පුබුදු ජයගොඩ – පෙරටුගාමී සමාජවාදී පක්ෂය


ඔබේ පක්ෂයට ජනාධිපතිවරණයේදී තියෙන අරමුණ මොකක්ද?


මේ වෙද්දී ආර්ථික වශයෙන් ලොකු අසාධාරණයක් හා අයුක්තියක් ලොව පුරා තියෙනවා. නිදසුනක් විදියට තමිල්නාඩුවේ සුජිත් විල්සන් කියන දරුවා හදිසියේ ළිඳකට වැටිලා මැරෙද්දී ඉන්දියාවට ඒ අඩි සීයට යන්න තාක්ෂණයක් නැති බව කියනවා. ඒ ඉන්දියාව කිලෝමීටර් ගණන් ඈතට හඳට යානා යැව්වේ හඳේ කෑල්ලක් අල්ලගන්න. තාක්ෂණයේ ප‍්‍රතිලාභ සම්පූර්ණයෙන්ම ලැබුණේ එක් පන්තියකට. පහළ පන්තිය දුප්පත්. ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සම්පූර්ණ කරගන්නට විවේකයක්, විනෝදයක්, සංස්කෘතික ජීවිතයක් නැතිව වැඩ කරනවා. ලාභයම පමණක් පතන ආර්ථිකයෙන් පරිසරයට මහා විනාශයක් කරලා තියෙනවා. කෙතරම් විනාශයක්ද කීවොත් ඉතා කෙටි කාලයක් ඇතුළත මිනිස් වර්ගයා වඳවී යෑමේ අවදානමක් පවා මතුවෙලා.

පෘථිවි ඉතිහාසයේ නරකම කාල පරිච්ෙඡ්දයක් තමයි අපි ගෙවමින් ඉන්නේ. ඒ වගේම ඇමෙරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව ප‍්‍රාග්ධන හිමි බලවතුන් අතර විශාල ගැටුමක් තියෙනවා. ඒ ගැටුම ලෝක යුද්ධයක් දක්වා පරිවර්තනය වීමේ අනතුරක් තියෙනවා. එහෙම තුන්වැනි ලෝක යුද්ධයක් ඇතිවුණොත් ඒක ඇතිවෙන්න නියමිතව තියෙන්නේ න්‍යෂ්ටික අවිආයුධවලින්. එහෙම වුණොත් මිනිස්සු මිලියන ගණනක් මියැදෙන්න ඉඩ තියෙනවා. විසිවැනි සියවසේ මුල රෝසා ලක්සම්බර්ග් වගේ මාක්ස්වාදී නායිකාවන් කීවේ අපට තෝරාගන්න තියෙන්නේ එක්කෝ සමාජවාදයේ පාර, නැත්නම් ම්ලේච්ඡුත්වය කියලා. දැන් අපට ම්ලේච්ඡුයන් එක්ක හරි ඉන්න ලැබේවිද කියලා සැකයි. අපට වඳවෙන්න තමයි තියෙන්නේ. මේ විනාශයෙන් සමාජයක් විදියට ගැලවෙන්නේ කොහොමද කියන එකට අදාල දේශපාලන ව්‍යාපෘතියක අපි හිටියේ. ඒ අතර තමයි මැතිවරණයක් ආවේ. මැතිවරණයේදී අපි අපේක්ෂා කරන්නේ ඒ දේශපාලන ව්‍යාපෘතිය ශක්තිමත් කරන්න, මහජනතාවගේ අනුමැතියක් ඒකට ගන්න.


කෙසේ වෙතත් සාපේක්ෂව අඩු ප‍්‍රචාරක ව්‍යාපෘතියකින් ජනාධිපතිවරණයේදී විශේෂ යමක් කරන්නට හැකිවේයැයි සිතනවාද?


අඩු ප‍්‍රචාරක ව්‍යාපෘතියක් පෙනෙන්නේ මාධ්‍ය දිහා බැලූවාමයි. මුදල් වැය කරලා දැන්වීම් පළකිරීමේදී අපි සාපේක්ෂව අඩුයි. අපි පිට්ටනිවල ලොකු රැුස්වීම් කරන්නේත් නැහැ. එහෙත් ගම්වලට ගිහිල්ලා මූණට මූණ හම්බවෙලා කතා කිරීමේදී අපි ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. අපේ මුළු ප‍්‍රචාරක ව්‍යාපාරයම සැලසුම් කළේ මාධ්‍ය සංදර්ශන පවත්වනවා වෙනුවට බිමට යමු කියන අදහසින්.


පෙරටුගාමී සමාජවාදී පක්ෂය සාමාන්‍ය ජනතාවගේ අරගවලට ප‍්‍රමාණවත් තරම් මැදිහත් වූ බව හිතනවාද?


අපි සෑහීමට පත්වෙන්නේ නැහැ. එහෙත් අපේ හැකියාවේ ප‍්‍රමාණයට සාපේක්ෂව අපි සැලකිය යුතු මැදිහත්වීමක් කළා. පාරිසරික ක්ෂේත‍්‍රයේ අරගල, කම්කරු අරගල, ගොවි අරගල, ශිෂ්‍ය අරගල, ජාතිවාදයට විරුද්ධ අරගල, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධ අරගල ආදියේදී අපි සැලකිය යුතු මැදිහත්වීමක් කළා. මෙතෙක් කල් වාමාංශික ව්‍යාපාරය ඇතුළේ දේශපාලන උපායමාර්ගයන් දෙකක් තමයි තිබුණේ. එකක් මැතිවරණ හරහා බලය ලබාගැනීම. දෙවැනි එක සන්නද්ධ අරගල හරහා බලය ලබාගැනීම. පොදුවේ විශ්වාසයක් තිබුණේ ඒ පාරවල් දෙක විතරක් තියෙන බව. ඒ දෙකම පදනමින් එකක්. ඒවායේදී වෙන්නේ පක්ෂය අධිනිශ්චය වෙලා ජනතාව දේශපාලන ක‍්‍රියාකාරීත්වයෙන් ඈත්වීම. මැතිවරණවලදී කියන්නේ අපේ පක්ෂයට බලය දෙන්න, අපි රට හදලා දෙන්නම් කියලයි. කොන්ත‍්‍රාත් එක බාරගන්නවා.

සන්නද්ධ දේශපාලනයේදී වෙන්නේත් ජනතාව තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නකොට අපි කණ්ඩායමක් ආයුධ අතට ගැනීම. ඒ දෙකේදීම ජනතාව දේශපාලනයේ නැහැ. ඒ නිසා අපේ දේශපාලන උපායමාර්ගය හදාගත්තේ විප්ලවීය බහුජන ව්‍යාපාරය කියලයි. දැනට ප‍්‍රතිවිරෝධය දැක්වීමේ අරගලවලදී මහජන ව්‍යාපාර හැදෙනවා. ඒවා වඩා දේශපාලනික මහජන ව්‍යාපාර බවට පත්කරලා ඒවා සමාජ වෙනසකට අදාළ ගතිකත්වය ඒවාට හදන්නේ කොහොමද කියන එකයි අපේ උපායමාර්ගය. අපි ජනතාවගේ සටන්වලට මැදිහත්වුණේ ඒ අර්ථයෙන්.


තවත් කණ්ඩායම් ගොඩක් අතරින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඡුන්දය දෙන්නැයි යෝජනා කරන්නට ඔබට තිබෙන පදනම මොකක්ද?


මෙතෙක් කල් ලංකාවේ ජනතාව ඡුන්දය පාවිච්චි කරද්දී සිද්ධවුණේ රෝග නිදානය ගැන කියන්නේ නැතිව ලක්ෂණ ගැන කීම. රෝග නිදානය එහෙමම තියෙද්දී ලක්ෂණවලට පුංචි ප‍්‍රතිකාර කරනවා. මෙවරත් පෙනෙන්නේ ඒක. දෙවැනි එක තමයි කෝච්චිය වැරදි පීල්ලේ යද්දී රියැදුරාව මාරු කරලා වෙනසක් කරමුද කියන එක. අපි වාද කරන්නේ කෝච්චියේ රියැදුරා ගැන. අපි මෙවර මැතිවරණයේදී ජනතාවට කියන්නේ තමන් මුහුණදීලා ඉන්න ප‍්‍රශ්නවලට හේතුව වෙනස් කරමු කියලයි. දැන් එන ප‍්‍රශ්නවලදී ජනතාවට තියෙන තාවකාලික විසඳුම තමයි අරගලය. ඒ අරගල පාවාදෙන්නේ නැතිව දේශපාලනය මුසු කරමින්, දිගු කාලීනව ජනතාව එක්ක හිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය. ඒ නිසා ජනතාවගේ අරගලය ශක්තිමත් කරන්න නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ඡුන්දය පාවිච්චි කළ යුතුයි. මැතිවරණයේදී මොන තීරණය ආවත් මැතිවරණයෙන් පස්සේ ජනතාවට අපව අවශ්‍ය වේවි කියලා හිතනවා.


එහෙත් මේ වෙද්දී ඒකාධිපතිවාදය ගැන අවදානමක් තියෙනවා. එවැනි තත්වයක දෙපැත්තම එකයි කියලා කියන්න පුළුවන්ද?


හැමෝම එක සමානයි කියලා අපි කියන්නේ නැහැ. එක් එක් අය අතරේ විශේෂතා අපි දකිනවා. එක් එක්කෙනාගේ වැඩපිළිවෙළවල විශේෂතා තියෙනවා. පෞරුෂයන්ගේ විශේෂතාත් තියෙනවා. එහෙත් අපි කියන්නේ දෙපාර්ශ්වයකින් අඩු නරක තියෙන පාර්ශ්වය තෝරාගන්න කියලා නෙවෙයි. එක්කෙනෙක් එන එක නවත්වන්න තවත් කෙනෙක් ශක්තිමත් කරනවා වෙනුවට කවුරු ආවත් ඒකට මුහුණදෙන්න පුළුවන් සමාජ බලවේගයක් ගොඩනඟාගැනීම ගැන තමයි අපි විශ්වාස කරන්නේ. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ සම්පූර්ණ මර්දනය තියෙද්දී පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනත ගෙනැල්ලා ඒකට විරුද්ධව සටන් කරලා ඒක නැවැත්වුවානේ. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙනෙද්දී ශිෂ්‍යයෝ අරගල කරලා ඒක නැවැත්වුවානේ. බීජ පනත ගෙනාපු වෙලාවේ ගොවියෝ නාරාහේන්පිට වටලලා ඒක පැරැුද්දුවානේ. අන්තිමේ ඒකාධිපතියන්ව ගෙදර පවා යැව්වානේ. වැදගත්ම දේ තමයි දක්ෂිණාංශික නායකයන් ගැන විශ්වාසය තැබීම නෙවෙයි. මොන ඒකාධිපතියා ආවත් ඒකට ඔරොත්තු දෙන සමාජයක් හදන එක.


අපි සෑහීමට පත්වෙන්නේ නැහැ. එහෙත් අපේ හැකියාවේ ප‍්‍රමාණයට සාපේක්ෂව අපි සැලකිය යුතු මැදිහත්වීමක් කළා. පාරිසරික ක්ෂේත‍්‍රයේ අරගල, කම්කරු අරගල, ගොවි අරගල, ශිෂ්‍ය අරගල, ජාතිවාදයට විරුද්ධ අරගල, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධ අරගල ආදියේදී අපි සැලකිය යුතු මැදිහත්වීමක් කළා. මෙතෙක් කල් වාමාංශික ව්‍යාපාරය ඇතුළේ දේශපාලන උපායමාර්ගයන් දෙකක් තමයි තිබුණේ. එකක් මැතිවරණ හරහා බලය ලබාගැනීම. දෙවැනි එක සන්නද්ධ අරගල හරහා බලය ලබාගැනීම. පොදුවේ විශ්වාසයක් තිබුණේ ඒ පාරවල් දෙක විතරක් තියෙන බව. ඒ දෙකම පදනමින් එකක්. ඒවායේදී වෙන්නේ පක්ෂය අධිනිශ්චය වෙලා ජනතාව දේශපාලන ක‍්‍රියාකාරීත්වයෙන් ඈත්වීම. මැතිවරණවලදී කියන්නේ අපේ පක්ෂයට බලය දෙන්න, අපි රට හදලා දෙන්නම් කියලයි. කොන්ත‍්‍රාත් එක බාරගන්නවා. සන්නද්ධ දේශපාලනයේදී වෙන්නේත් ජනතාව තුෂ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නකොට අපි කණ්ඩායමක් ආයුධ අතට ගැනීම. ඒ දෙකේදීම ජනතාව දේශපාලනයේ නැහැ. ඒ නිසා අපේ දේශපාලන උපායමාර්ගය හදාගත්තේ විප්ලවීය බහුජන ව්‍යාපාරය කියලයි. දැනට ප‍්‍රතිවිරෝධය දැක්වීමේ අරගලවලදී මහජන ව්‍යාපාර හැදෙනවා. ඒවා වඩා දේශපාලනික මහජන ව්‍යාපාර බවට පත්කරලා ඒවා සමාජ වෙනසකට අදාළ ගතිකත්වය ඒවාට හදන්නේ කොහොමද කියන එකයි අපේ උපායමාර්ගය. අපි ජනතාවගේ සටන්වලට මැදිහත්වුණේ ඒ අර්ථයෙන්.