රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී : සමන් රත්නප‍්‍රිය



හෙද වෘත්තිය කාන්තාවන්ට ආවේණික වෘත්තියක් විදියට පොදු මතයක් තියෙනවා. එවැනි වෘත්තියක් තෝරාගත්තේ කොහොමද?


බොරු කියන්න ඕනෑ නැහැ. මම හෙද වෘත්තියට ආවේ කැමැත්තෙන් නෙවෙයි. මගේ ගම ගාල්ලේ බලපිටිය. අසූ ගණන්වල පාසල් කාලයේදී සහ උසස්පෙළ ඉවරවුණ ගමන් දේශපාලන ක‍්‍රියාකාරකම්වල අපි හිටියා. ඒ කාලයෙ භීෂණය තිබුණු නිසා ජීවිතාරක්ෂාව පිළිබඳ බරපතළ ප‍්‍රශ්නයක් ආවා. අපි ?ට ගෙදර නෙවෙයි හිටියේ. නිතරම ගෙවල් වටලලා ආමි කෑම්ප්වලට තරුණයන්ව අරගෙන ගියා. ඒ නිසා මාත් යාළුවන් පිරිසකුත් රාත‍්‍රියේ හිටියේ මාදු ගෙඟ්. ඊටත් පස්සේ මම රාජගිරියේ ඥාති ගෙදරක නවතින්න ආවා. එහේ ඉන්නකොට තමයි ගෙදරින් මොකක්හරි රැුකියාවකට යන්න කියලා බලපෑම් කළේ. අයදුම්පත් දාපු වෘත්තීන් අතරින් මුලින්ම ආවේ හෙද වෘත්තිය. මම ඒකට ගියා. මට හෙද වෘත්තියෙන් පත්වීම ලැබුණේ 1993 ජනවාරි 20 වැනිදා. පත්වීම ලැබුණේ කරාපිටිය ශික්ෂණ රෝහලට. ඊට කලින් මගේ ඩිප්ලෝමා පුහුණුව 1989දී පටන්ගත්තා. ඒක පටන්ගත්තේ ගාල්ල හෙද විදුහලෙන්. ඒ කාලයේ ජවිපෙ ක‍්‍රියාකාරීත්වය නිසා තීරණාත්මක දේශපාලන පසුබිමක් තිබුණා. අපි හෙද විද්‍යාලයේදී අන්තර් හෙද විදුහල් බලමණ්ඩලයක් පිහිටෙව්වා. ඒ ආණ්ඩුවේ තිබුණු මර්දනයට විරුද්ධව.

ඒකට ආභාසය ගත්තේ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයෙන්. එතෙක් කාලයක් හෙද විදුහල්වල එහෙම එකක් තිබුණේ නැහැ. අපි එළියේ තිබුණු දේශපාලනය හෙද විද්‍යාලය ඇතුළට ගේන්න උත්සාහ කළා. ඒ ක‍්‍රියාකාරීත්වය නිසා අපි හතරදෙනෙක්ව වෙනත් හෙද විදුහල්වලට මාරු කරනවා. මාව මාරු කළේ අනුරාධපුරයට. එතැන හිටපු මාව නැවතත් කුරුණෑගලට දැම්මා. අවසාන වසර ගෙවුණේ කුරුණෑගල විදුහලේදී. ඒ විදියට හෙද විදුහල් දෙකකදී දඬුවම් ලබපු මම වෘත්තියට ආවේ කරාපිටිය රෝහලට. මම හෙද වෘත්තියට ආවාම මිනිස්සුන්ව මුණගැහෙන්න ලැබුණා. අහිංසක රෝගී මිනිසුන්ට උදව් කරන්න අවස්ථාව ලැබුණා. ඒකට හැඩගැහුණා. අපට කොහොමත් මිනිස්සු ගැන සද්භාවයක් තිබුණා. මිනිස්සුන්ගේ අමාරුකම් ගැන කම්පා වුණ නිසා තමයි එදා ඉඳන් අද වෙනතුරු වෘත්තීය සමිති ව්‍යාපාරයේ පවා හිටියේ.


වෘත්තීය සමිති ක්ෂේත‍්‍රයේ අය අද ඔබේ අතීතය මතක් කරද්දී, අලූත් වෘත්තීය සමිතියක් හදාගෙන කරක් ගහපු කෙට්ටු තරුණයෙක් විදියටත් ඔබ ගැන සිහිකරනවා. ඒ අලූත් වෘත්තීය සමිතිය, ලංකාවේ ප‍්‍රකටම වෘත්තීය සමිතියක් බවට පත්කරන්න වෙහෙස වූ හැටි කියනවා..


හෙද විදුහලේදීත් අපි හිටියේ වෘත්තීය සමිති හැඟීමක් එක්ක. ඒ වෙද්දී තිබුණේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතු රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විතරයි. ඒකට තමයි එකතු වෙන්න සිද්ධවුණේ. ඇත්තටම මම මුලින් කීව දඬුවම් මාරු ලබන්නට හේතු වුණේත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හා ඒ කාලේ හිටපු රේණුකා හේරත් සෞඛ්‍ය ඇමතිනියගේ මැදිහත්වීමෙන්. ඒත් අපි රැුකියාවට ආවාට පස්සේ වැඩ කරන්න වෘත්තීය සමිතියක් විදියට තිබුණේත් මේ සංගමය විතරයි. හාමුදුරුවන්ගේ සංගමයේ අපි පොඩි කාලයක් වැඩකළා. ඒ කාලයේ හෙද නිලධාරීන්ට දීමනාවක් ඉල්ලලා ඒ සංගමයෙන් වෘත්තීය සටනක් පටන්ගත්තා. සාමාජිකයන්ගේ බලපෑම මත සටන පටන්ගත්තාට, හාමුදුරුවන්ට සටන ඉදිරියට ගෙනයෑමේ උනන්දුවක් තිබුණේ නැහැ. වැඩ වර්ජනය කරන්නේ නැතිව අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් පටන්ගත්තා. ඒ සටනේදී මම ක‍්‍රියාකාරීව දායක වුණා. මාස හතරක් සටන් කළත් ඉල්ලීම පරාද වුණා. ඒ ගැන අපට කළකිරීමක් තිබුණා. ඒ වෙද්දී වෘත්තීය සමිතිය තුළ මාව ඉදිරියට මතුවෙලා ඇවිත්. වෘත්තීය සමිතියේ දකුණු පළාතේ කැඳවුම්කරු විදියට මාව පත්කළා. එතකොට මම වෘත්තියට ඇවිල්ලාත් අවුරුදු දෙකයි. දකුණු පළාතේ බොරලැස්ස කියලා නායකයෙක් හිටියා.

ඔහුට කෙටි කාලයක් තුළ මාව මතුවීම ගැන ප‍්‍රශ්නයක් ආවා. මේ සිදුවීම් ඉදිරියට යද්දී අපි පස්දෙනෙකුගේ සාමාජිකත්වය අහෝසි කළා. ඒ පසුබිමේ තමයි අපට අලූත් වෘත්තීය සමිතියක් හදන්නැයි යෝජනාවක් ආවේ. සාකච්ඡුා ගණනාවක් ගියා. හාමුදුරුවන්ගේ සංගමය 1968 පටන්ගත්ත අතිශය බලවත් තනි සංගමයක්. ඒකට අභියෝග කිරීම අසීරුයි. කලින් සංවිධාන හදපු අයව පවා විනාශ කරලා තිබුණා. ඒ නිසා අපි යෝජනා කරමින් හිටියේ පිටින් වෘත්තීය සමිති නායකයෙක්ව ගේන්නයි. ඒත් අන්තිමේදී මම කිව්වා මම වගකීම් බාරගන්නම් කියලා. ගාල්ලේදී තිබුණු පළවැනි රැුස්වීමට 98 දෙනෙක් විතරයි ආවේ. එදා මාව සභාපති විදියට පත්කළා. ඒ 1996 දී. එතැන් පටන් අපේ වෘත්තීය සමිතිය වැඩ කරමින් ශක්තිමත් තැනකට පත්වුණා. හෙද ප‍්‍රශ්නවලට වගේම රටේ ප‍්‍රශ්න ගණනාවකට අපි මැදිහත් වුණා.


ඔබේ බිරිඳ මුණගැහුණේ කොහොමද?

ඒක ටිකක් දිග කතාවක්. පාසල් යන කාලයේ ඉඳලා තමයි සම්බන්ධය තිබුණේ. මම ඉගෙනගත්තේ බලපිටියේ රේවත මධ්‍ය මහා විද්‍යාලයේ. ඒකෙදී තමයි යාළු වුණේ. අවුරුදු 12ක් විතර යාළුවෙලා හිටියා. මම රැුකියාවට ඇවිල්ලා අවුරුද්දක් ගිය තැන, 1994දී විවාහ වුණා. ඒ නිසා තමයි දැන් මට වඩා ලොකු ළමයි මට ඉන්නේ.


හෙද රැුකියාවේ හිටපු ඔබට ටික කාලයක් ඇතුළත, හෙද වෘත්තියෙන් ඈත් වෙන්න සිදුවුණා නේද?


රාජ්‍ය සේවා ස්වාධීන වෘත්තීය සමිති මහා සම්මේලනය කියලා එකක් තිබුණා. පරිපාලන සේවා සංගමය, ගණකාධිකාරී සංගමය වගේ සංවිධාන පවා එහි තිබුණා. ඒ සංවිධානයේ උපසභාපති තනතුර මට 1998දී ලැබුණා. ඉන්පසුව මාව පූර්ණකාලීනව වෘත්තීය සමිති ක‍්‍රියාකාරීත්වය සඳහා හෙද රාජකාරියෙන් නිදහස් කෙරුණා. එලෙස නිදහස් වීම ලොකු කඩඉමක්. මම ලංකාව පුරා ඇවිද්දා. හැම තැනම ශාඛා සමිති හදන්න පටන්ගත්තා. ගොඩක් තැන්වල මර්දනයක් ආවා. පහරදෙන්න පවා ආවා. රත්නපුරේ, මහනුවර වගේ තැන්වල මට එහෙම සිදුවීම් මතකයි. ඒත් කොහොම හරි මම මේක ඉදිරියට ආවා.


උදේ රැුකියාවට ගිහින් හවස ගෙදර එන කෙනෙක් නොවී, අපිළිවෙළ කාලසටහනකට වැඩකරන වෘත්තීය සමිති නායකයෙක් වීම පවුල එක්ක සම්බන්ධයට බලපෑවේ කොහොමද?


අසූ ගණන්වලදීත් අපි දේශපාලනය කළානේ. ඒ කාලේ ඉඳන්ම අපේ ජීවිතය ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. හැමෝම ඒක දන්නවා. ඒ කාලයේත් මාව රැුඳවුම් කඳවුරකට අරගෙන ගියා. ඒ වෙලාවේ අපේ අක්කා සහ බිරිඳ තමයි මාව බලන්න ආවේ. මාව කඳවුරට අරගෙන ගිය කාලයේ අපි බැඳලා හිටියේ නැහැ. මගේ දේශපාලනය ගැන හැඟීමක් ඒ කාලයේ ඉඳලාම ඇයට තිබුණා. මම කලින්ම කීවා විවාහ වුණොත් මේක තමයි තත්වය කියලා. ඒ ගැන ඇයට අවබෝධයක් තිබුණු බව මම හිතනවා. ඒ නිසාම මට සෑහෙන නිදහසක් ලැබුණා. මම රටේ, ලෝකයේ වැඩකළා. අපි මුල්ම කාලයෙ හිටියෙ ගාල්ලෙ බලපිටියෙ. දවස් ගණන් ගෙදර එන්නේ නැතිව වැඩකළා.


හෙද වෘත්තිකයන් වීම නිසා වෘත්තීය සටන්වලින් එහා ගිය වගකීම් පැවරුණාද?


අපි හැම ස්වාභාවික ආපදාවකදීම, වෘත්තීය සමිතියක් ලෙස විශේෂ මැදිහත්වීම් කළා. සුනාමියේදී, රෝහල්වල මිනී ගොඩවල් තිබුණේ. අපි ස්වෙච්ඡුාවෙන් ඒ අවස්ථාවේ වැඩකළා. යුද්ධයේදීත් අපි ස්වෙච්ඡුා සෞඛ්‍ය සේවකයන් විදියට උතුරට ගිහින් වැඩකළා. වතාවක් සෙට්ටිකුලම්වලට ගිහින් මම මාස එකහමාරක් විතර හිටියා. පොඩි පෙට්ටිවල තමයි නැවතිලා හිටියේ. මිනිස්සුන්ගේ සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් අපි කැපවුණා. ඒ වෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් එවැනි සෞඛ්‍ය සහන සේවාවලට ඉඩ සැලසුවා. මම ප‍්‍රභාකරන් ඉන්නකොට මුලතිව්වලට පවා ගියා. අරුන් කියලා කෙනෙක් තමයි එල්ටීටීඊ එකේ සෞඛ්‍යය භාරව හිටියේ. අපි කඳවුරුවල වැඩ ඉවරවෙලා, ?ට සිංදු කියමින් නටමින් විනෝද වුණා. එහෙම වෙලාවක එක තරුණියක් කීවා ඇය දැකපු පළවැනි සිංහලයා මම බව. සිංහලයෝ මේ තරම් හොඳද කියලා ඇය ඇහුවා. මොකද එල්ටීටීඊ ප‍්‍රචාරක ව්‍යාපාරවලින් සිංහලයන් හැමෝම යක්ෂයන් විදියටයි පෙන්වලා තිබුණේ. අන්තිමේ අපි ඔවුන් එක්ක සමීප වෙද්දී, එල්ටීටීඊය රාත‍්‍රියේ අපට නවතින්න දෙන්නේ නැතිව මුලතිව්වල ඉඳලා කිලිනොච්චියට යැව්වා.


රාජපක්ෂ ආණ්ඩු සමය ලංකාවේ සිවිල් සමාජයට අසීරුම කාලයක් වුණා නේද?


ඒ කාලයේ සිදුවීම් ගොඩක් තියෙනවා.2005 ජනාධිපතිවරණයට මම ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට උදව් කළා. ඒත් ඉන් පසුව වෘත්තිය සටන්වලදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සහ අපි අතර විරසකයක් හැදුණා. ඔය අතරේ යුද්ධය බරපතළ විදියට ආරම්භ වුණා. ඒකේ ප‍්‍රතිඵලයක් විදියට සාමාන්‍ය මිනිසුන්ට මර්දනයක් දියත් වුණා. මාධ්‍යවේදීන් ඝාතනය කෙරුණා. ඒවාට අපි විරුද්ධ වුණා. පසුකාලීනව ¥ෂණය වර්ධනය වෙද්දී එයට එරෙහිව ¥ෂණ විරෝධී ව්‍යාපාරයේත් මම ක‍්‍රියාකාරී වුණා. වතාවක් පුදුකුඩුඉරුප්පුවල හෙදියක ෂෙල් ප‍්‍රහාරයකින් මියගියා. ඒ වෙලාවේ බීබීසියේ සම්මුඛ සාකච්ඡුාවකදී ඇහුවා ඒ ගැන. ෂෙල් පාවිච්චි කරන්නේ කවුද කියලා ඇහුවාම මම කීවා හමුදාව සහ එල්ටීටීඊය ෂෙල් පාවිච්චි කරන බව. ඒ ප‍්‍රකාශය නිසා මට දේශද්‍රෝහී ලේබලය වැදුණා. ඔය අතරේ මගේ, ජෝසෆ් ස්ටාලින්ගේ සහ ඇන්ටන් මාකස්ගේ ඡුායාරූප දාලා සිංහල කොටි කියලා පෝස්ටර් ගැහුවා.


ඔබව ඉඳහිට ආශ‍්‍රය කරන කෙනෙක් හිතාවි ඔබ ටිකක් ආඩම්බර, වැඩිපුර කතා නොකරන, හිනාවෙන්නේ නැති කෙනෙක් කියලා..


සමහරවිට කියනවා ඇති. මට එච්චර දැනෙන්නේ නැහැ. ඒත් මට ෆොටෝස්වලට හිනාවෙන්න කියලා නම් කියනවා. මගේ ෆොටෝ ෆෙස්බුක් වැටුණාම පියන්කාරගේ බන්දුල ජයවීර වගේ කෙනෙක් ඇවිත්, ටිකක් හිනාවෙලා ඉඳපන් කියලා කමෙන්ට් එකක් දෙනවා. මම හිනාවෙනවා.


යහපාලන ආණ්ඩුව පත්වෙන්න කලින් සහ ඒ ආණ්ඩුවෙන් පසුව ඔබේ සමාජ සම්බන්ධතාවල සහ ප‍්‍රතිරූපයේ සිදුවුණ වෙනස ගැන දැනෙන්නේ මොකක්ද?


එහි සැලකිය යුතු වෙනසක් සිද්ධවුණා. ඒක අමතක කරන්න බෑ. අපි අනූතුනේ ඉඳන් වැඩකරනකොට සමාජයෙන් සෑහෙන සැලකිල්ලක් ආවා. අපි ‘අරගලකරුවෝ, නිර්භීතයි, වීරයෝ’ වගේ සැලකිල්ලක් ආවා. ඒ වෙද්දී විශාල සමාජ කණ්ඩායමක් අපි වෙනුවෙන් පෙනීසිටියා. ඒත් රට පැත්තෙන් අපට ලබන්න පුළුවන් ජයග‍්‍රහණ සීමා සහිත වුණා. ජයගත්ත අරගල කිහිපයක් මතකයේ තියෙනවා. ඒත් රටේ තියෙන ව්‍යුහයන් වෙනස් කරගන්න අපට බැරිවුණා. අපි එක වෙලාවක ජීඑස්පී ප්ලස් ගන්න උත්සාහ කරද්දී, ලංකාවේ කම්කරු අයිතීන් ගැන කතාකළා. එහි ප‍්‍රතිඵලයක් විදියට ජීඑස්පී ප්ලස් අහිමිවුණා. ඒත් එයින් කම්කරු අයිතීන් රැුකුණේ නැහැ. අන්තිමේ ලංකාවේ අහිංසක මිනිස්සු මහන ගවුම, කලිසම විකුණාගන්න තිබුණු සහනයත් නැතිවුණා. අපි 2015 ආණ්ඩුව හදන්න මැදිහත්වුණා. ඉන්පස්සේ මිනිස්සු ඉල්ලපු පොරොන්දු ඉටු කරගැනීම පිණිස ආණ්ඩුවත් එක්ක වැඩකළා. ඒකෙදී අපට තිබුණු වීරත්වය මැකී ගියා. ආණ්ඩුව කරපු පාවාදීම්, හොරු අල්ලන්නේ නැතිව හොරකම් කිරීම් වගේ දේවල් නිසා ඉලක්ක සම්පූර්ණ වුණේත් නැහැ. ඒක අපේ ප‍්‍රතිරූපයටත් බලපානවා. ඒත් අපට ප‍්‍රතිරූපය රැුකගන්න කියලා ආණ්ඩුවෙන් සම්පූර්ණයෙන් ඉවත්වෙලා මහින්ද රාජපක්ෂ රෙජීමය එක්ක වැඩ කරන්නත් බෑ. අපට අසීරු තෝරාගැනීමක් කරන්න තිබුණා. අපි ආණ්ඩුව විවේචනය කරමින්, ආණ්ඩුව ආරක්ෂා කරමින් ජනතාවට යහපතක් කරවාගන්න උත්සාහ කළා. අපේ විවේචන මත තමයි රවී කරුණානායක, විජේදාස රාජපක්ෂ, තිලක් මාරපන වගේ ඇමතිවරුන් පවා ඉවත් කළේ.

අපි කරපු විවේචන ඉතිහාසය විදියට වාර්තා වෙලාත් තියෙනවා. ඒත් සමාජය තුළ ඒවා මාකට් වෙන්නේ නැහැ. කොහොම වුණත් අපිත්, ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ගිහින් වැඩකරනවා. අපි ඉන්න කණ්ඩායම්වලින් අදටත් අපව ප‍්‍රතික්ෂේප වෙලා නැහැ. මගේ වෘත්තීය ක්ෂේත‍්‍රයේ පවා මාව ප‍්‍රතික්ෂේප වෙලා නැහැ. මොකද මා තුළ ආණ්ඩුව එක්ක හිතවත්කමක් තිබුණාට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය 2017 අයවැයට විරුද්ධව වැඩවර්ජනවලට පවා සහභාගි වුණා.
ඔබට තිබෙන සංවිධාන හැකියාව බොහෝ අය අගයනවා.


මමත් විශ්වාස කරනවා සංවිධානය කිරීමේ හැකියාවක් මට තියෙන බව. ඇත්තටම දින 52දී ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වැටුණා. කුමන්ත‍්‍රණයට හැමෝම බයවුණා. මම කොළඹින් පිට හිටියේ. මම එද්දී විසාලා මහනුවර වගෙයි අරලියගහ මන්දිරය තිබුණේ. කුමන්ත‍්‍රණයට ඉඩදීලා යමු කියලා යාළුවන් පවා කීවා. ඒත් එතැන හිටපු පිරිසක් ඒකට විරුද්ධව වැඬේ පටන්ගත්තා. මමත් එතැන ක‍්‍රියාකාරී වුණා. විහාර මහාෙ ද්වි උයන ඉදිරිපිට අපි නොකඩවා පැවැත්වෙන සත්‍යග‍්‍රහයක් පටන්ගත්තා. රනිල් වික‍්‍රමසිංහ මහතා ඇහුවා සත්‍යග‍්‍රහ පටන් අරගෙන කරන්නේ කවුද කියලා. ඒත් අපි පටන්ගත්තා. අන්තිමේ දහස් ගානක් මිනිස්සු සත්‍යග‍්‍රහයට එකතු වුණා.


ඔබ පොත් කියවන, චිත‍්‍රපටි බලන ජාතියේ කෙනෙක්ද?


මම ඉස්කෝලේ යන කාලයෙදී හොඳටම චිත‍්‍රපටි සහ පොත් බැලූවා. අසූ ගණන්වලදී අපි පොත් ගෝනි ගණන් වළ දැම්ම හැටි මතකයි. අපේ අයියාත් දේශපාලනය කරමින් හිටියා. අවුරුද්දකින් විතර ගොඩගනිද්දී පොත් විනාශ වෙලා. අපි රුසියන්, චීන, වියට්නාම් වගේ සාහිත්‍යයන් තමයි කියෙව්වේ. ඒත් පස්සේ කාලවල සාහිත්‍යයට වෙලාවක් නැතිවුණා. ඒ වෙනකොට මොකක්හරි විෂයකට අදාල දේවල් තමයි කියෙව්වේ. දැන් ප‍්‍රදර්ශනයකට හෙම ගියාම සෑහෙන පොත් ගන්නවා. ඒත් කියවන්න වෙලාවක් නැහැ. චිත‍්‍රපටි බැලිල්ලත් ඒ වගෙයි. දැන් මහන්සි වෙලා ආවාම චැනල් එකක් දෙකක් කරකවනකොට තියෙන එකක් බලනවා. ඒවා මඟහැරිලා.


දේශපාලන ක‍්‍රියාකාරිත්වය හැරුණාම වැඩි කාලයක් ගතවෙන්නේ මොනවාටද?


මගේ දිවිය හරිම වෙහෙසකරයි. ඒ නිසා විනෝදාංශයකට වෙලාවක් නැහැ. මම ඉස්සර විනෝදාංශයක් විදියට පීනුවා. පාපන්දු සහ ක‍්‍රිකට් සෙල්ලම් කළා. ඉස්කෝලෙදී මලල ක‍්‍රීඩා කළා. පසුකාලීනව වරින් වර ක‍්‍රිකට් සෙල්ලම් කළා. අදටත් මම පීනන්න හරිම කැමතියි. ගඟක්, මුහුදක් දැක්කත් පීනනවා. කවුරු හරි ක‍්‍රිකට් ගහනවා දැක්කොත් මටත් සෙල්ලම් කරන්න ආසා හිතෙනවා. ඒත් දැන් මට ක‍්‍රීඩා කරන්න ඉඩක් නැති හින්දා, අනෙක් අය ලවා ක‍්‍රීඩා කරවනවා. අපේ වෘත්තීය සමිතියෙන් අවුරුද්දකට වතාවක් දින දෙකක ක‍්‍රීඩා උළෙලක් කරනවා. 3000ක් විතර පිරිසක් එනවා. අවුරුදු දහයකට කලින් ක‍්‍රිකට්වලින් පටන්ගත්තේ. දැන් ක‍්‍රීඩා ගණනාවක් තියෙනවා. අපේ වෘත්තීය සමිතියේ බටහිර සංගීත කණ්ඩායමකුත් හැදුවා. සංගීතය කියන්නේ හොඳ තෙරපි එකක්. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සංගීතයෙහි අවශ්‍යතාව ගැන අපි කල්පනා කළා. එවැනි ක‍්‍රියාකාරකම් අපි කරනවා. ඒත් ඇත්තටම මගේ පසුගිය වසර විස්සකට වැඩි කාලයෙන් සීයට හැත්තෑපහක් විතර ගත කරන්න ඇත්තේ දේශපාලනයට. ඉතිරි කොටසෙනුත් වැඩි වෙලාවක් බිරිඳ සහ දරුවන් වෙනුවෙන් වෙන්වුණා.