පරිසරවේදී හරින්ද්‍ර සේරසිංහ


2019 නොවැම්බර් මස 09 වන දින, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන්ගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පැවැත්වෙන ‘හරිත වන සංසදයේ’ විසි වෙනි සංවත්සරය නිමිත්තෙනි.


පරිසරවේදියෙක් වෙන්න ඔබට අඩිතාලම වැටුණේ කොහොමද?
පොඩි කාලේ ඉදලා පරිසරයට ආදරේ කළා. සතුන්ට ආදරේ කළා. 6 වසරෙන් පස්සේ පාසලේ ඡුායාරූප සංගමයට බැදිලා ෆොටෝග‍්‍රැපි කරන්න ගත්තා. ඉස්කෝලේ යන කාලෙම ජාතික ජායාරූප කලා සංගමයට බැදුණා. සතුන්ගේ පොටෝ ගන්න වැඩිපුර කැමැත්තක් තිබුණා. අවුරුදු දෙකක් මහානාමේ (මහානාම විද්‍යාලය* පරිසර සංගමේ සභාපති වෙලා හිටියා. ගස් හිටෙව්වා. ඉස්කෝලේ ඇතුළේ කැලිකසළ කළමනාකරණ වැඩ කළා. 1992 විතර ඉස්කෝලේ තව ළමයි කිහිප දෙනෙක් එක්ක ගිහින් මායිම් ගම්මානවල ඉස්කෝලවල ළමයින්ට තාක්ෂණය විෂය ඉගැන්නුවා.

එතකොට අපි දහය වසරේ විතර හිටියේ. කොහේ ගියත්, මොනවා කළත් අවසානේ කන්දක් නගින්න, කැලේ රිංගන්න තමයි පුරුදු වෙලා තිබුණේ. තාත්තට ඕනෑ වෙලා තිබුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. ඒත් මට විශ්වවිද්‍යාලේ යන්න උනන්දුවක් තිබුණේ නෑ. උසස්පෙළින් පස්සේ කැලේටම රිංගුවා. පස්සේ පරිසරය ගැන ඉගෙන ගන්න විවෘත විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණා. ඒකෙනුත් යම් කිසි දැනුමක් ලබා ගත්තා. පස්සේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබුණ වනජීවී භාරයේ වැඩසටහන් නිලධාරියෙක් විදිහට අවුරුදු දෙකක් විතර වැඩ කළා. ඒකෙදී ලංකාවේ වනාන්තරවල ඇවිදින්න අවස්ථාව ලැබුණා. ලොක්කෝ එක්ක මත ගැටුම් ඇති වෙලා වැඩ කරන්න බෑ කියලා හිතුණාම එතනින් අයින් වුණා. ‘හරිත වන සංසදය’ කියන ලාබ නොලබන ආයතනය ඔබේ නිර්මාණයක්? මේ රටට වැඩක් කරන්න ඕනෑ කියලා මට හිතුණා. විදේශ ආධාර නැතුව, පහසුකම් නැතුව, මිනිස්සු නැතුව, සල්ලි නැතුව වැඩ කරන්න බෑ කියලා ගොඩාක් අය කියනවානේ. මට ඕනෑ වුණා මේ මොනවත් නැතුව වැඩ කරන්න පුළුවන් කියලා පෙන්වන්න. 1999 අවුරුද්දේ කුලියට ගෙයක් අරන් ‘හරිත වන සංසදය’ කියන පරිසර සංවිධානය ආරම්භ කළා. නමුත් ඒ වෙනුවෙන් ජීවිතේ විදින්න පුළුවන් උපරිම දුක් වින්දා. ඒ දුක්වල ප‍්‍රතිඵල තමයි අද වටිනාකමක් ලෙස මොනවා හරි දෙයක් ඉතිරි වෙලා තියෙනවා නම් තියෙන්නේ. ඒ නිසා ඒ ගැන කිසිම දුකක් පසුතැවීමක් නෑ.


1999 දී මම පළමු පොත ලිව්වා සිංහරාජය ගැන. ඒක කොළඹ විශ්වවිද්‍යාලයේ එක්තරා මහාචාර්යවරයෙක්ට පිළිගන්වන්න ගියාම එයා කිව්වා ‘තමුසේ ඔය ආයතනේ වහලා දාලා තමුසෙගේ වැඩක් බලා ගන්නවා’ කියලා. කැම්පස් එක ඇතුළේ, සෙනග ඉස්සරහ ඒ විදිහට බැන්නාම ඇස්වලට කදුළු ආවා. කෙලින්ම බෞද්ධාලෝක මාවත දිගේ බොරැුල්ලේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයට ඇවිදගෙන ගියා. එතන සුජීව ජාසිංහ කියලා අදුනන වැඩසටහන් නිලධාරියෙක් හිටියා. එයාට කිව්වාම ‘ඌ කුහකයෙක්නේ මල්ලී, උඹ කරගෙන යමං’ කියලා කිව්වා. ඒ වචන ටික මට මේ ගමන එන්න විශාල ශක්තියක් වුණා.


හරිත වන සංසදය පිහිටෙව්වාට පසුව ඔබ පරිසරය හා සම්බන්ධ වෙනත් ආයතන හා ව්‍යාපෘති කිහිපයක වැඩ කරනවා?
2004 දී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතියේ ලූනාව සයිට් එකේ වැඩ කරන්න ලැබුණා. ඊට පස්සේ තවත් ආයතන කිහිපයක වැඩ කරන්න ලැබුණා. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ටික කලක් වැඩ කළා.
මොන වැඬේ කළත් ‘හරිත වන සංසදය’ කියලා ගොඩනගපු සංවිධානය අමතක කරන්නවත්, අතහැරෙන්නවත් දුන්නේ නෑ. හරිත වන සංසදය ගැන මිනිස්සු තියපු විශ්වාසය රැුක්කා. මුදල් තිබුණත් නැතත් අපි වැඩ කළා. ලංකාවේ දිස්ත‍්‍රික්ක විසිපහේ සියලූම පාසල් එක්ක, ප‍්‍රජාව එක්ක සංවිධානයක් විදිහට කරන්න පුළුවන් උපරිම සේවාව අපි කළා. දෙහිවල සිට උණවටුනට යනකන් වෙරළ පවිත‍්‍ර වැඩසටහනක් කළා. වෙරළ තීරය සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා හැකි සෑම තැනකම ගස් හිටෙව්වා.


2008 දී අපි අධ්‍යාපන අමාත්‍යාංශයට හදුන්වලා දුන්නා ‘වසරේ ආදර්ශවත් පාරිසරික පාසල’ කියලා ව්‍යාපෘතියක්. ළමයින්ගේ අධ්‍යාපනය ගුණාත්මකව සංවර්ධනය කරන්නේ කොහොමද, දක්ෂතා හා විෂය කරුණු පිළිබද දැනුම වැඩි දියුණු කරන්නේ කොහොමද, පාසල් පරිසරය දරුවන්ට හා ගුරුවරුන්ට ප‍්‍රිය වන අයුරින් සකස් කිරීමට කටයුතු කළ යුත්තේ කොහොමද කියන දේ අපි ඒ හරහා හදුන්වලා දුන්නා. අවාසනාවට මේ රටේ පාසල් පද්ධතිය තුළ කොයිතරම් දුරට ඒ සංකල්ප භාවිතයට ගන්නවද කියන එක ප‍්‍රශ්නයක්. අපේ පාසල් පද්ධතිය තුළ රටේ සමස්ත ජනගහනයෙන් පහෙන් එකක් පමණ ඉන්නවා. දළ වශයෙන් ළමයි ලක්ෂ 42ක් විතර. එතකොට රටේ අනාගතය වන මේ පහෙන් එකක ජනගහනය තුළ ඇති ප‍්‍රශ්න පිළිබද සිතා බැලීම ඉතා වැදගත්.


දිනෙන් දින අධ්‍යාපනයේ කඩාවැටීම විශාලයි. නමුත් ගොඩනැගිලි හැදෙනවා. තීන්ත ගෑවෙනවා. ස්මාර්ට් පන්ති කාමර එනවා. භෞතික සම්පත් දියුණුවෙනවා. නමුත් ළමයින් තුළ දැනුම, ආකල්ප, කුසලතාවල ප‍්‍රමාණාත්මක වර්ධනයක් පේන්නේ නෑ. උන්මත්තකව හැසිරෙන අනාගත පරපුරක් ගොඩනැගෙමින් තියෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වගේ දේවල්වලින් විශාල බලපෑමක් පාසල් පද්ධතිය තුළට ඇති වෙලා තියෙනවා. සමාජය හා ජනමාධ්‍යත් දරුවන්ගේ අධ්‍යාපනය පහළට දාන්න හේතු වෙලා තියෙනවා.

ඒවායෙන් දරු පරපුරට වන බලපෑම අවම කිරීම සදහා ක‍්‍රමවේද හැදෙන්න ඕනෑ. විශේෂයෙන් පරිසරය ගැන හැගීමක් ඇති දරු පරපුරක් අපි හදන්න ඕනෑ. ඒ තුළ දරුවෙක්ගේ විනය හා පිළිවෙළ හදන්න පුළුවන් කියලා මම විස්වාස කරනවා. පරිසරයට, ගහකොළට, සතාසීපාවාට, දෙමාපියන්ට ආදරය නැති ළමයෙක්ව මොනවා කිව්වත් හදන්න බෑ. ගණන්, ඉංග‍්‍රීසි, විද්‍යාව ඉගෙන ගන්න ළමයි ඕනෑ තරම් ඉන්නවා. හැබැයි පරිපූර්ණ දරුවෙක් නම් පරිසරයට ගහකොළට, සතාසීපාවාට, දෙමාපියන්ට ආදරය කරන දරුවෙක් වෙන්න ඕනෑ. ඒ හතර, ඒ දහය නම් ටියුෂන් කඩවලට ගියාම ගන්න පුළුවන්.

‘වසරේ ආදර්ශවත් පාරිසරික පාසල’ ව්‍යාපෘතිය ගැන සවිස්තරව කතා කළොත්?
‘වසරේ ආදර්ශවත් පාරිසරික පාසල’ දීප ව්‍යාප්ත තරගය පිළිබදව ලංකාවේ තියෙන ඉස්කෝල දහදාස් දෙසීයම දැනුවත් කළා. අපි නිර්ණායක දහයක් දීලා, මාස හයක් තුළ ඔබේ පාසල මෙන්න මේ ආකාරයට ගොඩනගන්න කියලා කිව්වා. මාස හයකට පස්සේ අපි ඉස්කෝල තුන්සීයක් තෝරනවා. ඒ සියලූම පාසල්වලට මම තනිවම ගිහිල්ලා නිරීෂණය කළා. මාස තුනක් ඇතුළත අපට ඉස්කෝල තුන්සීයයි බලන්න පුළුවන්. උදාහරණයකට කොළඹ රාජකීය විද්‍යාලයේ ළමයි 8300ක් විතර ඉන්නවා. කන්තලේ ජයපුර ඉස්කෝලේ ගත්තොත් ළමයි 23ක් විතර ඉන්නේ. ලොකු පොඩි කියලා බලන්නේ නැතිව අපි හැම ඉස්කොලයකටම ගිහිල්ලා බැලූවා.

මේ තරගයට විශාල වියදමක් දරන්න වුණා. ලංකාවේ අනුග‍්‍රාහක ආයතන විකාර වැඩසටහන්වලට අර තරු මේ තරු, අර ඩාන්ස් මේ ඩාන්ස් කියලා කොටි ගණන් වියදම් කරනවා. රඹුටන් ගෙඩියක් දැකලා නැති ළමයි මේ රටේ මම දැකලා තියෙනවා. අයිස්ක‍්‍රීම් එකක් දුන්නාම ආසාවට පැය ගණන් ලෙවකකා ඉන්න දරුවෝ මම දැකලා තියෙනවා. මේ වගේ වැඩසටහනකට රාජ්‍ය ආයතන හෝ පුද්ගලික ආයතනවලින් ලැබෙන සහයෝගය ප‍්‍රමාණවත් නෑ කියන එක තමයි මගේ අත්දැකීම. නමුත් කිසිම දේශපාලන පක්ෂයකට, කිසිම දේශපාලන නායකයෙකුට, කිසිම විදේශ ආධාර දෙන සංවිධානයකට බැෙදන්නේ නැතිව ස්වාධීනව බොහෝ දුෂ්කරතා මැද අපි අවුරුදු කිහිපයක් මේ ව්‍යාපෘතිය කරගෙන ආවා. ගෙවී ගිය අවුරුදු විස්සේ අපේ රටේ පාසල් පද්ධතිය තුළ අපි කරපු වැඩ කොටස ගැන හිතලා අද අපිට සතුටු වෙන්න පුළුවන්.


අපේ රටේ වන සංරක්ෂණය ගැන ඔබේ අදහස කෙබදුද?

ලංකාවේ අදටත් අතිදැවැන්ත වන විනාශයක් සිදුවෙමින් පවතිනවා. ලක්ගල පාරේ පාන්දර 2ට තුනට දවසක් අපි යනකොට කන්ද උඩ ගස් කපලා බූම් ට‍්‍රක් එකකින් ලොරිවලට කොට පටවනවා. වස්ගමුව, ලක්ගල රේන්ජ් එක ලංකාවේ පාරිසරික වශයෙන් අතිශයින් වැදගත්. මේ හැම වන විනාසයක් පිටිපස්සේම දේශපාලන හස්තයක් තියෙනවා. ප‍්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු කියන ආයතන තුනේම මහජන නියෝජිතයෝ කොටස් වශයෙන් බෙදාගෙන මේ වන විනාශය කරමින් ඉන්නවා. වනාන්තර බේරගන්න කියලා පිහිටුවපු අමාත්‍යාංශ තියෙනවා. වන සතුන් ආරක්ෂා කරන්න දෙපාර්තමේන්තු තියෙනවා. තව රජයේ ආයතන තියෙනවා. මහන්සිවෙලා වැඩ කරන නිලධාරීන් නැතුව නෙමේ. ආයතන නීති ක‍්‍රියාත්මක වුණාට ගස් කපන එක අඩු වෙලා නෑ. පරිසර හානි අඩු වෙලා නෑ. එන්න එන්නම වැඩි වෙනවා. අපේ රටේ අපි දන්න ඉතිහාසය තුළ එක එක රුක් රෝපණ කැම්පේන් තිබිලා තියෙනවා.

ජනාධිපතිවරුන්ගේ, අගමැතිවරුන්ගේ, මැති ඇමතිවරුන්ගේ උපන්දිනවලට ගස් ලක්සේ, දස ලක්සේ, කෝටිය හිටෙව්වා කියලා අපි අහලා තියෙනවා. ඒවා ප‍්‍රවෘත්ති විතරයි. ඇත්තටම එහෙම ගස් හිටවුණා නම් මේ රට එකම වනාන්තරයක් වෙන්න ඕනෑ. නමුත් එහෙම වෙලා නෑ. මේවා හොයමින් ඇවිදින අතර තුර ගස් යට වැටිලා තියෙන දේශීය බීජ ජාති ගෙනැල්ලා තවාන් කළා. අම්පාරේ අවුරුදු දොළහක් විතර වැඩ කළා. යුද්දේ තියෙන කාලේ පොළොන්නරුවේ වැලිකන්දේ අවුරුදු තුනක් විතර වැඩ කළා. මේ පැතිවල තිබුණා ලස්සන කුඹුක් ගස්, කරද ගස්, මී ගස්, කළුවර ගස්. ඕවායේ බීජ ගෙනැල්ලා හිටවලා ටිකක් ලොකු කරලා, ලොරියක දාගෙන ගිහිල්ලා හිටෙව්වා. ඉස්සෙල්ලාම පටන් ගත්තේ ඉස්කෝලවල හිටවන්න. මම ඉස්කෝලෙක දේශනයක් කළත්, මොන වැඩ සටහන කළත් අවම වශයෙන් එක ගහක් හරි හිටවලා තමයි එන්නේ.


අපට සංඛ්‍යාත්මක අගයක් ඉලක්කයක් නෑ. තරගයක් නෑ. නමුත් අපි හිටවපු එක ගහ හරි යම් කාලයක් තිස්සේ පසු විපරමක් කරමින්, නඩත්තු කරමින් ආරක්ෂා කරලා තියෙනවා. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා දිස්ත‍්‍රික්ක විසිපහේම පොදු ස්ථානවල පාසල්, පන්සල්, පල්ලි, කෝවිල් හා පාරවල අපිට හැකි අයුරින් ගස් හිටෙව්වා.


දැනට අපි එක්ලක්ෂ පනස් දෙදහසකට ආසන්න ගස් සංඛ්‍යාවක් හිටෝලා තියෙනවා. ඒ හැම ගහක්ම තියෙන තැන් හා තත්ත්වය පිළිබදව විස්තර සටහනක් අපි ළග තියෙනවා. මුල් කාලේ අපි හිටවපු ගස් දැන් දැවැන්ත ගස්. මුලින්ම කුරුණෑගල පාසලක කුඹුක් ගස් හැට පහක් හිටෙව්වා. මේ ළගදී මම ඒ ගස් බලන්න ගියා. දැන් ඒවා අපිට බදන්න බැරි තරම් විශාල වෙලා. අඩි හැටක් විතර උස ගිහිල්ලා. දේශීය ගස් තමයි අපි හිටෙව්වේ. බුළු, නෙල්ලි, කොහොඹ, කරද, කුඹුක්, ඇහැළ, ගම්මාළු, කළුවර වගේ දීර්ඝකාලීනව ප‍්‍රයෝජනවත්, පාරිසරික වටිනාකම් ඇති ගස් හා පලතුරු සහ මල් ගසුත් හිටවලා තියෙනවා. නමුත් අපි මූලිකත්වය දෙන්නේ දේශීය, දීර්ඝ කාලයක් පවතින, විශාල වන ආවරණයක් හදන්න පුළුවන් ගස්වලට.

ගස් හිටුවීම, රුක් රෝපණය පරිසර සංරක්ෂණයට හා මිනිසාට ප‍්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කිව්වොත්?
නොකා කොච්චර කල් මිනිහෙක්ට ඉන්න පුළුවන් ද? වතුර නොබී මිනිහෙක්ට කොපමණ කල් ඉන්න පුළුවන් ද? හුස්ම නොගෙන මිනිහෙක්ට කොච්චර කල් ඉන්න පුළුවන් ද? කියලා ප‍්‍රශ්න තුනක් මම ඔබෙන් ඇහුවොත්, මේකෙන් අඩුම කාලයකින් මිනිසෙක් මැරෙන්නේ හුස්ම නොගෙන හිටියොත්නේ? මම හිතන්නේ ඔබේ ප‍්‍රශ්නයට පිළිතුර එතන තියෙනවා. මිනිස්සුන්ට කන්න දෙන්නෙත්, බොන්න දෙන්නෙත්, හුස්ම දෙන්නෙත් මේ පරිසරයමයි.
ඉස්සර මිනිස්සු ගස්, ගල්වලට, මහ පොළවට වැන්දේ නිකං නෙමෙයි. හේනක් ගිනි තියන්න කලියෙන් සත්තුන්ගෙන් අපේ ගැමියෝ ඉල්ලා හිටියා ‘මම මේ හේන ගිනි තියන්නයි යන්නේ, පුළුවන් විදිහට අයින් වෙලා, බේරිලා පලයල්ලා’ කියලා. ඒකෙන් පේනවා ඔවුන් තුළ හේනක් කොටලා ගිනිතැබීම ගැන වුණත් වරදකාරී හැගීමක් තිබුණු බව. ඔවුන්ගේ පරිසරයත් එක්ක තිබුණු බැදීම, හා දැනීම මහ ඉහළයි. සමහරු ඉස්කෝලයක් දැකලාවත් නැති අය. හැබැයි විශ්වවිද්‍යාලේ නොගිය, කොණ්ඬේ බදින, අමුඬේ අදින ඒ මිනිසුන්ගෙන් අදටත් මම ඉගෙන ගනිමින් ඉන්නවා.


අපිට තාක්ෂණය, දියුණුව අවශ්‍යයි. ඒකේ දෙකක් නෑ. නමුත් අපි හා පරිසරය අතරේ යම් යම් බැදීම් තියෙනවා. ඒවාට පයින් ගහලා මේ ලෝකේ කවුරු මොන ඉහළකට ගියත් වැඩක් නෑ. එහෙම නොසිතනතාක් කල් අපි සල්ලි, දියුණුව, තනතුරු හා බලය, ලාභ ප‍්‍රයෝජන හා සැප පහසුව පස්සේ අන්ධ වෙලා දුවනවා. ඒ ආකල්ප වෙනස් කරන්න තමයි අපි අඩුම තරමේ අවුරුද්දකට ඉස්කෝල තුන්සීයකවත් දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට දේශන පවත්වමින් යන්නේ. මට කන්න නැති වුණොත්, මට ජලය නැති වුණොත්, මට හුස්ම ගන්න නැති වුණොත් කියන දේ මතක් කළාමවත් තේරෙන්න එපැයි නේද? අපි හිතාගෙන ඉන්නවා අපි දියුණුයි කියලා. නමුත් අමුඬේ ඇදලා, කොණ්ඬේ බැදලා හිටපු, අපි නොදියුණුයි කියලා හිතපු අපේ නෑයෝ අල බතල කාලා, අවුරුදු සීයක් විතර නිරෝගීව හිටියා. අපි ෆුඞ් සිටියෙන් මොනවා හරි වහක් ගෙනැල්ලා කාල අවුරුදු හතළිහ, හැට ඇතුළත මැරිලා යනවා.

එතකොට කවුද දියුණු?

ශාකවල මල් පල හටගන්න අවශ්‍ය පෝෂක කොටස් තියෙන්නේ මතුපිට පසේ. දැන් මේ මතුපිට පස විනාශ වීම ශීඝ‍්‍ර‍්‍රයෙන් සිදු වෙමින් පවතිනවා. මෙය අනාගතයේ දැවැන්ත අර්බුදයක් බවට පත්වෙනවා. හුස්ම ගන්න බැරි වුණා වගේම, වතුර නැති වුනා වගේම ගස්වල මල්පල හටගත්තේ නැත්නම් අපිට කන්න නැතුව යනවා. මේ මවලා දෙන කෙසෙල් ඇවරිය, ගස්ලබු ගෙඩිය, කොමඩු ගෙඩිය මීට වඩා යහපත් විදිහට මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් හොදයි කියලා මම යෝජනා කරනවා. ඒ සදහා මේ රටේ ක‍්‍රමවේද, නීති, ආකල්ප හැදෙන්න ඕනෑ. මේවා ගැන තීරණයක් ගන්න බැරි නම්, හැම කෙහෙල්මලම පිටරටින් ගේනවා නම් කෘෂිකර්ම අමාත්‍යාංශයක් මොකටද මේ රටේ තියෙන්නේ? පරිසර හානි අවම කර ගන්න පුද්ගලයෙකුට කෙබුදු මැදිහත්වීමක්ද කරන්න පුළුවන්?


පළමු දේ තමයි අවම පරිභෝජනය. අල්පකෘත්‍යතාවය. ඉස්සර කතාවට කිව්වා පෙට්ටගමේ එකයි, ඇෙග් එකයි, වැලේ එකයි කියලා. ඇදුම් තුනයි. අද මිනිස්සු පුදුම ඇදුම් තොගයක්නේ අදින්නේ. අපි හිතන්නේ නැති වුණාට ඇදුම් පරිසරයට විශාල හානියක් කරනවා. අපි අදින කමිසයක් නිෂ්පාදනය කරලා, අපි මිල දී ගන්න තැනට එනකොට කාබන් ටොන් ගණනක් පරිසරයට මුදාහැරලා එන්නේ. නූල් හදන තැනින් බලශක්ති වේස්ට් එක පටන් ගත්තොත්, මේවා ලොරිවලින් ගිහින්, කන්ටේනර්වල ගිහිල්ලා, නැව්වල ගිහිල්ලා, ප්ලේන්වල ගිහිල්ලා, ආය ලොරිවලින් කඬේට එනකොට කාබන් ටොන් දෙකක්වත් පරිසරයට මුදාහැරලා ඉවරයි.


කෑම, වාහන, ඒසී මේ සියල්ල පරිසර විනාශය ස`දහා බලපානවා. ඒ නිසා මිනිසා අවම පරිභෝජනය කරන්නෙක් බවට පත්වෙන්න අවශ්‍යයි. තණ්හාවෙන්, බඩජාරිකමින්, මෝහයෙන් තොර විය යුතුව තියෙනවා. තමන්ගේ ප්‍රෙස්ටිජ් එක පෙන්නන්න අධික පාරිභෝජනයේ යෙදෙන මිනිස්සු ඉතාම ආත්මාර්ථකාමී අය බව මතක තබාගත යුතුයි. අල්පකෘත්‍යතාවට නැඹුරු නූනොත් මුළු මානව සංහතියේම පැවැත්ම අර්බුදයකට යනවා.
විශේෂයෙන් පොලිතින්, ප්ලාස්ටික් ලෝකයට විශාල හානියක් කරමින් තියෙනවා. පොලිතින්, ප්ලාස්ටික් නැති ලෝකයක අපේ මෑත කාලීන නෑදෑයන් ඉතාමත් නිරෝගීව වැඩි ආයුකාලයක් ජීවත් වුණා. ඒ නිසා පොලිතින් හා ප්ලාස්ටික්වලින් තොර ලෝකයක් ගැන හීනයක් අපට තියෙන්න ඕනෑ.

පි‍්‍රයන්ජිත් ආලෝකබණ්ඩාර