මහාචාර්ය රොහාන් සමරජීව

2018 දීත් 2019 දීත් මුහුණු පොත ප‍්‍රමුඛ සමාජ මාධ්‍ය වසා දැමීම නිසා ශ‍්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර අවධානය යොමු විය. එසේ වුව ද අන්තර්ජාලය වසා දැමීමත්, ඇතැම් අවස්ථාවල හා ඇතැම් ප‍්‍රදේශවල ජංගම ¥රකථන ජාල වසා දැමීමත් සම්බන්ධයෙන් ලෝක ශුරතාව දිනා සිටින්නේ අපගේ අසල්වැසි ඉන්දියාව යි. ගයනේන්ද්‍ර රජ සමයේ නේපාලයේ සියලූම ආකාරයේ විද්‍යුත් සන්නිවේදන සේවා නවතා දමා තිබිණි. මෙය පැතිර යන ව්‍යාධියකි.


මෙම වසා දැමීම් ගැන කතා කිරීම එක දෙයකි. ඉන්දියාවේ වසා දැමීම් ඍජුව අත්දැකීම ඊට වෙනස් දෙයකි. ඊසාන දිග ඉන්දියාවේ ඇසෑම් සහ මෙඝාලයාහිදී (බංග්ලාදේශ සිමාවේ අනෙක් පැත්තේ* පසුගිය දින කිහිපයේ දී මම එම අත්දැකීමට මුහුණ දුන්නෙමි.


කොල්කටා නගරයෙන් පිටත් වීමට පෙර ට්විටර් පණිවිඩයක මා සටහන් කළේ ”බටහිර බෙංගාලයෙන් මා පිටත්ව යන්නේ අද මධ්‍යම රාත‍්‍රියේ සිට අන්තර්ජාලය වසා තබන ඇසෑමය වෙතට යි. මා සිටින ස්ථානය බලපෑමට ලක් වන්නට පෙර මට මෙඝාලය වෙත ළගා වීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.”


සයිබර් අවකාශය හා භෞතික අවකාශය


එයාර් ඉන්දියා ගුවන් යානය සුපුරුදු ලෙස පැයක් ප‍්‍රමාද වී ගුවහාටි ගුවන් තොටුපලට පැමිණෙන විට ආතතිය හොඳට ම දැනෙන්නට තිබිණි. සමහරු කීවේ ඒ වන විටත් අන්තර්ජාල සේවා නවතා ඇති බව යි. එසේ වුව ද රෝමින් සේවාව සහිත මගේ ¥රකථනය ක‍්‍රියාත්මක ව තිබිණි. මා හිතුවේ සම්පුර්ණ අවුල තිබෙන්නේ සයිබර් අවකාශයේ බවයි. භෞතික අවකාශයේ ප‍්‍රශ්නයක් පෙනෙන්නට නොතිබිණි. වාහන ගාල් කරන ස්ථානවලත් මාර්ගවලත් බොහෝ වාහන තිබිණි. පැය දෙකකට වැඩි දුරකින් එහා පිහිටි ශිලෝන්ග් නගරය බලා යාමට සගයකු ද සමග මම පිටත් වූයෙමි.


සයිබර් අවකාශයට පෙර භෞතික අවකාශය වසා දමා තිබිණි. මිනිසුන් කණ්ඩායමක් ටයර් පුළුස්සා දමා ප‍්‍රධාන මහා මාර්ගය අවහිර කොට තිබිණි. මගේ මිත‍්‍රයා ඔහුගේ ස්මාර්ට් ජංගම ¥රකථනයෙන් උත්සාහ කළේ විකල්ප මාර්ග සොයා ගැනීමට යි. එය අසාර්ථක වූ විට කළේ රාත‍්‍රිය ගත කිරීමට ස්ථානයක් සෙවීම යි. අපගේ පිහිටට තිබුණේ ගූගල් සිතියම් මෙවලමය. මහ මාර්ගයෙන් ඉවතට පැමිණි අපි කාමර තිබුණු හෝටලයක් සොයා ගත්තෙමු. ස්මාර්ට්ෆෝනය සහ එයින් සැපයුණු මාර්ගෝපදේශ නොතිබුණා නම් ඒ කිසිවක් කර ගන්නට හැකි වන්නේ නැත.

අන්තර්ජාලය නොමැති ලෝකය

අපට පසුව ගුවන් තොටුපොළට ගොඩ බට තවත් කණ්ඩායමක් විය. මෙඝාලය ප‍්‍රාන්තයට යන ප‍්‍රධාන මහා මාර්ගය වසා ඇති බව ඔවුන් දැන ගන්නා විට අන්තර්ජාලය වසා දමා තිබිණි. නවාතැනක් සොයා ගැනීමට ක‍්‍රමයක් ඔවුන්ට නොවීය. සිතියම් නැත. එසේ වුව ද ¥රකථනයෙන් කතා කිරීමට හැකියාව තිබිණි. අපට කතා කර අපගේ රියැදුරකුගේ මග පෙන්වීමෙන් ඔවුහු අපගේ හෝටලයට පැමිණිය හ.


සියල්ල නවතා දමන්නට පෙර ආහාර හා නවාතැන් සොයා ගන්නට නොලැබුණා නම් අප සියලූ දෙනාට සිදුවන්නේ කුමක් ද?

හිමිදිරි පාන්දරම ශිලොන්ග් වෙත පිටත් වීමට අපට හැකි විය. කැරලිකරුවන්ට ද නින්ද අවශ්‍ය ය.

අන්තර්ජාලය වසා දැමීම ඊළඟ දින කිහිපයේ දී ද පැවතිය ද එය ඒකාකාරීව හෝ සම්පූර්ණයෙන් සිදු නො වී ය. රෝමින් පහසුකම් සහිත මගේ ¥රකථනයට ඇතැම් විට 4ජී ජාලයකට සම්බන්ධ වීමට හැකි වුණි. මගේ නවාතැනේ තිබුණු ස්ථාවර සම්බන්ධය හරහා සපයන ලද අන්තර්ජාල පහසුකම ක‍්‍රියාත්මකව තිබුණද එය ක‍්‍රියා කළේ හෙමින් සහ වැරදි සහිතව ය. කෙටි පණිවිඩ යැවීමේ හා ලබා ගැනීමේ හැකියාව මට තිබුණද මගේ ඉන්දියානු මිතුරන්ට එයද නොතිබුණි. කැමරා සහ ෆ්ලෑෂ් ලයිට් සහිත සාමාන්‍ය ¥රකථන බවට ස්මාර්ට් ජංගම ¥රකථන පරිවර්තනය කර තිබිණි.

අන්තර්ජාලය පූර්ව කොන්දේසියකි

ගුවන් ගමන් නැවත සකස් කර ගැනීම සඳහා මා සමග සිටි සමහරු ඔවුන්ගේ කාර්යාල සහ පවුල් හරහා උත්සාහ කළ හ. එසේ වුව ද සෑම උත්සාහයක ම අඩුවක් තිබිණි. අන්තර්ජාලය ක‍්‍රියාත්මකව පවතින පළාතක සිට ටිකට්පතක් මිල දී ගත්ත ද, ගුවන් තොටුපළට ඇතුල්වීම සඳහා එහි මුද්‍රිත පිටපතක් අවශ්‍යය. අන්තර්ජාලයට ප‍්‍රවේශයක් නැති සංචරකයාට ටිකට් පත ලබාදෙන්නේ කෙසේ ද? වෙනත් ක‍්‍රම සඳහා එක වරක් වලංගු රහස් පදයක් ලියාපදිංචි අංක වෙත යැවිය යුතු ය. කෙටි පණිවිඩ සේවා අවහිර කොට තිබිය දී එය ද කළ නො හැකි ය. කිනම් අයුරකින් හෝ ටිකට් පත ලබා ගත්ත ද වර්ජන තර්ජන හමුවේ පාරට බසින්නට සුදානම් කුලී රථ සොයාගන්නේ කොහෙන්ද?

තවමත් රාජ්‍ය අයිතිය සහිත බී එස් එන් එල් සමාගමේ ස්ථාවර සම්බන්ධතා කිහිපයකින් පමණක් අන්තර්ජාල සබඳතා ලබා දී තිබිණි. නවතා දමා තිබුණේ ජංගම ¥රකථන ජාල පමණකි.
සෙනසුරාදා උදයේ කුලී රථ පෙළපාලියකින් මාර්ගයේ ගල් මග හරිමින්, පිළිස්සුණු ටයර්වල සුන්බුන් මතින් ගුවහටි ගුවන් තොටුපළ සමීපයට අපි ළඟා වූයෙමු. භෞතික අවකාශය විවෘතය. ගුවහටි නගරයේ වාහන ගමනාගමනය සිදු වෙමින් තිබිණි. ඇතැම් කඩසාප්පු විවෘතව තිබිණි. එසේ වුව ද තවමත් අන්තර්ජාලය නැත. කෙටි පණිවිඩ සේවාද ඉන්දියානුවන්ට තවමත් වසා දැමූ ගමන්ය. බොහෝ තැන්වල ණය පත් (ජරුාසඑ ජ්රා* මගින් ගෙවීම් කළ නොහැකි විය. ආණ්ඩුව මගින් ප‍්‍රචලිත කරන ලද ජංගම ගෙවීම් ක‍්‍රියාත්මක නොවීය. විද්‍යුත් ගනුදෙනු යන්ත‍්‍ර ක‍්‍රියාත්මක නො වූ නිසා සමහරුන්ට මුදල් හිඟ වී තිබිණි.

හානිය අවම කර ගැනීම

දකුණු ආසියාවේ අපි ඔරොත්තු දෙන පිරිසකි. දුෂ්කරතා අබිබවා වැඬේ කරගැනීම පිළිබඳ විශේෂඥතාවක් අපට ඇත. ඉන්දියානුවන්ට ඒ සඳහා විශේෂ යෙදුමක් ද ඇත. එනම් ජුගාඞ් යන්න යි. එසේ වුවද වක‍්‍ර මාර්ග මගින් වැඬේ කරගැනීම යනු උප විකල්පයක් බව ද සියලූ දෙනා දනිති. එම උත්සාහය නිසා වඩා හොඳින් යොදා ගත හැකි සම්පත් උරා ගැනීමක් සිදු වෙයි.
ඉන්දියානු ආණ්ඩුවේ ක‍්‍රියා මාර්ග හානිකරය. එක පැත්තකින් විද්‍යුත් අනන්‍යතා සහ විද්‍යුත් ගෙවීම් ප‍්‍රවර්ධනය කරනු ලබයි. අනෙක් පැත්තෙන් මෙම භාවිතයන්ට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් හිතුවක්කාර ලෙස අවහිර කරයි. මෙමගින් නවෝත්පාදන පුළුල්ව භාවිතයට ගැනීමට අත්‍යවශ්‍ය විශ්වාසය විනාශ වෙයි. ආණ්ඩුව හිතුමතේ ¥රකථන ජාල දින ගණන් වසා දමන්නේ නම් අන්තර්ජාලයට තහංචි දමන්නේ නම් විද්‍යුත් පසුම්බි, ජංගම ගෙවීම් හෝ හරපත් සහ බැරපත් ගැන පවා විශ්වාසය තබන්නට සුදානම් වන්නෝ කවරහු ද?

මුහුණු පොත වසා දැමීමෙන් කුඩා ව්‍යාපාරවලට හා විදේශගත ශ‍්‍රමිකයන්ට සිදුවන බලපෑම ගැන ශ‍්‍රී ලංකාවේ අපි කනස්සල්ලට පත් වූයෙමු. එසේ වුවද අඩු තරමින් අන්තර්ජාලය හෝ ක‍්‍රියාත්මක වූ අතර කිසිවකු කෙටි පණිවිඩ සේවා නවතා දැමුවේ නැත. විද්‍යුත් සබඳතා කුමන ආකාරයෙන් හෝ නවතා දැමීම නරක ය. එවන් අවහිර කිරීමක් හැකි තාක් දුරට සීමා කිරීම අත්‍යවශ්‍ය ය. ඒ අතින් ගත් විට සම්පූර්ණ අන්තර්ජාලය අවහිර නොකොට විශේෂිත මෙවලම් පමණක් අවහිර කිරීමේ ශ‍්‍රී ලංකාවේ භාවිතය ඉන්දියානුවන්ට වඩා හානියෙන් අඩුය.
අවහිර කිරීම් හෝ ඉවත් කිරීම විශේෂිත පණිවුඩ හෝ මුහුණු පොතේ කණ්ඩායම් වැනි උපකුලකවලට ඉලක්ක කොට සීමා කළ හැකි නම් වඩාත් හොඳය. එසේ නැත්නම් ආණ්ඩුව කරන දේ සාමූහික දඬුවමක් බවට පත් වෙයි. එය අපගේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ අරමුණුවලට හානිදායක වනු ඇත.

දැනට මාස හතරකට වැඩි කලක් තිස්සේ කාශ්මීරයේ සිදුවෙමින් තිබෙන්නේ මෙයයි. මූලික ¥රකථන සබඳතා තවමත් නිදහස් කොට නැති ඇසෑමයේ හා මෙඝාලයේ ජනයා දිගින් දිගට මුහුණ දෙන අපහසුතා සමග සසඳන විට දින කිහිපයක් මා මුහුණ දුන් අපහසුතා ගණන් නොගත යුතු තරම් ය. කාශ්මීරයේ හා ඉරානයේ අන්තර්ජාලය දිගින් දිගට වසා දැමීම මේ සියල්ලට වඩා ජනතා විරෝධීය.