වායු ¥ෂණයට ලක්වූ දිල්ලි නගරයේ එක් දවසක් ගත කිරීම සිගරැුට් 50ක් පානය කිරීමකට සමානයි.
‘මම පෙණහලූ සැත්කමක් සඳහා පෙණහලූ විවෘත කරද්දී රෝස පැහැ සාමාන්‍ය පෙණහලූ දකින්නේ ඉතා කලාතුරකින්.‘ දිල්ලියේ වෛද්‍යවරයෙකු වන අරවින්ද් කුමාර් කියා තිබුණේ ඒ බලපෑම නිසායි.


දිල්ලි නගරය පුරාවට බිම බලද්දී දැවැන්ත ¥විලි තට්ටුවක් දැකිය හැකියි. ¥ෂිත වාතය නිසා මීදුමක් මෙන් අළු පැහැ වායු තට්ටුවලින් දිල්ලි නගරයේ පෞරාණික, ඓතිහාසික සංකේත පවා වසා දමා තිබෙනවා. ඒ සියල්ලට වඩා එලෙස අඳුරු වූ වීදිවල වාහන විස්ස තිහ එක මොහොතක එක දිගට ගැටෙමින් අනතුරු සිදුවන ආකාරයත් දකින්න පුළුවන්.


දිල්ලි නගරය සෑම දිනකම දැවැන්ත ¥ෂිත වායූ සහිත නගරයක්. කෙසේ වෙතත් අප ඉහත කී අන්දමේ කෑලි කපන ¥ෂිත වායු තට්ටු දකින්නට ලැබෙන්නේ වසරකට වතාවක්. සෑම වසරකම ඔක්තෝබර් මාසයෙන් පසු, වසර අවසානය දක්වා කාලසීමාවෙහි මෙලෙස භයානක වායු තට්ටු දකින්න පුළුවන්. සාමාන්‍ය මට්ටමට ආරක්ෂාකාරී වාතයට වඩා 50 ගුණයක් පමණ වායු ¥ෂණය වර්ධනය වෙනවා. මේ ¥ෂණය කෙතරම් බරපතළදැයි කිවහොත් එය අභ්‍යවකාශයේ සිට පවා දැකිය හැකියි.


‘වායු ¥ෂණය අහස උසට නගිනවා. වායු ¥ෂණය මනින්නට පාවිච්චි කරන යන්ත‍්‍රවලින් බොහොමයක් තනා ඇත්තේ එතරම් වායු ¥ෂණයක් මනින්නටත් නෙවෙයි.’ වෛද්‍ය අරවින්ද් කුමාර් කියනවා.


වසරින් වසර ¥ෂිත වාතයෙහි බරපතළකම වර්ධනය වෙනවා. එලෙස තත්වය භයානක වීමටත් වඩා සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ මේ තත්වය ගැන දේශපාලන නායකයන්ගේ ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොවීමයි. තමන්ම පරිසරයට කර ඇති හානිය ගැන කල්පනා කරන්නට දේශපාලන නායකයන් සූදානම් නැහැ. ඔවුන් ඉන්දියාවට ඇති අභියෝගය ලෙස මවා පෙන්වන්නේ මේ භයානක පාරිසරික තත්වය නෙවෙයි. තමන් අතරම සිටින මුස්ලිම්වරුන්.
දිල්ලි නගරයේ ජනගහනය පසුගිය දශකය ඇතුළත මිලියන 7කින් දක්වා වර්ධනය වී තිබුණා. මේ වෙද්දී දිල්ලිය ලෝකයේ දෙවැනි විශාල නගරය. ඒ නිසාම එය ලොව ¥ෂිතම නගරයක් බවට පත්ව තිබෙනවා.


ජනගහනය වර්ධනය වන තරමට වැඩි වැඩියෙන් මෝටර් රථ මිලදී ගැනීම සිදුව තිබෙනවා. ජනගහනය වැඩිවෙද්දී නිවාස ආදිය ඉදිකිරීමේ කර්මාන්ත වර්ධනය වීමත්, ඒ නිසා ¥විලි ප‍්‍රමාණය වර්ධනය වීමත් සිදුවෙනවා. වැඩි වැඩියෙන් කර්මාන්ත බිහිවෙද්දී වායුගෝලය භයානක ලෙස ¥ෂිත වීම අහන්නට දෙයක් නොවෙයි.


කෙසේ වෙතත් වසරකට වතාවක් එන ¥ෂිත වායු තට්ටුවලට එකම හේතුව දිල්ලියේ ජනගහනය නෙවෙයි. එය එන්නේ පංජාබ් හා හර්යානා ප‍්‍රදේශවලින් බව විද්‍යාඥයන් පෙන්වාදෙනවා. මේ ප‍්‍රදේශ දෙකම වගා කටයුතු කෙරෙන ප‍්‍රදේශ. 2000න් පසු එම ප‍්‍රදේශවල වී වගාව දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබුණා. එමනිසා ගොවීන්ගේ ජල පරිභෝජනයත් අතිශයින් ඉහළ ගොස් තිබුණා. ඒ නිසාම භූගත ජල ප‍්‍රමාණය පහළ යෑමත් සිදුවී තිබුණා. ජල අර්බුදයක් ඇතිවුණා.


2009 දී ජලය ආරක්ෂා කරගැනීමේ අරමුණෙන් පනතක් සම්මත කරගෙන තිබුණා. ජුනි මාසයට පෙර වී වගා කිරීම එමගින් තහනම් කෙරුණා. වී වගාව වසරේ අවසන් කොටසේදී කෙරෙන කාර්යයක් බවට හැරුණා. ඒ අනුව ගොවීන්ට වසර අග කෙටි කාලයක් තුළ වී වගාව අවසන් කොට, ඉක්මනින්ම තවත් කන්නයක් සඳහා කුඹුරු සූදානම් කරන්නට සිදුවෙන තත්වයක් ඇතිවුණා. ඔවුන් කුඹුරුවල දැවැන්ත ගිනිතැබීම් පටන්ගෙන තිබුණා. පිදුරු ගිනිතැබීමේ මට්ටම ඉහළ ගොස් තිබුණා. ඒ සියලූ ගිනිතැබීම්වල දුම කුණාටු මෙන් දිල්ලි නගරයට ගලා ඒම සිද්ධවුණා.


දිල්ලි නගරය හැර එම කුණාටුවලට යන්නට පැත්තක් තිබුණේ නැහැ. එක් පැත්තකින් ලොව දැවැන්තම කඳුවැටිය වන හිමාල කඳුවැටිය පිහිටා තිබුණා. ඒ නිසාම කඳුකර සුළං හිමාලයේ සිට එන්නේ දිල්ලි නගරය වෙතයි. එමනිසා ¥ෂිත වායුව දිල්ලි නගරයේ රැුඳුණා. දිල්ලි නගරයත් අහිංසක නැහැ. ඔවුන් අතිදැවැන්ත වායු දුෂණයක් ඉහත කී අළු වළාවට එකතු කරමින් අතිශය ¥ෂිත වායු තට්ටුවක් නිර්මාණය කරනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලෝකයේ කෙතැනකදීවත් දකින්න නැති තරමේ වායු ¥ෂණයකට මුහුණදෙන්නට සිදුවෙනවා.


පසුගිය නොවැම්බරයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පන්ජාබ්, හර්යානා සහ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තවලට පිදුරු ගිනිතැබීම නවත්වන ලෙස නියෝගයක් දී තිබුණා. එහෙත් එය ක‍්‍රියාත්මක වී තිබුණේ නැහැ. නොවැම්බර් 04 වැනිදා ලබාදුන් තීන්දුවෙන් පසුවත්, ගිනිතැබීම් දස දහස් ගණනක් සිදුව තිබුණා.


දිල්ලි නගරය මේ කාලසීමාවට මුහුණදීම සඳහා නගරයෙහි ඉදිකිරීම් නවත්වා තිබෙනවා. මෝටර් රථ පාවිච්චියටත් සීමා පනවා තිබෙනවා. එහෙත් එවැනි කෙටිකාලීන පිළියම්වලින් දිල්ලියේ වායු ¥ෂණයට සැබෑ විසඳුමක් ලැබී නැහැ. අඩු තරමේ පෞද්ගලික රථවාහන පාවිච්චිය අවම කරන අන්දමේ පොදු ප‍්‍රවාහන ක‍්‍රමයක්වත් නැහැ. ඉන්දියානුවන් ජාතිවාදයෙන් එකිනෙකා දෙසට හැරී ඇඟිල්ල දිගු කරගැනීම නවත්වා, මෙවැනි සැබෑ ප‍්‍රශ්නවලට අවධානය යොමු නොකළොත් පසුගිය දශකයෙහි ලොව වේගයෙන්ම නැගී ආ ජාතිය භයානක ලෙස කඩාවැටීම ඊළඟ දශකය තුළ සිදුවේවි.

අනුරංග ජයසිංහ