ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් හා ප‍්‍රාදේශීය දේශපාලඥයන් විශාල පිරිසක් ඉදිරි සති කිහිපයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වන බව මාධ්‍ය සාකච්ඡුා පවත්වා ප‍්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබල ඇමතිවරයෙකු පැවසීය.


ඒ අනුව ඔක්තෝබර් 19 වැනිදා සිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් එක්සත් ජාතික පක්ෂයට සහාය ලබාදෙමින් තිඹිරිගස්යායේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දක්වන ප‍්‍රචාරක කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡුා පැවැත්වීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි. විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් දිනපතා එම මාධ්‍ය සාකච්ඡුා පැවැත්වීමට බලාපොරොත්තු වන බවත්, මේ වනවිට ප‍්‍රාදේශීය දේශපාලඥයන් 300කට ආසන්න පිරිසක් එලෙස මාධ්‍ය සාකච්ඡුාවලට සහභාගී වන බවට එකඟ වී සිටින බවත් ඔවුන් ඉදිරියේදී එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු කීය.


ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරින් කිසිවෙකු තවමත් සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්වීමට එකඟ වී නැති නමුත් ඉදිරියේදී එම මන්ත‍්‍රීවරුන් අතරින් කිහිපදෙනෙක්වද එකතු කරගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එම අමාත්‍යවරයා පැවසීය.