ඩිලන් සමරවික‍්‍රම



ඩිලන් සමරවික‍්‍රම සිය හරුබස්ස පොදි බඳිමින් සිටියේය. දිගු ගමනක් නික්මෙන්නට සූදානමින් සිටියද ඔහු සතුවූයේ ට‍්‍රැවලින් බෑග් දෙක තුනක් පුරවන්නට ප‍්‍රමාණවත් බඩු පමණි. ඊට හේතුව දිගු සංචාරයක උපරිම වින්දනයට අල්පේච්ඡු බව තරම් අන් කිසිවක් ඉවහල් නොවන බව ඔහු ඉඳුරාම දැන සිටි නිසාය. මීට කලකට පෙර තමා උපන් ශ‍්‍රී ලංකාවෙන් නික්මී එංගලන්තයට යන්නටත් පසුව එහි සිට ස්විට්සර්ලන්තයට යන්නටත් ඩිලන් මෙලෙස බඩු මුට්ටු පොදිගැසුවේය. ඒත් ඒ හැම ගමනකටම වඩා මේ ගමනේ අපූර්වත්වයක් විය. ඒ මෙවර ඔහු නික්මෙනුයේ රටකින් රටකට නොව රටකින් ලොවකට වූ නිසායි. අසුරා නිම කළ ගමන් මලූ දෙක තමා දෙස බලමින් සිටි බෲස් වෙත තල්ලූ කළ ඔහු ගීතයක් මුමුණමින් නැගීසිටියේය.


ඩිලන් ලංකාවේ සිට ස්විට්සර්ලන්තයට ගිය අයෙකි. පසුව ලෝකය පුරා සංචාරය කළ අයෙකි. ඔහුගේ චාරිකාව ගැන මීට පෙරද පුවත්පත්වල කෙටියෙන් ලියැවී ඇතත්, ලංකාවේදී ඉතාම කලාතුරකින් හමුවෙන පන්නයේ කතාවක් නිසා විස්තර ඇතිව ඒ කතාවේ එක්තරා නිශ්චිත කොටසක් අකුරු කිරීම රසවත් විය හැකිය. ඒ ඩිලන් තමාගේ මෝටර් සයිකලය බෝට්ටුවක් කොට මුහුද තරණය කළ කොටසය. බැලූ බැල්මටම එය උන්මත්තක ගමනකි.


මෙය ගලිවර්ගේ වීර චාරිකාව නොවේ. ප‍්‍රබන්ධමය චාරිකාවකුත් නොවේ. ලාංකිකයෙකු, තමන්ගේ දේපළ විකුණා දමා ගිය සංචාරයකින් කොටසකි. සැබෑ කතාවකි. ලෝකය පුරා සංචාරය විනෝදය කරගත් මිනිස්සු සිටිති. එහෙත් එවැනි ලාංකිකයෝ අඩුය.
ඩිලන්ගේ ගමන් සගයා බවට ජර්මනියේ ඉපිද ස්විට්සර්ලන්තයට පැමිණි බෲස් පත්වුණේ 2005 සිටය. ගහට පොත්ත මෙන් බැඳී සිටි මේ දෙදෙනා සිය ලෝක සංචාරය අරඹමින් ස්විට්සර්ලන්තයෙන් නික්මෙනුයේ රුසියාවටය.


බෲස් ඩිලන් යන නම හිමිවුණේ මනුෂ්‍යයෙකුට හෝ අප දන්නා විදියේ ප‍්‍රාණයක් ඇති වෙනත් ජීවියෙකුට නොවේ. ඩිලන්ගේ ගමන් සගයා වන බෲස් ඩිලන් බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් සයිකලයකි. ඩිලන්ට අනුව බෲස්ටම ආවේණික ජීවිතයක් හිමිය. ඒ නිසා බෲස් හා ඩිලන් අතර මිතුදමක් ඇත.


රුසියාවෙන් නික්මී ස්කැන්ඩිනේවියානු රටවල කරක් ගසන මේ දෙදෙනා ඉන් අනතුරුව ඇතුල් වන්නේ තුර්කියටය. ඉන් පසු සිරියාව, ජෝර්දානය, ඊජිප්තුව ඔස්සේ නැගෙනහිර අප‍්‍රිකාවට පිවිසෙන්නේය. ඉන් අනතුරුව කෙන්යාවට පැමිණෙන ඩිලන් හා බෲස් මුල්වරට එකිනෙකාගෙන් වෙන්වන්නෝය. ඉන්දියාව බලා බෲස් නැව් නගිද්දී ඩිලන් ගුවනින් ඉන්දියාවට ආවේය.
ඉන්දීය සංචාරය බෲස්ට කෙසේ වෙතත් ඩිලන්ට අමතක නොවන්නකි. ඒ සුවිශේෂ හේතුවක් නිසාය. දිනක් ගෝව ප‍්‍රාන්තයේ හම්පි නැමැති ගම්මානයට ගිය ගමනේදී බෲස්ගේ වාහනය කාර්මික දෝෂයකට ලක්විය. එය සාදාගන්නා තුරු අවට ඇවිදිමින් සිටි ඩිලන්ට අපූරු යුවතියක මුණ ගැසුණි. උරමලූ සංචාරයක යෙදෙමින් ආසියාව හරහා යමින් සිටි ඕ නමින් මාටිනා නම් වූවාය. ඇගේ උච්චාරණ ශෛලියෙන් ඈ ස්විස් තරුණියක බව ඩිලන් වටහා ගත්තත් ඈ සිතා තිබුණේ ඔහු ඉන්දියානුවෙකු බවය. එහෙයින් ඈ ඩිලන් සත පහකට ගණන් ගත්තේ නැත. කෙසේ හෝ ඉන්දියාවෙන් ඩිලන් නික්මෙද්දී දෙදෙනා පෙම්වත්හු වූහ.


ඉන්පසුව ඔවුන් ලංකාවටත්, ලා ඕසයටත්, ටිමෝරයටත්, ඕස්ටේ‍්‍රලියාවටත් ගමන් කර තිබුණි. බොහෝ ගමන්වලදී බෲස් දිය මතින්ද, ඩිලන් ගුවනින්ද මුහුදු තරණය කළත්, ඕස්ටේ‍්‍රලියාවට යද්දී දෙදෙනාම ගියේ එකම බෝට්ටුවකින්ය. ඕස්ටේ‍්‍රලියාවෙන් කැනඩාවටත්, කැනඩාවෙන් ඇලස්කාවටත් ගොස් තිබුණි.


ඇලස්කාවේදී දැවැන්ත වලසුන් ගෝනුන් සහ කැරිඹු නම් පිනිමුවන් දකින්නට හැකිවිය. පළිඟු මෙන් සුපැහැදිලි ජලයද, ප‍්‍රාකාර සදිසි ග්ලැසියරද මේ දෙමිතුරන්ගේ ඇලස්කා ගමන ඉක්මන් කළේය. ඩිලන්ට ඇලස්කා ගමන ඉක්මන් කරන්නට තවත් හේතුවක් විය.
ඒ ඇලස්කාව දකින්නට පෙරුම් පුරමින් සිටි තුෂාරි නම් සිය ඥාති සොයුරියගේ සංවේදී කතාවයි. ඇය පිළිකා රෝගයෙන් පීඩා වින්දාය. ඇයට ඇලස්කාවේ අසිරිය ඡුායාරූපයකින් හෝ දැකීමේ ආසාවක් තිබුණි. ඇලස්කා ගමනට එයද හේතුවක්ව තිබුණි.


ඇලස්කා යන අතරේදී ඔහුට සංචාරයේ යෙදෙන වඩු බාස්ලා දෙදෙනෙකුද මුණගැසුණි. ඒ ගේ‍්‍රග් හා ටයිරන්ය. ඒ දෙන්නාද විවේකයේදී යතුරුපැදි සංචාරයේ යෙදෙන්නෝය. වලස් ගොරබෑම හතර අත ඇසුණු රාත‍්‍රියක ඔවුහු කූඩාරමක රාත‍්‍රිය ගතකළෝය. ඒ අතර අලූත් කතාවක් ඇවිලූණි.

‘ඩිලන්, ඔයා දන්නවද ලෝකේ එක දිගට වැඩිම දුරක් යන්නට පුළුවන් පාර මොකක්ද කියලා.’ ගේ‍්‍රග් විමසා තිබුණි. ඩිලන් ඒ ගැන දැන නොසිටියේය.


‘පෑන් ඇමරිකා මාර්ගය කියන්නේ ඒකට. ඔයා වගේ කෙනෙක් ඒ පාර දැනගන්නම ඕන. ඇලස්කාවේ පෘදෝ බොක්කේ ඉඳන් ආජන්ටිනාවෙ උෂුවායා දක්වා තමයි ඒ පාර තියෙන්නේ. එක දිගට කිලෝ මීටර් 48000ක දුරක් යන්න පුළුවන්.’ ගේ‍්‍රග් කීවේය.


‘හැබැයි පැනමාවේ ඉඳන් මෙක්සිකෝවට ඔයාට රුවල් බෝට්ටුවක් ඕන වෙනවා.’ මෙතුවක් නිහඬව සිටි ටයිරන් පැවසුවේය. ඒ දාරියන් කපොල්ල මුහුදෙන් තරණය කරන්නටය.
ඩිලන්ගේ කුතුහලය ඇවිස්සී තිබුණි. එකසිය ගානට නැග්ගේය. ඔහුගේ අවධානය කිලෝමීටර් හතලිස් අටදාහක් දිග පෑන් ඇමරිකන් මාර්ගයෙන් මිදුණේ ය. ඔහුට ආශ්චර්යයක් වූයේ කිලෝමීටර් 160ක් දිගින් යුත් දාරියන් කපොල්ල තරණය කිරීමය. එහෙත් ඔහුට ඕනෑ වුණේ තමාගේම පහුරකින් ඒ කොටස තරණය කරන්නටය. කපොල්ල ගැන තතු දන්නා ගේ‍්‍රග් සහ ටයිරන් තමන්ගේම පහුරකින් තරණය කරනවාට විරෝධය පෑවේ එය අනතුරුදායක නිසාය.
බොහෝ දුරකතර ගෙවාගෙන බෲස් සහ ඩිලන් පැනමාවට පැමිණෙන්නෝය. පැනමාව යනු අමුතුම සංස්කෘතියක මිනිසුන් ජීවත් වන රටකි. එහි සියල්ල වෙනස් ය. ඇමරිකානු ආභාසය සහ පැනමා ඇළ, පැනමාව කණපිට හැරෙව්වා සේය. නිදහස් දිවියක් ගතකරන්නෝ එහි සුලබය. එහි ජීවත්වු ලාස්ලෝ, ඉසබෙලා, ලයනල් සහ ශාක් යන අය අසීරුවෙන් වුව කපොල්ල තරණයට එකඟ කරවාගන්නට ඩිලන් සමත් විය.


තෙල් බැරල් 10ක් එකතු කොට ගැල්වනයිස් බටවලින් ඈඳා ලෑලි අහුරමින් පහුර හදන්නට හැකිව තිබුණි. පැනමාවේ බෝට්ටු කාර්මිකයෙකු වූ අන්තෝනියෝ පහුර තනාදීමට එකඟ වුණත්, ඔහු ළඟ සිටි ගෝලයන් අලසයන් වූ නිසා අන්තිමේදී ලයනල්ගේ වැඩපොළට පහුර තැනීමේ කටයුත්ත බාර විය.


බී.එම්.ඩබ්ලිව්. මෝටර් බයික්වල චේන් එකක් නැත. ඒ වෙනුවට තිබෙන්නේ ඩිෆරන්සල් එකකි. පුංචි කාර්මික කටයුතු කිහිපයකින් පසුව ඩිෆරන්සල් එකට අවර පෙත්තක් සවි කැරුමෙන් මෝටර් බෝට්ටුවක් බවට පත්විය. ලී සුක්කානමක් එයට තිබුණි.


බෘස්ගේ කොටස් ගලවමින්, පහුරට බෝට්ටු එන්ජිමක් සැපයීමේ කටයුත්ත සිදුවිය. බෘස්ගේ කොටස් එකතු වූ පසුව, බෝට්ටුව බිහිවිය. ඩිලන් එය ‘බි‍්‍රජට්ගේ දිරිය’ ලෙස නම් කළේය.
ගමන සාර්ථකව ආරම්භ විය. පිරිස අමදෝර් වරාය අසලට ගියෝය. හැම මොහොතකම බෲස්ගේ කොටස්, පාරුව අසලම තැබුවේ, නැවතත් බෲස්ගේ කොටස් බෝට්ටුවෙන් ගලවා බෲස්ටම ලබාදෙන බව සහතික කිරීමක් මෙන්ය.


ඔහු පැනමාවේ සිට මෙක්සිකෝව දක්වා දාරියන් කපොල්ල තරණය කරන්නට පටන්ගත්තේ 2013 මාර්තු 15 වැනිදාය. මිරිදිය ජලය, ඉන්ධන, ටින් කෑම, විදුලි පන්දමක්, ආරක්ෂක කබායත් වැනි අත්‍යවශ්‍ය උපාංග සහිතව සිටි ඩිලන් ජීපීඑස් උපකරණයකිනද සන්නද්ධව සිටියේය. මේ ගමන සිතන තරම් කෙටි එකක් නොවේ. දීර්ඝ කාලයක් ගතවන එකකි.


ඔහුගේ මුල්ම නැවතුම වුණේ පැසිපික් සාගරයේ පිහිටි කුඩා කොදෙව්වක ඇති ¥පතක් වූ කොන්තදෝරාවයි. ඉන්ධන සහ ජලය ලබා ගෙන යළි පිටත් වීම අරමුණ විය. ඒ වෙද්දී ඩිලන් සමරවික‍්‍රම සතියක පමණ අත්දැකීම් ඇති නැව් කප්පිත්තෙකි.


තවත් කාරණාවක් ඇත. ඩිලන් පැනමාවෙන් පිටත්වී තිබුණේ නිසි අවසරයක් නැතිවය. පහුර මත ඩිලන්ට අමතරව කොටස් ගැලවූ නිසල බෲස්ද, පුංචි හූණු පැටියෙකු වූ හූණු පැංචෙක්ද විය. හූණු පැංචාට ලැබුණු නම විල්සන්ය. ගමනේදී ඩිලන් විල්සන්, බෲස් සහ මුහුදේ මාළුන් සමග කතාකරන්නටත් හුරුවී තිබුණි. ඔහුගේ ඊළඟ ගමනාන්තය වී තිබුණේ ගරචිනේ ¥පතයි.


ගමනේදී එන්ජිමට විවේකයක් දෙමින් සුළං බලයෙන් රුවල්වලින් ගමන් කළ අවස්ථා වැඩි විය. මිනිසුන් නැති හිස් ¥පතකට ගොඩබැස, එහි තිබුණු පලවැල නෙලාගන්නටත් ඔහුට හැකිවිය. එහෙත් එලෙස ¥පතකට ගොඩවූ මොහොතක ඔහුගේ ජංගම ¥රකථනයත් මුහුදට වැටී තිබුණි. ¥රකථනය නැතිවීමෙන් බොහෝ දෙනෙකු සමග ඔහුට තිබුණු සම්බන්ධතාවත් නැතිවිය.
ගරචිනේ ¥පතට ළංවෙද්දී අලූත් අභියෝගයකට මුහුණදෙන්නට සිදුවිය. ඒ බෲස්ගේ එන්ජිම ක‍්‍රියාත්මක නොවීමයි. ඒ වෙද්දී ප‍්‍රමාණවත් සුළඟක් තිබුණේත් නැත. ළඟම ඇති ජනාවාසයකට අනවසරයෙන් ගොඩබැසීම හැර විකල්පයක් නොවීය. අතරමගදී හමුවූ ධීවරයෝ පිරිසක් ඔහු සැන් මිගෙල් ¥පතට ඇදගෙන ගියෝය. කළු පැහැ වෙරළකින් යුත් අපිරිසිදු ධීවර ගම්මානයක් වූ සැන් මිගෙල් වෙත ගොඩබැස ඔහු පොලිස් නිලධාරීන් හමුවුණේය. තමා පත්ව සිටි තත්ත්වය කීවේය. පොලිසියේ ප‍්‍රධානියා වූ රාවුල් ඔහුට බොහෝ කාරුණික වූයේය.

අන්තර්ජාලය හරහා බෲස්ට අවශ්‍ය අමතර කොටස සොයාගන්නට පමණක් නොව කටයුතු නිමා වෙන තුරු පොලිසියේ නවතින්නටද ඔහුට අවසර ලැබුණි. ඔහුගේ අලූත්වැඩියාවට අවශ්‍ය සෙන්සර් කොටස ඊබේ වෙබ් අඩවියෙන් ඩොලර් 100ක් ගෙවා ගෙන්වීමට සිදුවිය. ඒ කොටස එනතුරු නවතින්නට සිදුවිය. එහෙත් ඒ කොටස ආවේ පැනමාවේ ස්විට්සර්ලන්ත කොන්සල් කාර්යාලයටය.


නැවත පැනමාවට යන දුර තරණය කරන්නට ඔහුට උදව් වී තිබුණේ ඒඩි‍්‍රයන් නම් සුරූපී තරුණියකි. සෙන්සරය එවූ ෆෙස්බුක් මිතුරා ඊට වැයවූ මුදල වෙනුවට ස්විස් චොකලට් පාර්සලයක් ප‍්‍රමාණවත් බව ප‍්‍රකාශ කිරීම නිසා ඩිලන්ට මුදල් වැය වූයේ නැත. මේ ගමන එන්නට ඩිලන් පිටත් වූයේ වසර ගණනක් ස්විස් රටේ හම්බකරගත් සබ්බ සකලමනාවම විකුණා දමාය. වසර තුනක් තිස්සේ ලෝකය පුරා කරක් ගැසීමේදී ඒ මුදලින් සෑහෙන කොටසක් අහවර වී තිබුණි. ඊට අමතරව සැන් මිගෙල්හි කාර්මිකයෙකු කබල් බෝට්ටු එන්ජිමක් ඔහුගේ කරේ ගසා ඩොලර් දෙසීයක් කඩාගෙන තිබුණි. ඒ නිසා චොකලට් පාර්සලය ඔහුට සාර්ථක ගනුදෙනුවක් විය. නැවත සැන් මිගෙල් වෙත පැමිණ අලූතින් ගෙනා කොටස සවිකර සැණින් එන්ජිම පණගැන්වීය.


ජලය සහ ආහාර තොගයක් ලබාගත් ඩිලන් සැන් මිගෙල් දිවයිනෙන් නික්මුණේය. මගදී ඔහු දියවැලකට හසුවී මඟ වැරදී තිබුණි. හුම් බෝල්ට් කරන්ට් නම් ප‍්‍රකට දියවැලට ඔහු හසුවී තිබුණි. නාවිකයන්ට ඩොල්පින්ලා උදව් කරන බව ප‍්‍රකට කතාවකි. ඇත්තෙන්ම මේ දියවැලෙන් ඔහු ගලවාගෙන, ප‍්‍රතිවිරුද්ධ දිශාවට යන දියවැලකට පහුර ගෙනයන්නට ඩොල්පින්ලා පිරිසකගේ පිහිනීම ඩිලන්ට උදව් වී තිබුණි. එයිනුදු පසුව වැසිකුණාටු මැද්දේ ඔහු අසීරුවෙන් මෙක්සිකෝවට ළංවිය. ආර්දිතා නම් ගම්මානයෙන් ඔහු මෙක්සිකෝවට පා තැබීය.


ගමන් අවසන් වූ විගස බෲස්ගේ කොටස් නැවත බෲස්ටම සවි කළේය. බි‍්‍රජට් වෙරළේ අත්හැර බෲස් සමග ගමනට පිටත්විය.

අරුණ ලක්ෂ්මන් ප‍්‍රනාන්දු