කොරෝනා වසංගතය ලෝකයම බිත්තියට හේත්තු කර හමාරය. ලංකාවේ අප තවමත් තත්වය තේරුම් ගත් බවක් පෙනෙන්නේ නැත. පරිණාමවාදය අනුව මිනිස්සු ස්වභාවයෙන්ම ස්වකීය ප‍්‍රාග්-පරිණාමික අවස්ථා ප‍්‍රදර්ශනය කරති. කොරෝනා වසංගතයට අද ලෝකය විවිධාකාරයෙන් මුහුණ දෙයි. අටුලූගම ගම්මානයට මැද පෙරදිගින් පැමිණි විදේශික ශ‍්‍රමිකයාගේ හැසිරීමෙන් එහි ජනජීවිතය බිඳවැටිණ. පරණ වෛද්‍ය වට්ටෝරු පෙන්වා ඇඳිරි නීති අවස්ථාවේ රස්තියාදු ගැසීමෙන් පුද්ගලික ෆාමසි වැසිණ. සිරිපාදේ වන්දනාවේ යාම, අඛණ්ඩ පිරිත් පිංකම්, සිකුරාදා යාඥා නිසා රෝග වෛරසය සංසරණය විය. සත්‍ය ලෙසම ජනතාව ස්වයංතීරණ ගත යුතුව තිබිණ.

ඒ කිසිවක් සිදුනොවීය. සුවිශේෂ ජනරාශි තහනම්ව පැවතියදී කොළඹ ප‍්‍රකට දේවස්ථානයක් මාර්තු 13 සහ 20 යන සිකුරාදා ආවේණික යාඥා පැවත්වූ බව ප‍්‍රකට මාධ්‍යක් දේවස්ථානයේ රූපරාමු සමග නැවත නැවත පෙන්වීය. එකී හෙළිදරව්ව කොරෝනා මර්දනයට වඩා පහත් තුච්ඡු හැසිරීමකි. අපට ප‍්‍රශ්න උවමනාවටත් වැඩිය. අටුලූගම පුද්ගලයාගේ හැසිරීමට වඩා හානියක් අර මාධ්‍ය භාවිතයේ තකතීරුකම නිසා ඉස්මතු විය. පාස්කු ප‍්‍රහාරයේදී මෙන් යාඥා මධ්‍යස්ථානවලට පහරදීමට පටන් ගත්තා නම් කුමක් විය හැකිව තිබිණිද? එවැන්නක් සිදු නොවීම රටේ වාසනාවකි. පසුගිය කාලයේ එළිබැස්ස බොහෝ බෞද්ධ භික්ෂූන් නිහඬය. හේතුව ඔවුන් පෙනීසිටියේ පටු උවමනා සඳහා මිස, සාධාරණත්වය වෙනුවෙන් නොවන නිසාය. 2017දී, කාළකණ්ණිි පාලකයෙකු පත් වූ විට රට කාලකණ්ණිි වේ යැයි කී භික්ෂුව ඊට නිදසුනකි. මේ මොහොතේ වැදගත් පාලකයාගේ සීදේවිකම හෝ කාළකණ්ණි නොවේ. එක්ව රට රැුකගත යුතු ජීවිත බේරාගත යුතු වගකීමකි. මේ විග‍්‍රහය කරන්නේ රටේ එකම ගැලවිල්ල වර්තමාන ජනාධිපති ශක්තිමත් කිරිම පමණක්ය යන ගැඹුුරු නිරීක්ෂණයට අනුගතවය.


අසල්වැසි ඉන්දියාවේ ආරක්ෂක අංශ අයුතු ජනරාශිය සහ ප‍්‍රසිද්ධියේ ගැවසීම් ගැන දක්වන ප‍්‍රතිකි‍්‍රයා මාධ්‍ය හරහා දැකිය හැකිය. යාඥා කර දේවස්ථානයකින් පිටට එන භක්තිවන්තයන්ට ආරක්ෂක අංශ එළව එළවා මුගුරුවලින් පහරදෙන හැටි මුහුණු පොතේ සංසරණය වේ. සමහර විට රටක් පාලනය කරනවා කියන්නේ එහෙමය. අවශ්‍ය තත්වය රටක පවත්වා ගෙන යාම පාලකයා සතු වගකීමකි. ඉන්දියාව පොලූමුගුරු ගත් ආරක්ෂකයන් වීදි බස්වා තත්වය පාලනය කරයි. එය ප‍්‍රාථමික තත්වයකි. ලංකාව 21 වෙනි සියවසට අනුව නිවේදන නිකුත් කරමින් බලා සිටිති. රටේ මිනිස්සු තකතිරුවන් සේ හැසිරෙති. යටත් පිරිසෙයින් සියල්ලට වඩා මිනිස් ජීවිත වටිනේය යන තේමාව වෙත හෝ ලංකාව පත්වී නැත. එහෙත් කොරෝනා මර්දනයේදී පවා සදාචාරවත් ලංකාව මිනිස් ඝාතකයෙකුට මේ ආපදා තත්වය අතර සමාව දී නැති ලෙඩක් කරේ ඔතාගෙන ඇත. ලංකාව සිටින්නේ කොතැනද? සදාචාරයෙන් ඉන්දියාවටත් වඩා පහළිනි. රෝග වාහකයන්ට හොඳින් සලකයි. ඝාතකයන් නිහස් කරයි. ජනපි‍්‍රය දේශපාලනය ඡන්දය අවසානයේ ඉබි යතුරු දැමිය යුතු වේ.
පාලනය කියන්නේ ජනපි‍්‍රය හෝ පහසු කි‍්‍රීඩාවක් නොවේ. එහි යෙදෙන්නා වහා දැවී යා හැකිය. දෙවන ලකුණෙන් නැවත ඉස්මතු විය හැකිය. අප මුහුණ දී සිටින්නේ දෙවන තෙවන සාර්ථකත්වයන් ඒකරාශීව අත්පත් කර ගන්නා නිමේෂයකය. අවස්ථාවෝචිතව කි‍්‍රයා නොකරයි නම් ජනතාවද, එයින් සිදුවන විනාශයටද පාලකයා ඍජුව වගකිව යුතුවේ.


ලංකාවේ 21-60 වයස් කාණ්ඩවල හමුවූ රෝගීන්ගේ ප‍්‍රතිශතය 82.7%කි. 21-60 වයස් කාණ්ඩය, උපයන, දරු පවුල් රකින, යමක් තේරුම් ගත හැකි පුරවැසියන්ගෙන් සමන්විත වේ. අසංවර වගකීම් රහිත ලාංකිකයන්ට නීරස ඉන්දියානු ප‍්‍රතිකර්මය හෝ පාලනය කරගත යුතුවේ. 1971,1988-89 කාලයේ තත්වය පාලනය කිරීමට පාලකයන් හැසිරුණේ කෙසේද? රටම මළගෙයක්ව පවත්නා නිමේෂයක මරණීය දඬුවමට නියමව සිටි සාර්ජන් රත්නායකට සමාව දීම බරපතළ මෙන්ම අභීත තීන්දුවකි. එසේ කළ පාලකයාට රටේ යහපත වෙනුවෙන් කළ නොහැකි දෙයක් තිබිය නොහැකිය. හොර වෛද්‍ය වට්ටෝරු පෙන්වා පාරේ රස්තියාදු වන තක්කඩින් හමුවේ වර්තමාන පාලකයා පරාජය විය. ඊට ඔහු දුන් විසඳුම කුමක්ද? රට පුරා පැවති සකි‍්‍රය පුද්ගලික ෆාමසි වසා දැමීමය. රන්ගිරි දඹුල්ලේ විහාර දොර වැසුවේත්, සිරිපාදේ වන්දනාව නතර නොකළේත් භික්ෂුන් මේ කෙටි නිරීක්ෂණ අනුව රටේ පාලනයක් පවතීද? ප‍්‍රශ්න කළ යුතුවේ.


මේ බියකරු සංසිද්ධියේදී පාලකයාට කිසිදු මතයක් හයියක් ඇති බව නොපෙනේ. එය බරපතළ ය. රෝයල් තෝමියන් මැච් එක හමුවේ වර්තමාන පාලකයා පරාජය විය. එය කෙතරම් බරපතළ වීද යත් පසුව හෙතෙම ආනන්ද නාලන්ද මැච් එක නැරඹීමට ද ගියේය. සිද්ධ වුණේ කුමක්ද? මුල් අවස්ථාවේ සිදුවූ පසුබෑම තුළ දෙවන සිද්ධියට ගොදුරු වීමය. මේ කතා උදාහරණ මිස සිදුවූ දේ නැවත උඩ දමනවා නොවේ. ඒ සියල්ල අත්දැකීම් ලෙස අප ඉදිරි කාලය සඳහා ශක්තිමත් විය යුතුවේ.


රජයට බෙහෙවින් පක්ෂපාත භික්ෂුන් වහන්සේ නමක් මේ තත්වය දුටුවේ කෙසේද? ‘මේ ආණ්ඩුව නිසා මෙහෙම හරි ගියා. පසුගිය කට්ටිය හිටියා නම් ඉවරයි. මොකද ඒ අයට යුද හමුදාවවත් උදව් කළේ නෑනේ.’ රටක පාලනයක් මේ ආකාරයෙන් ලිහිල්ව සරලව තම වාසියට කල්පනා කිරීමෙන් සිදුවන හානි බොහෝ ය. මුල්ම හානිය තමන් පි‍්‍රය කරන පාලකයාටය. දෙවනුව රටට ය. සත්‍ය ලෙසම පොදු වගකීම් සම්බන්ධව නිරන්තරව විවේචන අවශ්‍ය වේ. සුභවාදීව පමණක් දැකීම තුළ සිදුවන විනාසයෙන් තමන් පමණක් නොව සියල්ල විනාස වේ.


විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළේ 69 ලක්ෂයක් ජනතාව විසිනි. ප‍්‍රතිපාක්ෂික නිරීක්ෂකයෙකුට අනුව, ඒ ජනරැුල්ල භූමියේ කි‍්‍රයාත්මක කළ නොහැකි ජනපි‍්‍රය මතවාද සහ කි‍්‍රයාකාරකම් රටේ නීතිය වෙනු දැකීමට පෙළගැසිණ. ඉහත කී ලෙස අවදානම් මොහොතක ආගමික ස්ථානයකට විධානයක් දීමට නොහැකි වුණේ අර ජයග‍්‍රහණයේ ඍණාත්මක පදනම හෙවත් බොල් තුඹසක් මත ගොඩ නැගුණ නිසාය. මෙය බරපතළ තත්වයකි.


පටු සහ අතාර්කික හේතු මත, වර්තමාන පාලකයා ‘නෑ-බෑ’ අතර සිරවී සිටියි. ඒ තත්වය වහා වෙනස් කරගත යුතුවේ. යහළුවන් පාක්ෂිකයන් සමග රටක් පාලනය කළ නොහැකි වේ. ආර්. පේ‍්‍රමදාස අගමැතිව පළමුව කිසිදු බැඳියාවක් නැති දක්ෂ යයි කල්පනා කළ පිරිසක් ගැන විශ්වාසය තැබීය. ආර්. පේ‍්‍රමදාස සිය පාලන කි‍්‍රයාවලිය සඳහා කේ.එච්.ජේ. විජේදාසලා, සුසිල් සිරිවර්දනලා කැඳවීය. පේ‍්‍රමදාස, ඔවුන්ට තම ව්‍යාපෘති භාර දුන්නේය. ඒ එක් කොන්දේසියක් මතය. ‘පටන් ගනින්, වැරදුණ තැන දොට්ට’ යන අනම්‍ය කොන්දේසිය සමගය. සමහර අසාර්ථකවීම්වලට වගකිව යුතු නිලධාරීන් පළමු විනාඩියේම පළවා හැරිණ. රටක් පාලනය කිරීම යනු හිතමිතුරු සාදයක් නොවේ. යුද්ධය නිම කළ මහින්ද රාජපක්ෂ වැනි ජනතාව ආදරය කරන ළඟින් සිටි හිතවතුන් නීතිය නොතකා රැුකබලාගත් පාලකයෙකු ප‍්‍රතික්ෂේප වුණේ පාලනය ගජමිතුරු සාදයක් කරගත් හෙයිනි. බැසිල් රාජපක්ෂ යනු ආසන්න වසර විසි පහක් තුළ අපට හමුවූ ඉතාම ශක්තිමත් කාර්යක්ෂම දේශපාලනඥයා වේ. එහෙත් ඔහුට කොරෝනා වගකීමක් භාරදුන් විට ඊට ලැබුණ ප‍්‍රතිකි‍්‍රයා අයහපත් විය. ඒත් මහින්ද රාජපක්ෂ වර්ගයේ කි‍්‍රයාකාරකම් නිසාය.


විවිධ අතීත සිදුවීම් අවලාද පැවතියද ගෝඨාභය දෙස බලා සිටීමට ජනතාවට සිදුව ඇත. ඒ ඇයි? ඔහු රටේ එකම පාලකයා නිසාය. එකම පාලකයා කියන්නේ පාර්ලිමේන්තුවද විසුරුවා හැර ඇති බැවිනි. ඔහු මේ අවදානමෙන් රට ගොඩ ගත යුතුවේ. අනෙක් අයට කළ හැක්කේ උපකාර කිරීම පමණකි. ඒ විධාන කි‍්‍රයාත්මක කිරීම පමණකි. අද ඒ තත්වය දක්නට නැත. ස්වකීය දේශපාලනය තුළ පිරිහුණ රනිල් වික‍්‍රමසිංහ කළ ප‍්‍රකාශයන් රටේ අවධානයට ලක් වෙමින් පවතී. සජිත් පේ‍්‍රමදාස කළ කළ ප‍්‍රකාශ කිහිපයම හාස්‍යජනක විය. එහෙත් රනිල් වික‍්‍රමසිංහගේ මැදිහත්වීම බෙහෙවින් ධනාත්මක වුණේ ඇයි? රනිල් වික‍්‍රමසිංහ බහුශ‍්‍රැතයෙකු නිසා පමණක් නොවේ. ඔහුගේ ප‍්‍රකාශය කණ්ඩායම් සහභාගිත්වයක ලක්ෂණ මතු කරනු පෙනේ. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ මතවාදී සාර්ථකත්වය පසුපස හෙක්ටර් අබේවර්ධන වැනි පිරිසක් සිටි බව රහසක් නොවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කළ කතාව කිහිපවරක් පටිගත කොට නැවත නැවත සංස්කරණය කළ බව කියති. එහෙත් ඒ කිසිදු අවස්ථාවක සැබෑ කණ්ඩායමක් ඔහු සතුව නොතිබුණ බව ඒ කතාවට දැක්වුණ ප‍්‍රතිචාරවලින් පෙනේ්. එපමණක් නොවේ. කොරෝනා වසංගත ආරංචිය සමග සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චිගෙන් පටන් ගෙන චමල් රාජපක්ෂ තෙක් දේශපාලනඥයන් කළ පටු ප‍්‍රකාශ තුළ කණ්ඩායම් කි‍්‍රයාකාරකම් ආණ්ඩුව තුළ පවත්නා බවක් දැකිය නොහැකිය.


ජනවාරි 27 පළමු රෝගියා පැමිණීයේ චීනයෙනි. ඒ සමග පෙබරවාරි 1 දින චීනයේ වුහාන් නගරයේ සිටි ලාංකික සිසුන් සහ පවුල්වල 33 දෙනෙකු ලංකාවට ගෙන්වා ගත්හ. හේතුව ඔවුන් අතර සිටි සමහර විශේෂිත දරුවන් බව කියති. හමුවූ මුල්ම සංචාරක රෝගී කාන්තාව පෙබරවාරි මස 19 වෙනි දින සුවය ලබා රටින් පිටකළේ උත්සවාකාරයෙනි. ඒ සමග ලංකාවේ සංචාරය පිණිස පැමිණෙන ලෙස නිල වශයෙන් ලෝකයට ආරාධනා කෙරිණ. ඒ කියන්නේ ගුවන් තොටුපළ වසා රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන කල්පනා කළේ නැති බවය. ගිය සතියේ ඇල්ල ප‍්‍රදේශයේ ගස් යට ලගින තැනට සංචාරකයන් පත් වුණේ ඒ නිසාය. රෝග ව්‍යාප්තිය සහ රජයේ නීති හමුවේ තෙරපුණ හෝටල් සහ ලැගුම්හල් හිමියෝ තමන් වෙත සිටි සංචාරකයන් පළවා හැරියාහ.


ලිපියේ මුල් ෙඡ්දයේ දැක්වෙන අපරිණත හැසිරීම් එසේ තිබියේවා. එහෙත් රටේ පාලකයන් කළ යුතු දේ නිසි ලෙස නොකරන බව කිව යුතුවේ. පළමුව බොරු කීම නතර කළ යුතුවේ. වසංගත රෝග විද්‍යා අංශය මුල්ම කොරෝනා රෝගියා ලංකාවේ හඳුනාගත් දිනය මාර්තු 11 දින ලෙස දක්වා ඇත. ඒ මුල්ම ලාංකික රෝගියා මිස ලංකාවේ පළමු රෝගියා හමුවූ දිනය නොවේ. පළමු රෝගියා ජනවාරි 27දාය. ඇය සුවය ලබා රටින් ගියේ පෙබරවාරි මස 19 වෙනිදාය. දින 24කි. ඒ කාලය නිරීක්ෂණය කළා නම් බොහෝ වැරදි සිදුවන්නේ නැත. ඒ සියල්ල අතීතයටය. දෙකෝටි දහනව ලක්ෂයක් ජනතාවට මිනීපෙට්ටියක් නැතිව මිහිදන් වන තැනට රට පත්වීමේ අවදානම එසේමය. මේ තත්වයට යුද්ධ හමුදාවට හෝ සෞඛ්‍ය අංශයට තනිව කරගැසිය නො හැකිය.


කොරෝනා වෛරසය ගැන පසුගිය දෙසැම්බරයේත් ලෝකය දැනසිටියේය. රාජපක්ෂ පාලකයෝ ජනවාරියේ කටුනායක නිරෝධායන ඒකකය සකි‍්‍රය කොට, ජාතික කි‍්‍රයාකාරී කමිටුවක් පත් කළහ. ජනවාරි 27 දා හඳුනාගත් පළමු චීන ජාතික කොරෝනා රෝගියා හමුවිය. ජනවාරි 27දා පළමු කොරෝනා රෝගී කාන්තාව හමුවූ දින පළමු ශී‍්‍ර ලාංකික රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු වුණේ විදේශීය සංචාරකයන්ට දොර හැර දුන් නිසාය. ඒ වරද නැවත සිදු නොවීමට නම් රටේ පාලකයා නිබයව තීන්දු ගත යුතුවේ. ව්‍යසනයන් එකිනෙකට වෙනස්ය.

යුද්ධය අවදානම සමග පැවතිණ. සුනාමිය ඇවිත් වහා යන්ට ගියේය. තිබුණේ ප‍්‍රතිසංස්කරණ පමණකි. කොරෝනා වසංගතය දිනෙන් දින අලූත් වේ. එක් තකතීරුවෙකු නිසා මහා විනාසයක් විය හැකිය. එහෙත් යුද්ධයක අත්දැකීම් ඊට සුදුසු නොවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයම ප‍්‍රකාශ කළේය. මෙවැනි අවස්ථාවල කළමනාකරුවෝ දෙවිදියකින් උපක‍්‍රමශීලි වෙති. ක‍්‍රමවේදය ටිකෙන් ටික කි‍්‍රයාත්මක කිරීමය. දෙවැන්න ගත හැකි ඉහළම පියවර ගෙන ටිකෙන් ටික ලිහිල් කිරීමය. වසංගතයක් යනු ඉහළම පියවර ගෙන තත්වය සමාලෝචනය කිරීම වඩා පලදායි විය හැකිය.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න