• සිදුවීමට කලින් පොලීසියෙන් නිවසට ඇවිත්
  • ජංගම ¥රකථන දෙකක් පමණක් අරන් ගිහින්
  • පැමිණිල්ලෙන් පසු ඇඟිලි සලකුණු අරන් නැහැ


ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන්ට සිදුවන හිරිහැර වාර්තාවන්නට පටන්ගෙන තිබේ.
එහි මෑතක ප‍්‍රබලම සිදුවීම වූයේ අලූ‍ත්ගම ප‍්‍රාදේශීය මාධ්‍යවේදී තුසිත කුමාර සිල්වාට හා ඔහුගේ බිරිඳට මැර පිරිසක් පහරදීමය. දෙසැම්බර් 06 වැනිදා මෙම සිද්ධිය සිදුවී තිබුණු අතර මාධ්‍යවේදී තුසිත කුමාර හා ඔහුගේ බිරිඳ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා තිබුණි.


එම පහරදීමට අදාල සැකකරුවන් පස් දෙනෙකුව පොලීසිය අත්අඩංගුවට ගෙන කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 30 දක්වා රිමාන්ඞ් භාරයට පත්කර තිබේ.
අනෙක් සිදුවීම සිදුවී තිබුණේ නොවැම්බර් 10 වැනිදාය. එහිදී පහරකෑමට ලක්වී තිබුණේ ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය ප‍්‍රධානී තක්සල ප‍්‍රනාන්දු වේ. ඒ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන්ගේ පහරදීමකි.

රැුස පුවත්පතට ඔහු ගිය අවස්ථාවේ මෙම පහරදීම හා බැණ තර්ජනය කිරීම සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා ලේක්හවුස් පාලනාධිකරණයට ලිපියක් බාරදී ඇත. සාමාන්‍ය ක‍්‍රමවේදය අනුව ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදුන්නද වගකීම් බාරදීම ඇතුළු ඉතිරි කටයුතු ආයතනයට යෑම් සිදුවන අතර මෙම පහරදීම හා බැණ තර්ජනය කිරීම සිදුකර තිබුණේ ඔහුට ලේක්හවුස් ආයතනයට ඇතුළු නොවන ලෙස දැනුම් දෙමින්ය.
ඊට අමතරව ලේක්හවුස් ආයතනයේ රැුස පුවත්පතේ කතෘ රංජිත් කුමාර සමරකෝන්ටද මෙම පොහොට්ටු වෘත්තීය සමිති සාමාජිකයන් එම අවස්ථාවේ බැණ තර්ජනය කළ බව වාර්තාවේ.
ඉහත සඳහන් සිද්ධි දෙක පිළිබඳවම සම්මත මාධ්‍යයේ මෙන්ම වෙබ් මාධ්‍යයේද වාර්තා කිරීම් සිදුකර ඇත. ඒ නිසාම එම සිද්ධි දෙක පිළිබඳව යම් අවබෝධයක් මාධ්‍ය ඇසුරු කරන දකුණේ ජනතාවට ඇත.


එහෙත් සිංහල මාධ්‍ය අවකාශයට තවමත් නොආ සිදුවීමක් උතුර හෙවත් යාපනය තුළ දෙසැම්බර් 08 දින සිදුවී තිබුණි. ඒ දේශපාලන කොලම් රචකයෙකු ලෙසත්, දේශපාලන ලිපි රචකයෙකු ලෙසත් දෙමළ මාධ්‍ය තුළ කටයුතු කරන එස්.ඒ. ජෝතිලිංගම්ගේ නිවස කඩා යම් පිරිසක් ඊට ඇතුළුවීමේ සිද්ධියය.


එහිදී ජෝතිලිංගම්ගේ නිවසේ අල්මාරි ඇතුළු සියළු දේ නිවස කඩා ඇතුල්වූ පිරිස පරීක්ෂාවට ලක්කර තිබුණි. ඔවුන් රැුගෙනගොස් තිබුණේ නිවසේ තිබූ ජංගම ¥රකථන දෙකක් පමණය. මුදල්ද වෙනත් වටිනා කියන දේවල්ද එම පිරිස රැුගෙන ගොස් තිබුණේ නැත.
මේ සිද්ධිය පිළිබඳව කෝපායි පොලීසියට ජෝතිලිංගම් පැමිණිලි කර ඇත.


ඔහු විස්තර කර ඇති ආකාරයට මෙම සිදුවීම සිදුවූ දිනයට දිනකට පෙර පූර්ව සිදුවීමක් සිදුවී තිබුණි. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු දෙසැම්බර් 06 දින ඔහුගේ නිවසට පැමිණ ඔහු නොදන්නා යම් පුද්ගලයෙකු ගන විමසීමක් කර ඇත. එවැනි පුද්ගලයෙකු ගැන නොදන්නා බව ජෝතිලිංගම් කියා තිබුණි.


ඉන් පැය කිහිපයකට පසු ඔහුගේ නිවසේ සීනුව නාදවන්නට පටන්ගෙන ඇත. කවුරුන් හෝ පැමිණ ඇතැයි සොයා බැලූ‍වද කිසිවෙකු නිවස අසල සිට නැත. මේ ආකාරයට පැය භාගයකට පමණ වරක් බැගින් කිහිප වතාවක් සීනුව නාදවීම් සිදුවුවද කිසිවකු නිවසින් පිට සිට නැත. 119 පොලිස් ¥රකථන අංකයට ඒ ගැන කීවද පොලිස් මැදිහත්වීමක් සිදුවී නැත.


පසුව මිතුරන් පිරිසකට ඔහු ඒ බව දන්වා ඇති අතර එම මිතුරන් ඔහුගේ නිවසට පැමිණ මධ්‍යම රාත‍්‍රිය ළඟා වනතුරු පැය දෙකක පමණ ජෝතිලිංගම්ගේ නිවසේ සිට ඇත. එම කාලයේදී සීනුව නාදවීම් සිදුවී නැත.


ඊට පසුදා එනම් දෙසැම්බර් 07 වැනිදා විශේෂ කිසිවක් සිදුවී නැති අතර දෙසැම්බර් 08 වැනිදා ජෝතිලිංගම් නිවසින් බැහැර ගොස් එන විටදී දැක ඇත්තේ ඔහුගේ නිවස කඩා පිරිසක් එයට ඇතුල්වී ඇති බවය.


ඔහු ඒ පිළිබඳව පොලීසියට දැනුම්දීමෙන් පසු පොලීසිය පැමිණ ඇතත් ඇඟිලි සලකුණු ලබාගැනීමක් සිදුකර නැත. ඡුායාරූප ගැනීමක් නම් සිදුකර ඇත. ගෙදර තිබුණේ මොනවාදැයි පොලීසිය ජෝතිලිංගම්ගෙන් ප‍්‍රශ්න කර ඇත. ගෙදර තිබූ සුළු මුදල් ප‍්‍රමාණයක් ගැනත් යම් වටිනාකමක් ඇති අත්ඔරලෝසු පිළිබඳවත් ජෝතිලිංගම් පොලීසියට කියා ඇත.


පොලීසිය සිදුකර ඇත්තේ නිවසට ඇතුළුවූවන් අවුස්සා දමා ඇති බඩුබාහිරාදිය නැවත අවුස්සමින් ඔහුගේ එම මුදල් හා ඔරලෝසු ආදිය සෙවීමය.


මෙම සිද්ධිය හුදු සොරකමක් ලෙස නම්කර සිද්ධිය අවසන් කරන්නට පොලීසිය උත්සාහ දරා ඇත. එහෙත් නිවසට ඇතුළුවූ පිරිස සොරකමට ආවානම් මුදල්, ඔරලෝසු ඇතුළු වටිනා දේවල් රැුගෙන නොගොස් ජෝතිලිංගම්ගේ ජංගම ¥රකථන දෙක පමණක් රැුගෙන ගියේ ඇයිද යන ප‍්‍රශ්නාර්ථය ඉතිරිවී ඇත.


ඒ අනුව සොරකමක් නොවන වෙනත් තොරතුරු සොයාගැනීමකට එම පිරිස ජෝතිලිංගම්ගේ නිවසට ඇතුළුවී ඇති බව පෙනී යයි. ජෝතිලිංගම් ඊමේල් ආදිය සඳහා පිවිසී ඇත්තේ ඔහුගේ නිවසින් සොරාගත් එක් ජංගම ¥රකථනයක් මගින්ය. මේ සොරකමින් පසු දැන් ඔහුගේ ඊමේල් වෙත පිවිසිය නොහැකිය. ජංගම ¥රකථන සොරාගත්තවුන් ඔහුගේ ඊමේල්හි මුරපද වෙනස්කර ඇත.
මෙහිදී පොලිසියේ හැසිරීම සැකයට තුඩු දෙන්නකි. නිවසක් කඩා එයට ඇතුළුවී එහි බඩුබාහිරාදිය අවුස්සමින් සිදුකළ දෙයක් නිසා අනිවාර්යයෙන්ම නිවසට ඇතුල්වූවන්ගේ ඇඟිලි සලකුණු එම නිවසේ බොහෝ ස්ථානවල තිබිය හැකිය. එම ඇඟිලි සලකුණු ලබාගැනීමට පොලීසිය උත්සාහ නොකර තව තවත් නිවසේ බඩු බාහිරාදිය අවුස්සමින් ඇඟිලි සලකුණු විනාශ වන ආකාරයට පොලීසිය කටයුතු කළේ ඇයි?


පැමිණි පිරිස සොරුන් නම් මුදල් හා අනෙකුත් වටිනා දේවල් රැුගෙන නොගියේ ඇයි? වටිනාකමක් ඇතැයි සිතා ජංගම ¥රකථන දෙක ගෙනගියා යැයි සිතුවත් එම සොරුන් ජෝතිලිංගම්ගේ ඊමේල්වලට ඇතුළුවී එහි මුරපද වෙනස් කර ඇත්තේ ඇයි?
පැහැදිළිවම මෙය ජෝතිලිංගම්ගේ සම්බන්ධතා කා සමඟද යන්න දැනගැනීම සඳහා කළ මෙහෙයුමක් බව පෙනේ.


ජෝතිලිංගම් වර්තමානයේ යාපනය සිවිල් සමාජ කණ්ඩායම් එකමුතුවේ ප‍්‍රධානියෙක් ලෙස කටයුතු කරයි. ඔහු ඊට පෙර ඊපීආර්එල්එෆ් සංවිධානයේ කටයුතු කළ අයෙකි. මීට ටික කලකට පෙර ඔහු කොළඹ ප‍්‍රධාන පාසලක දේශපාලන විද්‍යාව ඉගැන්වූ ගුරුවරයෙකි. දේශපාලන විද්‍යාව පිළිබඳ පොත් හා උතුරේ ජනවාර්ගික අර්බූදය සම්බන්ධ පොත් ඔහු රචනා කර ඇත. දකුණේ විකල්ප පුවත්පතකට කාලයක් ඔහු දේශපාලන කොලමක්ද ලිවීය. අද ඔහු යාපනයේ ජීවත්වුවද කොළඹ සමඟ සම්බන්ධතා පවත්වමින් කටයුතු කරන්නෙකි.


ඒ නිසාම ජෝතිලිංගම්ගේ නිවස බිඳ ඔහුගේ ජංගම ¥රකථන සොරාගෙන යෑම හුදු හොරකමකට ලඝුකළ හැකි එකක් නොවන බව පෙනේ. තනි තනි කුරුල්ලන් දඩයම් කිරීම හෝ බියගැන්වීම වෙනුවට කුරුළු රංචු ප‍්‍රධානියෙකු ඉලක්ක කිරීම මේ මගින් සිදුවී ඇත. එම බියගැන්වීමට අමතරව එම ප‍්‍රධානියාගේ සම්බන්ධතා ජාලවල තොරතුරු සෙවීමක්ද සිදුකර ඇත.
මේ ඉදිරියේදී සිදුවිය හැකි හා ඉදිරියේදී සිදුකරන දේ පිළිබඳව අපට කරන ඉඟියක් නොවේද?