පසුගිය සතියේ අනිද්දා පත‍්‍රයේ පළවූ මගේ ලිපියට ලැබුණ කෙටි පණිවිඩ ප‍්‍රතිචාරයක් මෙසේ ය. වතුරට යට කළ රබර් බෝලයක් සේ ඔබගේ පේ‍්‍රමදාස විරෝධය නැවතත් මතුවී දෝරේ ගලා යාම ආරම්භ වීම දෙස උපේක්‍ෂාවෙන් බලාසිටිමි. ඡුන්ද කාලයේ ඔබ කළේ රංගනයක් බව මම දැන සිටියෙමි. නීතිඥයෙකු දේශපාලන විචාරකයෙකු ලේඛකයෙකු වන මොහු ජීඑල් පීරිස් සමග එජාපයට එක්විය. කලක් රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රවර්ධනය කළේය. පසුව සජිත්ට එකතු විය. කෙටි පණිවිඩයක් යනු පුද්ගලික ප‍්‍ර‍්‍රකාශයක් නිසා පුද්ගලයා හෙළි කළ යුතු නැත.


සජිත් කල්ලිය නොවැම්බරයේ පරාජය දකින්නේ එසේය. මා කළේ සජිත් පේ‍්‍රමදාසගේ ඡුන්ද ව්‍යාපාරය ගැන යම් විපරමකි. අවශ්‍ය නම් ඊට පිළිතුරක් ලිවීීමේ ඉඩකඩ තවමත් පවතී. ආර්. පේ‍්‍රමදාස ජනාධිපති වී එක් වසරක් තුළ යෝධ එජාපය කීතු කීතු කළේය. ඔහු ගාමිණි දිසානායක පන්නා ගත්තේ කකුලෙන් ඇද්ද නිසා නොවේ. හීනමානය නිසාය. එජාපයට හිතැති වැඩිහිටි සමාජයට ඒවා මතක ඇත. එජාප ඡුන්ද පදනම වැඩිහිටියන් මිස තරුණයන් නොවේ. පනස් තුන් ලක්‍ෂයක් ඡුන්ද ලැබිලාත් කැලේ පැන්න සජිත් දේශපාලනයටත් සුදුසු නැත.


පියා තරම් මුහුකුරා නොසිටීම ගැන සජිත්ට යම් සමාවක් ලැබේ. එහෙත් ඔහුගේ උද්ධච්ඡුකම නිසා අද රටම විඳවයි. ඇල්පිටිය අතුරු මැතිවරණයට පෙර ගෝල්ෆේස් රැුලිිය සංවිධානය කළ තකතීරුවා කවුද? ඒ ජනරාශිය ඇල්පිටිය ප‍්‍රතිඵලයෙන් සේදී යන බව තිස්ස අත්තනායකටවත් නොතේරිණිද? මේ ගැන කෙනෙකු මලික් සමරවික‍්‍රම අමතා ඒ රැුස්වීම ඡුන්ද ප‍්‍රතිඵලයට පසු දිනෙකට යොදාගන්නා ලෙස දන්වා ඇත. ඊට ලැබුණ පිළිතුර කුමක්ද? දිනය වෙනස් කිරීමට සජිත් කැමති නැත. සජිත්ගේ සගයෙකු කීවේ ඒක නැකතක් නිසා වෙනස් කළ නොහැකි බවය. සජිත් පේ‍්‍රමදාස තම ඡුන්ද ලකුණ හංසයා ප‍්‍රවර්ධනය කළේම නැත. ඒ අඩුපාඩුව බොහෝ දෙනා සජිත්ට දන්වා තිබිණ. ඔහු ඊට කන් දුන්නේ නැත. හේතුව හංස නාමය උච්ඡුාරණය කිරීම ජ්‍යොතිෂය අනුව සජිත්ට අවාසි වීමලූ. ඒ වෙනුවට සජිත් සජිත් යැයි සිය දහස් වාරයක් මැතිරීමට උපදෙස් දී තිබිණ.


මුළු මැතිවරණ සටනම කෙරුණේ මෙවැනි පසුගාමී අබ්බගාත මානසිකත්වයකිනි. අපේක්‍ෂකයා නිසා සජිත්ගේ හැසිරීම කාටත් දරාගැනීමට සිදුවිය. ගමේ එජාප ශාඛාවලින් මේ දුර්වලතා ගැන චෝදනා එල්ල විය. උත්තරය වුණේ අපේක්‍ෂකයාගේ අඩුපාඩු ඉවසා ජය තහවුරු කළ යුතු බවය. ගමේ පාක්‍ෂිකයා කීවේ ‘බම්බුව’ කියාය. ලංකාව යනු ගෙයින් ගෙට ගොස් ලකුණට කතිරේ ගැසීම පුරුදු කරන රටකි.
1988දී ආර්. පේ‍්‍රමදාසට ලැබුණ ජ්‍යොතිෂ උපදෙස් අනුව මිනිසුන් නොපැමිණියද රැුස්වීම් 120ක් කෙසේ හෝ පැවැත්විය යුතුය. සජිත්ගේ රැුස්වීම් 150ද එවැන්නක් විය හැකිය. තාත්තා දිනුවේය. පුතා පැරදුණේ්ය. ආර්. පේ‍්‍රමදාස යනු 1993 වනවිට එජාපයේද වෛරක්කාරයෙක් විය. මේ තත්වය සජිත් නොතකා හැරියේය. සජිත් සේනානායකවරුන් තබා එජාපය ගැන හෝ කතා කළේ නැත. හිතුවේ තාත්තාත් පුතාත් හැර රටක් ඉතිහාසයක් නැත කියාය.

එජාපයට ලෙන්ගතු ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු මෙය දුටුවේ විජය ලංකාවට ගොඩබැස්ස මානසිකත්වයක් හැටියටය.
සජිත් ස්වාධීන කොමිෂන් සභා හෝ යටත් පිරිසෙයින් තොරතුරු දැනගැනීමේ පනත ගැන කතා කළේ නැත. 19 වෙනි සංශෝ්ධනය නිසා ඔක්තෝබර් කුමන්ත‍්‍රණය බිඳ වැටුණ බව කීමට සජිත් කැමති නොවීය. හේතුව එක්කෝ ඔහු රනිල් එළවීමේ ඔක්තෝබර් කුමන්ත‍්‍රණයට හවුල් වීමය. නැතහොත් පූර්ණ ජනපති බලතල අපේක්‍ෂා කිරිමය. එසේත් නොවේ නම් සිරිසේනට එරෙහි වීම ගැන සජිත් තුුළ අකමැත්ත විය හැකිය. සිරිසේන කොයි මොහොතේ හෝ තම වේදිකාවට පැමිණෙතැයි ශිරාල් ලක්තිලක සජිත්ට කියා තිබුණා විය හැකිය.


ජනධිපති අපේක්‍ෂකයා යනු සෙල්ලම් වගකීමක් නොවේ. එක් කෝටි පනස් නවලක්‍ෂයකට නිකුත් වන්නේ එකම ඡුන්ද පති‍්‍රකාවකි. යටත් පිරිසෙයින් ඡුන්ද හැත්තෑ ලක්‍ෂයකටවත් දිනන අපේක්‍ෂකයා ආමන්ත‍්‍රණය කළ යුතුවේ. සජිත් පේ‍්‍රමදාස තුළ එවැනි දැනීමක් නොතිබිණ. වසර 2000 සිට හම්බන්තොට දේශපාලනය කළ සජිත් 2002 සිට දිස්ති‍්‍රක් නායකයා විය. ඔහුට එක ප‍්‍ර‍්‍රාදේශීය සභාවක් හෝ දිනාගත නොහැකි විය. 19 වසරක් දේශපාලනය කළ සජිත් හම්බන්තොට 74%කට කතා කිරීමට අසමත් විය. ඔහු තම දිස්ති‍්‍රක්කය තුළ හෝ මුල්බැස ගෙන නැත. මේ නොමේරූ දේශපාලන ළදරුවා 2019 අපේක්‍ෂකත්වය බලෙන් උදුරාගෙන නටුවෙන් ගිලිහී යාල කැලේට විසි විය. ප‍්‍රශ්නය වන්නේ එජාපය කැළෑ වදිනවාද, සජිත් සිවිලයිස් කරනවාද යන්නය. තවමත් ඔහු කර තබාගෙන සිටින මාතලේ අලූවිහාරේලා ගත්තේ 39%කි. බණ්ඩාරගම අජිත් පෙරේරාට වැටුණේ 32%කි. උදාවී ඇත්තේ දොරවල් වසාගෙන වුණේ මොකක්දැයි කතා කිරීමය. මේ අය පාරේ බැන අඬ ගසා ගනිමින් සිටිති.


1974දී පමණ ටී.බී. වේරපිටිය පාතදුම්බර එජාප සංවිධායක වූ පසුව, වේරපිටියගෙන් තත්වය විමසීය. ‘මට දැන් සපෝටර්ස්ලා හත් අට සියයකට නම කියලා කතා කරන්න පුළුවන්.’ ඒ වේරපිටිය අවතීර්ණ වූ හැටිය. එවර වේරපිටිය දිනුවේ වැඩි ඡුන්ද 10497කිනි. තමාට දකුණේ බොහෝ තැන්වලදී යටත් පිරිසෙයින් දස දෙනෙකුට හෝ නම කියා කතාකළ හැකි බව 1994 ජනාධිපති සටන අතර ගාමිණි දිසානායක කීය. එ් සිද්ධි දෙකම කියන්නේ දේශපාලනය යනු මිනිසුන් සමග වැඩ කිරීම බවය. සජිත් තමන් වෙත රැුකියා ඉල්ලා පැමිණී තරුණ තරුණියන් තක්සේරු කළේ ශරීර ලක්‍ෂණ අනුවය. සිහිබුද්ධිය ඇති තරුණයෙකු සජිත්ට රට බාර දෙයිද? එජාපය දිය යුත්තේ කාටද? සජිත් තිරිසනුන්ට තරම්වත් මිනිසුන්ට ආදරය කළේ නැත. නිල ප‍්‍රතිඵලයටත් පෙර තම ආධාරකාරයන් ගුටි කද්දී යාල දිවියන් රැුකීමට කැලෑ වැදිණ.


අනුරාධපුර යන අතර, සජිත්ට මුල්ගලක් තැබීමට අවශ්‍ය විය. නියෝගය අනුව තිබුණේ දින 6කි. වැඩබිම සකසද්දී විජිතපුරයේ පුරාවිද්‍යා ඉඩමකට හානි සිදුවී මහ කලබැගෑනියක් ඇතිවිය. දේවිකා විජේරත්න නම් දිස්ති‍්‍රක් කළමනාකාරවරියට රස්සාව නැති විය. ඇය අදත් ගෙදරය. සාධ්‍යතා වාර්තා හෝ නොවූ සජිත්ගේ නිවාස කඩිනම එහෙම එකකි. අප්පාගේ ක‍්‍රමයට සජිත් නිලධාරීන්ට කතා කළේ ‘මං නරක මිනිහා කියන්න එපා’ භාෂාවෙනි.


ඉහත කී කෙටි පණිවිඩයේ අපේ කැපවීම රංගනයක් බව දැක්වේ. මෙය පනස් තුන් ලක්‍ෂයක් ඡුන්දදායකයන්ට අවමානයකි. අදටත් පේ‍්‍රමදාස කර තබාගෙන සිටින අජිත් පෙරේරා, හරින් ප‍්‍රනාන්දු හේෂාන් විතාන, නලින් බණ්ඩාරලාගේ ඡුන්ද ප‍්‍රතිඵල අනුව රගපා ඇත්තේ කවුද? පේ‍්‍රමදාසලාගේ දේශපාලනය දැන සිටි බොහෝ දෙනා සජිත්ට සහාය දුන්නේ හංසයා දිනවා රාජපක්‍ෂලාගෙන් බේරීමට ය. ඒ අර්ථයෙන් නම් රටම කළේ රගපෑමකි. සජිත්ගේ ගමේ නළුවන් සිටියේ නැත. ඔවුහු වැඩ කළහ. ඡුන්දයට පසුව ගුටි කෑහ. ඒවා සජිත් නොදනී.


නොවැම්බර් 21 දින හම්බන්තොට ලේ්වායේ සේවකයන්ට සජිත් නිසා ගුටිකන්නට සිදුවිය. පොලිසිය අකි‍්‍රය වී තිබිණ. සජිත්ගේ ¥රකථනය විසන්ධි කරලාය. කෙනෙකු මේ තත්වය කතානායක කරු ජයසූරියට දැන්වීය. කරු මේ කතාව ජනාධිපති ගෝඨාභයට දන්වා ඇත. ඊළ`ග හෝරාවේ නීතිය කි‍්‍රයාත්මක විය. ලේවාය සන්සුන් විය. මේ කතාව කීවේ හම්බන්තොට හිතවතෙකි. තිස්සමහාරාමයේ දිසානායකට පහර දී දෙබරවැව රෝහලේ ය. කෑගල්ලේ නිවාස අධිකාරියේ වැඩ කරන ඔහුගේ දුවට හැර ඒ පවුලට එදා පත්වූ විපත කීමට කෙනෙකු නොවීය. සජිත් ආරණ්‍යගත වෙලාය. සජිත්ට එජාපය භාර දෙනවාද යන්න හම්බන්තොටින්ද ඇසිය යුතු වේ.


සුගතදාස කී‍්‍රඩාංගණයේදී හේමා පේ‍්‍රමදාස මැතිනිය රනිල් වික‍්‍රමසිංහගේ අත අල්වාගෙන වේදිකාවට යනු දුටු සජිත්ගේ මාධ්‍ය දැවැන්තයා එක් රැුයකින් පේ‍්‍රමදාසලා රනිල්ලා වෛරක්කාරයන් කළේය.


‘සජිත් එයයි තාත්තායි ගැන විතරක් කතා කිරීම හරි හිරිකිතයි.’ පාරම්පරික යුඇන්පී පවුලක කෙනෙක් එසේ කීය. මොකක්ද වැරැුද්ද? අයෙක් පෙරළා ඇසීය. යූඇන්පිය කියන්නේ පේ‍්‍රමදාසලාද? ප‍්‍රතිපිළිතුර එවැන්නකි. ඡුන්ද ව්‍යාපාරයේ හරිවැරදි අඩුලූහුඬු කිසිවකට සජිත් පේ‍්‍රමදාස සංවේදී නොවීය. ඔහු හූනියම් දේවතාවා මෙන් තේජස් විය. උත්තරීතර විය. සර්වඥ විය. ඩඞ්ලිලා ජේ.ආර්.ලාවත් මෙසේ හැසිරී නැත. ප‍්‍රතිඵල ඇසූ එජාපයේම හරින් වැනි කෙනකු කීවේ පිස්සෙකුට රැුවටුණ එජාපයේ අපි තවත් පිස්සෙකුගෙන් බේරුණා කියාය.


මහ සෑ මළුවේදී නොවැම්බර් 18 දින තම රාජපක්‍ෂ අයියලා බාල මල්ලීට කුරහන් සාටකය පැළඳවීමට ගත් උත්සාහය ගෝඨාභය නොතකා හැරීම ප‍්‍රසිද්ධ කතාවකි. ශක්තිමත් නායකයෙකු හිතන්නේ එහෙමය. මේ අලූත් මිනිසා රාජපක්‍ෂ ගොහොරුවේ පිපුණ අලූත් මලක් විය හැකිය. ගෝඨා තවත් රාජපක්‍ෂ කෙනෙකු නොවිය හැකිය. ඔහුු අත පිරිත් නූල් නැත. ප‍්‍රතිවාදියා වුවත් වෙනස් වේ නම් එය ආශීර්වාදයකි. කඬේ යාමක් නොවේ.


එජාපය මේ අභියෝගයට මුහුණ දෙන්නේ ආර්. පේ‍්‍රමදාසගේ පුතා සමග ද? ප‍්‍රතිඵලය විග‍්‍රහ කළ යුතු කාලයේ සජිත් කැලෑ වැදිණ. එජාපය බාර දෙන්නේ මෙවැනි අයටද? හරින් ප‍්‍රනාන්දු, සජිත් වෙනුවෙන්, ‘වයස අනූවක නාකියෙක් ඉල්ලන ඡුන්දෟ’ කියා කරු ජයසූරිය පාච්චල් කළේය. ඔක්තෝබර් සිද්ධියේ වීරයා වූ කරුට වීරවංශ කරුමයා කීය. ඒ වයෝවෘද්ධ කරු ජයසූරිය ඔක්තෝබර් සිද්ධිය නිසා ලෝකයේ ගෞරවයට පාත‍්‍ර වූ මිනිසෙකි. තාත්තා කී නිසා පාස්කු දවසේ පල්ලි නොගිය හරින් ප‍්‍රනාන්දු සජිත් උස්සන් දුවන්නෙකි. හේෂාන් විතාන පටන් ගත්තේ ගෝඨාට ජම්පර් ඇන්දවීමෙනි. පරාජය හමුවේ අනුගාමිකයන් හැර ගියේ සජිත් ය. මේ මිනිස්සු තරුණද?

අලූත්ද? උගත්ද? ශී‍්‍ර මුඛය පිළිබඳ ප‍්‍රකාශය නිවැරදි කළේ හාමුදුරුනමකි. ඉන් පසුව අපේක්‍ෂකත්වය ලැබුණේ තම තේජසින් බව සජිත් කීය. ඒ ඇසූ අර හාමුදුරුනමක් කීවේ, මේකා තං තේජසා භවතු තේ ජයමංගලානි (ඒ තේජසින් ජය මගුල් ඔබටත් ලැබේවා* ගාථාවත් අහලා නෑ කියාය. සජිත් මැතිවරණයෙන් පසුව තම තේජස දරා ගත නොහැකිව කැලෑ වැදිණ. ඉතිහාසය ලියැවෙන්නටක් පෙර සජිත් කුණු බක්කිය තෝරාගෙන අවසන්ය.

නිතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න