙනුවෙන් ඕනෑ තරම් වෙලාව වෙන් කරගන්නවා. ඒත් රැකියාවට සීමා කළාම තෙහෙට්ටුව දැනෙනවා. කියවීමත් මගේ විනෝදාංශයක්. මට කොහොමත් රෑට පොතක් කියවනවා. මම සාමාන්‍යයෙන් ගමනක් යද්දී කියවන්න වෙලාවක් නැතත් පොත් කිහිපයක් අරගෙනයි යන්නේ. මම දෙතුන් සැරයක් කියවන පොත තියෙනවා. මගේ ගෙදර පොත් 1500 ක විතර පුස්තකාලයක් තියෙනවා. මගේ පොත් අතර එක තැනක් තියෙනවා නිතර කියවන පොත්. එතැන තියෙන පොත් සැරෙන් සැරේ මාරුවෙනවා.

මම චිත්‍රපටි බලන්නත් කැමතියි. වැලිකතර චිත්‍රපටිය මම විසි වතාවකට වඩා බලලා ඇති. වැලිකතර ගැන ආසාව දරාගන්න බැරිම තැන මම රවීන්ද්‍ර ගුරුගේ මහතාට කියලා පොලිස්පතිතුමා ඇතුළුව ලංකාවේ ඉහළම පොලිස් නිලධාරීන්ට වැලිකතර පෙන්නුවා. පොලිස් නිලධාරීන්ගේ චරිතයක් හරිහැටි අල්ලාගත්ත හොඳම චිත්‍රපටිය වැලිකතර. බයිස්කෝප් සිනමාව ඇතුළේ පොලිස් නිලධාරීන්ගේ චරිත තිබුණත්, ඒ චරිත යම් කොටුවක් ඇතුළේ හිරවෙලයි තියෙන්නේ. මම බොහෝවිට චිත්‍රපටි බලනවා. විදේශීය චිත්‍රපටි මම ආසාවෙන් බලනවා.‘

++++
‘මගේ බිරිඳ වෛද්‍යවරියක්. ඇයත් පොලිස් නිලධාරියෙකුගේ දුවක්. මම පත්තරේට පොලීසිය ගැන තිබුණු විවේචනයක් නිවැරදි කරමින් ලිපියක් ලීවා. පොලීසියේ තියෙන අමාරුකම්, පොලිසියේ මේ වගේ අයත් ඉන්නවා කියලයි ලීවේ. ඇය එතකොට විශ්වවිද්‍යාලයේ. ඇගේ පියා පොලිස් නිලධාරියෙක්. ඇයත් මම ලියපු ලිපියට උත්තරයක් ලියලා තිබුණා. ඒ විදියට මුණගැහුණේ. අපි 1993 දී විවාහ වුණා. දැන් පුතා කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ නීති පීඨයේ අන්තිම අවුරුද්දේ. ලොකු දුව ඉන්දියාවේ රජීව් ගාන්ධි වෛද්‍ය විද්‍යාලයේ. පොඩි දුව මේ අවුරුද්දේ උසස්පෙළ කරනවා.‘

++++++++++++++++++++++++++++++

ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් නිලධාරීන් අතර ප්‍රකට වන්නට හේතු ගණනාවක් ඇත. ඒ අතර ඔහු නිරාගමික පුද්ගලයෙක්ය යන අදහසත් ඇත. එහෙත් නිතර උසාවියට යන අයෙකුට තමන්ගේ ආගමට අදාල ග්‍රන්ථයක් මත දිවුරා සත්‍ය ප්‍රකාශ කරන බව පොරොන්දු විය යුතුය. ඒ අත්දැකීම් ගැන අපි විමසුවෙමු. ඔහු ඒ ගැන සම්පූර්ණයෙන්ම විවෘත නොවී තම අදහස කීවේය.
‘ධර්මය සහ විශ්වාසය මත තමයි ආගම තියෙන්නේ. ඕනෑම ආගමක කියන්නේ යහපත. අපි හැම ආගමකම හරය තමයි ගන්න ඕනෑ. එතැනට ආවාම නිරාගමික හෝ ආගමික කියන වචනවලින් මොනවා කීවත් මනුෂ්‍යයාගේ වෙනසක් නැහැ. ඕනෑම ආගමක් තමන්ගේ ආගම කරගන්න ඔහුට පුළුවන්. කතෝලික, බෞද්ධ, හින්දු, ඉස්ලාම් වැනි හැම ආගමක්ම.‘
+++++++++++++++++++++++++++++

පොලිස් නිලධාරීන් හා සාමාන්‍ය මිනිසුන් අතර ගණුදෙනුව සාකච්ඡා කරන්නට වටින තත්වයකි. ඕනෑම පොලිස් නිලධාරියෙක් සමාජයෙහි ප්‍රභූ තත්වයකට පත්වෙයි. ඒ අතරේම පොලිස් නිලධාරීන් කෙරෙහි මිනිසුන්ගේ හිත යට කේන්තියක් ඇතැයිද සිතේ.

‘සමහර ප්‍රදේශවල හිටපු පොලිස් නිලධාරීන් ගැන අවුරුදු තිහ හතළිහක් ගියාට පස්සේත් මිනිස්සු හොඳ කියනවා මට ඇහිලා තියෙනවා. අහවල් කාලයේ හිටපු අහවල් මහත්තයා හොඳට වැඩකළා කියලා කියනවා. පොලිස් සේවයේ තියෙන කොඳු නාරටිය තමයි ස්ථානාධිපති තනතුර. විශේෂයෙන්ම මම කල්පනා කරන්නේ ඒ තනතුර ගැන.

නිල ඇඳුම ඇන්දාම අපි ටිකක් වෙනස් විදියට හැසිරෙන්න ගන්නවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් පොලිස් නිලධාරීන් දිහා බලන්නේ සමාජයෙන් ටිකක් ඈත් වෙච්ච කෙනෙක් හැටියට. මේ පරතරය පියවන්නයි මට ඕනෑ වුණේ. අපි සාමාන්‍ය මිනිස්සු කියන එක ඒත්තු ගන්වන්නයි මට ඕනෑ වුණේ. ඒ වෙනුවෙන් මම ගොඩක් පුවත්පත්වලට ලියලා තියෙනවා.

පන්සලේ කොත විවෘත කිරීම, උත්සවවලට සහභාගී වීම වගේ දේවල් නෙවෙයි පොලිස් නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. අපක්ෂපාතීත්වය සහ අවංකභාවය තමයි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ. පොලිස් නිලධාරියෙක්ට තියෙන්න ඕනෑ ඉහළම ගුණාංගය තමයි සහකම්පනය. තව කෙනෙකුගේ ප්‍රශ්නය තමන්ගේ ඇහෙන් බැලීම.‘

+++++++++++++++++++++++++++++++++

මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක්, ඡායාරූප ශිල්පියෙක් හෝ වෙන කුමන ආකාරයක හෝ සන්නිවේදකයෙක් වෙන්නට කැමැත්තෙන් සිටි අයෙකු පොලිස් නිල ඇඳුමක සිරවූ කල ඔහු තුළ සිටින සන්නිවේදකයාට කුමක් සිදුවේදැයි අපි කල්පනා කළෙමු.

‘පොලීසිය කියන්නේ මාතෘකා උල්පතක්. පොලීසිය තරම් මිනිසුන්ගේ ප්‍රශ්න කතාවෙන වේදිකාවක් නැහැ. සියළු වර්ගයේ ප්‍රශ්න එනවා. අතිශය පෞද්ගලික ප්‍රශ්න පවා එනවා. සියුම් දේවල් එනවා. මනුෂ්‍යත්වය මෙබඳුදැයි විශ්වාස කරන්නට බැරි විදියේ සිදුවීම් අපි දකිනවා. ඔබ විශ්වාස කරනවාද වයස අවුරුදු 14ක ළමයෙක් අවුරුදු 23ක ගැහැණු ළමයෙක් එක්ක පැනලා ගිය බව. ඒ ළමයාගේ සංගීත ගුරුවරිය එක්ක. ඒ දෙන්නාම අපට අත්අඩංගුවට ගන්න වුණා. මේ කතාන්දර ඇතුලේ සංවේදී මානසික තත්වයන් තියෙනවා. ලොකු ඛේදවාචක පවා තියෙනවා. ඒ සියල්ල එක්ක ලියන්න දේවල් ගොඩක් එකතු වෙනවා. මම ඒවා දකිනවා. මම පශ්චාත් උපාධිය කරන වෙලාවේ හිටපු පීඨාධිපතිවරයා කීවේ කිසිම සමීක්ෂණයක් කරන්න එපා, සිද්ධි අධ්‍යනයක් කරන්න කියලා. මට එවැනි ඇසක් තිබුණු නිසාම මාධ්‍යවේදීන් එක්ක එදා ඉඳලාම මට කිට්ටු සම්බන්ධයක් තිබුණා. ඒ වගේම මම පොලිසිය තුලදී පොලිස් සාහිත්‍යය ගැනත් අවධානය යොමුකළා. පොලිස් ඉතිහාසය ගැන ඉංග්‍රීසියෙන් ලියූ පොත්පත් තියෙනවා. ඒවා පරිවර්තනය කරවන්නට මම මැදිහත් වුණා. නූතන පොලිස් ඉතිහාසය ලියවන්නට මම උනන්දුවෙන් ඉන්නවා. එහෙත් ඉතිහාසය ලිවීම පහසු සෙල්ලමක් නෙවෙයි. ඉතිහාසය කියා අපේ හිතලු ලීවොත් ඒක විකෘතියක් වේවි.‘

+++++++++++++++++++++++++++++++++++++++++++++

තම ජීවිතයේ ආකර්ශණීයම කොටස ගැන ඔහු කීවේ ඉන් පසුවය.
‘මම සංචාරකයෙක්. ලෝකයේ සංචාරක ගමනාන්ත හොයාගෙන යනවා. මම ගිය මාසේ අවුට්විෂ්ට් හොයාගෙන පෝලන්තයට ගියා. රටවල්වල සංස්කෘතිය, ජන ජීවිතය ගැන ඉගෙනගන්න මම කැමතියි. මම වියට්නාමයේ මාස ගණනාවක පුහුණුවකට ගියා. වියට්නාමයේ තියෙනවා ඉතාම සරු සංස්කෘතියක්. ඔවුන්ට ඉතාම සරු ආහාර රටාවක් තියෙනවා. ඒක අපි රසවිඳින්න ඕනෑ. සර්ප සුප් බීලා මම ඒ ගැන ලිපියකුත් ලීවා. එකපාරම සර්පයා කීවාම අපේ ඔළුවට එන්නේ නයෙක්ව හෝ පොළක්. එහෙත් ඔළුව කැපුවාම සර්පයෙකුගේ තියෙන්නේ මස්. ආක්‍ෂෙක් කැපුවා වගෙයි. වියට්නාමයේ බලු මස් ගැන තියෙන්නේ තවත් කතාවක්. ඒවා රටවල්වල සංස්කෘතියේ කොටස්. ඒ රටවල ආහාර රටා, භාෂාව, සිරිත් විරිත් ආදිය ස්පර්ශ කරන්න ඕනෑ. ලංකාවෙදී ගෙඹි කකුල් අපට අමුතු හැඟීමක් මවනවා. එහෙත් සිංගප්පූරුවෙදී ගෙඹි කකුල් කියන්නේ මිලාධිකම ආහාරයක්. කොහොම වෙතත් ඒවා ආහාරයට ගන්න මනස හදාගන්න නම් ටිකක් භෞතිකවාදියෙක් වෙන්න ඕනෑ.