හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නුදුරේදීම එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

වාර්තාවන ආකාරයට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මලිත් ජයතිලක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය ලබාදෙමින් ඉල්ලා අස්වීමට නියමිතය. ඒ වෙනුවෙන් මලිත් ජයතිලක මහතාට රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් ලබාදීමටද නියමිත බව වාර්තා වෙයි.

නොවැම්බර් 21 වැනිදා රාත‍්‍රියේ පැවැත්වීමට නියමිත ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා රැුස්වීමේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය පිළිබඳව සාකච්ඡුා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බව අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් පැවසීය. පුවත්පත මුද්‍රණයට යනවිට එම සාකච්ඡුාව අවසන් වී තිබුණේ නැත. දැනට වාර්තාවන ආකාරයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවෙහි අමාත්‍යධුර 2ක් ලබාදීමට නියමිතය.

එම අමාත්‍යධුර ලබාගන්නේ කවුද යන්න පිළිබඳවත්, මෛත‍්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යධුරයක් ලබාගන්නවාද නැතිනම් කථානායක ධුරය ලබාගන්නවාද යන කාරණය පිළිබඳවත්, ඉදිරි මැතිවරණවලදී ශ‍්‍රීලනිපය ඉදිරිපත් විය යුතු ආකාරය පිළිබඳවත් එම මධ්‍යම කාරක සභා රැුස්වීමේදී සාකච්ඡුා කිරීමට නියමිතව තිබුණු බව වාර්තා වෙයි. ඒ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළුව සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදුන් පුද්ගලයන් පිළිබඳව ගන්නා පියවර ගැනද එම මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡුා කිරීමට නියමිතව තිබුණි.